IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


මාත් එක්ක ජීවත්වෙන්න කියලා ලස්සන කෙල්ලො මට ලක්ෂ ගණන් ගෙදරට ඇවිත් දෙනවා

ජනප්‍රිය නළු සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රථම වරට විවෘතව ප්‍රේමය ගැන අදහස් දක්වයි.   


ඔහු ලාංකීය සිනමාවේ ජනප්‍රියම නළුවාය. පිට පිට 11 වතාවක් ජනතාවගේ ජනප්‍රියම නළුවා මෙන්ම තරුණ පරපුරේ ජනප්‍රිය නළුවා යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත්වීමෙන්ම ඔහු කොතරම් ජනතාව අතර ආකර්ෂණය දිනාගත් පුද්ගලයකු දැයි ඔබට සිතාගත හැකිය. සිය මාමාගේ අඩිපාරේ යමින්, ඔහු වීරයෙක් ලෙස සලකමින් සිනමාවේ මෙන්ම දේශපාලනයේද තමන්ගේ අණසක පැතිර වීමට සමත්විය. මේ නිසාවෙන්ම ඔහු නිතරම තිත්ත ඇත්ත කතා කිරීමට දෙපාරක් සිතන්නේ නැත. ඔහුගේ මේ කෙළින් කතා බහ සමහරුනට දරාගත නොහැකි තරම්ය. ඒත් සාමාන්‍ය ජනතාව ඔහුගේ මේ කතා බහ හැසිරීම ගැන දක්වන්නේ විශාල කැමැත්තකි.   

ඔහු නමින් රන්ජන් රාමානයකය. ජනප්‍රිය රංගධරයකු ලෙස සිනමාවේ අණසක පතුරවමින්, අදටත් ඉහළ ස්ථානයේ වැජඹෙන රන්ජන් වත්මන් පාර්ලිමේන්තුවේ සමාජ සවි බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යරවයා ලෙස කටයුතු කරමින් දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටී. තවමත් තනිකඩව සිටින මේ ජනප්‍රිය නළුවාට කාන්තාවන්ගේ ආකර්ෂණ්‍ ය නම් ඉහළය. වෙලාවකට ඔහු අන්ත:පුරයක රජු ලෙස සමහරු සලකති. රන්ජන් ප්‍රථම වරට ප්‍රේමය, විවාහය, ආදරය ගැන කෙළින් කතා බහකට එක්වුණේ අප කළ ආරාධනය ඉතා සතුටින් පිළිගනිමිනි. මාදිවෙල ඔහුගේ නිල නිවාසයේ සිට ඔහු තම අතීත ප්‍රේම කතා සහ තමන්ගේ තනිකඩ දිවිය ගැන පැවසුවේ ඉතාම සතුටු සිතිනි.

ඔබ ප්‍රේ‍ම කරන්න පටන් ගත්තේ කොයි කාලයේද?  ඔබේ ප්‍රථම ප්‍රේමය මතකද?   
අම්මාගේ, තාත්තාගේ ප්‍රේමය, ආදරය උපරිමයෙන්ම මට ලැබුණා. පවුලේ බඩපිස්සා හැටියට නෑදෑයන්ගේ ආදරයත් හොඳටම මට ලැබුණා. පරම්පරාවේම බාලයා මමයි. සියලු ප්‍රේමය මට හිමි වෙනවා වගේම දඬුවම් පැත්තෙන් ද මට ඉහළම තැන ලැබුණා. ලොකු ආදරයක් මට පවුලෙන් ලැබුණා. විරුද්ධ ලිංගිකයන් ගැන ආකර්ෂණයක් මට මුලින්ම ඇතිවුණේ පාසලේ 9-10 වසර වලදී. මට මතකයි අපේ අම්මාගේ යාළුවෙක් දියණියක් හිටියා. එයා දිහා මම බලන් ඉන්නවා. එයාත් මා දිහා බලනවා. ඒ කාලයේ කැසට් රෙකෝඩරයක් එයාලගේ ගෙදර තිබුණා. මේ මැයි ගහ යට වගේ ගීත තමයි එදා ප්‍රචාරය වුණේ.   


