IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


ලොව පුරා ලලනාවන් ලස්සන වීමේ රහස්

ජාතිය, කුලය, ආගම, ගෝත්‍රය, ජීවත් වන පරිසරය යනාදී බාහිර සාධකවල භේදයක් නොමැතිව එදා මෙදාතුර ඕනෑම අවධියක ජීවත් වූ කාන්තාවන් යම් එක් පොදු දෙයක් කෙරෙහි උනන්දුවක් දැක්වූවා නම් ඒ සිය රූසපුව වඩවා ගන්නා ආකාරය පිළිබඳවයි. ඔබ කාන්තාවක නම් ඔබ ලොව කොතැනක ජීවත්වූවත් තමා ජීවත්වන රටෙන් පරිබාහිරවූ ලොව අන් රටවල ජීවත්වන කාන්තාවන්ගේ රූසපුව දෙස වරක් හෝ ඊර්ෂ්‍යා සහගතව නොබැලුවානම් ඔබ කාන්තාවක නොවේ. 

ඒ සුරූපී ඉන්දියානු කාන්තාවන්ගේ දිගු කෙස්වැටි එතරම් ඝණව හා දීප්තිමත්ව වැඩුණේ කෙසේද? ජපාන කාන්තාවන්ට කැටපතක් මෙන් නිකළැල්, පැහැදිලි සමක් උරුම වූයේ කෙසේද? දකුණු ඇමෙරිකානු කාන්තාවන්ගේ සම එතරම් දීප්තිමත් වීමේ රහස කුමක්ද කියා ඔබ නොයෙක්වර සිතා නැතිද? රූසපුව කෙරෙහි ජානමය බලපෑමක් තිබුණද, ඊටත් වඩා බලපෑමක් ඇති කිරීමට ඒ ඒ රටවලට ආවේණික වූ ඉතා සරළ රූපලාවන්‍ය ක්‍රමවේදයන්ට අද්විතීය හැකියාවක් ඇති බව ඔබ නොදැන සිටින්නට ඇත. අනුන්ගේ ලස්සන බලමින් තැවෙන ඔබට එබඳු ලොව වටා රූමතියන්ගේ රුව වඩවන, සරල වුවත් ප්‍රතිඵල විස්මිත වූ රුව වඩවන රහස් ගොන්නක් මෙම ලිපියෙන් ගෙනෙන අතරම, ඔබ දෙස බලා ඔබ මෙන් ලස්සන වීමට පෙරුම් පුරන තවත් කාන්තාවන් අනේක පිරිසක් ලොව සිටින බවද සිහිපත් කරදීමට කැමැත්තෙමි.


ඉන්දිය ලලනාවන්ගේ සුන්දරත්වයේ රහස් තියෙන්නේ මුලුතැන්ගෙයි.


