IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහ කැලේ මැද පියාඹන කටුස්සා

 

අප දන්නා පරිදි ජීවය පවතින එකම ග්‍රහයා පෘථිවියයි. පෘථිවියේ මහා වනාන්තර ඇත්තේ සියයට හයකටත් වඩා අඩු ප්‍රමාණයකි. ගොඩබිම ජීවීන්ගෙන් සහ ගහකොළවලින් හරි අඩකට පමණ නිවහන මේ වනාන්තරය. වසර මිලියන ගණනක් තිස්සේ දිනපතා​ මේ වනාන්තරවලට ආලෝකය, ජලය සහ පෝෂණය සමව හිමිවෙයි. රූස්ස ගස් මුදුන් තම තමන්ගේ නිවහන කරගත් පක්ෂීන්, ක්ෂීරපායීන්, කෘමීන් සහ උරගයන් බොහෝ දෙනෙකි. 


පුංචි මකරා 


ඔබ පුංචි උරගයකු නම්, ඔබ ඔබට ගැළපෙන රූස්ස ගසක් තෝරා ගත්තොත් එය ඔබේ ජීවිත කාලයටම ප්‍රමාණවත්ය. ජීවිත කාලය පුරාවට එම ගස ඔබේ නිවස වනු ඇත. තම නිවහන කර ගැනීමට ගසක් සොයන ඩ්‍රේකෝ කටුස්සෙකි. ඩ්‍රේකෝගේ යනු මකරා යන අර්ථයයි. කළු තිත් සහිත තද දුඹුරු අළු සහ සුදු පැහැති සිරුරක් හිමි ඩ්‍රේකෝගේ ප්‍රමාණය පැන්සලක් තරම්ය. ඩ්‍රේකෝගේ ප්‍රියතම ආහාරය කුහුඹුවන්ය. මේ කටුස්සා ‘ඩ්‍රේකෝ’ යන නමින් හැඳින්වෙන්නේ සුවිශේෂී හේතුවක් නිසාය. සුවිශේෂී හැකියාවක් නිසාය. 


රූස්ස ගසක් 


කුහුඹුවන් බහුලව ගැවසෙන රූස්ස ගසක් කෙරෙහි ඩ්‍රේකෝගේ අවධානය යොමු වෙයි. මේ එක් ගසක් ඔහුට ජීවත් වීමට ප්‍රමාණවත්ය. ආහාරය සඳහා කුහුඹුවන් බහුලය. ආරක්ෂාව පමණක් නොව හොඳින් හිරු එළිය ද මේ ගසට ලැබෙන නිසා උණුසුම අතින් ද අඩුවක් නැත. මේ ගස නිවහන කර ගැනීමට හැකි නම් කොතරම් අපූරුද? ඒත් ඊට බාධාවකි. මේ ගසට දැනටමත් හිමිකරුවෙකු සිටී. ඒ, ගසේ එක් අත්තක ඈතින් බලා සිටින තවත් ඩ්‍රේකෝ කටුස්සෙකි. මේ කටුස්සා ප්‍රමාණයෙන් විශාල පිරිමි සතෙකි. ගසේ හිමිකරු ඔහුය. අැතැම් මනුෂ්‍යයන් සේම ඩ්‍රේකෝ කටුස්සෝ ද බෙදා හදාගෙන ජීවත් වෙන්න කැමැත්තක් නොදක්වති. 


අනතුරු 


ඩ්‍රේකෝ කටුස්සන්ගේ තල්ල කහ පැහැතිය. දීප්තිමත් කහ පැහැති තල්ල කොඩියක් සේ කෙළින් කළ හැකිය. එය ඩ්‍රේකෝගේ අනතුරු අැඟවීමේ සංඥාවය. ප්‍රමාණයෙන් විශාල පිරිමි සතා කුඩා පිරිමි ඩ්‍රේකෝ කටුස්සාට අනතුරු අඟවයි. අනවසරයෙන් තමාගේ ගසට ගොඩ වූ කුඩා පිරිමි සතාට කිසිදු සමාවක් නොලැබෙන බව දන්වයි. ලොකු පිරිමි සතා අනතුරු අඟවා බලා සිටින්නේ ද නැත. ඔහු සටනට සැරැසෙයි. 


සටන් කරනවාද ? පනිනවාද ? 


ලොකු පිරිමි සතා කුඩා පිරිමි සතා වෙත කඩා පනී. ලොකු පිරිමි සතා සමඟ සටන් කළොත් දිනන්න ලැබෙන්නේ නැති බව කුඩා සතාට වැටහෙයි. ලොකු සතාගෙන් බේරී කුඩා සතා ගස දිගේ ඉහළට දිව යයි. ලොකු කටුස්සා පහළ සිට පසුපසින් පන්නයි. ගස මුදුනේ අත්තක් කෙළවරට කුඩා ඩ්‍රේකෝ ළඟා වෙයි. දැන් මොකද කරන්නේ? පලා යෑමට තැනක් නැත. කටුස්සා සිටින්නේ අඩි ගණනාවක් උසිනි. ඩ්‍රේකෝ කුඩා කටුස්සාට දැන් ඇත්තේ විකල්ප දෙකකි. එක්කෝ ආපසු හැරී ලොකු කටුස්සා සමඟ සටන් කළ යුතුය. නැතිනම් ගස මුදුනේ සිට පහළට පැනීම කළ යුතුය. 


පියසැරිය 


කුඩා ඩ්‍රේකෝ ගස මුදුනේ ඉහළ සිට පනී. ඩ්‍රේකෝ යනු නිකම්ම නිකම් කටුස්සකු නොවෙයි. සාමාන්‍ය උරගයකු ද නොවෙයි. ඩ්‍රේකෝට අහසේ පියාසර කළ හැකිය. අහසේ පාවෙමින් යෑමට ඉතා සියුම් තුනී සමක් ඉදිරිපස ගාත්‍රා අතරින් උරයට සම්බන්ධ වී ඇත. ඒ අනුව හම්බාවකු හා සමාන අයුරින් පහසුවෙන් අහසේ පා වී යන්න හැකිවෙයි. කුඩා ඩ්‍රේකෝ පහළට පනී. සුරංගනා කතාවල පියාඹන මකරුන් සිහිපත් කරමින්, පියාපත් විදහාලූ ඩ්‍රේකෝ අහසේ පාවී ගොස් තවත් ගසක කඳක් මත පතිත වෙයි. මකරා යන නම ඩ්‍රේකෝට පටබැඳී ඇත්තේ එහෙයිනි. මේ අයුරින් මකරුන් මෙන්, අහසේ පාවී යන මේ උරගයන් දකින්න ලැබෙන්නේ මෙවැනි මහ වනාන්තරයේ පමණි එය සැබැවින්ම විස්මිත දසුනකි. ඩ්‍රේකෝ කටුස්සකුට මෙසේ පා වෙමින් අඩි 100 ක් පමණ දුර එක පිම්මට යා හැකිය.  

 

පියඹා යයි

 

 


ලුසිත ජයමාන්න 
ප්ලැනට් අර්ත් ඇසුරිණි



අදහස් (0)

මහ කැලේ මැද පියාඹන කටුස්සා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site