IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පෙරභව පුද්ගලනාමය එලෙසම ලැබූ දරුවෝ

පෙරභවයේ ප්‍රබල සාක්කි 

 

 

 

​දරුවෙකු මෙලොව උපත ලැබූ විට මාපියන්ගේ ප්‍රථම කාර්යය වන්නේ ඔහුට නමක් තැබීමය. විවිධ ආගම් සහ සංස්කෘතීන් අනුව දරුවන්ට නම් තැබීම සිදු කෙරේ. බොහෝ  විට ජ්‍යොතිෂ්‍ය පදනම් කරගෙන දරුවන් උපන් වේලාව අනුව නමක් තැබීමට අක්ෂර ලබාදීම ද සිරිතය. දරුවන්ට ඇතැම්විට තබන නම් ඔවුන්ගේ ජීවිතයේ දී හැසිරීම් රටාවට ගැළපෙන අයුරු සිදුවී ඇති බැව් ද ඇතැම් විට දක්නට ලැබේ.   


දරුවන්ට තැබූ නම් පෙරභවය හා සම්බන්ධ වූ අවස්ථා රැසක් පුනර්භව පර්​යේෂණ අතරට එක් වී ඇත. ඇතැම් විට පෙරභවය හෙළි කළ දරුවන්ට මාපියන් විසින් තබන ලද නාමය ඔවුන් විසින් හෙළිකළ පෙර භවයේ තැනැත්තාගේ නම වීම ද අතිශය පුදුම උපදවනසුලුය. එවැනි සිදුවීම් මනෝ විද්‍යාත්මක පර්​යේෂණවලටද අතිශය වැදගත් වී ඇත.   
පෙරභව පුද්ගල නම ඒ අයුරින්ම පෙරභවය හෙළි කළ දරුවාට ලැබීමේ අතිශය වැදගත් පුනර්භව සාධක රටවල් රැසකින්ම හෙළි වේ. ඉන්දියාව, එංගලන්තය, තුර්කිය, ඇලස්කාව, කැනඩා නයිජීරියාව සහ ශ්‍රී ලංකාවෙන්ද එවැනි සිදුවීම් අනාවරණය වේ. ඇතැම් විට එකම නම නොමැතිවූවත් එවැනි දරුවන්ගේ නමේ මුලකුර සමාන වූ අවස්ථා ද දක්නට ඇත.   
පෙරභව පුද්ගල නාමය එලෙසම ලැබූ දරුවෙකු පිළිබඳ පර්​යේෂණයක් ප්‍රථම වරට පවත්වන ලද්දේ ඇලස්කාවේ දී උපත ලද දරුවෙකු පිළිබඳවය. ඇලස්කාවේ ජීවත්ව සිටි විලියම් ජෝර්ජ් නම් පුද්ගලයෙකුගේ රැකියාව වූයේ ධීවර කර්මාන්තයයි. ධීවර කටයුතු සඳහා තවත් කීප දෙනෙකු සමඟ බෝට්ටුවලින් ගොස් මසුන් මැරීම ඔවුන්ගේ කාර්යය විය. 1949 අගෝස්තු මාසයේ දිනෙක ඔවුන් බෝට්ටුවකින් මසුන් මැරීම සඳහා මුහුදු ගියහ. එහෙත් එම පිරිස රැගත් බෝට්ටුවට සිදුවූයේ කුමක්ද යන්න රහසක් වූ අතර බෝට්ටුව සමගින් ඔවුන් මුහුදු බත්වූ බැව් අනාවරණය විය. ඒ අනුව ධීවර කාර්මික විලියම් පෝර්ජ් මරණයට පත්වී මාස නමයක් ගත වී තිබිණි.   


ජෝර්ජ්ගේ දියණියක් ඇගේ කුස තුළින් පිරිමි දරුවෙකු බිහි කළාය. එම දරුවාට මාපියෝ විලියම් ජෝර්ජ් යනුවෙන් නම් තැබූහ. කාලය ගෙවී ගියේය දරුවා බහතෝරන වියට පත්විය. ඒ සමගම ඔහු ගමන් කිරීමේදී එක් පාදයක කොර ගැසීමක් දක්නට ලැබිණි. දරුවාගේ මෙම හැසිරීම් රටාව මාපියන්ට ප්‍රහේළිකාවක් විය. කිසිදු රෝගී තත්ත්වයක් නොමැති එම දරුවා කොරගසමින් ඇවිදින අතර කිසියම් ප්‍රකාශයක් කිරීමට උත්සාහ ගන්නා බවක් මවට දක්නට ලැබිණි. ඇය ඒ පිළිබඳ අවධානය යොමු කර සිටියාය. මසුන් මැරීම සඳහා ​බෝට්ටුවෙන් ගමන් ගන්නා අයුරු නිරූපණය වන වදන් ඔහු මගින් ප්‍රකාශ විය. මේ අතර එම දරුවාගේ මව දිනක් ඇගේ රන් ආභරණ පෙට්ටියක් විවෘත කළාය. මියගිය විලියම්ට අයත්ව තිබූ අත් ඔරලෝසුවක් එහි විය. ඒ අසල සිටි දරුවා එක්වරම එය දුටු සැණින් ඒ මගේ ඔරලෝසුව යයි හඬනගා පැවසීය.   


