IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලංකාවේ බහුතරයක් නිළියෝ කිසිදු බියක් ලජ්ජාවක් නැත්තේ කැමරාවෙන් පිටුපස ජවනිකාවලටයි

ඇය ආන්දෝලනාත්මක චරිතයකි. වේදනාවේ, ටෙලි නාට්‍යයේ මෙන්ම සිනමාවේද දක්ෂ චරිතාංග නිළියක් වන ඇය, මෑත කාලයේ දී අන්තර් ජාලයේ කාගේත් කතා බහට ලක් වී සිටින්නියකි. ඇය අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ අඩ නිරුවත් ඡායාරූප පළ කරමින් ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රසිද්ධ වී තිබේ. මේ නිසාවෙන්ම ඇය ෆේස් බුක් සමාජ ජාලයේ හැඳින්වෙන්නේ “රාගයේ දෙවඟන” (Queen Of Sex) ලෙසිනි.   


ඇය විවෘතව තම අදහස් පළ කිරීමට කිසිදු බියක් දක්වන්නේ නැත. මේ නිසාවෙන්ම අනෝමා ජනාදරී නම් වු ප්‍රවීණ චරිතාංග නිළිය සමග “ආදරය, ප්‍රේමය සහ විවාහය” ගැන කෙළින් කතා බහක නියැළුණෙමු. ඇය පරිණත බුද්ධියකින් තම දෘෂ්ටිවාදය මතු කළේ මේ අයුරිනි.   


 

“ප්‍රේම ජවනිකා” නමින් ඔබ නුදුරු අනාගතයේදී එළිදැක්වීමට බලාපොරොත්තු වන කෘතියක් ගැන කියවෙනවා. ඒක ඇත්ත නම් ඒ ගැන අපි මුලින්ම කතා කරමු නේද?   


ඔව්. ඒක හොඳයි. මගේ හැදෑරීම් වලට අනුව සහ මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව අපි විවාහ වෙලා තිබෙන්නේ දෙදෙනාගේ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයකින් තොරවයි. එය සංසර්ග ක්‍රියාවලිය පමණක් නොවෙයි. මානුෂීය මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් වුවත්, උනුන් ගැන අවබෝධයෙන් තොර ක්‍රියාවලියක්. මේ හේතුව නිසා අපේ පරම්පරාවල් ඉපදිලා තිබෙන්නේ හේතුඵලවාදීව ​ෙනාවෙයි. වැඩිහිටියන්ගේ නොපනත්කම් වල විපාකයන් හැටියටයි.   


අඩුම තරමින් දරු ඵලයක් හට ගැනීමට අත්‍යවශ්‍ය පදනම, බුදුන් වහන්සේ​ෙග​් සූත්‍ර පිටක වලත් තිබෙනවා. උදේ හවා පන්සල් ගියත්, සංඝයා වහන්සේලා මේ බව කියා දී නෑ. අනෙක් අතට උසස් පෙළ පන්තියේ දී හෝ විද්‍යා පාඩමේදී මේවා ගැඹුරින් උගන්වන්නේ නෑ. සාදාචාරාත්මක හෝ විද්‍යාත්මක පදනමක් නැති වෙන කොට සිදු වෙන්න පුළුවන් එකම දේ තමයි බල්ලන්, බළලුන් සේ මනුෂ්‍ය ජීවීන් පිළිසිඳ ගැනීමත්, ප්‍රසූතවීමත්. ඉතිං මම සිතනවා මේ යුගය තමයි හොඳම අවස්ථාව අලුත් පරම්පරාවල් විද්‍යාත්මකව මේ ගැන සිතන්න පොළඹ වන්න.   


ලිංගික අධ්‍යාපනය පාසලේ උසස් පෙළ පන්ති වලින් පටන් ගන්න කියලා බෙරිහන් දෙන කෙනෙක් මම. බලධාරීන්ගේ හිරි ඔතප් බිඳින්නත් එක්ක තමයි එවැනි උත්සාහයක් ගන්න මම කල්පනා කළේ. ඒ නිසයි මම ​“ප්‍රේ‍ම ජවනිකා” නමින් ඒ කෘතිය එළි දක්වන්න බලාපොරොත්තු වෙන්නේ.   


