විවාහය අජාසත් කරන දෝෂ කාන්තා කේන්දරයෙන් හඳුනාගන්න
විවාහය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අවශ්‍යයි. එය යහපතටත් අයහපතටත් හේතු වේ. විවාහය මාපියන්ගේ උපදෙස් මත ජ්‍යෙතිෂ්‍යයේ දැක්වෙන පොරොන්දම් ගැලපීම් අනුව සිදු කරන අතර සමහරුන් රහස් ප්‍රේම සබඳතාවන් අනුව හිතුවක්කාර ලෙස විවාහ වුවද ටික දෙනෙකුට එය සාර්ථක වුවද වැඩි දෙනෙකුට හිරිහැර කරදර ඇති වී දෙදෙනා වෙන් වී දික්කසාද නඩුමගට බැස නීතියේ පිහිට පතන්නට සිදුව ඇති බව ඔබ ද හොඳින් දැක අසන්නට ඇත. සමහරුන් වස විෂ පානය කිරීම, කපා කොටා ජීවිත විනාශ කර ගැනීම් ආදිය ද දක්නට ඇත. ඒ නිසා රූපයට ධනයට රැකියාවට ලොල් වී නොරැවටී ජ්‍යෙතිෂයේ සිද්ධාන්තයන් අනුව පොරොන්දම් ගැලපීම් පරීක්ෂා කර විවාහ වුවොත් දෙදෙනාටම නසින තුරු සාර්ථක රන් රස සේ කිරි පැණි සේ රසවත් යුග දිවියක් ගත කළ හැක.
එනිසා විවාහ වන්නට පෙර ස්ත්‍රී කේන්ද්‍ර වල පිහිටා ඇති විවාහය අපායක් කරන වෛශ්‍යා, වෛධව්‍යදරිද්‍ර, විෂ කන්‍යා, කාල සර්ප යෝග, කුජ භෞම දෝෂ ආදීන් ගැන සලකා බැලීම ඉතා වැදගත් වේ.
කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් අනුව මේෂ වෘෂභ තුලා වෘෂ්චික කුම්භ යන ලග්නවලින් උත්පත්තිය ලැබූවන්ගේ රවි කුජ ශුක්‍ර රාහු යන ග්‍රහයින් 11 වැන්නේ පිහිටා ඇත්නම් විවාහ ජීවිතය කෙළවර වන්නේ නීතියේ පිහිට පතාය.
රවි, චන්ද්‍ර, ශුක්‍ර, කුජ රාහු යන ග්‍රහයින් 2, 6, 8, 12 යන ස්ථානවල සිටීමද 7 වැන්නේ අධිපතිය ශනිගෙන් පීඩා වීම විවාහය කැඩී වෙන්වීමට මුල් වේ.
ලග්නය මකර නම් රවි චන්ද්‍ර දෙදෙනා 8 වැන්නේ ද කුජ කිවි රාහු 3 දෙනා 7 වැන්නේ සිටියහොත් විවාහය කැඩේ.
මකර රාශිෙයන් උපත ලබා රවි සඳු 8 ද සිකුරු 6 ද සිටියහොත් විවාහය අවාසනාවන්තයි.
කුජ ශනි දෙදෙනා හත් වැනි භාවයේ සිටිය හොත් විවාහය කැඩී වැන්ඳඹුවක වේ.
ස්ත්‍රී කේන්ද්‍රයේ 7 හෝ 8 හි ශනි කුජ රාහු යන පාපී ග්‍රහයින් යෙදී තිබීම ස්වාමියාට අපල ඇති වේ.
කුජ චන්ද්‍ර දෙදෙනා සංයෝගව සිටීම හා රවි 7 වැන්නේ සිටීම පුරුෂයාට අශුභ පළ ඇති කරයි.
රාහු ශනි දෙදෙනා සුභ ග්‍රහ දෘෂ්ඨි නොලබා ස්ත්‍රී කේන්ද්‍රය 7, 8 භාවවල සිටිය හොත් ස්වාමියා දිවි නසා ගනී. එමෙන්ම පුරුෂ කේන්ද්‍රයක 6, 7, 8 යන ස්ථානවල කුජ රාහු ශනි යන ග්‍රහයෝ පිළිවෙළින් පිහිටා ඇතිනම් භාර්යාවට අපල ගෙන දෙයි. ශනි පාපව පීඩිත වී 7, 8 යන භාවවල සිටීමෙන් විවාහය කැඩී බිඳී යයි. කාල සර්ප යෝගය පුරුෂ කේන්ද්‍රයක යෙදී රාහු කුජ පාප පීඩිත වීම භාර්යාව මරණයට පත් වන යෝගයකි.
පුරුෂ කේන්ද්‍රයක 1, 7 රාහු කේතු සිටීම හා ඔවුනොවුන් මාරු වී සිටීමද විවාහය කැඩෙන ග්‍රහ පිහිටීමකි.
ඉහත කරුණු එසේ වුවත් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍රවල පිහිටා ඇති බාධක බලයන් කේන්ද්‍ර ගැළපීම් අනුව වෙනස් වේ. ඒ සඳහා සියලු සිද්ධාන්ත ගවේෂණ කළ යුතුයි. ඒ අනුව දොස් නිදොස් වී සාර්ථක වන අවස්ථා තිබේ. එය සිදු විය යුතු වන්නේ ජන්ම කේන්ද්‍රය පූර්ණ ගවේෂණයක් කිරීමෙන් බව දත යුතුයි.
එනිසා විවාහය වීමෙන් පසු මිය යන තාක් විවාහ ජීවිතය තුළ සතුටින් සැනසීමෙන් සාර්ථක කර ගැනීමට සඳහා ජ්‍යෙතිෂ්‍යයේ පිහිට ඔබත් ලබා ගන්න.
ඉඳුවර ගෞරව සම්මානනීය, වාස්තු විද්‍යා උපදේශක ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල, රඹුක්කන.
2025 දෙසැම්බර් මස 04
516
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොරොන්දම් ගලපා බලා රසවත් යුගදිවියකට ඇතුළුවන්න