මම ඇයට හිතින් ලව්කළා. ඒක කියා ගන්න අමාරුයි. ඒක තමයි මගේ ප්‍රථම හද ගැස්ම ඇති වූ අවස්ථාව. පාසල් කාලයේදී කොල්ලෝ අතර තරගයක් තිබුණා කෙල්ලෝ යාළු කර ගන්න. ඒ කාලයේ සමාජයේ තිබුණු ආකල්පයක් තමයි වැඩි​ෙයන් කෙල්ලෝ ඉන්නකෙනා තමයි පොර කියලා. ඒක වැරැදි ආකල්පයක් තමයි. වැඩිපුර යුවතියන් පිරිසකගේ ප්‍රේමය දිනාගන්නා ශිෂ්‍යයා පොරක්. හොඳ පෙම්වතාට තැනක් නෑ. සත්‍ය ප්‍රේම භෘංග රාජයා විදිහටයි ඔහුට සැලකුවේ.

  
ඒක තමයි මේ සිස්ටම් එකෙන් අපට ආ පණිවිඩය.   

එ්ක වැරැදි දෙයක්. බූට් දෙනවා. බූට් කනවා.

    
එහෙම ඔයාට ආදරය කළ කෙනෙක් හිටියේම නැද්ද? ඔයාගේ හිත ගිය කෙනෙක් හිටියේවත් නැද්ද?   
ඒ කාලයේ චිත්‍ර කතා වලට අපි හරි කැමැතියි. දේදුණු, කැළුම් චරිත අපේ හිත් වල කිඳා බැහැලා තිබුණා. බලංගොඩ සරත්මධුගේ ‘ඉතිං ඊට පස්සේ’ අපි පිස්සු වැට්ටුවා. ජනක රත්නායකගේ “සුසීමා” චිත්‍ර කතාවේ සුමේධත් එහෙමයි. අපි ඒවාට අැඳගෙන. මම සුමේධට කැළුම්ට ඇඳලයි හිටියේ. ඒ වගේ කෙල්ලෙක්ට තමයි දැන් ට්‍රයි කරන්නේ. එහෙම ලව් තමයි තිබුණේ. පස්සේ කාලයේ “යුනිකෝ, ටෝගා” වැනි චිත්‍ර කතා නිසා වෙන පැත්තකට මාව යොමු වුණා. ඒ කාලයේ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත අපේ ප්‍රේමවලට රුකුලක් වුණා.   


ඔබට ප්‍රථම ප්‍රේමයක් ඇත්තමට තිබුණේම නැද්ද?   
මම හරිම අවාසනාවන්තයි. ලව් කරන්න ගිය එකක්වත් හරි ගියේ නෑ. මගේ හඳහනේ අවුලක් තිබෙන්න ඇති. මට ලොකුවට වැදුණු ප්‍රේමයක් තිබුණා. අපේ ඉස්කෝලෙට කරත්තෙන් එනවා දේදුණු වගේ කෙල්ලෙක්. හරිම ලස්සනයි. සුදුම සුදුයි. සීයා තමයි එක්ක එන්නේ. මම එයාගේ ගෙදරට යන ​ෙම් කරත්තේ පිටුපස්සෙන් පයින් යනවා. මේ කෙල්ල බලනවා. අහක බලනවා. එතකොට මම 10 වැනි ශ්‍රේණියේ. මම ඒ කෙල්ලට ලව් කියලා මුළු පන්තියම දැනගත්තා. පන්තියේ හිටියා දේවක කියලා යාළුවෙක්. මම සිහින ලෝකේ හිටියේ. ඒ සුන්දර ත්‍රිල් එක මතක් වෙන කොටත් සතුටුයි.   


