පෙර භවයේ ප්‍රබල සාක්කි
හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙස උපත ලැබූ පිරිමි දරුවාට මවගේ දැඩි ආදරයක් හිමිවී තිබිණි. එහෙත් ඔහු ඉතා කුඩා අවදියේ සිට මවට තම සැමියා සමඟ ව්‍යාපාර කටයුතු සඳහා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටීමට සිදුවිය. මේ නිසා ඔහු බලා කියා ගැනීම වැඩි වශයෙන්ම පැවරී තිබුණේ දරුවාගේ මාමටය. කුඩා කල සිටම එම දරුවාට කිසිදු අඩුපාඩුවක් නොමැතිව පාසල් අධ්‍යාපනය ලබා දීමටද මාපියෝ කැපවී සිටියහ. එහෙත් ඔහු අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක්වීය.
ඔහු තරුණ වියට පත්වීමෙන් පසු අවශ්‍ය වූයේ ඕස්ට්‍රේලියාවට ගොස් අධ්‍යාපනය ලබමින් රැකියාවක නිරතවීමටය. මාපියෝ වත් පොහොසත්ව සිටීම නිසා ඔහු සැහැල්ලු ජීවිතයක් ගත කළේය. වයස අවුරුදු පහළොවක් පමණ වන විට ඔහුට මිතුරන් අති විශාල පිරිසක් සිටියහ. ඔවුන් වැඩි දෙනෙකුට මෝටර් බයිසිකලයක් මිලදී ගෙන දෙන ලෙස ඔහු මවගෙන් ඉල්ලා සිටියේය.
තම පුත්‍රයාට තිබූ දැඩි ආදරය නිසා බයිසිකලයක් ගෙනදීමට මම අකැමැති වූවාය. ඔහු කිසියම් අනතුරක් සිදු කරගනු ඇතැයි සිතූ මව එම ඉල්ලීම ඉටු නොකර සිටියාය. එහෙත් මිතුරන්ගේ බයිසිකලයක් ඉල්ලා ඒවා පැදීමට ඔහු පුරුදුව සිටියේය. බයිසිකල් පැදීමට තිබූ ආශාව නිසා එක් මිතුරෙකුගේ නිවසට යන ඔහු තම මිතුරා සමග බයිසිකලයෙන් ගමන් යෑමට පුරුදු වූයේය.
එදා 1963 ජුලි 29 වැනිදාය. සිය මිතුරාගේ නිවසට ගිය ඔහු බයිසිකලය ඉල්ලාගෙන මිතුරාවද එයට නංවාගෙන පැද ගියේය. නිවසේ සිට කිලෝමීටර් දහයක් පමණ වූ මාර්ගයේ ප්‍රබල වංගුවක් තිබිණි. එම වංගුවට පැමිණීමත් සමග ඉදිරියෙන් එන ට්‍රක් රථයක් ඔවුන්ට දක්නට ලැබිණි. සිදුවන්නට යන අනතුර දුටු පසුපස අසුනේ සිටි මිතුරා ජීවිතය පරදුවට තබා සයිකලයෙන් පිටතට පැන්නේය. එහෙත් ඔහුගේ අතක් කැඩුණි. ඔහුගේ ජීවිතය බේරුණේය.
වේගයෙන් පැමිණි ට්‍රක් රථය බයිසිකලයේ ගැටුනි. පැදගිය තරුණයාට දරුණු තුවාල සිදුවිය. ඔහු වහා රෝහල් ගත කැරිණි. බයිසිකලයටද දැඩි හානි සිදුවිය. රෝහල් ගත කළ නමුත් තරුණයා ජීවත් වූයේ ස්වල්ප වේලාවකි. අධික ලෙස රුධිරය ගැලීමත් සිරුරට සිදුවී තිබූ තුවාල නිසාත් ඔහුගේ මරණය සිදුවිය. ඒ වන විට ඔහු 17 වැනි වියේ පසුවිය.
තම පුත්‍රයාට සිදුවූ අවාසනාවන්ත ඉරණම නිසා මාපියෝ සහ පවුලේ සොයුරු සොයුරියෝ දැඩි ලෙස කම්පාවට පත්වූහ. විශේෂයෙන්ම ඔහුගේ මිතුරු කණ්ඩායමට එය අතිශය ශෝකජනක සිදුවීමක්ව තිබිණි. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි මිතුරෝ රැසක් අවසන් ගෞරව දැක්වූහ. නිවසේ ඥාතීන් ඔහුට සිටි මිතුරන් සංඛ්‍යාව දැනගනු ලැබුවේ ඔවුන්ගේ එම පැමිණීම නිසාය.
