IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මළ සිරුරට පණ ලබා පෙර භවය සෙවූ දරුවෙක්

පෙර භවයේ ප්‍රබල සාක්කි

මිය ගිය පුද්ගලයන්ට යළි ප්‍රාණය ලැබූ දුර්ලභ සිදුවීම් ඇතැම් විට අසන්නට ලැබේ. එවැනි සිදුවීම් නිසා රෝහල්වල වෛද්‍ය අංශ පවා විමතියට පත්වූ අවස්ථා ඇත. මෘත ශරීරාගාරයට යැවූ ඇතැම් සිරුරුවලට නැවත පණ ලැබූ සිදුවීම් නිසා වෛද්‍ය අංශවලට දැඩි චෝදනා එල්ල වූ අවස්ථාද තිබේ.  


මළ සිරුරකට යළි පණ ලැබී හෙළි කළ පුනර්භව සාධකයක් මීට වසර ගණනකට උඩදී ඉන්දියාවෙන් අනාවරණය විය. පුනර්භව පර්යේෂණ අතරින් ප්‍රථම වරට අසන්නට ලැබුණ එම සිදුවීමෙන් පුනර්භව පර්යේෂකයෝද මවිතයට පත් වූහ. අතිශය පුදුම අයුරින් මළ සිරුරට පණ ලැබී පෙරභවය හෙළි කළ එම දරුවා උපත ලැබුවේ ඉන්දියාවේ රසල්පුර් නම් ප්‍රදේශයේය. ජස්බීර් යනුවෙන් නම් කර සිටි එම දරුවාට වයස අවුරුදු තුනහමාරේදී වසූරිය රෝගය වැළඳුනි. සති ගණනක් ප්‍රතිකාර කිරීම සිදුවුවත් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඔහු මරණයට පත්වූ බැව් මාපියන්ට දක්නට ලැබිණි. තම පුත්‍රයාගේ අකල් මරණය නිසා මාපියෝ දැඩි කම්පාවල පත්ව සිටියහ.  
පුත්‍රයාගේ වියෝවීම දරා ගත නොහැකිව පියා අතිශය දුකට පත්ව සිටියේය. මළ සිරුර අසලම රැඳී සිටි ඔහු පුත්‍රයාගේ සිරුර දෙස බලා සිටින්නට විය. සිරුර භූමද‌ාන කටයුතු එදිනම සිදු කිරීමට ගැනීමට සූදානම් උවත් පියා එයට ඉඩ නොදුන්නේය. පසුදින භූමදානය සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඒ අනුව සිරුරේ අවසන් කටයුතු පසුදිනට කල් තැබිණි. පියා තම පුත්‍රයාගේ සිරුර දෙස බලමින් එහි රැඳී සිටියේය. ඒ අයුරින් සිටි පියාට එක්වරම පුත්‍රයාගේ සිරුරෙන් චලනය වීමත් දක්නට ලැබිණි. සිදුවූයේ කුමක්දැයි පියා මවිතයට පත්විය.   


තමා දුටු දර්ශනය කුමක්ද? නියත වශයෙන්ම සිරුර චලනය වීමක් සිදුවූයේද? ඔහු මහත් ඕනෑකමින් ඇසිපිය නොහෙලා එදෙස බලා සිටියේය. ඔහු දුටු දර්ශනය නිවැරදි විය.  


මළ සිරුර වරින්වර චලනය විය. පුත්‍රයාට යළි ප්‍රාණය ලැබී ඇති බවක් දක්නට ලැබිණි.


වහා ඥාතීන් කැඳවූ ඔහු පුත්‍රයාට පණ ලැබී ඇති බැව් පෙන්වා දුන්නේය. නියත වශයෙන්ම සිරුරට ප්‍රාණය ලැබී තිබිණි. භූමදාන කටයුතු සියල්ල අවලංගු කැරිණි. සිරුර වෙත ළගා වූ ඥාතීන්ටද දක්නට ලැබුණේ සිරුරට ප්‍රාණය ලැබී ඇති බැව්ය. අවසානයේ ඔහු කතා කළේය. දින ගණනාවක් කතාකිරීමට අපහසුව සිට මියගිය දරුවා වචන ප්‍රකාශ කරන්නට විය.  


