කැරකෙන ලෝකේ
මින් දින කිහිපයකට ඉහත බ්‍රිතාන්‍යයේ සෝල්ස්බර් හී පිහිටි වෙළෙඳ සංකීර්ණයක් අසල එක්තරා පුද්ගලයකු හා කාන්තාවක සිහිසුන්ව වැටී සිටිනු දකින්නට ලැබිණි. අවට සිටි පිරිස ඔවුන් දෙදෙනා වහා රෝහල් ගත කිරීමට පියවර ගත් අතර ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා විය. මොවුන් දෙදෙනා හඳුනා නොගත් රෝගයකට ගොදුරු වී ඇතැයි පැවසෙන අතර කිසියම් විෂ ද්‍රව්‍යයක් ශරීරගත ෙවන්නට හෝ ෆෙන්ටැනිල් නමැති ඖෂධය භාවිත කර ඇතැයි හෝ යන සැකයක් මේ ෙවන විට මතුව තිබේ. ෆෙන්ටැනිල් යනු කෘති‍්‍රමව නිපදවන මෝෆීන් වැනි ද්‍රව්‍යයකි. එය හෙරොයින් මෙන් සිය ගුණයකටත් වඩා ප‍්‍රබලය.
සිහිසුන්ව සිටි පුද්ගලයා 66 හැවිරිදි රුසියානුවකු වන සර්ගෙයි ස්ක්‍රිපාල් ලෙස හඳුනා ගන්නා ලද අතර කාන්තාව ඔහුගේ ඥාතියකු වන්නට ඇතැයි සැක කෙරේ. සර්ගෙයි ස්ක්‍රිපාල් රුසියානු බුද්ධි අංශයේ සේවය කළ කර්නල්වරයෙකි. 2006 දී බ්‍රිතාන්‍යයේ රහස්‍ය බුද්ධි තොරතුරු සේවය හෙවත් එම්.අයි. 6ට රුසියානු රජයේ රහස්‍ය තොරතුරු ලබා දුන් බවට ඔහුට චෝදනා කෙරිණි. 1990 සිට ඔහු බ්‍රිතාන්‍යයට ඔත්තු සපයා තිබූ අතර ඒ සඳහා ඔහුට ඩොලර් 100,000 මුදලක් ගෙවා තිබූ බවට අනාවරණය විය.
රහසිගතව යුරෝපා රටවල රැඳෙමින් ක්‍රෙම්ලිනයට ඔත්තු බැලූ මොස්කව් බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව සර්ගෙයි බ්‍රිතාන්‍ය රහස් බුද්ධි තොරතුරු සේවයට වැදගත් තොරතුරු රැසක් අනාවරණ කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ පිරිසක් අත්අඩංගුවට පත් වූහ. මෙය හෙළිදරව් වීම මත දේශද්‍රෝහී චරපුරුෂ සේවයේ යෙදීමේ චෝදනාව යටතේ ඔහුට වසර 13ක සිරදඬුවමක් නියම කෙරිණි.
සර්ගෙයි ස්ක්‍රිපාල් 1999 තෙක් ජී.ආර්.යූ. නොහොත් රුසියානු විදේශ හමුදා බුද්ධි කාර්යාංශයේ කටයුතු කළේය. පසුව කර්නල් ධුරයට උසස් වීමක් ලද ඔහු මොස්කව්හි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ 2003 වන තෙක් සේවය කළේය. ඔහු බ්‍රිතාන්‍යයට රහස් ඔත්තු සපයන්නට වූයේ එහි සේවය කළ සමයේදීය.
අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු ලබා තිබූ සියලු පදක්කම් අහිමි කෙරුණු අතර කර්නල් පදවියද අහිමි කෙරිණි. සිරදඬුවම් විඳිමින් සිටි ඔහුට 2010 දී එවක සිටි රුසියානු ජනාධිපති දිමිත‍්‍රි මෙද්වෙදෙව්ගෙන් සමාවක් හිමි වූ අතර ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සැඟවී ඔත්තු බලමින් සිටියදී අත්අඩංගුවට පත් ඉහළ පෙළේ රුසියානු චරපුරුෂයන් දසදෙනකු සමඟ සර්ගෙයි ඇතුළු චරපුරුෂයන් සිව් දෙනෙක් හුවමාරු කර ගැනීමට රුසියාව එකඟ විය. ඒ අනුව දෙදෙනෙක් බ්‍රිතාන්‍යයටද අනෙක් දෙදෙනා ඇමෙරිකාවටද ගියහ. සර්ගෙයි බ්‍රිතාන්‍යයට පැමිණියේ ඒ අනුවය. ඔහු සමඟ පැමිණි තවත් චරපුරුෂයකු වූයේ ඉගෝර් සුට්යාගින්ය.