දේවක කිව්වා. මම සෙට් කරලා දෙන්නම් කියලා මට ලියුමක් ලියන්න කිව්වා. ප්‍රථම ආදර ලියුම ලිව්වා. මම චිත්‍ර ශිල්පියෙක් හින්දා අත් අකුරු ලස්සනයි. එයා ඩිලන්ති දැන් මා හිතන්නේ වෛද්‍යවරියක්. මම අවුරුදු 35 කින් විතර දැකලා නෑ. මම ඉතිං පුදුම විදිහේ ආදර ලිපියක් ලිව්වා. මම එතකොට කැලුම්ට ඇඳලා හිටියේ. ලියුම දීලා දවස් 2 කින් දේවක මට කෙල්ලගෙන් ලියුමක් ගෙනත් දුන්නා. මට ඉතිං රටක් රාජ්‍යයක් ලැබුණා වගේ ඒ දවස තරම් සතුටුදායක දිනයක් තවම නැති තරම්. දෙවැනි ලියුමත් දුන්නා. අක්කාගේ කරාබු නැති වෙනවා. ලේන්සු නැති වෙනවා. අම්මාගේ සල්ලි නැති වෙනවා. මේවා සියල්ලම දේවකට ගිහින් දෙනවා. අර කෙල්ලට දෙන්න. ඌ දෙවියෙක් විදිහටයි මා සලකන්නේ.   


මේ කෙල්ලව මැරි කරලා, හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න මම හිතින් සියලු දේ හදලත් ඉවරයි. හරිම සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ හිටියේ. මාස 6 ක් විතර ගියා. කොල්ලො පස්සේ කිව්වා, උඹ ලණුවක් කාලා කියලා. දේවක තමයි උඹට කෙල්ල විදිහට ලියුම් ලියන්නේ කියලා කිව්වා. මට පුදුම හිතුණා යාළුවෝ මට දුන්න ලියුමක් අරගෙන උගේ අත් අකුරු එක්ක බැලුවා. දෙකම සමානයි. මට ඒ කඩා වැටීම කියා නිම කරන්න බැරි තරම්. අපේ තාත්තා සී.ජී.ආර්. එකේ​ ​ෆෝමන් කෙනෙක්. තාත්තා පිහියක් ගෙනත් තිබුණා. මම දැන් ප්‍රේ‍මය කඩා වැටුණු හින්දා මෘගයෙක් වුණා. මම උගේ බෙල්ලට පිහිය තියලා කරපු වැඩේට උඹව මරනවා කියා කිව්වා. ඌ වැඳලා කිව්වා. අනේ එහෙම කරන්න එපා. මමයි ඒ කෙල්ල එක්ක යාළු වෙලා ඉන්නේ කියලා. මාව බයිට් එකට තමයි අරන් ති​ෙයන්නේ. එතනින්ම ඩිලන්ති ගැන තිබු ආදරය නැති වෙලා ගියා. මම හොඳටම ඇඬුවා.   


ඊට පස්සේ කෙල්ලෝ එක්ක යාළු වුණේ නැද්ද?   
ඊට පස්සේ විජය කුමාරණතුංග වගේ වෙන්න ගත්තා. සුළු සුළු සම්බන්ධතා තබා ගත්තා. අවංක​ ප්‍රේමයක් නෑ. සත්‍ය ප්‍රේම භෘංග රාජ කියන්නේ අමු මෝඩයෙක් කියන එක මගේ හිතේ තැන්පත් වුණා. ඊට පස්සේ සම්බන්ධතා තියාගත්තේ නෑ. එවෙලෙට යාළු වෙනවා. ඊට පස්සේ වෙනත් කෙල්ලෙක්ට ලව් කරනවා. මගේ ඇඟේ හිටිය හොඳ පෙම්වතා මැරුණා. ඒක තමයි ඇත්ත.   


සිනමාවට ආවාට පස්සේ නිළියෝ ඔයා පස්සේ ආවාද?   
විජය මාමා ප්‍රේ‍ම කුමාරයෙක්. විජය මාමාව දැක්කාම කෙල්ලෝ වට කරගෙන හිටියේ. මම සිතුවා මේක තමයි නියම ප්‍රේමය කියලා. මේක තමයි ලෝකේ තිබෙන හොඳම ජොබ් එක කියලා මට සිතුණා. විජය මාමා හමුවෙලා, සිනමාවට එන්න පාර හදා ගත්තා. පළමු චිත්‍රපටයට ගිහින් ​​ෆ්‍රෙඩී සිල්වා මහත්මයා හමුවෙලා මම කිව්වා.   