ඔහු ප්‍රකාශ කරන වදන් තුළද වෙනසක් දක්නට ලැබිණි. ඔහුගේ භාෂා විලාසයද වෙනස්විය. එම ප්‍රදේශයේ කුලයට අය භාවිත කරන වදන් වලට ඔහුගේ වදන් මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගෙන තිබිණි. ඔහුගේ ප්‍රකාශයකින් හෙළි වූයේ වෙනත් ගම්ප්‍රදේශයක තොරතුරු විය. එම ගම් ප්‍රදේශයට යන අයුරුද දරුවා හෙළි කළේය. ඒ සමගම ඔහු නමක්ද හෙළි කළේය. පුත්‍රයා අනාවරණය කරන ගම් ප්‍රදේශය සහ නම පිළිබඳව මාපියෝ අවධානයෙන් සිටියෝය.  


නිතර නිතර එම ගම් ප්‍රදේශය හෙළි කළ දරුවා එහි යාමට අවශ්‍ය බැව් කියා සිටියේය. සිදුවූයේ කුමක්දැයි දෙමාපියන්ට සහ ඥාතින්ට මහත් ගැටලුවක් විය. පුත්‍රයාගේ සිරුරට වෙනත් පුද්ගලයකු ඇතුල් වී ඇත්ද යන්නද ඔවුන්ට සැක සිතුණා. එහෙත් එවැන්නක් සිදුවිය හැකිද? මෙම සිදුවීම පෙර භාවය හෙළි කිරීමක් ලෙස සිතීමටද ඔවුන්ට නොහැකිවිය.  


තමන් විටෙක දෙමාපියන් ඇමතූ දරුවා ඔහු පිළිබඳව තවත් තොරතුරක් හෙළි කළේය. මම රාම්, මම කසාද බැඳල හිටියේ’’ යයිද ඔහු කීය. එම ප්‍රකාශය පිළිබඳව පියා නැවත විමසීමක් කළේය.  


‘ඔයාට ​මොකද වුණේ’ යයි පියාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් දරුවා ‘මම එහෙදී මඟුල් ගෙදරකට ගියා. මඟුල් ගෙදර කෑම කෑවට පස්සේ මට වමනයක් හැදුණා. අපි ගියේ කරත්තයකින්. එද‌ා එනකොට මාව කරත්තයෙන් වැටුණා’’ යැයි පැවසීය.  


එතැන් සිට පෙරභවය තොරතුරු හෙළි කළ දරුවාට ඔහු ගමන්ගත් කරත්තය පිළිබඳවද පැහැදිලිව ප්‍රකාශ කිරීමටද හැකියාව ලැබී තිබිණි. ඔහු ගමන් කළ කරත්තය පිළිබඳව විමසීමටද පියාට අවශ්‍ය විය.  
‘ඒ කරත්තෙ මොනවගේ එකක්ද?’’ පියා නැවත පුත්‍රයාගෙන් විමසීය.  


‘ඒක සුදුපාට කරත්තයක්. සුදු ලොකු ගොනෙක් බැඳල හිටියා. මම ඒ ගමට ගියාම ඒ හිටපු ගෙදර පෙන්වන්න පුළුවන්. යැයිද දරුවා නිතර කියන්නට විය.  


පුත්‍රයාගේ මෙම ප්‍රකාශ හෙළි කිරීමට පියා එතරම් කැමැත්තක් නොදැක්වීය. එහෙත් දරුවා හෙළිකරන තොරතුරු සඟවා තබා ගැනීම ඔවුන්ට දුෂ්කර කරුණක් විය.  


