IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


යුග දිවිය හැඩකරන සුපින්වත් ළඳුන්

යුග දිවියට ඇතුළත් වන අප කවුරුත් යුග දිවිය අඳුරුකර ගැනීමට කැමැති නැත. මුළු ජීවිත කාලයම ගෙදර දොර අඩ දබර ආදිය ඇතිකර නොගෙන සතුටින් ජීවත් වීමට කැමැත්තෙමු. විවාහය නමැති ආදර රුවන් මන්දිරයට පිවිසීමේ යතුර ඇත්තේ යුග දිවියට බැඳෙන තරුණ කාන්තාව අතේය. 
  
එහෙත් සෑම කාන්තාවකටම යුග දිවිය වාසනාවන්ත කරගැනීමට හැකියාව නොමැත. වාසනාවන්ත විවාහ දිවිය සඳහා තම සැමියාගේ සහයද අත්‍යවශ්‍ය වේ. තම සැමියා සාමයෙන්, ප්‍රේමයෙන්, ආදරයෙන් සිටින පුද්ගලයකු විය යුතුය.   


තම සැමියාට අවවාද අනුශාසනා දෙමින් මවක් සේද වරෙක මිතුරියක සේද ඉතා කුලුපගව ආදරය, දයාව, කරුණාව, භක්තිය, ගෞරවය දක්වමින් කල්ගත කරන ළඳුන්ට යුග දිවිය රසවත් කිරීමට හැකියාව තිබේ. යුග දිවිය සාමයෙන්, සතුටින්, ප්‍රේමයෙන්, ආදරයෙන් ගත කිරීමට හැකි නම් ඇය මෙලොව වශයෙන් ලැබූ උතුම්ම සම්පත ලෙස හඳුන්වා දීමට පුළුවන. මෙවන් භාග්‍යවන්ත යුවතියන් අප අතර විරල වූවත් අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැටියට ජීවිතය හැඩගස්වා ගන්නවා නම් යුග ජීවිතය රසයෙන් පිරි මංජුසාවක් කරගැනීමට ඉතා පහසුයි.   


මෙවන් සුපින්වත් ළඳුන් හඳුනා ගැනීමට ජීවිතයේ කැඩපත බඳු කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීමෙන් පිළිවන. මේ සඳහා ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ හත් වැන්න/ දෙවැන්න/ ලග්නය/ චන්ද්‍රයා/ සිකුරුගේ බලය ඉවහල් වේ. ඊට අමතරව එම ස්ථානවලට වැටෙන ග්‍රහ දෘෂ්ටියද වැදගත් වේ.   


හත්වැන්න/ දෙවැන්න/ ලග්නය ආදී ස්ථානවල පාප ග්‍රහයින්ගෙන් තොරව ගුරු/ කිවි/ බුධ/ සඳු යන සෞම්‍ය ග්‍රහයෝ හෝ සතුරු හෝ නීච රාශිගතව නොසිටීම ප්‍රධාන වශයෙන් බලපාන අතර එම රාශීන්ට පාප ග්‍රහයින්ගේ දෘෂ්ටි නොවැටීමද ඉතාම වැදගත් වේ.   


හත්වැන්නේ බුධ සිකුරු සංයෝග වී පුර පක්ෂයේ නව වන/ දස වන/ පසළොස් වන යන තිථියන්ගෙන් උපන්නේ නම් ඇය සුපින්වත් කුල කාන්තාවක් වේ. ඇය තම සැමියාට මුදු මොළොක් වදනින් සනසනු ඇත.   
හත් වැන්නේ බුධ/ චන්ද්‍ර සංයෝගයෙන් එමෙන්ම ශුභ දෘෂ්ටි ලබමින් උපන් කාන්තාව සිය සැමියා​ෙග් ආදරය ඉක්මණින් දිනා ගනී. සැමියාට එක් රැයක්වත් ඇය නොමැතිව සිටීමට නොපුළුවන් වනු ඇත. එවන් කාන්තාවෝ සුපින්වත් ළඳුන් වෙති.   


ශුභ ග්‍රහයෝ ලග්නගතව සිටියදී සෙනසුරු හෝ අඟහරු හෝ රාහු ආදී පාප ග්‍රහයින් නොදැක ශුභ ග්‍රහයින්ගේ දෘෂ්ටි ලැබුවානම් ඇය විවිධ වස්ත්‍රාභරණ ලබමින් සැමියාගේ ආදරණීය ගෞරවය ආශිර්වාදය නිතර ලබමින් ඔහු​ෙග් හදව​ෙත් කොටස්කාරියක් වීමේ භාග්‍යය ලබමින් සුපින්වත් ළඳක වනවාට සැකයක් නොමැත.   


උපතේදී චන්ද්‍ර/ බුධ/ ගුරු/ සිකුරු යන ශුභ ග්‍රහයෝ බලයෙන් යුතුව ලග්නයේ හෝ හත්වැන්නේ සිටීනම් ඇය උගත් නැණවත් ගුණවත් බිරිඳක් වශයෙන් යහපත් දරුවන් බිහිකරන සුපින්වත් ළඳක් වේ.  