මට සිනමාවේ ඉදිරියට යන්න. විජය මාමා වගේ ජනප්‍රිය වෙන්න මොනවද කරන්න ඕනෑ කියලා. මට නටන්න, සිංදු කියන්න, වාහන පදවන්න පුළුවන්. ඔය එකක් වත් වැඩක් නෑ. සිනමාවේ ඉහළට යන්න නම් උඹ නිළියන් එක්ක හිටපන් කිව්වා. එතකොට ඒ නිළිය උඹට තැනක් දෙනවා. සිනමාවේ ඉදිරියට යන්න විජය මාමා කළෙත් ඒක තමයි කියලයි ​ෆ්‍රෙඩී කිව්වේ. මේක තමයි ලෝකේ තිබෙන සුන්දරම ජොබ් එක. මම ඒක මැරෙනතුරා වෙනස් කරන්නේ නෑ. ඊළඟ ආත්මයේදීත් නළුවෙක් වෙලා තමයි ඉපදෙන්න ඕනෑ.   


නළුවා හින්දා සමහරු ඔබගෙන් ප්‍රේමය පතා මිල මුදල් තෑගි බෝග එහෙමත් දුන්නා නේද?   
ඔව්, සමහරු ලක්ෂ ගණන් මට ගෙදරට ඇවිත් දෙනවා. ලස්සන කෙල්ලෙක් එක්ක පෙම් කරන්න. එයාත් එක්ක පෙම් කරනවාට මට මුදල් දෙනවා. එහෙම ජොබ් කො​ෙහද තිබෙන්නේ? නළුවෙක් හින්දා නේද මේවා ලැබෙනනේ? මේක මාර ජොබ් එකක්. එහි සුන්දරම මිනිහා විජය මාමා එතුමා උපරිමයෙන් ඒ සතුට වින්දා.

  
ඔබ රමණී බර්තෝලමියුස්ට ආදරය කළ බව ආරංචියි. ඇත්ත ද ඒ කතාව?   
ඔව්, ඒ කාලයේදී රමණීගේ ප්‍රේමයක් තිබුණා කමල් අද්දරආරච්චි එක්ක. මම ඒ කාලයේ නාට්‍ය හොයා ගෙන යනවා. කොහොමහරි මුහුණ පෙන්වලා ජනප්‍රිය නළු​ෙවක් වෙන්න පත්තර කට්ටිය පස්සේ යනවා. ආටිකල් දාගන්න. එ් අතරේ ටෙලිවීව් එකෙන් නාට්‍යයක් කරන බව ආරංචි වුණා. “භාග්‍යා” නමැති ඒ ටෙලි නාට්‍යයේ මේජර් කෙනකුගේ චරිතයක් තිබෙන බව අහලා කුමාරසිරි අබයකෝන්ගේ මාර්ගයෙන් විජය ධර්ම ශ්‍රී හමුවෙන්න ගියා. ඒ ඉන්ටවීව් එකෙන් මාව තේරුණා. ප්‍රධාන නිළිය වුණේ රමණී. බදුල්ලේ ෂූටිං තිබුණේ. එහේ යන වෑන් එකට මම ගිහින් නැග්ගාම රමණීත් ඇවිත් නැග්ගා. හරිම ලස්සනයි. මට කොහොම හරි මෙයාත් එක්ක යාළුවෙන්න ආසාවක් ඇති වුණා.   