කඳු සහිත පෙදෙසක් වූ ඔහුගේ නිවස පිහිටා තිබුණේ කඳු මුදුනේ ඉහළ පෙදෙසේය. කඳු පාමුල තවත් නිවාස කීපයක් පිහිටා තිබිණි. එම නිවෙස් වැසියෝද මෙම තරුණයාගේ අකල් මරණය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්ව සිටියහ.
කාලය ගෙවී ගියේය. එම නිවෙස්වලින් එක් නිවසක සිටි සුළු වෙළෙඳ ව්‍යාපාරයක් හිමිව සිටි යුවළකට පිරිමි දරුවෙකු ලැබිණි. එම දරුවාට ඔවුහු රබී යනුවෙන් නම් තැබූහ. බහ තෝරන වියට පත් වූ එම දරුවා යන්තම් වචන උච්චාරණය කිරීම ආරම්භ කළේය. වයස අවුරුදු දෙකහමාරක් පමණ විය.
පෙරභවය පිළිබඳව තිබූ මතක සටහන් හෙළි කරමින් එම දරුවා පෙරභව තොරතුරු අනාවරණය කරන්නට විය. ඔහු සිටි නිවස ඉදිරිපිට විශාල ගේට්ටුවක් තිබූ බවත් එම නිවස ඔහු සිටින නිවසට වඩා විශාල බවත් හෙළි කළේය. අනතුරුව පෙරභව පියාගේ සහ මවගේ නම්ද හෙළි කරමින් එම මාපියන් සිටි නිවසට යාමට අවශ්‍ය බවත් ඔහු පැවසීය. ඉන් නොනැවතුණු දරුවා ඔහුට එම නිවස පෙන්වීමට හැකි බවද කීය.
වේගයෙන් පැමිණි ට්‍රක් රථය බයිසිකලයේ ගැටුණි. පැදගිය තරුණයාට දරුණු තුවාල සිදුවිය. ඔහු වහා රෝහල් ගත කැරිණි. බයිසිකලයටද දැඩි හානි සිදුවිය. රෝහල් ගත කළ නමුත් තරුණයා ජීවත් වූයේ ස්වල්ප වේලාවකි. අධික ලෙස රුධිරය ගැලීමත් සිරුරට සිදුවී තිබූ තුවාල නිසාත් ඔහුගේ මරණය සිදුවිය. ඒ වන විට ඔහු 17 වැනි වියේ පසුවිය.
මාස කීපයක් ගතවන විට දරුවාගේ එම ඉල්ලීම දිනෙන් දින වැඩි වන්නට විය. ඔහුට පෙර නිවසට යෑමට අවශ්‍ය බව කියමින් ඔහු හඬන්නට විය. තම පුත්‍රයාගේ ප්‍රකාශය අනුව ඔහුගේ පෙර නිවස සහ දෙමාපියන් සොයා ගත හැකිද යන්න නිරීක්ෂණ කිරීමට මාපියෝ තීරණය කළහ.
ඒ අනුව වැඩිමහල් පුත්‍රයාද සමඟ ඔවුන් දරුවා රැගෙන එම නිවෙස් පිහිටි බැව් කියන පරිසරයට ගියහ. විශාල ගේට්ටුවක් සහිතව තිබූ නිවසක් සොයාගිය දරුවා නොබියව නිවසට ඇතුළු විය.
නිවසට පැමිණි අය කවුරුන්දැයි නිවැසියෝ දැන නොසිටියහ. නිවස තුළට පැමිණි දරුවා වෙත පැමිණි එහි සිටි කාන්තාවක් ‘‘ඔබ කව්ද?’’ යැයි ප්‍රශ්න කළාය. ක්ෂණිකව පිළිතුරු දුන් දරුවා නමක් ප්‍රකාශ කළේය. අනතුරුව නිවසේ සිටි මාපියන් සහ සොයුරන් කීප දෙනෙක්වද ඔහු හඳුනාගෙන නම කියා ඇමතුවේය.
ආගන්තුකයෙකු ලෙස නිවසට පැමිණි දරුවා සමඟ නිවස තුළට සහ නිවසට පිටතටත් එහි සිටි ඥාතීහු දරුවා කැටුව ගියහ. එහිදී නිවසේ තිබූ මියගිය තරුණයා පරිහරණය කළ භාණ්ඩ එම දරුවා විසින් නිවැරදිව හඳුනා ගනු ලැබිණි.
