IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


බුධ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි

 

ග්‍රහ ​ලොව රජ කුමරු ලෙස හැඳින්වෙන බුද්ධියට අධිපති බුධ ග්‍රහයා 2018 මාර්තු 03 වන දින මෙතෙක් ගමන් කළ කුම්භ රාශියෙන් ගුරු හිමි මීන රාශියට පැමිණියේය. 2018 මැයි 09 දක්වා බුධ ග්‍රහයා මීන රාශියේ දුර්වලව ගමන් කරයි. බුධ ප්‍රවිෂ්ට වන්නේ මීන රාශියටය. මීන රාශිය ගුරුට අයත්ය. ගුරු ග්‍රහ ලොව පුරෝහිත තුමා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහ මාරුව ‘‘රජ කුමරු පු​රෝහිත තුමාගේ භවනට’’ යෑමට සමානය.   
ග්‍රහ මණ්ඩලයේ ලේකම්වරයාද රජ කුමරුද ලෙස හඳුන්වන බුධ බුද්ධියට හා ඥානයට මෙන්ම කතාවට ද අධිපති වේ. කන්‍යා හා මිථුන ලග්නවලට බුධ අධිපති වේ. අස්ලිස, දෙට, රේවතී යන නැකැත් බුධගෙන් පාලනය වේ. බුධ දශාව වසර 17 කි. කන්‍යා රාශියේ බුධ උච්ච බලය ලබයි. මිථුන රාශියේ ස්වක්ෂේත්‍ර වන අතර මීන රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. යම් ජන්ම පත්‍රයක බුධ පළමුවෙනි භාවයේ තැන්පත් වී ඇත්නම් එය දිග් බලය යැයි කියනු ලැබේ. බදාදා දිනය, බුධ හෝරාව, කොළ පාට, අංක 04 බුධට හිමි වේ. බුධට ශුභ මැණික පච්චයයි. බුධ ද්ව ස්වහා ග්‍රහයෙකි. තම ස්වභාවය පහසුවෙන් වෙනස් කිරීමට නැඹුරුතාව දක්වයි. බුධ ග්‍රහයා එකතු වන ග්‍රහයාගේ ස්වරූපය ගනී.   


පෙර ආත්මවල කුසල් රැස් කළ අය බුධ බලවත්ව උපදිති. එම කුසල් ලෙස සැලකෙන්නේ වචනයෙන් කෙරෙන වැරදි හෙවත් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන හා හිස් වචන කීමෙන් වැළකීමයි. උතුම් සත් පුරුෂයන්ට මෙන්ම අධ්‍යාපනය ලබන දුප්පත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආධාර උපකාර කිරීම, ධර්ම දානය ද ඒ සඳහා හේතු වන්නේය. බුධ බලවත් පුද්ගලයින්ගේ කථාව සිත් ඇද ගන්න සුළු වන්නේය. ගණිතයට දක්‍ෂ වෙයි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රය, ලේඛන කලාව, සැලසුම් ශිල්පය, පරිගණක, කථිකත්වය, නීතිවේදී යන අංශවල උසස් දක්‍ෂතා දක්වන අය වනු ඇත. තවද බුධ දුර්වල අය කේළාම් හා බොරු කියන, කපටි වංචාවල යෙදෙන අය බවද පෙනේ. දරුවන්ගේ කථාව පමා වීම, ​ගොත ගැසීම, ගණිතයට දුර්වල වීම, මොළයේ ස්නායුවල දුර්වලතා, සමේ ​ෙරා්ග, ගොළු වීම, බිහිරි වීම වැනි ​ෙරා්ග බුධ දුර්වල වීම නිසා උදාවන අපල වන්නේය.   