යන අතරතුරදි විහිළු කතා කියන්න පටන් ගත්තා. හරි ජොලි කෙනෙක් නේද? කියලා රමණී මට කිව්වා. හැම කතාවකින්ම මගේ යටි හිතේ තිබුණේ මේ රමණීගේ හිත ගන්නයි. අනෙක් උන් කියන්න ගත්තා වැඩක් නෑ, රමණීට කොල්ලෙක් ඉන්නවා කියලා. රමණී එක පාරටම ඔයා දන්නවාද මට බෝයි ​ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා ඇහුවා. මම කිව්වා. ඔව්, මම දන්නවා, නළුවෙක් නේද කියලා. හරි කියන්න නම කිව්වා. මම කිව්වා. ඩී.ආර්. නානායක්කාර නේද කියලා. රමණී බඩ අල්ලාගෙන හිනාවුණා. එයාට ඒ විහිළු ඇල්ලුවා කියා මට සිතුණා. 
ඔහොම ගිහින් ෂූටිං වලිදි ෆුල් ලව් එයාත් බලාගෙන ඉන්නවා. මාත් බලාගෙන ඉන්නවා. අනේ එයා හරි හොඳයි කියලා මට කිව්වා. මාත් ඉතිං බොක්කෙන්ම ලව්. ආජු තපර ලාහිලා ගීතයට නටන්න රමණිට තිබුණේ වෙන කොල්ලෙක් එක්ක. මට මළ පැන්නා. මාව ඒකට ගත්තේ නැත්නම් නාට්‍යය අත හැරලා යනවා කිව්වා. රමණී කිව්වා එහෙම කරන්න එපා ඒක පිටපතේ තිබෙන දෙයක් කියලා. මම කිව්වා. නටන්නේ මමයි මගේ චරිතය ඌට දෙන්න කියලා. විජය ධර්මශ්‍රීට ඒක කියන්න කිව්වා. රමණී එතකොට ජනප්‍රිය චරිතයක්. එයා මිස් ශ්‍රී ලංකා කෙනෙක්. එයා මට සල්ලි නෑ කිව්වාම මාව ශාන්ත සපරමාදු ළඟ දැන්වීමකට දාලා සල්ලි අරන් දුන්නා. රමණී තමයි මාව එක්කගෙන ගියේ.   


මට අන්තිමේදී කිව්වා, එහෙනම් නටන්න හැබැයි එයාගේ අතින් අල්ලන්න එපා කියලා. රමණී කිව්වා, ඒක අධ්‍යක්ෂ කියු දෙයක් හින්දා වෙනස් කරන්න අමාරුයි කියලා මම ඉතිං පැත්තකට ගිහින් අඬන්න ගත්තා. ඒ විදිහට පුදුම ආදරයක් රමණීට මගේ සිතේ තිබුණේ. ඇය මිය යන තුරු ඒ ආදරය තිබුණා. ඇයගේ වෙන්වීම දරා ගන්න බැරිව කාලයක් මා ඇඬුවා. අවමගුලට මාත් සහභාගී වුණා. රමණී මිය ගියාට පසු “භාග්‍යා” ටෙලි නාට්‍යය නැවත විකාශය වුණා. එයින් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ හින්දා ටෙලි නාට්‍ය චිත්‍රපට ලැබුණා. රමණීට ඒ ගෞරවය පුද කළ යුතුමයි.  

 
ඊට පස්සේ නිළියෝ එක්ක සම්බන්ධතා තිබුණද?   
ඇයි නැත්තේ. බොහෝ අය සමග සම්බන්ධකා තිබුණා. අද ජනප්‍රිය නිළියන් එදා මට පුදුම ආදරයක් දැක්වූයේ. මාත් ඉතිං ඔවුන්ට ආදරය කළා. මාත් හැඟීම් ඇති කෙනෙක්​ෙන්. ඉතිං දිගු සම්බන්ධතා පවා ඇතිවුණා.

  
ඔබ ඒ කාලේ කොල්ලෙක් හින්දා වැඩිහිටි නිළියොත් ඔබගේ ආදරය බලාපොරොත්තු වුණා නේද?   
ඇත්​ෙතන්ම ඔව්. සමහර වැඩිහිටි නිළියන්​ෙගන් බේරුමක් නැති වුණා. විජය මාමාට වගේ මටත් ඔවුන්ගේ ඒ ආකර්ෂණය හිමි වුණා. නිළියන් විතරක් නොවෙයි, වැඩිහිටි කාන්තාවන් පවා මගේ පස්සෙන් එන්න ගත්තා. ඔවුන් සනසන්න මට ඒ කාලේ සිද්ධ වුණා.   


