IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


භාරතය හොල්ලන තනිකඩ නායකයෝ

Hot ගොසිප්

නරේන්ද්‍ර මෝදි තනිකඩයෙකි.  රාහුල් ගාන්ධි ද තනිකඩයෙකි. මේ දෙන්නාම ඉන්දියාවේ ජනප්‍රියම චරිත දෙකකි.   


මෝදි අද ඉන්දියාවේ අගමැති ය. රාහුල්, ඉන්දියාවේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂයක් වන කොංග්‍රස් පක්‍ෂයේ නායකයාය. තවත් විස්තර කරන්නේ නම් ඔහු රජීව් ගාන්ධිගේ පුත්‍රයා ය. ඉන්දිරා ගාන්ධිගේ මුනුපුරා ය. ඉන්දියාවේ ලොකුම දේශපාලන පවුලේ නවතම පුරුක වන රාහුල් කවදාක හෝ එරට අගමැති ​ෙවනවාට කිසිම සැකයක් නැත.


මෙන්න මේ කරුණු කාරණා නිසා මෝදිත්, මෝදිටත් වඩා රාහුල් ගොසිප් මවන්නන් අතර ඉදිරියෙන්ම සිටිති.  
 
2001 වසරේ සිට ගුජරාටය පාලනය කළ මෝදි තම අපේක්‍ෂක අයදුම්පත්වල පෙනී සිටියේ තනිකඩයකු ලෙසිනි. ඔහුගේ අයදුම්පත්වල බිරිඳගේ නමට තිබුණේ හිස් තැනක් පමණි. එහෙත් ඔහු පහුගිය මැතිවරණයේදී සිය අපේ‍ක්‍ෂක ඉල්ලුම් පත්වල බිරිඳගේ නම ඉදිරියෙන් ජශෝධා යන නම සඳහන් කළේය.   


මෝදිගේ පෙම්කතා සොයන්නට ‘ගොසිප්’ කාරයෝ උනන්දු වූයේ එතැන් පටන්ය. එක අතකින් ඔහුගේ විරුද්ධවාදීන්ට, මෝදිට මඩ ගහන්නට මෙය හොඳ සිද්ධියක් වූයේය. වෙන එකක් එපා රාහුල් ගාන්ධි පවා මේ කරුණු මුල්කරගෙන දේශපාලන රැලිවලදී කීවේ මෝදි ජාතියට බොරු කියූ බවය.   


මෝදිත් ජශෝධාත් අතර විවාහය සිදුව තිබුණේ මෝදිගේ වයස අවුරුදු පහළොව තරම් වෙද්දීය. එහෙත් ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වූයේ නැත. මෝදිට, හින්දු පූජකයකු වීමේ ආශාවක් පහළවීම ඊට එක් හේතුවක් බවද කියති.   


කෙසේ හෝ වේවා, බැඳපු අලුතම වෙන්ව ගිය පසු මෝදි, ජශෝධා අතර කිසිම ළෙංගතු සම්බන්ධයක් තිබී නැත. කවදාවත් එකිනෙකා මුණගැසුණු බවක්වත් අඩුම තරමේ ලියුම් කඩද‌ාසියක් ලියූ බවක් වත් දැනගන්න නැත. ඔවුන්ගේ විවාහයෙන් වසර හතළිහක් ගිය තැන මෝදි ජශෝධා ගේ ගමට ගියේය. ඒ අගමැති සටනේ රැස්වීමක් පවත්වනු පිණිසය. එදා නැවත වරක් පරණ පෙම්වතුන් මුණ ගැහෙනු ඇතැයි මෝදි සිතන්නට ඇත.   


එහෙත් වාසනාවකට හෝ අවාසනාවකට එද‌ා ජශෝධා දුර බැහැර වන්දනාවක ගොස් සිටියා ය.   


ගොසිප් කාරයන් නම් කියන්නේ ජශෝධාගේ පවුලේ උදවිය එදා අැයව නිවෙ​ෙස් සඟවා තැබූ බවය. නැවත වරක් මෝදි මුණ ගැසීම මෝඩ වැඩක් බව ඔවුන් කල්පනා කළා ​ෙවන්නට ඇත.   
ගුජරාටයේ මහ ඇමතිව සිටියදී තමන්ගේ බිරිඳට සත පහකින් වත් උදවුවක් උපකාරයක් නොකළ මිනිසාට ජශෝධා යළි මුණ ගස්වන්නේ කුමකට දැයි සිතීම එක් අතකින් සාධාරණ ය.   
මෝදිගේ හැටි එහෙමය. 