2018 මාර්තු 03 වන දින සිට 2018 මැයි 09 වන දින දක්වා බුධ ග්‍රහයා දුර්වලව ගමන් කරන කාලසීමාව තුළ බුධගෙන් නියෝජනය වන ජ්‍යොතිෂවේදීන්ට, ලේඛකයන්ට, සැලසුම් ශිල්පීන්ට පරිගණක මුද්‍රණ ශිල්පීන්ට, ගුරුවරුන්ට, නීතිවේදීන්ට හා පුස්තකාලාධිපතීන්ට මෙන්ම භාෂා පරිවර්තනයේ යෙදෙන්නන්ට තරමක් අපලදායක වේ.   


2018 මාර්තු 03 වැනි දින සිට මාර්තු 26 දක්වා නීච බුධ සමග උච්ච සිකුරු මීන රාශිගත වීම නිසා නීච භංග රාජ යෝගයක් යෙදෙන බැවින් බුධගේ දුර්වල ප්‍රතිඵල ලැබෙන්නේ මාර්තු 26 සිට මැයි 09 දක්වාය.   
උපතින් බුධ දුර්වල වීමෙන් හෝ දශා කාලවලදී ​හෝ බුධගේ අපලය ලබන විට කළ යුතු ශාන්ති කර්ම කිරීමෙන් අපල අඩුකර ශුභඵල උදාකර ගත හැකි වන්නේය. බුධ අපලයට කළ යුතු හොඳම ශාන්තකර්මය වන්නේ ධර්ම දානය දීමයි. එනම් ධර්ම දේශනා කරවීම, ධර්ම පත්‍රිකා මුද්‍රණය කර බෙදාහැරීම, දහම් පඬුරු පූජා කිරීම සුදුසු වේ. ඉගෙනීමේ යෙදෙන භික්‍ෂූන් වහන්සේට පොත්පත් හා වෙනත් අවශ්‍ය පහසුකම් ලබාදීම, දුප්පත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනීමට අවශ්‍ය උපකාර කිරීම ඉතා සුබයි. මේ අනුව බුධ අපලය සඳහා බුද්ධ පූජා, බෝධි පූජා තබන විට බදාදා දින, බුධ ​​හෝරාව සුදුසු වේ. බුධට හිමි අංක 4 එකතුවට ලැබෙන 04, 13, 22........ ආදී සංඛ්‍යාවලින් නිල් පාට හා කොළ පාට මල් සහිත වට්ටි, ෂඩ් වර්ණ (බෞද්ධ) කොඩි, කොහොඹ තෙල් පහන්, සුවඳ ධූප පූජා තැබීම ශුභය. පූජා තබා ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් පමුණුවා සෙත් පතා ගත යුතුය. රතන, නවගුණ, සබ්බ පාපස්ස යන්ත්‍රයක් පැළඳීම ඉතා ශුභයි. 


බුධ මීන රාශිගතවීම උපන් ලග්නවලට බලපාන අයුරු   


මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස් වැන්නට බුධ පැමිණෙයි. අසල්වාසීන් සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. ලියකියවිලි හා පොරොන්දු පත්‍රවලට අත්සන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. බාල සහෝදරයෙකුට තරමක් අපලයක් පෙන්වයි. මේ අතර නිෂ්ඵල ගමන්ද යෙදේ. කතා කරන විට දූරදර්ශී නොවුණ හොත් කතාව නිසා පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.   


වෘෂභ - වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නට බුධ පැමිණෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවන බව පෙනේ. දරුවන්ට අපලදායකයි. තැන්පත් ධනය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන්න. ආදායම් මාර්ගවලටද බාධා ඇතිවීමට පුළුවන. ආයෝජනවලින් ලාභ එතරම් නොලැබීමට පුළුවන. සෙනසුරු අටේ ගමන් කිරීම නිසා සෙනසුරුට අදාළ ශාන්ති කර්මවල නිරත වන්න.   


මිථුන - මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දස වැන්නට බුධ පැමිණෙයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී තනතුරේ හෝ තත්ත්වයේ පහළ යෑමක් සිදුවීමට කරුණු යෙදිය හැකිය. නිතර නිවසින් පිට ගමන් බිමන් යෙදේ. අන් අය සමග කතා කරන විට දූර්දර්ශී වන්න.   