ඉගෝර් සුට්යාගින් අත්අඩංගුවට ගැනුණේ 1999දීය. ඔහු බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකානු සී.අයි.ඒ ආයතනයට රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීන පිළිබඳ රහස් අනාවරණය කළ බවට චෝදනා ලැබීය. සුට්යාගින් තම නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කරමින් තමා ලබා දී ඇත්තේ විවෘත තොරතුරු විනා කිසිදු රහස්‍ය තොරතුරක් නොවන බවට ප‍්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුටද සිරදඬුවම් නියම විය.
මේ දෙදෙනා අතුරින් සර්ගෙයි ස්ක්‍රිපාල් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට වඩාත් වැදගත් පුද්ගලයකු වශයෙන් නිගමනය වී තිබිණි. මොවුන් දෙදෙනාට නව අනන්‍යතාවක් ලබා දුන් අතර බ්‍රිතාන්‍යයේ ජීවත් වීමේ අවසරයද හිමි විය. ස්ක්‍රිපාල් හට පවුම් 340,000ක් වටිනා නිවෙසක් හා මාසික විශ‍්‍රාම වැටුපක් බ්‍රිතාන්‍ය රජය මගින් ලබා දුන් අතර ඔහු තම බිරිය වූ ලූඩ්මිලා සමග එම නිවෙසේ වාසය කළේය.
අමෙරිකාවට ගිය රුසියානු චරපුරුෂයන් දෙදෙනා වූයේ කේජීබී කර්නල්වරයකු වූ ඇලෙක්සැන්ඩර් ෂැපොරොෂ්කි සහ තවත් කේජීබී නිලධාරියකු වූ ගෙනාඩි වැසිලෙන්කෝය. සී.අයි.ඒ සහ එෆ්.බී.අයි ඔත්තු සේවයේ සිටි ද්‍රෝහීන් අනාවරණ කර ගැනීමට ඇමෙරිකානු රජයට හැකි වූයේ ඇලෙක්සැන්ඩර් ෂැපොරොෂ්කි විසින් හෙළිදරව් කෙරුණු තොරතුරුවලට පින් සිදුෙවන්නටය. එහෙයින් ඔහු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඇමෙරිකානු බුද්ධි අංශ පසුබට නොවීය.
සර්ගෙයි ස්ක්‍රිපාල් බ්‍රිතාන්‍යයේ රහසිගතව ඔත්තු බැලූ රුසියානුවන් රැසක් හෙළිදරව් කළ හෙයින් එයට පළිගැනීමක් ලෙස ඔහු වෙත කිසියම් විකිරණශීලී ද්‍රව්‍යයක් යොමු කරන්නට ඇතැයි යනුවෙන් මතයක් ද මේ ෙවන විට ගොඩ නැඟී තිබේ.
2006 දී ක්‍රෙම්ලිනයේ සහය ලද පිරිසක් විසින් පොලෝනියම් 210 නමැති විකිරණශීලී ද්‍රව්‍යය යොදාගනිමින් සර්ගෙයි ස්ක්‍රිපාල්ගේ මිතුරකු වූ බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ යටතේ සිටි ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ නමැති කේජීබී නිලධාරියාද මේ අයුරින්ම ඝාතනය කෙරිණි. සර්ගෙයි ස්ක්‍රිපාල් සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ ලිට්විනෙන්කෝගේ වැන්දඹු බිරිය වූ මරීනා මෙම සිදුවීම තම සැමියා මුහුණ දුන් සිදුවීමට බෙහෙවින් සමාන බවට සඳහන් කළාය.
මෙය කිසියම් විකීරණශීලී ද්‍රව්‍යයක් යොදා ගනිමින් සිදු කෙරුණක්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනක් සිදු කළ යුතු බැව් ඇයගේ මතය වී තිබේ.
මේ වන විට වෙළෙඳ සංකීර්ණය වසා දමා ඇති අතර එහි වැඩි දුර විමර්ශන පැවැත්වේ. කෙසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවකුට සාජු චෝදනා එල්ල කිරීමට තවමත් කල් වැඩි යැයි බ්‍රිතාන්‍ය බලධාරීහු සඳහන් කරති.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය
ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්
පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ
’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල
වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුසියාවට ද්‍රෝහී වූ ඔත්තුකරුට ලන්ඩනයේදී අත්වුණු ඉරණම