ඔබ අලුත් නිළියන්ගේ ගිනිගෙන දැවෙන හදවත් වලට වතුර ඉස ඔවුන් සුවපත් කළා නේද?   
ඒ සම්බන්ධතා නම් හරියට තිබුණා. මොකද අලුත් නිළියන් මාව හොයාගෙන එන්නේ ගිනිගෙන හදවත් වලින්. ඉතිං මම ඔවුන්ට වතුර ගසා ඔවුන්ට සිසිලස ලබා දුන්නා. එ්ක ඉතිං කොයිතරම් පිනක් ද නේද? සමහරු කියනවා චිත්‍රපට වල නිදන දර්ශන වලදී ඒක චරිතයක් විතරයි. කිසිම හැඟීමක් ඇති වෙන්නේ නෑ කියලා. ඒක තනිකරම මුසාවක්. මම බොහොම සංවේදී පුද්ගලයෙක් හැටියට හොඳට හැඟීම් දැනීම් දැනෙනවා. මම නම් ඒ දර්ශන වලදී හැඟීම් ඇතිව, එහෙම උත්තේජනයක් ඇතිව තමයි නිදන දර්ශන වලදීත් සිප ගැනීම් වලදීත් කරන්නේ. එය මුහුණේ හැඟීම් වලින් මා ගන්නවා. ඒ සරාගී බව ඇති වෙනවා. “බහුභාර්යා” චිත්‍රපටයේ එය හොඳින් කළා. “දුවට මවක මිස” චිත්‍රපටයේ තොල් සිප ගැනීමත් එහෙමයි. මම නිළියක් එක්ක ඒ ඇසුර හොඳින් කරලා තිබෙනවා.  

 
සමහර කාන්තාවෝ ඔබේ ඇසුර බලාපොරොත්තුවෙන් මුදල් පවා විසි කළා නේද?   

ඔව්. එදා ඉඳලා මට තිබුණු දෙයක් ධනවත් කාන්තාවො මගේ ඇසුර බලාපොරොත්තු වුණා. ඔවුන් මුදල් විතරක් නොවෙයි වෙනත් තෑගි පවා ලබා දුන්නා. ඒ වාසනාව අද පවා තිබෙනවා. නළුවෙක් විදිහට මට හැම පැත්තෙන්ම උදව් උපකාර ලැබෙනවා.   


ඔබ මේ හින්දා “පිරිමි ගණිකාවක්” ලෙස සමහරු හැඳින්වුවා නේද?   
ඔව් එහෙම කියනවා. මට පාර්ලිමේන්තුවේදීත් එහෙම කිව්වා. පෙම්වතුන් නැති අය සතුටු කරන්නෙත්, පිරිමි ගණිකාවක් කිව්වා. දික්කසාද වූ අය, විවාහ වෙලා සතුට නැති අය සතුටු කරන්නෙක් කිව්වා.   
විවිධ චෝදනා එල්ල වුණා. මම තනිකඩයෙක් හින්දා. මට එහෙම වෙලත් තිබෙනවා. සමහර යාළුවන් අමාරුවේ වැටුණු වෙලාවේ ඔවුන්ට උදව් කරන්න ධනවත් කාන්තාවක් ඇසුරු කර ඔවුන්ට මුදල් ලබා දීලා තිබෙනවා. මම මේ තිත්ත ඇත්ත තමයි කියන්නේ. බොරු කියන්න අවශ්‍ය නෑ. අදටමත් ආරාධනා නම් හරියටම ලැබෙනවා. ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්ලාටත් එහෙම තමයි. විජය මාමාටත් එහෙමයි.  