​ෙම් කෘතියේ ඉදිරිපත් කරන ආදර්ශ රූප සටහන් වලට ඔබ නිරුවතින් පෙනී සිටිනවා කියන්නේ ඇත්තද?   


ඔව්. දැනට මම චිත්‍රපට 2 - 3 කට පමණ චරිතාංග නිළියක් හැටියට මගේ නිරුවත ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙය කෘතියක් නිසාත්, මගේම ප්‍රකාශනයක් නිසාත්, අදාළ කාර්යය හොඳින් තේරුම් ගත් නිසාත් එය මමම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒනිසා මේ කෘතියේ නිරුවත් ජවනිකා වලට මම පෙනී සිටිනවා.   


තවමත් තිරගත නොවුණු, ජගත් සම්මාන නියෝජනය කරන සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේත් නිරුවත් ජවනිකා 14 කට ඔබ පෙනී සිටි බව ආරංචියි. ඒ වගේම ඔබේ එහි රඟපෑම ගැන විදෙස් විචාරකයන් ප්‍රශංසා මුඛයෙන් විචාර ලියා තිබෙනවා. එවැනි චිත්‍රපටයක කැමරාව ඉදිරියේදී නිරුවත පෙන්වීමට බියක් හෝ ලජ්ජාවක් ඔබට දැනෙන්නේ නැද්ද?   


බියක් හෝ ලජ්ජාවක් මට දැනෙන්න පුළුවන් කැමරාවෙන් පිටුපස අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා ඉදිරියේ එය කරන්න ගියොත්, හැබැයි ලංකාවේ බහුතරයක් කිසිදු බයක්, ලජ්ජාවක් නැත්තේ කැමරාවෙන් පිටුපස කරන ජවනිකා වලටයි. මම කරන කාර්යයයේ වගකීම හා එහි සමාජ දේශපාලනික දැක්ම එ්ත්තු ගත් විට, මට ඇති වන්නේ පුදුම ධෛර්යයක්. එ්ත් ඊට හිමි වටිනාකම නොලැබෙන විට නම්, මට ඇති වන්නේ තරහක් හා කේන්තියක්.   


ආදරය, ප්‍රේ‍මය, විවාහය හා ලිංගිකත්වය ගැන ඔබේ වර්තමාන කියවීම මොකක්ද?   

එකකට එකක් සම්බන්ධයි. ඒවා අතර අන්තර් සම්බන්ධතාවයකුත් තිබෙනවා නේද කියා බැලු බැල්මට අපට පෙනුණත් මගේ කියවීමට අනුව නම් මේවා එකට එකක් පරස්පර කිසිදු අන්තර් සම්බන්ධතාවක් නැති, කේවළ වටිනාකම් පමණක් ඇති ගැඹුරින් හා මනා අවබෝධයකින් තේරුම් ගත යුතු විෂය ක්ෂේත්‍ර තුනක් හැටියටයි අද මම මේවා දකින්නේ. ආදරය කරන කාලයේ තිබෙන්නේ වගකීම් විරහිත නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන් සමනල ලෝකයක්. විවාහ ජීවිතය කියන්නේ දරු මල්ලන් හා සමාජ ආර්ථික සබඳතාවල එකතුවක්.   


හොඳින් හිතලා බලන්න, කොහෙද මේවායේ අන්තර් සම්බන්ධතා ති​ෙබන්නේ කියලා.

  
ඔය විදිහේ දැක්මක් ඔයාට ඇති වුණේ ආදරය කරන කාලයේද, විවාහ ජීවිතය තුළදීද? විවාහ ජීවිතය බිඳ වැටුණායින් පසුවද?   


