IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


මියගිය සුරූපිනිය යළි ගෙදර ඇවිත්

පෙනෙන නොපෙනෙන ලෝකය

 

​අත්භූත කතා කෙතරම් බියජනකද යන්න තහවුරු වන්නේ ඒවා අසන අය මෙන්ම ඒ ගැන වචනයකුදු කතා කිරීමට අකමැති අයද සිටින බැවිනි. නමුත් ඒවා කෙතරම් දුරට සත්‍යද අසත්‍යද යන්න තර්ක විතර්ක කිරීමට නොයන්නේ සමහර සිදුවීම් ගවේෂණයේදී සත්‍ය බවට සාක්ෂි සහිතව ඔප්පු කර ඇති නිසා වෙන්නට පුළුවන. එම නිසා අත්භූත ලෝකය පිළිබඳව මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීමට ජනයා පෙළඹී සිටිති. කෙසේ නමුත් අසත්‍ය සිදුවීම් බොහෝ දුරට වැඩිය. මෙම කතා පුවතද මෙයට වසර පහකට පමණ පෙරදි සත්‍ය ලෙසම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ඇසුරින් සැකයට භාජනය වූ සිද්ධියකි.   


ඇය ඉතාම සුන්දර වූත් විසි එක් වියේ පසුවූ හුරුබුහුටි තරුණියක්. පවුලේ සාමාජිකයින් වශයෙන් මවුපියන් දෙදෙනා ඇතුළු සහෝදරයා සමග සාමාජිකයින් හතර දෙනෙකි. වැඩිදුර අධ්‍යාපනයක් නොලද ඇය තම මවුපියන්ගේ ආර්ථික දුෂ්කරතා බැහැර කිරීම සඳහා රැකියාවක් කිරීමට අදහස් කළත් සුදුසු රැකියාවකට ඇයගේ අධ්‍යාපනය හරස් විය. නමුත් කෙසේ හෝ නි​ෙවසට ආසන්න ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවිකාවක් හැටියට රැකියාවක් ලැබිණි.   
ලද දෙයින් සෑහීමකට පත්වූ ඇය නිවසේ සිට දිනපතා රැකියාවට ගියේ කර්මාන්ත ශාලාවෙන්ම සේවිකාවන් ප්‍රවාහනය කරන බස්රථයෙනි. මාසෙකට දෙවරක් සේවා මාරු ක්‍රමයට තම රාජකාරිය ඉටු කළ අතර එම සේවා වාර දෙකට අයත් වූයේ රාත්‍රී දින පහළොවක් සහ දහවල් දින පහළොවක් වශයෙනි. සෑම දිනකම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මගී බස් රථය වේලාවට පැමිණෙන අතර සේවා වාරය අවසන් වී රාත්‍රී කාලයේදී තම නි​ෙවස ළඟින්ම බැස්සවීම සිරිත විය. ඇයට පමණක් නොව ඇයගේ සමීපතම අනෙකුත් සේවක සේවිකාවන්ටද එම සේවාව ඒ අයුරින්ම සිදුවිය.   


පළමු දින පහළොවක් උදෑසන සේවය ආරම්භ වී අවසන් වන්නේ සවස හතරටයි. ඇය නි​ෙවස කරා පැමිණෙන විට සවස හතරයි තිහ පසුවේ. තම දියණිය ඇඟලුම් කර්මාන්ත ප්‍රවාහන බස්රථයෙන්ම පැමිණෙන නිසා නිවැසියන්ට එය අස්වැසිල්ලක් වන්නට ඇති.   


මෙසේ ඇය සේවයට ගොස් මාස තුනක් පමණ ගතවිය. තමන්ගේ ආර්ථිකයත් මවුපියන්ගේද ආර්ථික අගහිඟකම්ද පියවීමට ඇයට හැකිවීම ගැන සතුටුවන්නට ඇත.   
දිනක් තමන්ගේ සේවා වාරය අවසන් වී ඇඟලුම් කර්මාන්ත ප්‍රවාහන බස් රථයෙන් නි​ෙවස බලා පැමිණ ඇයට බස් රථයෙන් බසින්නට නතර කළේය. බස් රථයේ පිටුපස දොරින් බැස පිටුපසින්ම තමන්ගේ නි​ෙවසට යාම සඳහා දකුණු පසට මාරුවීමට පියමන් කරනවාත් සමගම තමන්ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කළුගල් පටවාගෙන එන ලද විශාල ට්‍රක්රථයක් ඇයව යටකර ජීවිතක්ෂයට පත් කරන ලදී. ඇයගේ ජීවිතය තත්පර කීපයකින් විනාශ විය. එය සිදුවූයේ නි​ෙවසට ගොඩවන්නට තත්පර කිහිපයක් තිබියදීය.   
ඇයගේ හුස්ම පොද වාතලයට මුසුවී ඇතත් අසල්වාසීන් විසින් ඇයව ප්‍රදේශයේ රෝහල වෙත ගෙන යාමට යුහුසුළු විය. කෙසේ වෙතත් එය ප්‍රාදේශීය රෝහලක් බැවින් ඒ අවස්ථාවේදීම ඇයව අගනුවර ජාතික රෝහල වෙත යැවීමට ප්‍රාදේශීය රෝහල් කණ්‍ඩායම පියවර ගත්තේය. ඒ කෙසේ වෙතත් තරුණ ජීවිතය අවසන් වී ඇති බැවින් ඇයගේ මෘත ශරීරය ඊට පසුවදාම නි​ෙවසට ගෙනවිත් ආදාහන කටයුතු සිදුකරන තෙක් අවසන් ගෞරවය සඳහා තබන ලදී.   