අසල්වැසි ඉන්දීය කාන්තාවන්ගේ සුන්දරත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. ඉන්දීය ලලනාවන්ගේ සුන්දරත්වයේ රහස් බොහෝමයක් සැඟව ඇත්තේ ඔවුන්ගේ මුලුතැන්ගෙයි බව ඇසීම පුදුමයට කරුණක් වූවද සත්‍යය නම් එයයි. පොල්තෙල්, කහ, ලෙමන් යුෂ, කොත්තමල්ලි, සූදුරු, මී පැණි ඔවුන්ගේ රූපලාවන්‍ය සත්කාරවල පෙරමුණ ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍යයි. ඉන්දීය මනාලියන් සිය මංගල දිනයට පෙර ‘හල්දි’ නමැති උත්සවයක් පවත්වන අතර එහිදී සිදුවන්නේ කහ, යෝගට්, හා  මී පැණි එක්කොට තනාගත් තලපයක් මුහුණ ඇතුළු මුළු සිරුරේම ආලේප කිරීමයි. මින් සම කාන්තිමත් වන්නේ බලා සිටියදීමය. මීට අමතරව මී පැණි වෙනුවට ඕට්ස් යොදා ගනිමින්ද මෙම මිශ්‍රණය තනාගත හැකි අතර එය සමේ ඇති මියගිය සෛල ඉවත් කරමින් සම මනාව පිරිසිදු කිරීමට උපකාරීවේ. ඉන්දීය ආහාර වේලේ නැතුවම බැරි අංගයක් වන පොල්තෙල් ඉන්දීය කාන්තා රූසපුවේ ප්‍රධානම පංගුකාරයෙකි. පෝෂණයෙන් අනූන පොල්තෙල් වියළි සමේ ගල්වා සම්බාහනය කිරීමෙන් සමට අහිතකර හිරු කිරණින් මනා ආරක්ෂාවක් ලබාදෙමින් සමේ තෙතමනය පවත්වාගෙන යාමට ද පිටිවහලක් වන අතර පළුදු වූ වියළි අකීකරු හිසකෙස් මනා නීරෝගී බවකින් පවත්වා ගැනීමට කදිම ස්වාභාවික “කන්ඩිෂනර්” වර්ගයක් ලෙසද ක්‍රියා කිරීමට පොල්තෙල්වලට ඇත්තේ අපූරු හැකියාවකි.
ඕස්​ෙට්‍ර්ලියානු රුවැත්තියන්ට ලස්සන ආවේ ආදිවාසී ඇබොර්ජින්වරුන්ගෙන්.


තම රූසපුව වැඩි බරක් පතළක් දක්වන බවක් නොපෙනෙන සුන්දර ඕස්ට්‍රේලියානු තරුණියන්ගේ කෙළිලොල් දඟකාර සුන්දරත්වයට අකමැති කවුරුන්ද? ඔවුන්ගේ සුන්දරත්වයේ රහස පැවත එන්නේ ඕස්ට්‍රේලියානු ආදිවාසී ඇබොර්ජින්වරුන්ගෙනි. සමේ තෙතමනය පවත්වා ගැනීමටත්, සමේ වන ඉරිතැලීම් බඳු කැළැල් සුවකර ගැනීමටත් ඔවුන්ගේ නොවරදින ප්‍රතිකර්මයක් වන්නේ ‘යැරෝ’ පැළෑටියේ මුලෙන් ලබාගන්නා සාරයයි. කල්ගතවූ තුවාල කැළැල් හා සම අධිකව ඇදීමට ලක්වීමෙන් හටගන්නා ලෙහෙසියෙන් නොමැකෙන කැළැල් (Stretch Mark) මකාදැමීමට යැරෝ පැළෑටිය නිස්සාරයෙන් අඩංගු ප්‍රතිපදාහ සංයෝගයන්ට හැකි බව පරම්පරා ගණනක ඕස්ට්‍රේලියානු කාන්තාවන් අත්දුටු සත්‍යයකි. ටී පැළෑටියේ තෙල්ද ඔවුන්ගේ හද දිනූ රූපලාවන්‍ය සංයෝගයකි. හිස්හොරි ක්ෂණිකව සමනය කොට, හිස්කබලේ තෙතමනය ආරක්ෂා කර දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට ටී තෙල් බිංදු කිහිපයක්, නෑමේදී සිය ෂැම්පු සමඟ මිශ්‍ර කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තාවන් අමතක කරන්නේ නැත.


බ්‍රසීල සහ රුසියානු කතුන්ගේ ලස්සනවීමේ රහස් ඕට්ස් ධාන්‍ය
පෝෂණයෙන් අනූන ආහාරයක් වන ඕට්ස් ධාන්‍ය ඡවි කල්‍යාණය වඩවා ගැනීමට අපූරු සංයෝගයක් බව අත්දැකීමෙන් දන්නා බ්‍රසීල කාන්තාවන් හිරු එළියෙන් ඇතිවන සමේ පිලිස්සීම් හා අවපැහැගැන්වීම් සුවකර ගැනීමට ඕට්ස් යොදා ගන්නේ ඕට්ස් අඩංගු කුඩා රෙදි පොදියක් නාන බේසමේ කරාමය යටින් ගැටගසා, තටාකයට රැස්වන ඕට්ස්වලින් පෙරී එන ජලයෙන් ස්නානය කිරීමෙනි. මින් හිරු එළියෙන් ඇතිවන පිලිස්සීම්වලට ක්ෂණික සහනයක් ලබාගත හැක.