පෙර භවයේදී සිදුවූ මෝටර් බයිසිකල් අනතුර පිළිබඳවත් නිවැරදිව හෙළි කළ ඔහු එදා එම සයිකලයේ ගමන් ගත් මිතුරාගේ නමත් අනාවරණය කළේ පෙරභව මාපියන් පුදුමයට පත් කරවමිනි. අනතුර සිදුවූ ප්‍රදේශයේ තමන් අනතුරෙන් පසුව ඔහු රෝහල් ගත කළ බවත් පෙරභව මතකයෙන් එම දරුවා එදා අනාවරණය කළේ වයස අවුරුදු තුනේ පමණ සිටියදීය.
මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පර් යේෂකයෝ පූර්ණ විමර්ශනයක් සිදු කළහ. එහිදී දරුවා කළ ප්‍රකාශත් මිය ගිය තරුණයාගේ ජීවිත තොරතුරුත් දැඩි පර් යේෂණයක් පැවැත්වීය. එම පර් යේෂණ වාර්තාව අනුව පෙරභවය හෙළිකළ දරුවා අනාවරණය කළ කරුණු පනහකට අධික සංඛ්‍යාවක් ලිඛිතව සටහන් වී තිබේ. එයින් ප්‍රධානතම වැදගත් කරුණු කීපයක් මෙසේය.
නිවසේ සඳහන්ව තිබූ නම කීම
නිවස පිහිටි ප්‍රදේශය පැවසීම.
නිවස ඉදිරිපිට ගේට්ටුව හෙළිකිරීම
මවගේ නම ප්‍රකාශ කිරීම
පියාගේ නම පැවසීය.
සොයුරු සොයුරියන්ගේ නම් කීම
ඇසුරු කළ මිතුරන් කීපදෙනෙකුගේ නම් ප්‍රකාශ කිරීම.
බයිසිකලය පැදගෙන ගිය බැව් හෙළි කිරීම
එහි ගමන්ගත් මිතුරාගේ නම අනාවරණය කිරීම.
බයිසිකල් අනතුර සිදු වූ ගම් ප්‍රදේශය සහ පරිසරය හෙළි කිරීම
අනතුර සිදුකළ ට්‍රක් රථය ගැන නිවැරදිව හෙළි කිරීම
රෝහල් ගත කිරීමෙන් පසු මරණය සිදුවූ අයුරු අනාවරණය කිරීම.
මෙම කරුණුවලට අමතරව එදා එම දරුවාගේ හඳුනාගැනීම් රැසක්ද.
(STATEMENT AND RECOGNITION'S MADE BY THE SUBJECT) යනුවෙන් ඇතුළත් කර තිබේ. දෙමාපියන් හඳුනා ගැනීම සහ ඥාතීන් ඇතුළු මිතුරන් කීප දෙනෙක්වද හඳුනා ගැනීම එයට ඇතුළත් වී තිබේ.
මෙම සනාථවීම් සියල්ලටම වඩා අතිශය පුදුම උපදවන සිදුවීමක් මෙම පුනර්භව සාධකයේ දක්නට ඇත. එනම් පෙරභවය හෙළි කළ දරුවා ඊට වසර හතකට පමණ පසු එදා ඔහුගේ මරණය සිදු කළ ට්‍රක් රථ රියැදුරා හඳුනා ගැනීමය.
එම දරුවා මහ මග ගමන් කරමින් සිටියදී දුටු ට්රක්රථ රියදුරා වෙත ගිය දරුවා එදා ට්‍රක් රථය පැදවූයේ ඔබ නේද යයි විමසීමය. ළමා වියේ සිටි දරුවා ඒ පිළිබඳව ට්‍රක් රථ රියැදුරාගෙන් විමසීම ගැන ඔහුද අතිශය පුදුමයට පත්වීය. එම හමුවීම ගැනද පර්යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.
HE HAD MET THE DRIVER OF THE TRUCK WITH WICH HE HAD FATALLY COLLIDED, HE RECOGNIZED THIS MAN BY HIS FACE AND AFTERWARDS LEARNED HIS NAME) යනුවෙනි. මේ අතර පෙර භවය හෙළිකළ දරුවා සහ මරණයට පත් වූ තරුණයාගේ ජීවන චර්යාවන් පිළිබඳව විමර්ශනයක් කරනු ලැබීය. එහිදී පෙරභවය හෙළිකළ දරුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වී ඇත්තේ බයිසිකල් පැදීමය. ඔහු බයිසිකල්වලට අතිශය ප්‍රිය බවක් දක්වා ඇත.