එදින ඝන අන්ධකාරය වෙනදට වඩා දසත පැතිර ගොස් පැය දෙකකටත් වැඩිය. නමුත් ඒ අඳුර මකන්නට එදින ශනිදා දිනයේ පෑලවිය පුරසඳ තරමක් පමාවී නැගෙනහිර ක්ෂිතිජයෙන් පායා එන්නට ලකලෑස්ති වෙමින් වළාකුළු අතරේ සැඟවී ඇත. ගතෙහි හිරිගඩු නැවත සීතල සුළඟ වරින් වර ආනතිය වෙනස් කරමින් හමන්නට විය. පලවැල සොයා යන වවුලන්ගේ මූසල නාදය ඔවුන්ටම ආවේණික වූ හඬින් දසත නිහැඬියාව බිඳ දමති.   


නගරයට කිලෝමීටර් එක හමාරක් මෙපිටට වන්නට අතිවිශාල තුංමංසල විදි පහන් වලින් ඒකාලෝක වී එහා මෙහා ගමන් කරන රථ වාහන අපූරුවට ඉතා පැහැදිලිව නෙතට දිස්වෙයි. නවීන වාහන අතරේ ඉතා ගොරහැඩි හඬ නංවමින් පැරණි වාහනද ඉඳහිට එහා මෙහා ගමන් කිරීම දෙසවනට ඉමහත් වදයකි. මංසන්ධියේ වෙළෙඳසැල් කෙමෙන් කෙමෙන් වැසී යන අයුරුත් ඉතා යුහුසුලුව ඔවුන් නිවෙස් කරා ගමන් කරන අයුරුත් පෙනේ. නගරයට කිට්ටුව ගම්බද සිරිය තවමත් එලෙසම පවතින නිසා එය සිතට ප්‍රීතියක් ගෙන දෙයි. වේලාසනින් කාබී රාත්‍රී හත පමණ වන විට නින්දට වැටීම ගැමියන්ගේ සාමාන්‍ය සිරිතය. සමහරු ගෙයි මැද සාලයේ රූප පෙට්ටියට වහවැටී ඇති නිසා බැහැර සිදුවන කියුම් කෙරුම් කිසිවක් නොදනී. ඒවා දැන කියා ගන්නේ පසුවදා පහන් වූවාට පසුවය.   


මං සන්ධියේ නවතා ඇති කුලී ත්‍රිරෝද රථ වලින් දෙකක්ම රෑබෝවී ඇති නිසා ඔවුන්ගේ නවාතැන්පළවල් වෙත ගොස් හමාරය. කුලී ත්‍රිරෝද රථයකට ඉතිරිවී ඇත්තේ එකක් පමණි. රාත්‍රියේ අන්තිම බසය එන වේලාවට මාර්ගයේ රැඳෙන කිසිවෙක් නොමැත. අගනගරයේ සිට පැමිණෙන අවසන් බසය පැමිණීමට තවත් ඉතිරිව ඇත්තේ විනාඩි කිහිපයක් පමණි. කුලී ත්‍රිරෝද රථ තම නි​ෙවස කරා යන්නේ අවසන් බස් රථයෙන් පැමිණෙන මගීන්ටද සේවය සලසා දීමෙන් පසුවය. මුදලට වඩා එම වේලාවට බසයෙන් එන මගීන්ටද ගමන් කිරීමට ප්‍රවාහන පහසුකමක් නොපවතින හෙයින් ඔවුන්ගේ ගමනාන්තය දක්වා සේවය සැලසීම දේව කාරියකටත් එහායින් ගිය උතුම් කාර්යයක් බව ඔවුන් සිතන නිසා වන්නට ඇති.   
හරියටම රාත්‍රී දහය පසුවී මිනිත්තු ගණකක් ගෙවී ගොස් ඇත. ලංගම බස් රථය නිහැඬියාව බිඳිමින් තිරිංග තදකළ අතර රථය නවතියි. මගීන් තුන් දෙනෙක් බස් රථයෙන් බැස ගත්හ. එම මගීන් තිදෙනා පුරුෂ පක්ෂයේ දෙදෙනක්ද ස්ත්‍රී පක්ෂයේ එක් අයෙක්ද විය. පිරිම මගීන් දෙදෙනා රැගෙන යාම සඳහා යතුරුපැදි දෙකක් සමග ඔවුන්ගේ ඥාතීන් වන අය පැමිණ සිටියහ. රෑ බෝවී ඇති නිසා එම මගීන් දෙදෙනා රැගෙන එම යතුරුපැදි දෙක නොපෙනී ගියහ. දැන් ඉතිරිව ඇත්තේ අනෙක් මගී කාන්තාව සහ ත්‍රිරෝද රථ රියැදුරා පමණි. ඇය මාර්ගයේ එහා පැත්තේ සිට ඇවිත් ඔහුගේ ත්‍රිරෝද රථයට ගොඩවිය.   