අවංකව කිව්වොත් විවාහ වෙලා 12 වැනි අවුරුද්දේදී මම තීරණය කළා දරුවෝ දෙන්නා පාසල් යවා, සැමියා වැඩට යවලා ගෙදර උස පැත්තෙන් වහළ උඩට නැගලා. එයින් බිමට පැනලා ජීවිතය නැති කර ගන්න. ඒ 2003 අවුරුද්දේ. මට ඇති වෙලා තිබුණු මානසික විශාදයට හේතු වුණේ ආදරය කරන කාලයේ​ පෙම්වතුන් හැටියට එකිනෙකාගේ දියුණුව වෙනුවෙන් අපි ගොඩනගා ගත්ත බලාපොරොත්තු කැඩිලා, බිඳිලා ගිහින් ආත්මාර්ථය, අත්තනෝමතිකත්වය මතු වෙලා, ඒ අතරට තවත් අතරමැදියෝ ඉව අල්ලගෙන එනකොට ඒවාට මුහුණ ​ෙදන්න, ඒවා තෝරා බේරා ගන්න බැරි වෙනකොට හැම ගැහැනියකටම වගේ මටත් සිතුණේ ඒ ටිකමයි.

  
ඔයාට මුලින්ම ආදරයක් ඇති වුණේ කොයි කාල​ෙය්දී ද? ඔයාට මුලින්ම හැඟීමක් අැති වුණේ ආදරය කළ පුද්ගලයා සමගද?   


ආදරය දැක්කේ නෑ. මෝහයක් හැටියට දැක්කේ. කොල්ලෝ ගොඩාක් මගේ පස්සෙන් ආවා, පාසලේදීත්, දහම් පාසලේදීත්, ඒ වාගේම මම ආදරය කළේ මුහුණ අතපය කට හඬට ලස්සනට නොවෙයි. අමුතු අදහස් වලට අමුතු විදියට හිතන පතන එකට. මම කුඩා කාලයේ මුහුණ දීපු අත්දැකීම් එක්ක. පිරිමින්ගෙන් පරාරෝපණය වුණු එහෙත් පිරිමිකම ආරෝපණය කර ගත්තු ක්‍රමයකුයි මා පවත්වා ගෙන ගියේ. ඒ හින්දා නිකරුණේ පිරිමි ඉදි​රියේ ළඳ බොළඳ වෙන්න, මට ඕනෑ වුණේ නෑ. ඒ වගේම මට ඕනෑ වුණු එකම දේ නිළියක් වෙන්නයි. ඒ නිසා මම නිළිකම නමැති අරමුණටයි ආදරේ කළේ.   


සෝවියට් කේන්ද්‍රයේ නාට්‍ය වැඩමුළුවේදී අපි මාර්ටින් වික්‍රමසිංහ කෞතුගාරය බලන්න කොග්ගල ගිහින් එතකොට බස් එකේදී තමයි හඳගම ඔය වගේ දෙයක් මගෙන් ඇහුවේ. ඔහුගේ සමාජ දේශපාලනික දැනුම සහ හිතන පතන වෙනස් විදිහ නිසා තමයි දවස් කිහිපයකට පස්සේ මම එකඟවුණේ. ඇත්තටම අපි ආදරය කරනවා කියලා හැම වෙලාවෙම කතා කළේ දේශපාලනය ගැන. විවාහ වෙලා උත්සාහ කළෙත් දෘෂ්ටියක් සහිත කලාවක් ඇති කරන්න වැඩකරපු එකයි. ඇත්තටම මගේ ආදරය, විවාහය එහෙම් පිටින්ම කැප කළේ මේ රටේ සමාජ, දේශපාලනික අර්ථයකින් යුත් කලාවක් ඇති කරලා වෙනත් මානයක් ලබා දෙන්නයි.   


එවැනි කලාවේ වැඩ කොටසක් කළ ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතය බිඳ වැටුණේ කුමන හේතු හින්ද ද?   


