IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ලෝකයෙන් වඳවෙන්න ආසන්න සත්ත්වයෝ

හේතුව මිනිස් ක්‍රියාකාරකම්   

 

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

 

වඳවීයාමේ උග්‍ර තර්ජනයකට මුහුණ පා සිටින සතකු ලෙස සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරන්නනේ සුමාත්‍රානු අලියාය.   
(වි.නා Elephas maximus sumtranus) පාම්තෙල් වගාව සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් පසුගිය වසර 25 තුළ අලින්ගේ සංඛ්‍යාවෙන් 70% කට ඔවුන්ගේ වාසස්ථාන අහිමි වී ඇත. කෘෂිකාර්මික කටයුතු හා මිනිස් ජනාවාස ඇතිකිරීම නිසා වඳවීයාමේ ප්‍රවණතාව වැඩිවී ඇත. නීතිවිරෝධී දඩයම් කිරීම් හා උගුල්වලට හසුවී මියයන අලින්ගේ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතී. දැනට අසියානු අලි ඇතුන් 40,000 ක් පමණ සිටින අතර ශ්‍රී ලංකාවේ පමණක් 6,000 ක් පමණ සිටින බව වාර්තා වේ.   


වඳවීයාමේ තර්ජනයට මුහුණපා සිටින තවත් සතෙකු ලෙස සුමාත්‍රානු කොටියා   


(වි.නා ‏Panthera tigris sondaica) හැඳින්වේ. වන විනාශය නිසාත් නීති විරෝධී දඩයම් කිරීම නිසාත් වඳවීයාමේ උග්‍ර තර්ජනයට මුහුණපා සිටින සතකු ලෙස හැඳින්වේ. වියට්නාමයේ හා ලාඕසයේ වාසය කරන හරකකු වැනි සතකු වු සැඹිලා (විදා.නා Pseudoryx nghetinhensis) ඉතා දුර්ලභ අලංකාර ක්ෂීරපායි සතෙකි. ප්‍රථම වරට මෙම සතා සොයා ගැනුණේ 1992 වසරේදීය. විසිවැනි ශතවර්ෂයේ ආකර්ෂණීය සත්ව විද්‍යාත්මක සොයාගැනීමක් ලෙස සැඹිලා හැඳින්වේ. මෙම සතුන් මිනිසාගේ ඇසට හසුනොවී සිටීමට වෙර දරන අතර ඇනාමිටේ කඳුවැටියේ හුදකලාව ජීවත්වේ. දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සතෙකි.   


කැලිෆෝර්නියා මුහුදු බොක්කෙහි ජීවත්වන වැක්චිටා (Vaquita වි.නා Phocoena sinus) වඳවීයාමේ තර්ජනයට මුහුණපා සිටින තල්මසුන් විශේෂයකි. ඉතා දුර්ලභ ජලජ ක්ෂීරපායි සතෙකු ලෙස හැඳින්වේ. 1997 වසරේ 600 ක පමණ සංඛ්‍යාවක් සිටියද වර්තමානයේ එම සංඛ්‍යාව 12ක් පමණ වෙනබැව් වාර්තා වේ. දිගින් මීටර් 1.2 1.5 දක්වාද බර කි.ග්‍රෑ 43ක් පමණවන ඉතා දුර්ලභ මුහුදු ක්ෂීරපායි සතෙකු ලෙස හැඳින්වේ. මසුන් මරන්නන්ගේ දැල්වලට පැටලීමට නිසා බොහෝ දෙනකු විනාශ වී ඇත.   


චීනයේ යැන්සි ගංගාවේ ජීවත්වන යැන්සි ෆින්ලස් තල්මසාද   


(වි.නා Neophocaena asiaeorientalis) වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සතෙකි. වටකුරු හැඩයෙන් යුතු හිසක් හා වරල් හෝ හොටක් නොමැති මෙම තල්මසුන් විශේෂය මීටර් 2.27 දිගින් යුක්තවන අතර කි.ග්‍රෑ 72 පමණ බරකින් යුක්තය. වර්තමානයේ මොවුන්ගේ සංඛ්‍යාව 500ට වඩා අඩුබව වාර්තා වී ඇත. මැලේසියාවේ ටිට්වන්සා කඳුවැටිවල ජීවත්වන ප්‍රෙෂස් ස්ටීම් ගෙම්බා වඳවී යාමට ආසන්න අනාරක්ෂිත උභය ජීවියකු ලෙස හැඳින්වේ. (වි.නා.ansonia smeagol) අඟලක් පමණ දිගින් යුත් මෙම ගුප්ත සතා සොයාගත්තේ 2016 ටිටිවංසා කඳුකරයෙනි. දේශගුණික වෙනස්කම් නිසා කැලයේ සිට කඳුකරයට සංක්‍රමණය වී ඇති බව සඳහන් වේ.   