දරුවා කළ එම ප්‍රකාශය මියගිය අයගේ ජීවන තොරතුරු අනාවරණය කිරීම ලෙස මාපියෝ විශ්වාස කළහ. එහි තවත් ප්‍රබලතම සාක්කියක් වූයේ දරුවා පෙරභවය හෙළි කරන අවස්ථා වලදී ඔහු පාදයක් කොරගසමින් ඇවිදීමය. මියගිය විලියම් ජීවත්ව සිටියදී වරක් ඔහු අනතුරකට පත් වී ඔහුගේ පාදයත් දරුණු ලෙස තුවාල විය. ඒ නිසා ඔහු ගමන් කරන අවස්ථාවලදී එම පාදය කොරගසමින් ගමන් කිරීම ඔහුගේ හැසිරීම් රටාව වී තිබිණි.   


පෙරභවයේ පුද්ගලනාමය ඒ අයුරින්ම ලැබූ ශ්‍රී ලංකාවේ දරුවෙක්ද මීට වසර ගණනකට උඩදී පුනර්භව පරීක්‍ෂණවලට ඇතුළත් විය. දොම්පේ ප්‍රදේශයේ දී උපත ලද එම දරුවා මාපියන් විසින් නම් කර තිබුණේ සම්පත් රුවන් ලෙසය. සම්පත් දරුවා බහ තේරීම ආරම්භ කිරීමත් සමග පෙර භව තොරතුරු හෙළි කළේය. පෙර භවයේදී නිවස පිහිටා තිබූ අයුරුත් පෙරභවයේ පියා පිළිබඳවත් එම දරුවා නිවැරදිව තොරතුරු අනාවරණය කරන්නට විය.   


ඔහුට කුඩා බයිසිකලයක් තිබූ බව පැවසූ එම දරුවා එය රැගෙන ඒමට පෙර භවයට යාමට අවශ්‍ය බැව් මාපියන්ට පැවසීය. පියාට ද බයිසිකලයක් තිබූ බැව් ද පැවසූ එම දරුවා එම බයිසිකලයේ ඔහුට යෑම සඳහා වෙනම කුඩා අසුනක් තනා තිබූ බැව් ද කීය. අනතුරුව පෙර භවයේ නිවස පිහිටි ගම් ප්‍රදේශය ද නිවැරදිව පැවසීය. ළිඳේ වැටීම නිසා මරණයට පත් වූ අයුරු එම දරුවා මගින් හෙළිවිය.   


මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසු පාලුගම ප්‍රදේශයේදී ළිදේ වැටී මියගිය දරුවෙකුගේ මාපියෝ එම දරුවා දැක ගැනීමට පැමිණියහ. එහිදී පෙර මාපියන් නිවැරදිව හඳුනා ගැනීමට එදා එම දරුවාට හැකි විය. අනතුරුව පෙර නිවසට ගිය දරුවා පෙරභවයේ ඔහුට අයත්ව තිබූ බයිසිකලය ද හඳුනාගත්තේ රැස්ව සිටි අය පුදුමයට පත් කරවමිනි. මෙම පුනර්භව සාධකයේදී හෙළි වූ විශේෂත්වය වූයේ මියගිය දරුවාට එම මාපියන් විසින් නම් කර තිබුණේ සම්පත් රුවන් ලෙස වීමය.   


පෙරභවයේ පුද්ගලනාමය ඒ අයුරින්ම යළි උපන් දරුවාට ද හිමිවීම මේ පිළිබඳව සිදු කළ පර්​යේෂණයේ දී දැඩි අවධානයට යොමු විය. පෙර භවය හෙළි කළ දරුවාගේ සහ මියගිය දරුවාගේ මාපියෝ පැවසුවේ ජ්‍යොතිෂය අනුව නම් තැබීමට ඔවුන්ට ලබා දී තිබූ අක්ෂර අනුව එම දරුවන් දෙදෙනාටම නම් තැබූ බවය.   


ඇමරිකාවේ දී සිදුකළ තවත් පුනර්භව සාධකයකදී ද පෙරභවය හෙළිකළ දරුවාට පෙරභවයේ පුද්ගලනාමය ලැබීමේ සිදුවීමක් අනාවරණය වීය. පෙරභවය හෙළි කළ එම දරුවාට නම් තබා තිබුණේ (JAMES) යනුවෙනි. පෙරභවයේදී ඔහු ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ බැව් එම දරුවා හෙළිකළේ වයස අවුරුදු තුනේ පමණ සිටය. ඔහු මරණයට පත් වූ ගුවන් අනතුර පිළිබඳවද පැහැදිලිව තොරතුරු හෙළි කළ එම දරුවා ගුවන්යානයේ හැඩරුව ද චිත්‍රයට නගාපෙන්වීය.   


