IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පොල්වත්තක නිවස සෙවූ කොළඹ උපන් දරුවෙක්

​පෙරභවයේ ප්‍රබල සාක්කි  

 

 

 

‘මම හිටපු ගේ තිබුණේ ලොකු ​ෙපාල්වත්තක් මැද්දේ. ඒක ලොකු ගෙයක්. එහෙදි අපිට ඩෝසර් දෙකක් තිබුණා. අපි හයදෙනෙක් ගෙදර හිටියා. කොළ පාට ජීප් එකකුත් තිබුණා. අපි ඒකෙන් කැලේටත් යනවා’ යැයි පෙරභව තොරතුරු හෙළි කරන හිරණ්‍ය නම් දරුවෙක් කොළඹ පෞද්ගලික රෝහලක දී උපත ලබා තිබේ.  


2013 ජනවාරි මාසයේ දී උපත ලබා ඇති මෙම දරුවා දෙමාපියන් සමග දැනට ජීවත්වන්නේ රාජගිරිය ප්‍රදේශයේය. ඔහු පෙරභව තොරතුරු හෙළිකිරීම ආරම්භ කරනු ලැබුවේ වයස අවුරුදු දෙකහමාරේදී පමණ යයි මව පවසන්නීය.  


කොළඹ නාගරික පරිසරයක ජීවත්වන මෙම දරුවා මේ වන විට කිසිදු පොල්වත්තක් මැද පිහිටි නිවසක් හෝ දැක නොමැති බවද දෙමාපියෝ පවසති. ඔහු ප්‍රථම වරට පෙරභව තොරතුරු හෙළිකර ඇත්තේ ඔහුගේ මිත්තනිය සමගය. දිනක් මිත්තනිය සමග සිටි දරුවා,  


‘මගේ ගෙදර තිබුණේ පොල් වත්තක් මැද්දේ’ යැයි ප්‍රකාශ කළේය. සිඟිති දරුවාගේ මෙම ප්‍රකාශය මිත්තනියට ගැටලුවක් විය.  


‘ඒ ගෙදර කව්ද හිටියේ?’ යැයි මිත්තනිය සිඟිති දරුවාට ප්‍රශ්නයක් මතු කළාය. ක්ෂණයෙන් එයට පිළිතුරු දුන් දරුවා,  


‘මට නංගිල මල්ලිල හයදෙනෙක් හිටියා. මට එහෙදි කියන්නෙ ලොකු අයියා කියල. අපි ජීප් එකෙන් කැලේට යනවා. අපිට ඩෝසර් දෙකක් තිබුණා’ යැයි පැවසීය.  


ඩෝසර් යන වදන හෙළිකිරීමෙන් මවිතයට පත් වූ මිත්තනිය ඩෝසර්වලින් කොහේද යන්නේ යැයි විමසීමක් කළාය. ‘ඩෝසර් අරන් කැලේටත් යනවා’ යැයිද කීවේය.  

 

‘මට නංගිල මල්ලිල හයදෙනෙක් හිටියා. මට එහෙදි කියන්නෙ ලොකු අයියා කියල. අපි ජීප් එකෙන් කැලේට යනවා. අපිට ඩෝසර් දෙකක් තිබුණා’ යැයි පැවසීය.  
ඩෝසර් යන වදන හෙළිකිරීමෙන් මවිතයට පත් වූ මිත්තනිය ඩෝසර්වලින් කොහේද යන්නේ යැයි විමසීමක් කළාය. ‘ඩෝසර් අරන් කැලේටත් යනවා’ යැයිද කීවේය.  

 


පුංචි පුතු කිසියම් පෙර භවයක තොරතුරු අනාවරණය කරන බැව් අවබෝධවූ මිත්තනිය ඒ බැව් දරුවාගේ දෙමාපියන්ටද හෙළි කළාය. මේ අතර එම දරුවා තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය. එනම් ඔහුව කිසියම් සෙල්ලම් භාණ්ඩයක් රැගෙන දීමට වෙළෙඳසලකට ගිය විටදී ඔහු විසින් ගනු ලබන්නේ ඩෝසර් වීමය. හැමවිටම එවැන්නක් දුටු විගස ‘අපිටත් ඩෝසර් තිබුණා’ යයි ප්‍රකාශ කිරීමද විශේෂත්වයක් බවට පත්වී තිබිණි.  
‘එහෙදි ගෙදර උයන්න බඩු ගේන්නෙ මම. අපේ ගෙදර සිටි ආච්චි කෙනෙක් හිටියා. එයා තමයි උයන්නෙ’ යනුවෙන්ද මෙම දරුවා මතකයෙන් හෙළිකරන්නට විය.  


වරින් වර සිහිපත් වන පෙර භව තොරතුරු මෙසේ හෙළි කළේය.  

