බ්‍රිතාන්‍ය පළමුවරට හුදෙකලාව පිළිබඳ අමාත්‍ය ධුරයක් ස්ථාපනය කොට තිබේ. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විසින් හඳුන්වා දී ඇති හුදෙකලාව පිළිබඳ අමාත්‍ය ධුරයට බ්‍රිතාන්‍යයේ ක්‍රීඩා හා සිවිල් සමාජ කටයුතු භාර ඇමැතිවරිය වන ටේ්‍රසි ක්‍රවුච් නම් කර තිබේ. ඇය දැනට දරන අමාත්‍ය ධුරයට අමතරව නව අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ඇත.
නව අමාත්‍යාංශය නිර්මාණය කිරීමේ අරමුණ බ්‍රිතාන්‍යයන් මුහුණ දෙන ‘හුදෙකලාව’ නමැති අවාසනාවන්ත තත්ත්වයෙන් ගලවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය. ඒ සඳහා පාදක වූයේ ‘ජෝ කොක්ස් කොමිසම‘ ඉදිරිපත් කෙරුණු වාර්තාවය. එම කොමිසම ‘ජෝ කොක්ස් කොමිසම‘ වශයෙන් නම් කෙරුණේ 2016දී අන්ත දක්ෂිණාංශිකයකු විසින් ඝාතනය කෙරුණු කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජෝ කොක්ස්හට ගෞරවය දැක්වීමක් ලෙසිනි. ඔහු බ්‍රිතාන්‍යවාසීන් පෙළෙන හුදෙකලාවට පිළියම් යෙදීම පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ගෙන ගියේය. ජෝ කොක්ස් කොමිසමේ නිර්දේශ මත පදනම්ව නව අමාත්‍යංශයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට ටේ්‍රසි ක්‍රවුච් සැලසුම් කර සිටින්නීය.
වාර්තා වන අන්දමට මේ වන විට බ්‍රිතාන්‍යයේ හුදෙකලාවෙන් පෙළෙන පිරිස මිලියන 9කට අධිකය. ඉන් 200,000 අධික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකට මිතුරකු සමඟ හෝ ඥාතියකු සමඟ හෝ සංවාදයක යෙදෙන්නට අවස්ථාවක් නොලැබෙන අතර ඔවුහු දැඩි සේ හුදෙකලා වී සිටිති.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බ්‍රිතාන්‍යය ලොව පළමුවරට හුදෙකලාව පිළිබඳ අමාත්‍ය ධුරයක් ඇතිකරයි