නාට්‍යය, ටෙලි නාට්‍යය චිත්‍රපට ටික කියවුවොත්, “තනි තටුව” දක්වා අප දෙදෙනාගේ කලාවේ දෘෂ්ටි වාදය පහසුවෙන් ගහට පොත්ත සේ බැඳී තිබෙන බව වටහා ගන්න පුළුවන්. “තනි තටුවෙන්” පසු මම එකඟ නැති දෘෂ්ටි වාදය සුන්නත් වෙන වටපිටාවක් සකස් වෙමින් තිබුණා. ඊළඟට මගේ කැප කිරීම් වලට වෘත්තීය අගැයීම නොසලකා හරිමින් තිබුණා. එහෙනම් එවැනි අගතිදායක පරිසරයක කැකෑරී කැකෑරී හිඳීමෙන් පළක් තිබෙනවාද?   


මම මුලින් කියු පරිදි වහළයට නැගලා, ගේ ඉදිරිපිට මම මැරී සිටියා නම් මිනිස්සු ​ෙමානවා කියයිද? ඉතිං මා කල්පනා කළා දෘෂ්ටිවාදය පිළිබඳ අරගලයකට එන්න.   


එක වහළක් යට හිඳිමින් ඔබට ඔය කියන දෘෂ්ටිවාදී අරගලය කරන්න තිබුණෙ නැද්ද එකිනෙකාගෙන් වෙන් නොවී?   


2001 දී “මේ මගේ සඳයි” චිත්‍රපටය කරලා ඉවර වුණාම, ඒකට සහභාගී වුණු ශිල්පීන්ගේ වෘත්තීය ගෙවීම් පිළිබඳ ප්‍රශ්න පැන නැගුණා. රොහාන් සමරදිවාකර (කලා අධ්‍යක්ෂ), සමරසිරි කඳනගේ (වේෂ නිරූපණ) චන්න දේශප්‍රිය (කැමරා අධ්‍යක්ෂ) ව​ෙග් ශිල්පීන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් මම අධ්‍යක්ෂකගෙන් අැසුවා ඔවුනට ​ෙගවිය යුතු බවට කියු විට, මට ලැබුණු පිළිතුරු වුණේ, ඔහුගේ හතුරා ඉන්නේ ගේ ඇතුළේ කියන එකයි. මේ වෘත්තීමය ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරයයි.   


දෙවැන්ත ඔහු හා මා අතර නිර්මාණකරණය සම්බන්ධයෙන් පැවතුණු සමාජ, දේශපාලනික අවබෝධය පළුඳු වුණා. “තනිතටුව” චිත්‍රපටයට එනකොට ඔහු වේගයෙන් වෙළෙඳ කලාවට නතුවෙමින් හිටියේ. ජවිපෙ පාක්ෂිකයින් ඍජුවම චෝදනා එල්ල කළා. මම ඔහුට කිව්වා. හඳගමට හඳගම නැතිවේ ගෙන යනවා. ඒ හින්දා ආ පස්සට හැරිලා බලලා හඳගමව සොයාගෙන නිර්මාණ කටයුතුවල නිරත වෙන්න කියලා.   


“තනි තටුවට” ලැබණු ප්‍රතිචාරයත් එක්ක ඔහු තමන් පිළිබඳ අධි තක්සේරුවකට එළැඹුණා. එහි ප්‍රතිඵලයක් හැටියට “අක්ෂරය” කියන චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න තීරණය කළා. අපි චිත්‍රපට කරන්න ඕනැ පළමුව මේ පොළොවේ මිනිසුන්ටයි. මම එහෙම කිව්වාම ඔහු කිව්වේ මින් පස්සේ මම ලංකාවේ මිනිසුන්ට චිත්‍රපට කරන්නේ නෑ. විදෙස් වෙළෙඳ පොළට හැරෙන්න.   


එක වෘත්තීය ගෙවීම්, දෙක දෘෂ්ටි වාදය, තුන අධිමමංකාරය යන කරුණු මුල් කරගෙන මම කල්පනා කළා මෙතනින් එහාට ගමනක් අපට නැති විත්තිය. ඒ වගේම ගත වු පහළොස් අවුරුද්ද විසින් සිදු කරමින් තිබෙනවා මා කියු දේවල් වල යථාර්ථය.   