පෙරදිනවලදීද ඇයව කීප වතාවක් තමාගේ රථයෙන් නි​ෙවසට යාම සඳහා සේවය සැලසූ බව ඔහුට මතකය. එම නිසා ගමනාන්තය විමසීමට අවශ්‍ය නොවූයෙන් රථය පනගන්වා ගමන ආරම්භ කිරීමෙන් පසු නි​ෙවසට යන තුරු ඇයත් වරින් වර ඉකිබිඳින ශබ්දය ඇසුණත් ඒ ගැන විමසීමට තරම් ඔහුට ඒ අවස්ථාවේ ආත්ම ශක්තියක් නොතිබෙන්නට ඇති. ගමනාන්තය කරා ළඟා විය. ඇයගේ නි​ෙවස අසල විදුලි බුබුළු ඒකාලෝකවී ඇත. මදක් විමසිලිමත් වූ ඔහුට දැකගත හැකිවූයේ මාර්ගයේ ඉහළ සුදු පැහැති පාලම් ධජ සහ පාර දෙපස සුදු කොඩිද දමා ඇති අයුරුය.   


විශාල ජනකායක් සිටි නිසා නි​ෙවසට මදක් දුරින් රථය නවත්වා ඇයට බසින්නට ඉඩ සැලැස්වීය. ඔහු ගමනේ කුලිය බලාපොරොත්තුවෙන් සිටියත් ඒ ගැන වචනයකුද කතා නොකර ඇය රථයෙන් බැස රථයට පිටුපා නි​ෙවස දෙසට ගමන් කළාය. එවිට ඔහු දැක ඇත්තේ තම ත්‍රිරෝද රථයෙන් බැසගත් තරුණිය මුහුණ වසාගත් සේලයකින් සැරසී දෙපතුල දක්වා සුදුවතින් යුතු ඇඟලුමක් ලා සිටි බවය. විදුලි ආලෝකය අතරින් නිවසේ වත්තට ඇතුළුවන ප්‍රධාන පිවිසුම අසලට ගිය පසු ඇය මීදුමක් සේ නොපෙනී අතුරුදන්වී ඇත. අනිච්චාවත සංඛාරා.......... තරුණ දියණියට නිවන් සැප ලැබේවායි ඇය අතුරුදන් වූ තැනට ඉහළින් එල්ලා තිබිණි.   
මේ ගැන සැකයක් පහළ වූ ඔහු වටපිට කතා කරමින් සිටින කීප දෙනෙක්ගෙන් විමසීමෙන් පසුව උපදාවාගත් සැකය මත නි​ෙවස තුළට ගොස් විපරම් කිරීමෙන් පසු දැනගන්නට ලැබී ඇත්තේ තම රථයෙන් පැමිණි ඇය දිනකට ඉහතදී තම නි​ෙවස අසලදීම රිය අනතුරකට භාජනය වී මිය ගිය තරුණිය බව ​මෙම සිද්ධිය සත්‍ය වසන් කර ලියූ කතාවක් නොවේ.   


මෙම පෙළගැස්මේ සත්‍යතාව කුමක්ද? පෙර දින මිය ගිය තරුණිය තමාගේ මෘත දේහය බැලීමට තම නි​ෙවසට පැමිණියේද? නැතහොත් ඇය තවම මවුකුසක් සොයමින් යන ගන්ධබ්බ ​අවස්ථාවේද? කෙසේ වෙතත් හදිසි මරණයක් නිසා නැවත ප්‍රතිසන්ධියක් ලබා නැතිද? එසේ නැතිනම් එදින ගමනේ යෙදුණේ ඇයගේ භූත ආත්මයද?

 

කුලියාපිටියේ 
එස්. ප්‍රබෝධ සමරක්කොඩි  



අදහස් (0)

මියගිය සුරූපිනිය යළි ගෙදර ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 54 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 33 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 117 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 130 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 105 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 65 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 353 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 817 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 306 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site