 
ෙම් හින්දද ඔබ කසාද නොබඳින්නේ? ඇයි විවාහයක් කරගන්න කැමැත්තක් නැද්ද?   
මම ස්වාධීන බව හරියට අගය කරන කෙනෙක්. මගේ පැවැත්ම තිත්ත ඇත්ත කතා කිරීම වැනි දේවල් නිසා විවාහය ගැන මා හිතන්නේ නෑ. මට ඕනෑ වෙලාවක මේ ලෝකය අතහැරලා යන්න පුළුවන්. බැඳීම් නෑ. මම හිතන්නේ කසාද බැඳීම කියන්නේ බැඳීමක්. ගෙයක් ගන්නත්, වාහනයක් ගත්නත්, දරුවෙක් හැදුවත් බැඳීමක්. මේ සෑම බැඳීමක තිබෙන්​ෙන් බලහත්කාරයක්. ඕෂෝ කියනවා වගේ සැම බැඳීමක තිබෙන්නේ නීති මාලාවක්. කොටු කිරීමක්. මම පොඩි කාලයේ ඉඳලාම ඒ කොටු කිරීමට කැමැති නෑ.   


‘‘පියඹා යනවා මා ආකාසේ - අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොවුලේ මිදුණා මා ආද​ෙරන්.’’ කියලා ගීතය තමයි මට කියන්න තිබෙන්නේ එය පුදුම නිදහසක් නේද?   
විවාහයේදී පෝරුවේ ඇඟිලි දෙක ගැට ගහලා පැන් වක්කරන්නේ දෙන්නා පැනලා යයි කියන අවිශ්වාසයට කියලයි මට නම් හිතෙන්නේ. විවාහය දැන් ෂෝ එකක් වෙලා. මේක මම අවබෝධ කර ගෙන තිබෙන්නේ.

 
ඔබ විවාහයක් නැතිව “ලිවිං ටු ගෙදර්” ඒකට කැමති?   
නන්දා මාලිනී කියනවා, කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ, නැවතී බලනවා කතා ​නොකර ගොළු වෙලා, වගේ ගීතයක් සමහරු ඇසට ඇසුවන මායිමේ ඉඳලා ස්පර්ශ නොකරම මැරිලා යනවා. සමහර අය එකට ජීවත් වෙලා දුක් විඳිනවා මා දැකලා තිබෙනවා. “ලිවිං ටු ගෙදර්” දුක් විඳින අයත් මා දැක්කා. ඒක එක් එක්කෙනා අනුව වෙනස්. මට එහෙම සම්බන්ධතා ඇති වෙලා තිබෙනවා. නමුත් මම “ලිවිං ටු ගෙදර්” කා එක්කවත් ඉඳලා නෑ. ඒකත් බැඳීමක්. ඒ යුතුකම් වලට මා කැමති නෑ.   


කසාඳ බැඳලා ළමයෙක් හදාගෙන ඔබ වගේ ජනප්‍රිය චරිතයක් කරන්න අදහසක් ආවේ නැද්ද?   
කොහෙත්ම නෑ. ඒක ආත්මාර්තකාමී අදහසක්. තණ්හාවක් බලහත්කාරයක් විදිහටයි මා එය දකින්නේ. මට එහෙම අවශ්‍ය නෑ. මම එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක මානව හිමිකම් කැඩීමක්. එයින් දරුවන්ට අාදරයක් නෑ කියන එක නොවෙයි කියන්නේ. මගෙන් ළමයෙක් මා බලාපොරොත්තු වුණේ නෑ.   