ෆේස් බුක් සමාජ ජාලයෙන් ඔයාගේ අඩවියේ ඔයා පළ කරන ඡායාරූප වර්තමානයේ ඔබ රඟපාන ටෙලි නාට්‍ය සිනමා නිර්මාණ මාර්ගයෙන් ඔයා කියන්නේ සමාජ දේශපාලනික දෘෂ්ටියක් ඔයාට තිබෙන බවද?   


වෙළෙඳ අරමුණු වලින් මිදුණු හරවත් ටෙලි නාට්‍ය තුනක මා රඟපෑවා. ධම්මික තිසේරා, ඩැනී ඩබ්ලිව්. පතිරණ යන අධ්‍යක්ෂවරුන්ගේ මේ දින වල විදෙස් සිනමා උළෙල නියෝජනය කරන “දැවෙන විහඟුන්” චිත්‍රපයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. මේ නිර්මාණ ජනතාව අතරට පැමිණිවිට, අපේ අරගලය හා අපේ දෘෂ්ටිවාදය පාවා නොදී දුෂ්කර ක්‍රියා කරමින් ඉදිරියට යන්නේ කවුරුන් දැයි ඔබට වැටහේවි.   


ෆේස් බුක් හා අන්තර් ජලයේ මගේ භාවිතය දෙබිඩි මානසිකත්වයෙන් නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ට අභියෝග එල්ල කිරීම සඳහා කරන උත්සාහයක්. විවිධ මානසික මට්ටම් ඇති අය එය විවිධාකාරයෙන් තේරුම් ගන්නවා. ඒත් මගේ අඩවිය ඇතුළේ මම මගේ කලාව ගැන දැනුම බෙදා හදා ගනිමින් ඉන්නවා. මගේ ස්ත්‍රී රූපයේ ගෘංගාර රසය කොතරම් ද කියන එක මේ දෙබිඩි කුහක නිර්මාණකරුවන්ට පෙන්වන්න ඕනෑ කියා සිතුවා. ඒ නිසයි ෆේස් බුක් සමාජ ජාලයේ මගේ අඩවියේ අඩ නිරුවත් ඡායාරූප පළ කළේ.   
ඒ ඡායාරූප වලට සමහරු චෝදනා එල්ල කළ බව මා දන්නවා. නමුත් මගේ දෙබිඩි අදහස් ඒ තුළ නෑ. අපේ රටේ මිනිසුන්ගේ රසඥතාව බොහොම පහළ මට්ටමකට තිබෙන බව අප දන්නා කරුණක්. ගැහැනියගේ කයම අපේ මිනිසුන්ට ඔවුන්ගේ ලිංගික අසහනය තුරන් කර ගන්න තිබෙන උපකරණයක් කියලයි විඥානය ඔවුනට අඟවන්නේ. ඔවුනගේ ඒ අසහනයට ඍජු පිළිතුරක් නම් මම, ඒ ගැන සතුටු වෙනවා.   


නැවත ඔයා විවාහ වෙන්න අදහසක් නැද්ද?

  
නැවත විවාහයක් කළින් ඔබ ඇසු ආදරය, ප්‍රේ‍මය, ප්‍රථම විවාහය වගේම එක් අදිරයක්. ලාංකීය විවාහය කුණු වෙච්ච අල ගෙඩියක් නම්, ඒ අල ගෙඩිය විසි කරලා ඔබ තවත් ඒ වගේම කුණු අල ගෙඩියක් කන්න ලෑස්ති වෙනවාද? ඒ වෙනුවට අද මම උත්සාහ කරමින් ඉන්නේ, මගේ නිළිකම වර්ධනය කර ගනිමින් චරිත රඟපෑම් දියුණු කර ගන්නයි. ආදරය, විවාහය තුළින් බලාපොරොත්තු වන සතුට, වින්දනය චරිත රඟපෑමෙන් ඊටත් වැඩිය ලබන්න පුළුවන් කියලා මේ වෘත්තිය මට කියා දීලා තිබෙනවා.   