ඕට්ස් සතු විස්මිත රූපලාවන්‍ය ගුණාංග වටහාගත් පිරිසක් වන රුසියානු කාන්තාවන් දිදුලන සේද මෙන් සුසිනිඳු රුවක් ලැබීමට ‘ෆේෂල් මාක්ස්’ එකක් ලෙස ඕට්ස් යොදා ගන්නේ එය ඔලිව් තෙල් හා ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කොට මුහුණේ ආලේප කිරීමෙනි. මෙය ලොව ඇති පහසුම, ලාභදායකම මෙන්ම වඩාත්ම ප්‍රතිඵලදායක මුහුණු අලේපයක් ලෙස සැලකේ.


ලතින් ඇමරිකා රුවේ රහස අලිගැට පේර
රූසපුව පිළිබඳව කතා කිරීමේදී කාන්තාවන්ගේ කෙස් කළඹට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලලනා රුව ඔප් නංවන, එය පරිපූර්ණත්වයට පත්කරන දීප්තිමත් ඝන වරලසකට හිමිකම් කීමට ලතින් ඇමෙරිකානු රටවල කාන්තාවන්ගේ ජනප්‍රියතම තේරීම අලිගැට පේරයි. අලිපේර, ඉදුණු කෙසෙල් හා ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කොට නෑමට පෙර කෙස්වල තවරා සම්බාහනය කිරීම ඔවුන් සතු දුටුවන් මනබඳින කෙස්කළඹේ රහසයි.

 


බල්ගේරියාවේ රෝස
ලොව රෝස තෙල් නිෂ්පාදනයෙන් 85% කට හිමිකම් කියන ලෝ ප්‍රකට ‘රෝස නිම්නය’ පිහිටි බල්ගේරියාවේ කාන්තාවන්ගේ අංක එකේ රූපලාවන්‍ය නිෂ්පාදනය රෝස තෙල් හා රෝස වතුර වීම පුදුමයක් නොවේ. 
සමේ තෙතමනය රඳවා ගනිමින් පිරිසිදු නිකැළැල් සමක් ලබාදීමට රෝස වතුරට ඇත්තේ අසමසම හැකියාවකි.

 


ග්‍රීසියේ ඔලිව් තෙල්.
ලොව සුන්දරතම ලලනාවන්ගේ නිජබිම ලෙස ග්‍රීසිය පෙර අපර දෙදිගම ප්‍රචලිතව ඇත්තේ ඉතා ඈත අතීතයේ සිටමය. දුටුවන් නෙත් සිත් වසඟ කරවන සුලු ඔවුන්ගේ රූසපුවේ සැඟවුණු රහස නම් ඔලිව් තෙල් භාවිතයයි. ප්‍රතිඔක්සිකාරක හා විටමින් බහුලව අඩංගු ඔලිව් තෙල් ග්‍රීක වැසියන්ගේ ආහාරයේ අනිවාර්ය අංගයකි. මීට අමතරව රූපලාවන්‍ය සත්කාර ක්‍රියාන්විතයේදී අනිවාර්ය අංගයක් වන ඔලිව් තෙල් යෝගට් සමඟ මිශ්‍ර කොට හිස ගල්වා පසුව “කන්ඩිෂනර්” කොට සෝදා හැරීම සිනිඳු දිදුලන කෙස් කළඹක් ලැබීමට ග්‍රීක කාන්තාවන්ගේ නොවරදින සත්කාරයකි. රෝස්මරි නමැති පැළෑටිය පෙඟෙන්නට දැමූ එහි සාරය අඩංගු ජලය, ඇපල් සයිඩර් විනාකිරි සමඟ මිශ්‍ර කොට කෙස් සේදීමට ඔවුන් ස්වාභාවික ලෙස වරලස පිරිසිදු කරගන්නා ක්‍රමයකි.