ස්ත්‍රී කේන්ද්‍රයේ 5 වන්නේ ගුරු/ සිකුරු සංයෝගය සිටීනම් යහපත් පින්වත් දරුවන් ලබන අතර සැමියාට පුද සත්කාර කරන සුපින්වත් බිරිඳක වේ. මේ ගුරු/ සිකුරු දෙදෙ‌නා උච්ච රාශිගතව සහ ස්වක්ෂේත්‍රව රාශිගතව සිටීම දරුවන්ගෙන් සැප සම්පත් ලබා ගැනීමට වාසනාව උද‌ාකර ගනී.   


ස්ත්‍රී කේන්ද්‍රයේ එකොළොස්වැන්නේ සඳු සිටියදී හත් වැන්නේ බුධ/ සිකුරු දෙදෙනා සංයෝගයට ගුරුගේ ශුභ දෘෂ්ටි ලැබුවා නම් සිය සැමියාගෙන් පමණක් නොව ජනතාවගේ ආදරයට ගෞරවයට ප්‍රශංසාවට ලක් වේ.   
ලග්නයේ සියලුම ශුභ ග්‍රහයින්ගේ දෘෂ්ටියට ලක්වූවා නම් ඇගේ සිත ඉතාම පිරිසිදුය. ශරීරය පැහැපත්ය. එපමණක් ද නොව තම සැමියා යහමඟ යොමු කරමින් ඔහුගේ දුර්වල ගතිගුණ ඉවත් කරමින් යහපත් පුද්ගලයකු කරවීමට තරම් විශේෂ බලයක් ඇයට තිබේ.   


ගුරු හෝ සිකුරු හත්වැන්නේ බලයෙන් යුක්තව සිටියදී දහ වැන්නාධිපතියා ලග්නය හෝ දෙවැන්න හෝ හතර වැන්න හෝ පස්වැන්න හෝ දහවැන්න හෝ එකොළොස්වැන්න ස්ථානයක සිටියද ඇයගේ උපත සිදුවූවා නම් ඇගේ රූපලාවන්‍ය දියුණු වන අතර යුග දිවියෙන් පසු වැඩිකල් නොගොස් සිරිකත නිවසට කැන්දන සුපින්වත් ශ්‍රියා කාන්තාවක වේ.   


හත වැන්නාධිපතියා හා ලග්නාධිපති ලග්නයේ සිටියදී සිකුරුගේ දෘෂ්ටිය ලබයි නම් ඇය ආරම්භයේ පටන් යුග දිවිය රසවත් කරයි. එමෙන්ම ලග්නාධිපතියා සහ හත අධිපතියා සමඟ සංයෝගව සත්වැන්නේ සිටියදී ගුරුගේ සහ සඳුගේ ශුභ දෘෂ්ටියක් ලැබූවේ නම් ඇය ස්ත්‍රීන් අතර ඉතාම ජනප්‍රිය වේ. එපමණක් නොව සැමියාගේ අාදරය නිතැතින්ම ලබා ගනිමින් යුග දිවිය රසවත් කර ගනී.   


මිථුන ලග්නයෙන් උපත ලබා ලග්නයේ බුධ සහ එකළොස්වැන්නේ ගුරු සිටියදී සිකුරු දෙවැන්නේ සිට ශුභ දෘෂ්ටියක් ලැබූවේ නම් ඇය පිනට දහමට කැමැත්තක් දක්වයි. ඇයට ප්‍රදේශවාසීන්ගේ ප්‍රශංසාද හිමිවේ. තම සැමියාට වරෙක යෙහෙළියක සේද වරක මවක සේද වරක ද‌ාසියක සේද කටයුතු කරමින් යුග දිවිය හැඩවැඩ කරයි. රසවත් කරයි.   


පුරපක්ෂයේ චන්ද්‍රයා බලවත්ව හතරවැන්නේ සිටියදී කුම්භ ලග්නයෙන් ඉපදී ගුරු නොහොත් බ්‍රහස්පති විසින් එම චන්ද්‍රයා දුටුවේ නම් ඇයගේ දරුවන් වාසනාවන්තයෝය. එසේම ඇය සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. සමාජයෙන් සැලකිලි ලබා ගනී. තම සැමියාට ගෞරවයෙන් භක්තියෙන් සලකන කුල කාන්තාවක්ද වේ.   


මෙවන් සුපින්වත් ළඳුන් අප සමාජයේ දැකගැනීම ඉතාම විරලය. නමුත් එවැනි සුපින්වත් ළඳුන් නැත්තේම නොවේ. ඔබත් ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කර බලා සුපින්වත් ළඳෙක් වී විවාහ ජීවිතය සාර්ථකව ගත කිරීමට අදිටන් කරගන්න. එමෙන්ම යුග දිවිය හැඩකරන සුපින්වත් ළඳුන් වීමට ඔබටද වාසනාව ඇතැයි මම සිතමි.   

 

 

 


කේ.ඩී.ආර්.බී රාජකරුණා,   
විශ්‍රාමලත් විදුහල්පති ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී,   
රාජගිරිය.   
0115810540, 0713934744 



අදහස් (0)

යුග දිවිය හැඩකරන සුපින්වත් ළඳුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1658 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site