IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


යුද ගැටුම්වලින් මියගිය ගුවන් නියමුවෙක් යළි උපදී

පෙර භවයේ ප්‍රබල සාක්කි

 

 

පසුගිය දෙවැනි ලෝක යුද්ධයේදී සටන් මෙහෙයවූ ගුවන් නියමුවෙකු ගේ ජීවිත තොරතුරු හෙළි කළ දරුවෙක් ඇමරිකාවේදී උපත ලැබීය. ජේම්ස් නම්වූ එම දරුවා උපත ලැබූවේ 1998 වසරේදී ලුසියානා ප්‍රාන්තයේදීය.  පෙර භවයේදී ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ බවත් එහිදී ගුවන් යානය ගිනිගෙන විනාශ වීම නිසා මරණය සිදුවූ බවත් එම දරුවා හෙළි කළේය. ඔහු හෙළි කළ පරිදි පෙරභවයේ ගුවන් නියමුවාගේ මරණය සිදුවී ඇතේ 1945 වස​ෙර්දී බැව් ඒ පිළිබඳව සිදුකළ පරික්ෂණයේදී හෙළිවිය. 
 
පෙර භවයේ මරණයත් යළි ඉපදීමත් අතර දීර්ඝ කාල පරිච්ඡේදයක් ප්‍රකාශ වූ මෙම පුණර්භව සාධකය සනාථ කිරීම සඳහා එම දරුවාගේ දෙමාපියෝ වසරකටත් වැඩි කාලයක් තිස්සේ පැරණි තොරතුරු විමර්ශනය කළහ.  
අැන්ඩ්‍රියා සහ බෲස් ලෙනින්ජර් මෙම දරුවාගේ දෙමාපියෝ වූහ. ජේම්ස් ට වයස අවුරුදු දෙකක් පමණ වන විට ඔහු නින්දෙන් බියපත්වී අවදිවීම සිරිතක්ව පැවැතිණි. බොහෝ විට ඔහු බියපත්වී කෑගසනු ලැබීය. තම පුත්‍රයාගේ මෙම බිය පත්වී කරනු ලබන ප්‍රකාශයට මව දැඩි අවධානයක් යොමු කළාය.  


දිනක් බියට පත්ව අවදිවූ ඔහු ගුවන් යානය විනාශ වුණා (AIR PLANE CRASH) යැයි ප්‍රකාශ කළේය. තම පුත්‍රයා මේ අයුරින් ගුවන් යානා අනතුරක් ගැන හෙළි කරන්නේ ඇයිද යන්න මවට මහත් ගැටලුවක් විය. ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටි මවට තවත් දිනක් ඔහු (AIR PANE CRASH PLANE ON FIRE) ගුවන් යානය විනාශ වුණා. ගිනි ගත්තා යනුවෙන් ප්‍රකාශ කළේය. වරින් වර නින්දෙන් අවදිව ඔහු කරනු ලබන මෙම ප්‍රකාශය කෙරෙහි දෙමාපියෝ අවධානය යොමු කළහ.  


සතියකට දින කිහිපයක්ම දරුවා තුළින් මෙම හැසිරීම් රටාව නොනවත්වා සිදු කෙරිණි. මේ අතර කුඩා ජේම්ස්ගෙන් හෙළිවූ තවත් සිදුවීමක් මවට දක්නට ලැබිණි. දිනක් තම පුත්‍රයා සමග ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ සැලක් වෙත ගිය විට ජේම්ස් වහා දුවගියේ එහි අලෙවිය සඳහා තිබූ ගුවන් යානා වෙතය. එහි තිබූ ක්‍රීඩා ගුවන් යානා දැඩි ලෙස පරික්ෂා කළ දරුවා එක් ගුවන් යානාවක් මවට පෙන්වීය.  


මේකෙ බෝම්බ සවිකර නෑ යැයි පැවැසීය. තෙහැවිරිදි වියේ පසුවන තම පුත්‍රයා බෝම්බ ගැන පැවසීම මව පුදුමයට පත්කරවීය. දින කිහිපයක් ගතවිය. චිත්‍ර අඳින කොළ කිහිපයක් ගත් කුඩා ජේම්ස් ගුවනේ පාවෙමින් තිබූ ගුවන් යානයක් බිමට කඩාවැටෙන අයුරු ඔහු චිත්‍රයට නැගීය. එම චිත්‍රය දෙස බලමින් ඔහු තනිවම කතා කරන්නටද විය.  


එයාට එදා එළියට එන්න බැරිවුණා යැයි ඔහු ප්‍රකාශ කරන බැව් මවට ශ්‍රවණය විය. ඒ කව්දැයි මව තම පුත්‍රයාගෙන් විමසීමක් කළාය. 