 


ඊජිප්තුවේ එළුකිරි හා මී පැණි
ඊජිප්තු කාන්තාවන්ගේ රූසපුව ගැන කතා කිරීමේදී මුලින්ම මතකයට නැඟෙන්නේ සුන්දර ක්ලියෝපැට්රා අධිරාජිනියයි. එදා ඇය රූසපුව වඩවා ගැනීමට අනුගමනය කළ රූපලාවන්‍ය ක්‍රමවේද අතර මී පැණි මුසුකළ එළු කිරෙන් ස්නානය කිරීම පෙරමුණ ගත් අතර අදටද ඊජිප්තු වනිතාවන්ගේ රූසපුව වඩවන රහස් අතර පළමු තැන හිමිවන්නේ මෙම ඉපැරණි සත්කාරයටයි. කිරිවල අඩංගු ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලය සම ඇතුළතින්ම පෝෂණය කිරීමට සමත්ය. එසේම මඩ නෑමද ඔවුන්ගේ අපූරු රූපලාවන්‍ය සත්කාරයකි. ලොව හොඳම මඩ ඇති ස්ථානය ලෙස සැලකෙන ඛනිජ ලවණ බහුල නොගැඹුරු මළ මුහුදේ මඩ සිරුර පුරා තවරා ගන්නා ඊජිප්තු කාන්තාවන් ඉනික්බිති මළ මුහුදේ ලවණ බහුල ලුණු ජලයේ ගිලී සිටින්නේ රුව ලස්සන කර ගැනීමටයි.

 


ජපානයේ සකේ නෑම
සහල්වලින් සාදාගන්නා සැර (මද්‍ය) wපානයක් වන ‘සකේ’ වීදුරු කීපයක් නෑමට ගන්නා ජලයේ මිශ්‍ර කිරීමෙන් සමේ ගැඹුරට කාවැදුණු කුණු දුහුවිලි ඉවත්කොට සමේ වියපත්බව හා විඩාපත් බව මකාදමා ජීවයෙන් පිරිපුන් පෙනුමක් ලබාදීමට ඉවහල්වන බව දන්නා ජපාන කාන්තාවන්ගේ රූපලාවන්‍ය රෙජිමේන්තුවේ මුල්තැන හිමිවන්නේ සකේ සඳහාය.

 


ස්වීඩනයේ හරිත තේ
සුප්‍රකට ස්වීඩන ජාතික රූපලාවන්‍ය ශිල්පිණියක වන ‘පෙට්රා ස්ට්රෑන්ඩ්ට’ අනුව සුපැහැදිලි, ප්‍රභාමත් සමක් ලැබීමට නම් හරිත තේ කදිම විසඳුමකි. ශීතකොට අයිස්කැට බවට පත්කළ හරිත තේ සම මත ඇතිල්ලීමෙන් සම ‘ටෝනර්’ කිරීමකින් ලැබෙන ප්‍රතිඵලයම ලැබෙන බව ඇය පවසයි. මීට අමතරව ඔලිව් තෙල්, යුකැලිප්ටස් තෙල් හා පාෂාණමය ලුණු සංයෝග කොට තනාගත් මිශ්‍රණය සිරුරේ ආලේප කිරීමෙන් සම අභ්‍යන්තරයට කාවැදුණු අහිතකර විෂ රසායනික ඉවත්කර නිරෝගී පැහැදිලි සමකට මඟ පාදයි.

රුක්ලන්ති පෙරේරා



අදහස් (1)

ලොව පුරා ලලනාවන් ලස්සන වීමේ රහස්

sandaruwani koshila Saturday, 13 May 2017 04:55 AM

මහත් වෙන්න ආසයි.මම කෙට්ටු නිසා මහත් වෙන්න මොනාද කරන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 58 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 25 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 29 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මාස්ටර් සර් වුණු විශ්ව
2025 පෙබරවාරි මස 06 22 0

වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
2025 පෙබරවාරි මස 06 22 0

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමු​ෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 193 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 847 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site