කටක - කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නව වැන්නට බුධ පැමිණෙයි. ආගම දහමට සිත යොමු වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වීමට ඉඩ ඇත. ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබ නොවේ. අසල්වාසීන් සමඟ ඉවසිලිවන්තව ඇසුරු කරන්න. විදේශ ගමන් වලට බාධා ඇතිවීමට හැකිය.   


සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අට වැන්නට බුධ පැමිණෙයි. තැන්පත් මුදල් පරිහරණයේදී කල්පනාකාරී වන්න. ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. දුර දිග බලා කතා කිරීමට අවධානය යොමු කළ යුතුවේ. පවුලේ කෙනෙකුට එතරම් යහපත් ​ෙනාවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. ස්නායු ආබාධ ඇතිවීමට පුළුවන.   


කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත් වැන්නට බුධ පැමිණෙයි. ලග්නාධිපති බුධ දුර්වලව ගමන් ගන්නා කාලයකි. විවාහ අපේක්‍ෂිතයින්ට විවාහ බාධා ඇතිවීමට හැකියි. විවාහ සහකරු සමඟ අසමගිය ඇතිවන ආකාරයට කතා බහ ඇතිවීමට ඉඩ ඇත. එනිසා කල්පනාකාරීව කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී ලිපි ලේඛනවලට අත්සන් තබන විට සැලකිලිමත් වන්න. හවුල් ව්‍යාපාරවලදී වඩාත් සැලකිලිමත් වන්න.   
තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හය වැන්නට බුධ පැමිණෙයි. වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ජයග්‍රහණයට හේතු වනවා ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. සතුරු කරදර ඇතිවිය හැකියි. සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හැකියි.   


වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පස් වැන්නට බුධ පැමිණෙයි. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. අලාභ ඇතිවීමට ඉඩ තිබේ. දරුවන් නිසා සිත් තැවුල් ඇතිවේ. විවාහ මංගල කටයුතු හා පෙම් සබඳතාවලටද සුබ නොවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. 

 
ධනු - ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතර වැන්නට බුධ පැමිණෙයි. අධ්‍යාපන කටයුතුවලට බාධා පවතී. ගෘහ නිර්මාණකරණයට එතරම් යහපත් නොවේ. ගෘහාශ්‍රිත කර්මාන්ත කරන අයට එතරම් යහපත් නොවේ. මව්පියන්ට අපලදායකයි. නිවසට කටවහ දෝෂ ඇතිවීමට පුළුවන. සෙනසුරු ලග්නයේ ගමන් කිරීම නිසා සෙනසුරුට අදාළ ශාන්ති කර්මවල නිරතවන්න.   


මකර - මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන්වැන්නට බුධ පැමිණෙයි. ලිපි ලේඛනවලට අත්සන් තබන විට සැලකිලිමත් වන්න. අසල්වාසීන් සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. බාල සහෝදරයෙකුට අපලදායකයි. වාසනාවට වඩා උත්සාහය හා ධෛර්යය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන්න.   


කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට බුධ පැමිණෙයි. ආයෝජන කටයුතුවලින් පාඩු සිදුවීමට හැකියි. දරුවකු නිසා තැන්පත් ධනය වැය වීමට කරුණු යෙ​ෙද්. කතාව නිසා පාඩු සිදුවීමට පුළුවන. දත්වල ආබාධ ඇතිවීමට හැකියි.   


මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නයට බුධ පැමිණෙයි. ගෘහ ජීවිතය පිළිබඳ කටයුතුවලට බාධා ඇති විය හැකියි. මවුපියන් ගැන සැලකිලිමත් වන්න. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. මංගල යෝජනා කටයුතුවලටද බාධා ඇතිවීමට පුළුවන. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකියි.

 

 

 

 


ජ්‍යෝතිෂවේදිනී අජන්තා නිශාන්ති ඒකනායක
121, මාංගොඩ, මැදමහනුවර. 0774275328



අදහස් (0)

බුධ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 121 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 43 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 85 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site