නිවසට පැමිණෙන පිටස්තර පුද්ගලයින් සහ නැදෑයින්ටද මෙම දරුවා ඔහුගේ පෙරභව තොරතුරු පවසන්නට විය. පෙර භවයේදී ඔහු විවාහකයකු බවත් පැහැදිලිව ඔහු අනාවරණය කළේය. පෙර භවයේ නමද හෙළි කිරීමට එද‌ා එම දරුවාට හැකියාව ලැබිණි. වයස අවුරුදු තුනහමාරක් වූ දරුවෙකුට කිසිවිටෙකත් අවබෝධයක් නොමැති වෙනත් ගම් ප්‍රදේශයක තොරතුරු නිවැරදිව හෙළි කිරීම නිසා පුත්‍රයා අනාවරණය කරන පෙර භවය සොයා බැලීමට දෙමාපියෝ එකඟ වූහ.  


ඒ අනුව පුනර්භව පර්යේෂකයන් කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළහ.  


මෙම දරුවා යළි පණ ලබා කළ ප්‍රකාශ ලැයිස්තුවක්ද පිළියෙළ කරනු ලැබීය. පර්යේෂණ වාර්තාවල සඳහන් වූ පරිදි එම කරුණු මෙසේය.  


පෙර භවයේ නම හෙළි කිරීම  
ඔහු පදිංචි ප්‍රදේශයේ නොමැති පරිසරය හෙළි කිරීම  
නිවස ඉදිරිපිට තිබූ ගස්වර්ග අනාවරණය කිරීම  
බිරියගේ නම හෙළි කිරීම   
බිරියගේ නම් ප්‍රදේශය පැවසීම  
ඔහු ගමන්ගත් කරත්තයක් ගැන හෙළි කිරීම  
කරත්තයේ බැඳි ගවයාගේ වර්ණය හෙළි කිරීම  
මංගල උත්සවයකට ගිය බැව් ප්‍රකාශ කිරීම  
එහිදී ගත් ආහාර වර්ගයක් විස වූ බැව් හෙළි කිරීම  
කරත්තයෙන් වැටුණ බව හෙළිකිරීම  
පදිංචිව සිටි ප්‍රදේශය අනාවරණය කිරීම  
විවාහ මංගල උත්සවයට ගොස් ආපසු එනවිට මරණය සිදුවූ බැව් හෙළි කිරීම  


මෙවැනි කරුණු රැසක් අනාවරණය කිරීම නිසා මෙම දරුවා හෙළි කළ ගම් ප්‍රදේශයට ඔහු රැගෙන යෑමට දෙමාපියෝ උනන්දුවිය. එහිදී සිදුවූ හඳුනා ගැනීම් රැසක්ද මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි බවට පත්වී තිබිණි. ඔහු විසින් නිවරැදිව හඳුනාගත් ඥතීන් පිරිසක්ද සිටියහ. ප්‍රථම වරට දුටු සැණින් ඔහු පදිංචිව සිටි ගම් ප්‍රදේශය වූ වේගේදි ප්‍රදේශය නිවැරදිව පෙන්වා දීමටද හැකිවීම විශේෂත්වයක් විය. අනතුරුව පෙරභව නිවසට ගිය දරුවා ඔහුගේ බිරිය ඇතුළු ඥාතීන් කීප දෙනෙක්ම හඳුනාගනු ලැබූවේ අතිශය පුදුම අයුරිනි.  


එම දරුවා ප්‍රකාශ කළ පෙරභව පුද්ගලයා මරණයට පත්ව තිබුණේ මංගල උත්සවයකට සහභාගි වී ආපසු එන අතරතුරදීය. ඒ වන විට තරුණ වියේ පසු වූ ඔහු ‘සොබාරම්’ නම් විවාහක පුද්ගලයෙක් විය. මෙම පර්යේෂණයේදී සනාථ වූ කරුණු අනුව පෙරභව තැනැත්තා ගේ මරණය සිදුවී ඇත්තේ 1954 මැයි මාසයේදී බැව් අනාවරණය වී ඇති අතර පැපොල රෝගය වැළඳීම නිසා පෙර භවය හෙළි කළ දරුවා අසාධ්‍ය තත්ත්වයේ සිට ඇත්තේ අප්‍රේල් සහ මැයි මාසය අතර බැව්ද තහවුරු වී ඇත.  