 

පෙර නිවස ඇඳි චිත්‍රය

 


‘මගේ එහෙ බැංකු පොතේ සල්ලි ගොඩක් තියෙනවා. බැංකුවට ගියාම ඒ සල්ලි ගන්න පුළුවන්’ එම දරුවා පවසයි. පෙර භවයේදී ජීප් රියේ ගමන් කරමින් සිටියදී වෙඩි පහරකට ගොදුරු වූ බවක්ද මෙම දරුවාට මතකය. ‘දවසක් ජීප් එකේ යන කොට වෙඩි තිබ්බා’ යයිද ඔහු පවසයි.  


මෙම දරුවා හෙළිකළ තොරතුරු පිළිබඳව විමර්ශනයක් කිරීමට පසුගිය දිනෙක අපටද අවස්ථාව ලැබිණි. එහිදී මවට ඉදිරිපත් කළ ප්‍රශ්නත් මව දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.  


ප්‍රශ්නය - ඔබේ පුත්‍රයා පෙර භවය ගැන තොරතුරු හෙළි කිරීම ආරම්භ වූයේ වයස කීයෙදිද?  
පිළිතුර - හරියටම වයස අවුරුදු දෙකයි මාස නවයෙදි  
ප්‍රශ්නය - ඒ වනවිට දරුවාගේ හැසිරීම් රටාව කෙසේද?  
පිළිතුර - පුංචි කාලෙ ඉඳලම බුල්ඩෝසරයක් දැක්කම කලබල වෙලා ඒ දෙස බලා සිටිනවා. සෙල්ලම් භාණ්ඩයක් ගන්න ගියත් එයා ගන්නෙ ඩෝසරයක් වගේ එකක්.  
ප්‍රශ්නය - පුතාගේ වෙනත් හැසිරීම් රටා මොනවද?  
පිළිතුර - කාර් එළවන්න පුළුවන් බව පෙන්වනවා. ගියර් දාන්න, සිග්නල් ලයිට් දාන්න, රිවර්ස් කරන්න යන වදන් නිතර කියනවා. වාහනවලට පුදුම ආශාවක් දැක්වූවා.  
ප්‍රශ්නය - එයා මැරුණ හැටි කිව්වද?  
පිළිතුර - ජීප් එකක් ගියා එතකොට වෙඩි පාරක් වැදුණ බවත් කියනවා.  
ප්‍රශ්නය - වෙඩි පහර කොහේටද වැදුණෙ කියල කිව්වද?  
පිළිතුර - නෑ, ඒත් එයාගේ බෙල්ලෙ පැත්තක තද උපන් ලපයක් පිහිටලා තියෙනවා.  
ප්‍රශ්නය - වෙඩි වැදුණ පරිසරය ගැන හෙළි කළාද?  
පිළිතුර - නෑ, කැලේකට ගිය බවක් කිව්වා.  
ප්‍රශ්නය - කැලේට ගියේ ඇයි කියල කිව්වද?  
පිළිතුර - නෑ  
ප්‍රශ්නය - කොහොමද ගියේ කිව්වද?  
පිළිතුර - ජීප් එකෙන් ගියා යයි කිව්වා.  
ප්‍රශ්නය - මොන වගේ ජීප් එකක්ද කියල කිව්වද?  
පිළිතුර - කොළ පාට එකක් බව කීවා  
ප්‍රශ්නය - ගෙදර ගැන විස්තර කළේ කෙසේද?  
පිළිතුර - ලොකු පොල් වත්තක් මැද්දෙ තිබුණ ලොකු ගෙයක් බැව් කීවා.  
ප්‍රශ්නය - එවැනි ස්ථානවලට පුතා ගිහින් තියෙනවද?  
පිළිතුර - නෑ, නිතරම කියන්නෙ පොල්වත්ත මැද්දෙ ගේ තිබුණ බවයි.  

 


එම දරුවා කරන ලද ප්‍රකාශ අනුව සොයුරු සොයුරියන් හයදෙනෙක් පමණ සිටි බැව් අනාවරණය වේ. පෙර භවයේ පවුලේ වැඩිමහල් අයෙකු ලෙස ඔහු ගෙදර පාලනය කර ඇති බැව් දක්නට ලැබෙන බවද මව පවසයි.  
තරුණ වියේ සිටියදී පොල්වතු හිමියෙකු ලෙස ජීවත්ව සිට ඇති බැව් මෙම දරුවාගේ පෙරභව තොරතුරු අනුව දක්නට ලැබේ. මෙම දරුවා අනාවරණය කරන ජීවිත තොරතුරුවලට සමාන කිසියම් පවුලක් හෝ පුද්ගලයන් පිළිබඳව ඔබේ මතකයේ ඇත්නම් අප වෙත දන්වන්න. එසේ ලැබෙන තොරතුරු මෙම පුනර්භව සාධකය සනාථ කිරීම සඳහා විමර්ශනය කිරීමට හැකියාව තිබේ.  


පෙර භවයේ නිවස සහ පවුලේ අය සිටින අයුරු චිත්‍රයකට නගා පෙන්වීමටද මෙම දරුවාට හැකි වී තිබේ.  

 


තිස්ස ජයවර්ධන   



අදහස් (0)

පොල්වත්තක නිවස සෙවූ කොළඹ උපන් දරුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site