 
ඒ මම ඒ මම යයි දරුවාගේ පිළිතුර විය. තම පුත්‍රයා කිසියම් පෙර භවයක තොරතුරු හෙළිකරන බැව් මවට අවබෝධවිය. කුඩා ජේම්ස්ගේ මෙම ප්‍රකාශ පිළිබඳව පියාද දැඩි අවධානයක් යොමු කළේය.  


චිත්‍ර මගින් ගුවන් යානාවක් වැටෙන අයුරු නිතර නිතර ඇඳ පෙන්වීමටද ඔහු පුරුදුව සිටියේය. මෙම චිත්‍ර මගින් සහ ප්‍රකාශවලින් ඔහු යුද්ධ ගුවන් යානා පිළිබඳව අනාවරණය කරන බැව්​ දෙමාපියන්ට පැහැදිලිවන්නට විය. ඔහු ගුවන් යානා අනතුරකට පත්වූ බවත් එය සිදුවූ ප්‍රදේශයත් මෙම දරුවා පැහැදිලිව හෙළි කළේය.  


තම පුත්‍රයාගේ පෙර භවය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ඔහුගේ පියා බෲස්ට ලෙනින්ජර් තීරණය කළේය. ඒ අනුව ඔහු තම පුත්‍රයා හෙළි කරන තොරතුරු විමර්ශනය කරමින් ඔහුගෙන් කරුණු විමසනු ලැබීය. පෙර භවයේදී ද ඔහු හැඳින්වූයේ ජේම්ස් යනුවෙන් බවත් පැවසූ ඔහු පෙර භවයේ සිටි මිතුරෙකුගේ නමක්ද අනාවරණය කළේය.  


ගුවන් යානා අනතුර සිදුවූ ස්ථානයද පැහැදිලිව ප්‍රකාශ කළ ජේම්ස් යුද පිටියේදී භාවිතා කළ ගුවන් යානාවල නම් කීපයක්ද පැවැසීය. පෙර භවයේ සිටි ගුවන් නියමු මිතුරන් කව්දැයි දිනක් ජේම්ස් ගේ පියා සිය පුත්‍රයාගෙන් විමසීය.  


මගේ යාලුවා ජැක් යයි ඔහුගේ ක්ෂණික පිළිතුර විය. යුද සටන් සඳහා ක්‍රියා කිරීමේදී භාවිත කරනු ලබන වදන් පෙළක්ද මෙම දරුවාට මතක තිබිණි. පෙර භවය පිළිබඳව තම පුත්‍රයා හෙළි කළ තොරතුරු අනුව ඔහුගේ පෙර ජීවිතය සෙවීමට පියා වෙහෙස විය. එහිදී යුද ගුවන් යානා අනතුරුවලින් මියගිය ගුවන් නියමුවන්ගේ නම් ලැයිස්තුවක් සොයා ගැනීමට ජේම්ස්ගේ පියා වූ බෲස්ට හැකියාව ලැබිණි.  

 

චිත්‍ර මගින් ගුවන් යානාවක් වැටෙන අයුරු නිතර නිතර ඇඳ පෙන්වීමටද ඔහු පුරුදුව සිටියේය. මෙම චිත්‍ර මගින් සහ ප්‍රකාශවලින් ඔහු යුද්ධ ගුවන් යානා පිළිබඳව අනාවරණය කරන බැව්​ දෙමාපියන්ට පැහැදිලිවන්නට විය. ඔහු ගුවන් යානා අනතුරකට පත්වූ බවත් එය සිදුවූ ප්‍රදේශයත් මෙම දරුවා පැහැදිලිව හෙළි කළේය.  තම පුත්‍රයාගේ පෙර භවය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ඔහුගේ පියා බෲස්ට ලෙනින්ජර් තීරණය කළේය. ඒ අනුව ඔහු තම පුත්‍රයා හෙළි කරන තොරතුරු විමර්ශනය කරමින් ඔහුගෙන් කරුණු විමසනු ලැබීය. පෙර භවයේදී ද ඔහු හැඳින්වූයේ ජේම්ස් යනුවෙන් බවත් පැවසූ ඔහු පෙර භවයේ සිටි මිතුරෙකුගේ නමක්ද අනාවරණය කළේය.  

 

 


එය පරීක්ෂා කිරීමේදී පියාට දෙනෙත් අදහාගත නොහැකි විය. තම පුත්‍රයා හෙළි කළ ගුවන් නියමුවාගේ නමත් මිතුරාගේ නමත් සොයා ගැනීමට ඔහුට හැකිවිය. පෙර භවයේදී ගුවන් නියමු ජේම්ස් හඳුන්වා ඇත්තේ ජේම්ස් හුස්ටන් යනුවෙනි.  