ඔබට විවාහ යෝජනා හරියට එන්න ඇති නේද?   
ඔව්. දේශපාලනයට ආවාම විවාහ වෙන්න ඕනෑ. නැත්නම් ප්‍රතිරූපයට හොඳ නෑ. දරුවෙක් හදන්න ඕනෑ. නැත්නම් වෙන කතා වලට යයි කියලයි සමහරු කිව්වේ. මම කිව්වේ මගේ නිදහසට මොකද වෙන්නේ කියලා. ළමයෙක් හදන පරීක්ෂණයකට ඕනෑම වෙලාවකට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම කියලා මගේ ජීවිත රටාව වහලෙක් වගේ කර ගන්න බැහැ. මගේ තිත්ත ඇත්ත කතා කිරීම වගේ මට ඉන්න තත්ත්වයට ලොකුම ශක්තියක් වුණේ විවාහ නොවීමයි. තනිකඩ ජීවිතය මට වැදගත්. විවාහ වුණා නම් මම දූෂිත දේශපාලනඥයෙක් වෙන එක කාටවත් නවත්වන්න බැරි වේවි. මම සතුටු වෙනවා. තනිකඩව ඉන්න එක ගැන. වයසට ගියාම මට අත්උදව්වට කෙ​ෙනක් නැතිවීම ගැන දුක්වෙන්න පුළුවන්. නමුත් මම දැන් නිදහස හොඳින් විඳිනවා. මට ආදරය අසීමිතව ලැබෙනවා. මිනිසුන් ප්‍රීය වීම කොතරම් භාග්‍යයක් ද? ඒ හින්දනේ පිට පිට 11 වතාවක් ජනප්‍රිය නළුවා වුණේ. දෙවියෝ කොයි වෙලාවේ ඒ ජනප්‍රියකම අර ගනියි ද දන්නේ නෑ.  

 
එක්තරා කාන්තාවක් ඔබ විවාහ කර ගන්න ගෙදරටම ආවා නේද?   
ඔව්. ඒක හරිම සුන්දර කතාවක්. එක් කාන්තාවක් මට දිගමට කතා කරන්න පටන් ගත්තා.   
ඇයට මගෙන් දරුවෙක් ඕනෑ කියලා කිව්වා. කතා කරනවා. පින්තූර එවනවා. ඇය ගමක රූප සුන්දරියක්. අවුරුදු 35 ක් විතර ඇති. තෑගි බෝග එවනවා. මේක දැන් කරදරයක් වෙන තත්ත්වයටම එන්න ගත්තා. මම එතකොට මහරගම දහම් මාවතේ හිටියේ. එක පාරම දවසක් දොරට ගහන්න ගත්තා. එක පාරටම දොර ඇරියාම. ඒ කාන්තාව ඇතුළට පැන්නා.   


‘‘මම මාලා. මට ඔයා බඳින්න ඕනෑ කියලා කිව්වා. ඊට ඉස්සෙල්ලාත් බඳින්න එනවා කියලා තර්ජනය කර තිබුණා. මම මහරගම පොලිසියට කතා කළා. ඔවුන් ආවා. ඔවුන් ප්‍රශ්න කළාම, මේ ගැහැනු කෙනා කිව්වා. අවංක ආදරයට පොලිසියෙන් දෙන සහයෝගයද මේ කියලා. බොහොම අමාරුවෙන් ඇය ආපසු ඇගේ නිවසට ගිහින් ඇරලුවා. ඒ වගේ සිද්ධි වෙලා තිබෙනවා.’’

  
රන්ජන් බොහෝ දේ විවෘතව කතා කරන්නට විය. ඔහුගේ ප්‍රේමය, ආදරය ගැන පිටු ගණනාවක් වුවද ලිවිය හැකි තරම්ය. ඒ තරම්ම ඔහු අනංගයෙකි. දැනුත් ඔහුට කාන්තාවන්​ෙගන් අඩුවක් නැත. ඔහු සිනමාවේත් දේශපාලනයේත් අනංග රජෙක් යැයි මට සිතුණි.  

 



අදහස් (1)

මාත් එක්ක ජීවත්වෙන්න කියලා ලස්සන කෙල්ලො මට ලක්ෂ ගණන් ගෙදරට ඇවිත් දෙනවා

minipe Sunday, 30 July 2017 08:46 PM

ඇත්ත, ඇත්ත. මමත් මුදලක් අරගෙන ගියා මෙතුමා හමු වීමට, එතුමා කීවා, අනේ අපි ඕවට නැ, කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 45 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 29 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 110 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 124 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 104 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 59 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 316 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 752 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 289 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site