අනතුරුව පෙරභවයේ ඇසුරු කළ පුද්ගල නම් කීපයක්ද ඔහු අනාවරණය කළේය. එම දරුවා විසින් හෙළි කළ පෙරභව තොරතුරු පිළිබඳව පියා දැඩි උත්සාහයක් ගනු ලැබීමෙන් පසු පෙරභවයේ පුද්ගලයා මරණයට පත් වූ අන්දම සහ සියලු ​තොරතුරු සොයා ගැනීමට අවස්ථාව ලැබිණි. එම කතා පුවතේද විශේෂත්වය වූයේ මියගිය ගුවන් නියමුවාගේ පුද්ගල නාමය වූයේ (JAMES) වීමය. එකම නාමය හිමි වූ පුනර්භව සාධකයන් ලෙස එම දරුවාගේ කතා පුවත ද පර්​යේෂණ අතරට එක්විය.   


1960 වසරේදී තුර්කියේදී උපත ලද දරුවෙකුට මාපියන් විසින් නම් තබන ලද්දේ (CEMAL) යනුවෙනි. වචන උච්චාරණය කරන අවදියේදී පෙරභවය හෙළි කළ එම දරුවා ප්‍රකාශ කළේ ඔහුට සිය බිරිය බැලීමට යාමට අවශ්‍ය බවය. බාබර්වරයෙකු ලෙස සේවය කළ බවද හෙළිකළ එම දරුවා බිරියගේ නම ද ප්‍රකාශ කළේය.   


ඔහු ප්‍රකාශ කළ තොරතුරු අනුව පෙර භවයේ බිරිය හමුවීමටද එම දරුවාට එදා අවස්ථාව ලැබිණි. බිරිය දුටු සැණින් ඒ මගේ බිරිය යයි ඔහු පැවසීය. මේ අයුරින් ඔහුගේ පෙරභවය සනාථ වූ අතර පෙරභවයේ පුද්ගලනාමයද (CEMAL) බැව් තහවුරු විය.   


පෙරභවයේ තැනැත්තා වෘත්තියෙන් බාබර්වරයෙකු ලෙස ජීවත්ව සිට ඇති අතර වයස අවුරුදු හැටේදී හෘදයාබාධයක් නිසා මරණයට පත්වී තිබිණි. මෙම පුනර්භව සාධකයේ තවත් ප්‍රබල සාක්කියක් වූයේ පෙර භවයේ පුද්ගලයාගේ සිරුරේ තිබූ උපන් ලපයක් ඒ අයුරින්ම පෙරභවය හෙළි කළ දරුවාගේ අතක පිහිටා තිබීමය.   


ඉන්දියාවේ දී උපත ලද දරුවෙක් මගින් ද පෙරභවයේ නමට සමාන පුද්ගලනාමයක් හිමිව තිබිණි. 1973 වසරේදී උපන් එම දරුවා නම්කර තිබුණේ (PAPU) යනුවෙනි. මිනීමරුවන් පිරිසක් මගින් ඔහු මරා දැමූ බැව් ඔහු හෙළිකළේය. උත්තර ප්‍රදේශයේ ඔහු උපත ලැබූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් පනහකට පමණ දුරින් පිහිටි ගමක් ඔහු අනාවරණය කළේය. පෙර භවයේදී නීතිඥයෙකු ලෙස ජීවත් වූ බවද මෙම දරුවා ප්‍රකාශ කළ වයස අවුරුදු දෙකහමාරේ පමණ සිටය. එම දරුවගේද උපතින් හිසේ උපන් ලපයක්ද දක්නට ලැබිණි. පෙරභවයේ මාරාන්තික තුවාලය සිදුවූ ස්ථානය ලෙස ඔහු එය හඳූන්වා දුන්නේය.   


මහාචාර්ය ස්ටීවන්සන් සමඟ ඉන්දීය පුනර්භව පර්​යේෂකයෝ මෙම දරුවාගේ ප්‍රකාශ පිළිබඳ පර්​යේෂණ පැවැත් වූහ. එම දරුවාට කුඩා කල දී ඔහුගේ නම (PAPU) යනුවෙන් පැවසූ විට ඔහු පැවසුවේ ඔහුගේ නම (PRABU) බවය. ඔහු හෙළිකළ පෙරභවයේ ජීවත තොරතුරු අනුව පෙර භවයේ මියගිය පුද්ගල නාමය එය බැව් සනාථ විය. මනෝවිද්‍යාත්මක පර්​යේෂණවල නිරත වූ ජර්මනියේ හිටපු මහාචාර්ය අර්ටල්ද පෙරභවය හෙළි කළ දරුවන්ට පෙරභවයේ පුද්ගලනාමය ඒ අයුරින් ලැබීම පිළිබඳ පර්​යේෂණ පැවැත්වීය.   


ඔහු විසින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ එකම පුද්ගල නාමය ලබා සිටි ශ්‍රී ලංකාවේ සම්පත් රුවන් දරුවා පිළිබඳවය. මහාචාර්ය අර්ටල් විසින් ASTROLOGY AND REINCARNATION යටතේ සියුම් නිරීක්‍ෂණයක්ද සිදු කළේය.   

 

 


​තිස්ස ජයවර්ධන



අදහස් (0)

පෙරභව පුද්ගලනාමය එලෙසම ලැබූ දරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 495 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site