සිය පුත්‍රයාගේ පෙර භවය වූ ජේම්ස් හුස්ටන්ගේ සොහොයුරියකද හමුවීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි. එමගින් ඔහුගේ මරණය සිදුවූ ආකාරය විමර්ශනය කිරීමටද හැකි විය. ඒ වන විටත් ඔහුගේ මරණය සිදුවූ අයුරු ඇගේ මතකයේ තිබිණි.  


එයා මරණයට පත්වුණේ 1945 මාර්තු 3 වැනිදා. එයා දක්ෂ ගුවන් නියමුවෙක්. යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.  


ජේම්ස් හෙළි කළ පෙරභව තොරතුරු සොයා ගැනීමට එම දරුවාගේ පියාට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූයේ පෙරභව සිදුවීමට ඒ වන විට වසර පනහක් පමණ ගතවී තිබීම නිසාය. එහෙත් පැරණි යුද ගුවන් අනතුරු පිළිබඳ ලිපි ලේඛන මගින් දරුවාගේ පුනර්භව සාධක සත්‍ය බැව් නිරීක්ෂණය කිරීමට පියාට හැකිවිය. එම කරුණු සනාථ වීමෙන් පසු මියගිය ගුවන් නියමුවාගේ මිතුරෙක්ද ඔහු සොයා නිවසට පැමිණියේය. කිසිදු දැනුම් දීමකින් තොරව පැමිණි මිතුරා නිවැරදිව හඳුනා ගනු ලැබුවේ ඔහු මවිතයට පත් කරවමිනි.  


ඔබ මිතුරාව හඳුනා ගත්තේ කෙදේ දැයි පියා විමසූ විට  


ඒ කටහඬ මට හොඳට මතකයි. යනුවෙන් කුඩා ජේම්ස් පිළිතුරු දුන්නේය. මෙහිදී අනාවරණය වූයේ ජේම්ස්ගේ යුද ගුවන් යානයේ හැඩරුවද ඉතා පැහැදිලිව ඔහුගේ මනසේ රැඳී තිබූ බවය. ඔහු ඇඳ පෙන්වූ ගුවන් යානයේ රුවක් එදා යුද කටයුතු සඳහා යොදාගත් ගුවන්යානාවල ඡායාරූපවලත් දැඩි සබඳතාවයක් දක්නට ලැබිණි.  


ජේම්ස්ගේ මෙම පුනර්භව සිදුවීම ඔහුගේ දෙමාපියන් විසින් පර්යේෂණ ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ. (THE REINCARNATION OF A WORLD WAR II FIGHTER PILOT යනුවෙන් මෙම පුනර්භව සාධකය ඇතුළත් ග්‍රන්ථය SOUL SURVIVOR යනුවෙන් නම් කර තිබේ.  


පෙර භවය හෙළි කළ දරුවෙකුගේ පුනර්භව පර්යේෂණ දෙමාපියන් විසින් ග්‍රන්ථයක් ලෙස ලියා පළ කළ ප්‍රථම අවස්ථාවද මෙය වී තිබේ. ලොව ප්‍රධාන පෙළේ මනෝ විද්‍යාඥයින් සහ පුනර්භව පර්යේෂකයන් රැසක් ජේම්ස්ගේ යළි ඉපදීම පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත්වීය. රටවල් රැසක රූපවාහිනී වැඩ සටහන් මගින්ද යළී උපත ලැබූ ගුවන් නියමුවකු ලෙස මෙම දරුවාගේ කතා පුවත ලොව පුරා විකාශනය කරනු ලැබීය.  
ලිඛිත සාක්කි සහිතව පෙර භවය සනාථ කළ හැකිවූ ජේමිස්ගේ පුනර්භව පර්යේෂණ ශාස්ත්‍රීය පර්යේෂණයක් ලෙස පුනර්භව කතා අතරට එක්වී තිබේ.  


මේ හා සමාන පෙර භවයේ ගුවන් නියමුවෙක් ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවෙක් මීට වසර කිහිපයකට උඩදී ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. පසිඳු නම් එම දරුවාද උපත ලැබූවේ 1998 වසරේදීය. කොළඹ පෞද්ගලික රෝහලකදී උපත ලද මෙම දරුවා ඉතා කුඩා අවදියේ සිට ගුවන් යානාවක් පියාසර කරන හඬ ඇසෙන විට දැඩි ලෙස කලබල වන බැව් මවට දක්නට ලැබිණ.  