මියගිය තරුණයාද බයිසිකල්වලට දැඩි ආශාවක් දක්වා ඇති අතර මරණයට පත් වූයේද බයිසිකල් අනතුරෙනි. මියගිය තරුණයා දඩයමට මහත් ආශාවක් දක්වා ඇත. පෙරභවය හෙළි කළ දරුවා තරුණ වයසට පත්වීමෙන් පසු ඔහු සතුන් දඩයම් කිරීමට මහත් ආශාවක් දක්වා තිබේ.
මියගිය තරුණයා ඉතා හැඩ වැඩට කැමැත්තක් දැක්වූ තරුණයෙකු වූ අතර පෙරභවය හෙළි කළ දරුවා ද කුඩා කල සිට මෝස්තර ඇඳුම්වලට ප්‍රිය බවක් දක්වා තිබේ.
පෙරභවයේ මරණය සිදු වූ අනතුර පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් එම දරුවාට තිබූ බැව්ද පර් යේෂණයේදී අනාවරණය කර ගැනීමට හැකිවිය. ඔහු ප්‍රකාශ කළ ආකාරය ඒ අයුරින්ම මහාචාර්ය ස්වීවන්සන්ගේ පර් යේෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ (THEY HIT A TRUCK COMMING IN THE OPPOSITE DIRECTION) යනුවෙනි.
එය සනාථ කළ විමර්ශනය අනුව ට්‍රක් රථය විරුද්ධ දිසාවේ තිබී ඇති අතර අනතුර සිදුවන විටදී පාර හරස්වීම නිසා බයිසිකලය එහි ගැටීම සිදුවී ඇති බැව්ද තහවුරු වීය. මෙම පුනර්භව පර් යේෂණය සිදු කරන ලද්දේ 1970 වසරේදී ලෙබනනයේදීය.
තිස්ස ජයවර්ධන
හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන
නිරූපණ ක්ෂේත්රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට
පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත
සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.
ඔහු රංගනයට වඩාත් දක්ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම
“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පෙරභව මරණය සිදු කළ රියැදුරු මහමගදී සොයාගනී
Kumar (Gulf) Thursday, 26 December 2019 06:32 PM
පුනර් උප්පත්තිය යනු මායාකාර බොරුවකි, පෙර සිටි අයෙකුගේ මරණයට සම්බන්ධ අශුද්ධ ආත්තම මේ කාලයේ ජීවත් වන අයෙකුට ඇතුල්වී පෙර සිදුවීම දැනට සිටිනා අයගේ වෙනත් ජීවිතයක් ලෙස කියාසිටීමයි.
JayanFriday, 27 December 2019 03:34 PM
ගල්ෆ් වල ඉඳන් දේවාලයක්වත් කරනවද ? අපේ දේවාලෙ කපුවගෙ සහායකත් ඔය වගේ බූරු කතා කියන්න ගිහින් ගමේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනේ යන්තමින්.
HiranFriday, 27 December 2019 03:46 PM
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...............
සෙනෙවිරත්න Friday, 27 December 2019 04:25 PM
පුනර්භවය යනු ජානගත බොරුවකි. නැවත ඉපදීම ගැන ඔය වැනි ඉදහිට ඇසෙන කතා විනා වෙනත් කිසිදු විද්‍යාත්මක තර්කයක් නැත.
Rawinatha Friday, 27 December 2019 03:29 PM
එඩ්ගාර් කේසි ගාව මේ වගේ වාර්තා දහස් ගණනක් තිබුනා. සංසාර මන්දිර පොත හොයාගෙන කියවන්න. අප අතරින් මිය යන්නවුන් බිලියන ගානකින් නැවතත් මනුසත් බව ලබන්නේ ඉතාමත් කුඩා පිරිසක්.
GamageWednesday, 01 January 2020 08:42 AM
ඒත් මනුෂ්‍ය ජනගහනය දිගටම වැඩි වෙනවා .... ඔය කියන විදිහට කොහොමද ඒක වෙන්නෙ ??
සිසිරThursday, 02 January 2020 03:13 PM
මිනිස්සු විතරක් නෙවෙයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ. සත්තු, දෙවියෝ ඒ වගේ ඕනෑම කෙනෙක් මිනිහෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මේ ලෝකය කෘමීන් ම කොච්චර ඉන්නවද? දෙවිවරුත් කෝටි ගානක් ඉන්නවා.
Priyanthi Shamali Friday, 10 January 2020 02:22 PM
පුනර්භවය බොරුවක් කියලත් කියනවා. ඇත්තක් කියලත් කියනවා.පුනර්භවය ඇත්තද බොරුද?
asoka Wednesday, 15 January 2020 03:50 AM
තථාගතයන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාවය සනාථ කිරීමක්. මරණයෙන් පසුව තවත් උපතක් .උපාදාන පච්චයා බවය