IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රවි ග්‍රහයා වෘශ්චික රාශි ගතවීම ලග්නවලට බලපාන හැටි...

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන රවි ග්‍රහයා 2017.11.16 දින කුජට අයත් වෘශ්චික රාශියට පැමිණ (මාසයක්) දෙසැම්බර් 16 දක්වා වෘශ්චික රාශියේ ගමන් කරයි. කේන්ද්‍ර හිමියාගේ ආත්ම බලය, ශරීර ශක්තිය, ප්‍රධානත්ව රැකියා තනතුරු ආදිය කෙරෙහි රවිගේ බලය ක්‍රියාත්මක වෙයි.  


රවි ග්‍රහයාට මේෂ රාශිය උච්ච වන අතර සිංහ රාශිය ස්වක්සේත වෙයි. වෘෂභ, මකර, කුම්භ යන රාශි තුන සතුරුයි. කටක, වෘශ්චික, ධනු, මීන යන රාශි හතර මිත්‍රවෙයි. තුලා රාශිය නීච වන අතර මිථුන කන්‍යා රාශි දෙක සම වෙයි.  
රවි මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.  

 

මේෂ:- 

පස්වැන්නාධිපති රවි 08 වැන්නේ ගමන් කරන නිසා තරමක් හිතුවක්කාරි වෙයි. අදහස් සඟවා ගෙන කටයුතු කරයි. ඉඩම් දේපළ ලැබීමට වාසනාව ඇත. ශරීරයේ උෂ්ණ ආබාධ හටගනී. ඇස්වල ආබාධ ඇතිවිය හැකිය. අවිවාහකයන්ට විවාහ කටයුතු සාර්ථක වෙයි.  


වෘෂභ:- 

විවාහ ජීවිතය සාර්ථකයි. රසායනික කටයුතුවල, වෛද්‍ය සේවාවල යෙදී සිටින අයට යහපත්ය. අර්ශස් හා ආමාශ ගත ආබාධ වැළඳෙයි. අන්‍යයන්ගේ විවේචනයට ලක්වෙයි. අදහස් සඟවා ගෙන කටයුතු කරයි. ගෞරවයට ප්‍රසිද්ධියට පත්වෙයි.  


මිථුන:-

උපක්‍රමශීලීව කටයුතු කරයි. දේපළ අතින් දියුණුවක් ලබයි. සහෝදරාදීන් සමඟ අමනාප ඇතිවෙයි. ශරීරය නිරෝගී වෙයි. අන්‍යයන් තමාගේ අදහස්වලට අවනත කරවා ගනී. බලය තවහුරු වෙයි. පාලන කටයුතුවලට දක්ෂයි. වෛද්‍යවරුන්ට ශුභයි.  


කටක:-

රවි 05 වැන්නේ ගමන් කරන නිසා කාර්මික පර්යේෂණ කටයුතුවල නියැලී සිටින අයට යහපත්ය. ඉගනීම් කටයුතුවල නිරත අයට ශුභයි. කිසිවෙකුට යටත් පහත් වීමට කැමැති නැත. කපටි සූත්තර දනී, තමාගේ ගෞරවය, බලය, ප්‍රසිද්ධිය ගැන ආශාව වැඩී.  


සිංහ:- 

ලග්නාධිපති රවි 04 වැන්නේ සිටීමෙන් දේපළ කෙරෙහි ආශාව වැඩී. දේපළ සහන ඥාතීන්ගෙන් කොටසක් විරුද්ධ වෙයි. ශරීරයේ ලේ විෂ වීමෙන් රෝග වැලඳිය හැකිය. හදිසි ආබාධවලට ලක්වීමට පුළුවනි. වැඩකටයුතුවලදී කල්පනාකාරීව ඒවායේ නියැලෙයි.  


කන්‍යා:- 

රැවටීම්, මුලාවීම්වලට ලක්නොවේ. උත්සාහවන්තයි. ධනයෙන් හා පිරිස් බලයෙන් යුක්තයි. රසායනික යාන්ත්‍රික කටයුතුවල නියැලි සිටින අයට යහපත්ය. තම වැඩකටයුතු වලදී විශේෂ දක්ෂතා දක්වයි. මමත්වය බල ලෝභය වැඩී. උපක්‍රමශීලීව කටයුතු කරයි.  


තුලා:-

රවි 02 වැන්නේ ගමන් කරන නිසා කථාවෙන් ජයගනී. අන්‍යයන් තම කතාවට වසඟ කරගනී. ධනය ලාබයි. දනට පිනට ළැදිවේ. සහකරුගේ සහකාරියගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් නැත. තමා උගත් දෙයින් ප්‍රයෝජන ගනී. ඉගෙන ගන්නා අයට යහපත්ය.  


වෘශ්චික:- 

ලග්නගතව රවි සිටීමෙන් කිසිවකුට යටහත් පහත් වීමට කැමැති නැත. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. අහංකාරයි. සමාජයේ ලොකුවට පෙනී සිටීමට කැමැතියි. උසස් සාමජ මට්ටමක් ඇති කරගනී. ලෞකික දියුණුව කෙරෙහි කටයුතු කරයි.  


ධනු:- 

අහංකාරයි. තමාගේ වැරදි අඩුපාඩු පෙන්වා දුන්නත් ඒවා පිළි නොගනී. තම මතයටම ක්‍රියා කරයි. වෛද්‍ය සේවයේ නිරත අයට ශූභයි. විදේශ ගමන් හෝ දුර බැහැර ගමන් යෙදේ. හදිසි අනතුරු වලට ලක්වීමට පුළුවනි. පියාට තරමක් අපල යෙදේ.  

 
මකර:-

වි 11 වැන්නේ ගමන් කිරීම ඔබට ඉතා ශුභයි. අපල උපද්‍රවවලින් මිදෙයි. වැඩට ශූරයි. ගුප්ත ශාස්ත්‍රිය විද්‍යා කටයුතුවල නියැලී සිටින අයට යහපත්ය. ආදායම් තත්ත්වය යහපත්ය. ආදායම් ක්‍රම කීපයක්ම ඇතිවේ. ආශ්‍රය කරන අය සමඟ විරුද්ධවාදිකම් ඇතිකර ගනී.  


කුම්භ:- 

රවි 10 වැන්නේ සිටීම ඔබට යහපත්ය. රැකියා නැති අයට තනතුරු ලැබේ. උසස්වීම් ලැබීමට වාසනාව ඇත. අවිවාහකයින්ට විවාහ කටයුතු සිදුවේ. හදිසි අනතුරුවලට ලක්වීමට පුළුවනි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. වියදම් වැඩිවෙයි.  


මීන:-  
අන් අයගේ උපදෙස් පිළි නොගනී. තමගේ වාසිය ගැනම සිතා කටයුතු කරයි. සතුරු කරදර අඩුයි. රසායනික, වෛද්‍ය සේවයේ යෙදී සිටින අයට යහපත්ය. තරමක් අහංකාරයි. පාලන කටයුතුවලට දක්ෂයි. ශරීරය නිරෝගී වෙයි. අන් අය යටතේ වැඩකිරීමට කැමැති නැත.  

 

 

 

 

 

 

 

 


මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිෂවේදී කලා භූෂණ  
ආර්.ඇම්.ටී.බී. රත්නායක

 
 
 



අදහස් (0)

රවි ග්‍රහයා වෘශ්චික රාශි ගතවීම ලග්නවලට බලපාන හැටි...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 386 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site