 

 


ජැමෙයිකාවේ ජීවත්වන බ්‍රවුන්ස් හුටියා 

(වි.නා Geocapromys brownii)   


වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින තවත් සතෙකි. ජැමෙයිකාවේ හූටියා ප්‍රදේශයේ ගම්බද හුනුගල් කඳුවල ජීවත්වේ. සාමාන්‍යයෙන් රට හාවකු ලෙස හඳුන්වන මොවුන් යුරෝපීයයන් පැමිණීමට පෙර ස්වදේශික ජනතාව විසින් ආහාරය සඳහා දඩයම් කෙරුණි. අධික ලෙස දඩයම් කිරීමත් වන විනාශයත් නිසා මෙම සතුන්ගේ වාසස්ථාන අහිමිවීමෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත.   


වැන්කුවර් අයිලන්ඩ් මාමට් කැනඩාවේ වාසය කරන මී වර්ගයට අයත් සතාද   

(වි.නා Marmota Vancouverensis)   


වඳවී යාමට ආසන්න සතකු ලෙස හඳුන්වා ඇත. වැඩුණු සතකුගේ බර කි.ග්‍රෑ 4.8 හා දිග සෙ.මි 47ක් පමණ වේ. ආක්‍රමණික සතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා පොළව හාරා ගුල් සකස් කරගෙන ජීවත්වේ. පරිසර පද්ධතිය ආරක්ෂා කරන අතර බීජ විසුරුවා හැරීමටත් පරාගපෝෂණය කිරීමටත් දායකවන සතෙකි. අයියූසීඑන් සංගමය වාර්තා කරන පරිදි වර්තමානයේ ජීවත්වන මොවුන්ගේ සංඛ්‍යාව 90ක් පමණ වේ. සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කළ සොකොරෝ සෝපොඩි (වි.නා Thermosphaeroma thermophilim) (කැරපොත්තෙක් වැනි සතෙකි) හා සෝල්ට් ක්‍රීක් ටයිගර් බීට්ල් (කුරුමිණියෙකු වැනි සතෙකි) (වි.නා Cicindela nevadica lincolniana) සතුන්ද වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත.   


ශ්‍රී ලංකාවේ වඳවී යාමට ආසන්න රතු ලැයිස්තුවේ සිටින සතුන් ලෙස මත්ස්‍ය හා කකුළු වර්ග හික්මීයා, වවුලා, දම්පාට මුහුණක් ඇති ශ්‍රී ලාංකීය වඳුරා, උණහපුළුවා, දිවියා, ඇතා, කැලෑ බළලා, වලහා, උරුලෑවා, වල් මී හරකා, තිත් රහිත මුවා, හමිබාවා, ජලජ ජීවින් වන මුහුදු තල්මසා, නිල්තල්මසා හැඳින්වේ.   


මෙම සතුන් වඳවීයාමේ තර්ජනයට ආසන්නව සිටින්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. අවිධිමත් රසායනික පොහොර හා පළිබෝධ නාශක භාවිතය වන විනාශය, පරිසර විනාශය නීති විරෝධී දඩයම් කිරීම වැනි කරුණු සත්ව ජීවිත විනාශයට බොහෝදුරට හේතු වී ඇත. ස්වභාවික වැසි වනාන්තරයක් වූ සිංහරාජ අඩවිය, විල්පත්තු ජාතික වනෝද්‍යාන වියළි කලාපීය රක්ෂිතයක් වන සෝමාවතී පුදබිම ආශ්‍රිත ප්‍රදේශ ජනාවාස ඇති කිරීමක් වගා කටයුතු සඳහා යොදා ගැනීමක් නිසා අලි ඇතුන්ට මෙන්ම අනිකුත් සිවුපාවුන්ගේ ජීවිතවලට ද දැඩි අවදානමක් උදාවී ඇත. මෙම සතුන් ආරක්ෂාකර ගැනීම සඳහා වන විනාශයන් නවතා දැමීමටත් පරිසරය සුරැකීමටත් අපි කටයුතු කළයුතු වෙමු.  

 


ශාස්ත්‍රවේදී  පී.ඩබ්ලිව්.ගුණතිලක 



අදහස් (0)

ලෝකයෙන් වඳවෙන්න ආසන්න සත්ත්වයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 976 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1028 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site