ජශෝධා ගුරුවරියක ලෙස පුංචි රස්සාවක් හොයාගෙන ළමයින්ට ඉගැන්වීම් කරගෙන ගියාය. මෝදි භාරතීය ජනතා පක්‍ෂයට බැඳී තමන්ගේ දේශපාලනය කරගෙන ගියේය. හැබැයි ඔහු දවසින් දවස සාර්ථක වූ අතර ගුජරාටයේ මහ ඇමති ලෙසද කටයුතු කළේය. පවුල් පන්සල් නොවූ බැවින් තමන් සංවර්ධනය වීමටවත් පවුල සංවර්ධනය කරන්නටවත් ඔහුට අවශ්‍ය වූයේ නැත. ඒ නිසා මෝදි ගුජරාටයේ ජනතාවට උපරිම සේවයක් සැලසුවේය. ඔහුට ඉන්දියාවේ අගමැති ​ෙවන්නට මඟ පෑදුණේ අන්න ඒ අවංක ජනතා සේවය ය. ජයලලිතා නම් තමිල්නාඩුවට වඩා සංවර්ධනය කළේ තමන්ගේම පවුල ය. ඇය හද‌ාවඩා ගත් දියණියගේ මඟුල කෝටි ගණන් වැයකර මහ ඉහළින්ම සංවිධානය කිරීමම ඊට නිදසුන්ය.   


මෝදි පිරිසුදුවට ලස්සනට කැමති මිනිසෙකි. ඔහු තම ජාතික ඇඳුමට උඩින් අත් නැති කබායක් පැලඳුවේ ය. ඒ නිසාම ඔහුට වූ​ෙය් පුදුමාකාර ජනතා ආකර්ෂණයකි. ජනතාව කී විට පිරිමි පමණක් නොව ගැහැනු ද ඇතුළත්ය. ඔහු ලාබාල කෙල්ලකට පෙම් කළ බවට කතාවක් පැතිරෙන්නේ ඔහුගේ ආකර්ෂණයට කෙල්ලන් වසඟවීම නිසා ය.   


ඇගේ නම මධුරි ය.   


නිකම්ම නිකන් මධුරි නොවේ, මන්සි සෝනි මධුරි ය. මේ කෙල්ල කෙරෙහි මෝදි කොයිතරම් බැඳුණාද යත් තම විද්‍යුත් ලිපිනය ඇයට දුන්නේය. ඒ ඔස්සේ අදහස් හුවමාරු කරගත් මෝදි සහ මධුරි පසුව මිත්‍රත්වයේ සීමාවෙන් ද ඔබ්බට ගියහ.   


දෙන්නා අතර හට ගත්තේ අපූරු සෙනෙහසකි. ගැටයා සන්දියේ ජශෝධා කෙරෙහි බැඳුණාට පසු කෙල්ලකට හිතගිය පළමු අවස්ථාව එය දැයි හරියටම කිව නොහැකිය. එහෙත් වාර්තා වෙන්​ෙන් මේ සම්බන්ධයයි. කෙසේ හෝ ඔවුන් නැවත නැවත මුණ ගැසුණු බවක් නම් ගොසිප් කාරයන්වත් වාර්තා කර නොමැත.   


මෝදි එහෙම ය.   


හැබැයි මෝදි සමඟ කරට කර හැප්පෙන්නට සූදානම් ​ෙවන රාහුල් නම් එසේ නොවේ. මේ ​ෙවන විටත් ඔහු පෙම් කළ කෙල්ලන්ගේ ලැයිස්තුව ටිකක් දිග එකකි. හැබැයි හතළිස් හත් හැවිරිදි ඔහු තවම තනිකඩ ය.   


රාහුල​්ගේ පෙම් සබඳතා අතරින් හදවත පත්ලටම ගිය සබඳතා දෙකකි. ඉන් පළමුවැන්න ඇෆ්ගන් රූප සුන්දරියකට බැඳුණු ප්‍රේමයයි.   


ඇගේ නම නොයෙල් සාහර් ය. 2012 වසරේ අප්‍රේල් මස පළවූ සන්ඩේ ගාඩියන් පත්‍රයට අනුව නොයෙල් යනු ඇෆ්ගනිස්තානයේ රජ කළ රජතුමාගේ මිනිබිරියකි. ඔහු මොහොමඩ් සහීර්ෂා ය. 1933 සිට 1973 දක්වා ඇෆ්ගනිස්තානය පාලනය කළේ මේ කියන සහීර්ෂා ය. ඉතින් ඔහුගේ මිනිබිරියත්, ඉන්දීය අගමැතිනියගේ මුනුබුරාත් අපූරුවට ගැළපෙයි. නොගැළපුණේ නම් ජාතිය සහ ආගම පමණි. එහෙත් පසුකලෙක ඇය රෝමානු කතෝලික ආගම ද වැලඳ ගත්තාය. දෙන්නාගේ හමුවීම සිදුවූයේ ලංඩනයේ දී ය. ඒ උසස් අධ්‍යාපනය උදෙසා සරසවියට ගිය වකවානුවේ දී ය. දෙන්නාගේ ඇයි හොඳයිය කොයිතරම් දුරකට ගියේද යත් ඔවුහු ඉන්දියාව පුරාම අැවිද්දෝය. ඉතාලියේ පිහිටි සෝනියා ගාන්ධිගේ ගෙදරට ද ගියෝය. ඒ තරම් තදින් පැවැති පෙම් සබඳකම බිඳී ගියේ කෙසේදැයි ගොසිප් කාරයන්ටවත් සොයාගන්නට නොහැකි විය.  