සාමාන්‍යයෙන් කුඩා දරුවන් අධික ශබ්දවලට බියපත්වන අයුරින් තම පුත්‍රයාද බියපත් වන්නේ යයි මව සිතුවාය. එහෙත් දරුවා උත්සාහ කරන්නේ ගුවන් යානාව බැලීමට බැව් මවට දක්නට ලැබිණි.  


​ෙම් අතර අඳුරු වැසි සහිත දිනවලදී ද පසිඳු දැඩි ලෙස බිය පත්වන්නට විය. විශේ‍ෂයෙන් අකුණු සැර වැදෙන විටදී විහිදෙන ආලෝකයට ඔහු දැඩි ලෙස බියපත්විය. ඔහුගේ මෙම බියපත්වීම සිදු වෙමින් තිබෙන අතර ඔහු බහතෝරණ වියට පත්ව සිටියේය. දිනක් මව ඇමතු කුඩා දරුවා එදා අපි ගිය හෙලිකොප්ටරය මුහුදට කඩා වැටුණා යි පැවසීය.  


තම පුත්‍රයා කිසියම් පෙර ජීවිත තොරතුරක් හෙළි කරන්නේද යන්න මවට සිතුනි. එහෙත් ඒ පිළිබඳව වැඩි තොරතුරක් විමසීමට ඇය උනන්දු නොවූවාය. එහෙත් සිය පෙරභව මතක සටහන් වරින් වර හෙළි කළ දරුවා,  
‘එදා හෙලිකොප්ටරය කඩා වැටුණු වෙලාවෙ අපි හතර දෙනෙක් හිටියා. අපි ඇඳගෙන හිටියේ හමුදා ඇඳුම්. හෙලිකොප්ටරය මුහුදට වැටුණා’ යි පැහැදිලිව ප්‍රකාශ කරන්නට විය. අනතුරුව ඔහු හමුදා පාසලක ඉගෙනීම ලැබූ බවත් පෙර නිවසට යෑමට අවශ්‍ය බවත් මෙම දරුවා කියා සිටියේය.  


එදා හෙලිකොප්ටරය කඩා වැටුණු අවස්ථාවේ එය පදවාගෙන ගියේ තමා විසින් බවද පසිඳු අනාවරණය කළේය. ඒ අවස්ථාවේ තවත් තිදෙනෙකු යානයේ සිටි බවත් ඔවුන්ගේ පුද්ගල නම් අමතක බවත් එදා එම දරුවා පැවැසීය.  


පෙර භවයේ නිවස සොයා දෙන ලෙස එම දරුවා කියා සිටීම නිසා ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට දෙමාපියන්ට සිදුවිය. ඒ අනුව සිව් දෙනෙකු සමග ගමන් ගනිමින් සිටියදී හෙළිකොප්ටරයක් කඩා වැටී මියගිය ගුවන් නියමුවෙකුගේ තොරතුරු සොයා ගැනීමට හැකිවිය. පසිඳුගේ තොරතුරුවලට සමාන බවක් දක්නට ලැබුණු ගුවන් නියමු අජිත් මරණයට පත්ව තිබුණේ 1984 වසරේදීය.  


පලාලි ගුවන් හමුදා කඳවුරෙන් නොවැම්බර් 30 වැනිදා පිටත්ව තිබූ හෙලිකොප්ටර් යානය කච්චතිව්දූව දූපතට නුදුරින් යන විටදී කඩා වැටීම නිසා මරණය සිදුවී තිබිණි. ඒ අවස්ථාවේ අකුණු සැර වැදෙන දේශ ගුණික තත්ත්වයක් පැවතිණි.  


මෙම දරුවා හෙළි කළ තොරතුරු විමර්ශනය කිරීමේදී ප්‍රබල සාක්කිය බවට පත්වූයේ පෙර භවයේ පියාව එම දරුවා විසින් හඳුනා ගැනීමය. එය සිදු වූයේ මෙම පුනර්භව සාධකය පිළිබඳව පර්යේෂණයක් සිදු කිරීමේදී පෙර භවයේ පියා සිටි නිවසට යාමට පසිඳු දරුවාට අවස්ථාව ලැබීම නිසාය.   


පෙර භවයේ පියා සිටි නිවසට එම දරුවා ගිය අවස්ථාවේ පෙර භවයේ පියා හා සමාන සම වයසේ කීප දෙනෙක් නිවසේ සිටියහ. එහිදී නිවස තුළට ගිය දරුවා ඉතා නිවැරදිව පෙර භවයේ පියා හඳුනා ගැනීම අතිශය ප්‍රබල සාක්කියක් බවට පත්විය.  

 

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

යුද ගැටුම්වලින් මියගිය ගුවන් නියමුවෙක් යළි උපදී

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 121 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 43 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 85 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1256 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site