මංගල උත්සවයේදී ගත් ආහාරයක් විස වූ බව එම දරුවා මගින් ප්‍රකාශ විය. අනතුරුව ඔහු ගමන් ගත් කරත්තයෙන් වැටුණ බැව්ද හෙළි කළේය.  


එම කරුණු සනාථ කරමින් පෙරභවයේ පුද්ගලයාගේ මරණය සිදුවී ඇත්තේ කරත්තයෙන් වැටීම නිසා බැව් තහවුරු විය. ඔහු සතුව තිබූ කරත්තය මංගල උත්සව සඳහා යොදා ගනු ලබන කරත්තයක් විය. එදා ඔහුගේ මරණ සිදුවූ දිනයේදී ඔහු ගමන් කර තිබුණේ එම කරත්තයෙනි.  


මියගිය බැව් තහවුරු වීමෙන් පසුව සිරුර භූමද‌ානයට සූද‌ානම් කරන අතරතුර යළි ප්‍රාණය ලබා පෙරභවයක් හෙළි කළ ජස්බීර් පුනර්භව සාධක අතර ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය.  


ජස්බීර්ගේ මෙම අතිශය පුදුම සිදුවීම විමර්ශනය කිරීමේදී ඔහු හෙළි කළ පෙර භව පුද්ගලයාගේ මරණය සිදු වීමට ආහාර විස වීමක් පිළිබඳව ද අනාවරණය වී තිබේ.

 
කරත්තයෙන් වැටීමට පෙර ආහාර විසවීමක් සිදු වූ බැව් එම දරුවාගේ ප්‍රකාශයෙන් කියවෙයි. කර්ත්තයෙන් වැටීම සිදුවූ අවස්ථාවේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ.  


අතිශය පුදුම අයුරින් සනාථ වූ මෙම පුනර්භව සාධකය මහාචාර්ය ස්ටීවන්සන් විසින්ද සියුම් පර්යේෂනයකට ලක් කළේය. අනතුරුව ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථයකටද ඇතුළත් කරනු ලැබීය. පෙර භවයේ තැනැත්තා මංගල උත්සවයකට සහභාගි වී එන අතරතුර කරත්තයෙන් වැටීම පිළිබඳව එම වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.   


''JASBIR BEGAN TO COMMUNICATE FURTHER DETAILS OF HIS LIFE AND DEATH IN THE VILLAGE OF VEHEDI HE PARTICULARLY DESCRIBED HOW DURING A WEDDING PROCESSION FROM ONE VILLAGE TO ANOTHER HE HAD EATEN SOME POISONED SWEETS''  


විස ආහාර ගැනීමක් සිදුවීමෙන් පසු ඔහුට සිදුවූ අනතුර පිළිබඳව ද එම වාර්තාවට ඇතුළත් කර ඇත්තේ.   


''FALLEN OFF THE CHARIOT ON WHICH HE WAS RIDING, SUFFERED A HEAD INJURY, AND DIED SOME HOURS LATER” කරත්තයෙන් වැටීමෙන් පසු මරණය සිදුවී ඇතිබැව් සනාථ කැරිණි.  
මළ සිරුරකට පණ ලැබීමෙන් පසු පෙර භවය හෙළි කිරීමක් සිදුවූ කතා පුවතක් ලෙස පුනර්භව පර්යේෂණ අතරට එක්වූ ප්‍රථම කතා පුවතද මෙය විය. මෙම පුනර්භව කතා පුවත අනුව පෙරභවයේ තැනැත්තා මරණයට පත්වන විට පෙර භවය හෙළි කළ දරුවා වයස අවුරුදු තුනහමාරක් වී සිටීම අතිශය පුදුම උපදවන සුලුවිය.  

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

මළ සිරුරට පණ ලබා පෙර භවය සෙවූ දරුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31363 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13584 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1000 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site