කෙසේ හෝ වේවා මේ ​ෙවන විට ඇෆ්ගන් රජ කුමරිය, ඊජිප්තු කුමාරයෙකු සමග ප්‍රීතිමත් යුගදිවියක් ගත කරන්නීය.  

 

 

ප්‍රථම දැයි හරියටම කිව නොහැකි වූවත් මේ ප්‍රේමය බිඳීයෑම රාහුල්ගේ හිත කම්පාවට පත් කළේය. ඔහු ඉන්දියාවේ වත් නොසිට ඉතාලියට ගියේය.  


කාලය සමග පොර බදා ආලය අමතක කරන්නට සමත් වූ ඔහු කෙල්ලන්ටවත් ප්‍රේමයටවත් වෛර කළේ නැත.   


රාහුල්ගේ නම සමඟ ඈඳුණු තවත් කෙල්ලකගේ නමක් තිබේ. ඒ වෙරෝනිකා ය.  


දිගු කලක් තිස්සේ වෙනිසියුලාවේ වාසය කරන, ස්පාඤ්ඤ සම්භවයක් සහිත වෙරෝනිකා රාහුල්ට මුණගැහෙන්නේ කේම්බ්‍රිජ්හි දී ය.  


දුටු මනතින්ම හටගත් මේ පෙම් කතාව කොයිතරම් දුර ගියාද යත් ඔවුන් දෙන්නා අන්දමන් දූපතටද ගිය බව පැවසේ. අන්දමන් දූපතේ සුන්දර නිවාඩුවක් ගත කර අන්දමන්ද වී අතිශය ප්‍රේමණීය මතක සටහන් රැසක් හදවතට තුරුලු කරගත් ඔවුන් නැවත වරක් ගොසිප්කරුවන්ගේ ග්‍රහණයට අසුවූයේ 2003 අවුරුද්දේ දී ය. ඒ සෝනියා, ප්‍රියංකා සමග කේරළයේ ගතකළ නිවාඩුවකදී ය. මේ නිවාඩුවට වෙරෝනිකාද එක්ව සිටියාය.  


‘ගොසිප්’ කාරයන් මේ පින්තූර පත්තරවල පළකළ නමුත් ඔවුනට පුංචි පහේ වැරදීමක් සිදුවිය. ඒ කෙල්ලගේ නමයි. ඔවුන් සඳහන් කළේ ඇගේ නම ජුනීතා බවය.  


2004 මැතිවරණ වසරේදී, රාහුල් ගාන්ධි පත්තරවලට කොටුවිය. මාධ්‍යවේදීහු ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූහ. ඒ ප්‍රශ්නාවලියට මේ ‘ජුනීතා’ ද අයත්ව සිටියාය.  


‘ඇගේ නම වෙරෝනිකා. ඇය මගේ හොඳම යෙහෙළියයි’   


රාහුල් උත්තර දුන්නේය.  


එදා සිට අද දක්වා වසර දහතුනක් ගෙවී ගොස්ය. රාහුල්ගේ හොඳම යෙහෙළිය අද කොහිදැයි කවුරුවත් දන්නේ නැත.  


සාමාන්‍යයෙන් හොඳම යහළුවන් දුරස් ​ෙවන්නේ නැත. එහෙත් පෙම්වත්තු දුරස් වෙති. ප්‍රේමය බිඳී ගිය පසුව, පෙම්වතුන් යළි හමු​ෙවන්නේ කලාතුරකිනි. එහෙත් හොඳම යහළුවන්ට එහෙම ප්‍රශ්න නැත. ඔවුහු යළි යළි හමුවෙති. එසේ නම් වෙරෝනිකා ගැන රාහුල් කියා ඇත්තේ අමූලික බොරුවකි. ගොසිප් නිර්මාණකරුවන් පවසන්නේ නම් රාහුල් වෙරෝනිකා ප්‍රේමය දශකයක් තිස්සේ පැවැති සුන්දර සබඳකමක් බවය.  


එහෙන් නොයෙල් සාහර්  


මෙහෙන් වෙරෝනිකා  


එහෙත් රාහුල් අදටත් තනිකඩයෙකි.  


දැන් ඔහු කොංග්‍රස් පක්‍ෂයේ නායකයා ය. ඊළඟ ඡන්දයේදී ඔහුට සටන් වදින්නට සිදු​ෙවන්නේ මෝදි සමගයි.  


දෙන්නාම තනිකඩය. හැබැයි මෝදි නමට හෝ විවාහකය. එතකොට රාහුල්?  

 

 

 

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන   

 
 



අදහස් (0)

භාරතය හොල්ලන තනිකඩ නායකයෝ

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 71 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 33 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 34 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මාස්ටර් සර් වුණු විශ්ව
2025 පෙබරවාරි මස 06 29 0

වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
2025 පෙබරවාරි මස 06 23 0

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමු​ෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 198 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 54 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 113 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 862 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site