කලාව කියන්නේ ශාංගාරය මුල් කර ගත් විෂය ක්ෂේත්‍රයක්. ඔයාගේ ෆේ‍ස් බුක් පිටුව බලන තරුණ කොල්ලන්ගෙන් හා චිත්‍රපට හදන අධ්‍යක්ෂවරුන්ගෙන් විවිධ යෝජනා එන්නේ නැද්ද?   


පොල්වතු, තේ වතු, රබර් වතු, රත්තරන් හදන, කාර් සේල් ඇති ව්‍යාපාරිකයෝ එංගලන්තයේ, ඇමරිකාවේ සුද්දෝ අනේකප්‍රකාර අනංගයෝ විවාහ යෝජනා විදෙස් සංචාර වලට ආරාධනා කරනවා. හැබැයි අනංග කියනකමේ තේරුම තමයි ශරීරියක් නෑ කියන එක. ඉතිං මගේ කලාවයි මේවායි අතර විශාල පරතරයක් ති​ෙබන්නේ. ඒ නිසා ඒවාට මගෙන් කිසිම පිළිතුරක් නෑ. ප්‍රතිචාරයක් නෑ.  

 
මම චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකයෙකුට කතා කළාම, ඔහු මට කිව්වේ ඔහුගේ එපාර්ට්මන්ට් එකට එන්න කියලා, ඇවිත් අපි වාඩි වෙලා ඩ්‍රින්ක් එකක් අරගෙන කතා කරමු. කියලයි. ඔහු ඉතාම ජනප්‍රිය නිෂ්පාදකවරයෙක්. මම චිත්‍රපටයක් කරන්න කතා කළාම ඔහුගේ උත්තරය ඒකද? එහෙම නම් මම චිත්‍රපටය කරලා නේද?    

 
ඔබට ජාත්‍යන්තර නිල් චිත්‍රපටයක රඟපාන්න ලැබුණොත් ඒ අවස්ථාව භාර ගන්නවාද?   


නිල් චිත්‍රපට කියන්නේ ගලා ගෙන යන කතා වස්තුවක් නැති, පිරිමි Sex කියන්නේ මේවා තමයි කියලා හිතාගෙන ඉන්න, බටහිර යුරෝපයේ ඇති වාණිජවාදී වෙළෙඳ අධිකාරියක්. එවැනි චිත්‍රපටයක රඟපෑමෙන් මගේ කලා කුසලතාවයකට ඉඩක් තිබෙනවා කියා මට හිතෙන්නේ නෑ. මගේ රඟපෑම් කුසලතාව පෙන්වන හොඳ තිර නාටකයක් ලැබුණොත් එවැනි චිත්‍රපටයක රඟපාන්න මම දෙවරක් හිතන්නෙත් නෑ.   
අනෝමා තම අදහස් විවෘතව යම් බුද්ධිමය දෘෂ්ටියකින් අප හමුවේ තබන්නට නිතරම උත්සාහ කළාය. ඇය පොත් පත් කියවීමෙන් හා රංගනය පිළිබඳ හැදෑරීමෙන් වඩාත් පරිණත ගැහැනියක් බවට පත් වී ඇති බව නම් මට වැටහුණි. ඇය “රාගයේ දෙවඟන” ලෙස හැඳින්වීම ඒ පරිණතභාවය තුළ වඩාත් සාධාරණ නොවන්නේද? එය තීරණය කිරීම ඔබ සතුය.   


සටහන් කළේ   
සමන්ත යහම්පත්   
ඡායාරූපය චමත් වින්ඳුල



අදහස් (0)

ලංකාවේ බහුතරයක් නිළියෝ කිසිදු බියක් ලජ්ජාවක් නැත්තේ කැමරාවෙන් පිටුපස ජවනිකාවලටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 59 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site