අතීතයේ ඊජිප්තුව හැඳින්වූයේ මිසරය යන නමිනි. ඊජිප්තුවේ ඩැන්ඬේරා නමැති භූගත දෙවොලෙන් හමුවුණු රූපාක්ෂර හා සිතුවම් සැබැවින්ම විස්මිතය. පුරාණයේ මේ භූ ගත දෙවොලට ඇතුළු වෙන්න අවසරය ලැබී ඇත්තේ මිසරයේ ප්‍රධාන පූජකවරුන්ට පමණි. එය රහස්වලින් පිරි ගුප්ත තැනක් හැටියට සලකනු ලැබුණි. අදත් එය එසේම ය. මේ අද්භූත දෙවොල තුළ උණුසුම වැඩිය. ඇතුළත ඇත්තේ පටු මාර්ගය. සිවිලිම ද හුඟක් පහත්ය. දෙවොලේ බිත්තිවල කොටා ඇති සිතුවම් අතර හරි අපූරු දෙයක් දකින්න ලැබේ. බැලූ බැල්මට එය විදුලි බුබුළකි.
මිසර වැසියන් භූගත සොහොන් ගැබ්, සොහොන් ගෙවල් හා දෙවොල තුළ අඳුරේ මේ රූපාක්ෂර කැටයම් කළේ කෙසේදැයි යන්න ගැටලුවකි. පුරාවිද්‍යාඥයන් පවසන ආකාරයට, ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් නොපෙනෙන අඳුරේ, ආලෝකය දෙන්න පන්දම් භාවිත කළා නම්, සිවිලිම්වල පන්දම්වලින් නිකුත් වුණු දැලි බැඳී තිබිය යුතුය. එපමණක් නොව, පන්දමක් දල්වන්න ප්‍රමාණවත් තරමට ඔක්සිජන් මේ සොහොන් ගැබ තුළ නැත.
කෙසේ නමුත් එවැනි දැලි බැඳීමක් දකින්න නොලැබේ. එහෙයින්, සොහොන් ගැබට ආලෝකය ලබාදීම සිදුවුණේ කෙසේදැයි යන්න අබිරහසකි. ඔප දැමූ තඹ තැටි යොදා ගනිමින්, පිටත හිරු එළිය පරාවර්තනය කර ගනිමින් භූගත කුටිවලට ලැබෙන්න සලස්වා ගත්තා යැයි කියා ද අදහසක් පවතී. බොහෝ පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීම වී ඇත්තේ මෙයයි. ඒත් ඩැන්ඬේරා සොහොන් ගැබ ගැඹුරින් වැඩිය. ඊට ඒ විදියට තඹ තැටි භාවිත කරමින් ආලෝකය ලබාදීමක් කළ නොහැකිය. ඔප දැමූ තඹ තැටි මගින් පරාවර්තනය කරන ආලෝකය අතරමගදී හීනවී යයි.
ඒ අනුව, ආලෝකය ලබා ගැනීමට, කෘත්‍රිමව ආලෝකය නිපදවා ගත්තා යන අදහස ඉස්මතු වෙයි. සොහොන් ගැබ තුළ බිත්තියේ කැටයම් කර ඇති විදුලි බල්බයක් වැනි වස්තුව විදුලි බල්බයක්ම යැයි ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ එහෙයිනි.
සමහර පුරාවිද්‍යාඥයන් පවසන්නේ, එය විදුලි බල්බයක් නොව, නෙළුම් මලක් කියාය. තවත් පුදුමයට හේතුවන කරුණක් නම්, මේ විදුලි බල්බය හෝ නෙළුම් මල හෝ දකින්න ලැබෙන්නේ ඩැන්ඬේරා දෙවොලේ පමණි. මිසරයේ විවිධ ස්ථාන විවිධ දේවල් සඳහා වෙන් කර තිබුණු බව පුරාවිදාඥයෝ කියති. ආලෝකය ලබා දුන් කිසියම් ප්‍රභවයක් පිළිබඳ තෙරතුරු තැන්පත් කර තිබුණා යැයි පැවසෙන්නේ මේ ඩැන්ඬේරාවේය. ඒ දැනුම සුරක්ෂිතව ආරක්ෂා කළේ ප්‍රධාන පූජකවරුන් විසින් යැයි ද පැවැසෙයි. එහෙයින්, ඩැන්ඬේරා සුවිශේෂී ස්ථානයක් සේ සැලකිය හැකිය.
මිසර වැසියන් විදුලි බල්බ යොදා ගෙන, මේ අඳුරු පැසේජයන් ආලෝකමත් කළා නම්, ඒ බල්බවලට විදුලි බලය ලැබුණේ කෙසේද? විදුලි බලය සහ විදුලි බල්බ සොයා ගැනුනේ අවුරුදු ගණනාවකට පසුවයි. මිසර වැසියන්ට විදුලි බල්බයක් ලැබුණේ කොහොමද? ඔවුන් ඒ විදුලි බලබය බල ගැන්නුවේ කොහොමද යන්න අබිරහසකි. අතීතයේ දියුණු පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණ පුරාණ මිනිසාට දියුණු වෙන්න උපකාර කළා යන අදහස පිළිගන්නා විද්‍යාඥයන් පවසන්නේ මෙය සැබැවින්ම විදුලි බල්බයක් බවත්, එය මිසර වැසියන්ට ලබා දුන්නේ පිටසක්වළයන් බවත්ය. මිසර වැසියන් දෙවිවරුන් ලෙස වන්දනාමාන කළේ අහසින් වැඩම කළ ඒ පිටසක්වළයින් යැයි ද පැවැසෙයි.
මේ විදුලි බල්බයට බලය ලැබුණේ ‘බැග්ඩෑඞ් බැටරිය’ යනුවෙන් විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන වස්තුවෙනි. පුරාවිද්‍යාඥයන්ට බැග්ඩෑඞ් බැටරිය සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවරිනි. අතීතයේ දී භාවිතා කළැයි පැවැසෙන මෙවැනි බැටරි දුසිම් ගණනක් හමුවී තිබේ.
බැග්ඩෑඞ් බැටරිය යනු ක්‍රිස්තු පූර්ව ශත වර්ෂ කීපයකට කලින් පාතියන් හෙවත් සැසනිඞ් යුගයේ දී මිසපොටේමියවේ කළ නිර්මාණයකි. එහෙයින් මෙය පාතියන් බැටරිය යන නමින් ද හැඳින්වෙයි. මෙය සොයා ගනු ලැබුවේ 1936 වසරේදී ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අසල කුයුට් රැබූ නම් ගම්මානයෙනි. 1938 දී ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂව සිටි ජර්මන් ජාතික විල්හෙල්ම් කොනින් මෙය ලෝකයේ අවධානයට යොමු කිරීමට කටයුතු කළේය.
1940 වසරේ දී ඔහු පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කළේය. එහි සඳහන් වන අන්දමට, මේවා ගැල්වනික කෝෂ සහිත බැටරි විශේෂයකි. ඇතැම්විට මේවා යොදා ගන්න ඇත්තේ රිදියෙන් තැනූ ආභරණ ඔප දැමීමට විය හැකි යැයි ද අනුමාන කෙරේ. එය එසේ නම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා 1800 දශකයේ විදුලි කෝෂ බැටරිය තනන්න අවුරුදු මිලියනයකටත් වැඩි කාලයකට පෙර, මේ බැටරි නිර්මාණය කර තිබේ.
මේ ඉපැරණි විදුලි කෝෂයට යොදා ගෙන ඇත්තේ, සෙ.මී. 13 ක් උස ‘ටෙරාකොටා’ මැටි බඳුන්ය. එහි මුදුනේ සෙ.මී. 4ක විතර කටක් ඇත. තනි යකඩ කූරක් හා තඹ තහඩුවක් රොල් කර තැනු සිලින්ඩරයක් ඒ තුළට රිංගවයි. මුදුනේ තඹ තහඩුව හා යකඩ කූර වෙන් කර තැබීමට කෙවනියක් යොදා ඇත. ඒවා මැටි බඳුනට හොඳින් හිර වන සේ සවි කර තිබේ. මැටි බඳුන් බඳෙන් පිටතට පිම්බී යන විදියට නිපදවා ඇත. විදුලි කෝෂයක් බවට පත්වීමට මේ බඳුන තුළට සිට්රික් අම්ලය වැනි රසායනික ද්‍රාවනයක් යොදන්න ඇතැයි විද්‍යාඥයෝ සැක කරති. ඒ සඳහා දෙහි යුෂ, මිදි යුෂ හෝ විනාකිරි භාවිත කරන්න ඇතැයි ද පැවැසෙයි. ඔවුන් විදුලි බලය නිපදවා ගත්තේ මේ විදියටය. වසර 3000 කට පෙර අතීතයේ, ඉපැරණි මිනිසා විදුලිය නිපදවා ගත්තාද? විදුලි බල්බ භාවිතා කළාද? ඔවුන්ට දැනුම ලැබුණේ පිටසක්වළ අමුත්තන්ගෙන්ද? මේ ප්‍රශ්න සැමදා අබිරහසකි.
ලුසිත ජයමාන්න
‘ඒන්ෂන්ට් ඒලියන්ස්’ඇසුරිනි
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මිසර වැසියන්ගේ විදුලි බල්බයේ අබ්රහස