IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


​පෙම්වතා හෝ පෙම්වතිය හමුවූ දිනය අනුව ලැබෙන ශුභ ප්‍රතිඵල

ඔබට පෙම්වතා හෝ පෙම්වතිය මුණ ගැසුණු දිනය අනුව ජ්‍යොතිෂානුකූලව හොඳ නරක ශුභ අශුභ දැනගත හැකිය. සතියේ දින හතෙන් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දින හතරේදී හමුවූ පෙම්වතා හෝ පෙම්වතිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලබාදෙයි. එමෙන්ම රවි බලවත්ව ශුභ ලෙස පිහිටා තිබෙන ඉරිදා දිනක ඇතිවන පෙම් සබඳතා ද යහපත් ප්‍රතිඵල ලබාදෙයි. පොදුවේ ගත්විට සඳුදා දිනයක උදේ 6ත් 7ත් අතර සඳු හෝරාව බලපායි. (මෙම සුර්ය උදාව වෙනස් වෙයි) සඳු හෝරාව සියලුම ශුභ වැඩවලට යොදා ගැනීම යහපත් බව පිළිගැනේ. සිතට අධිපති සඳුගේ මෙම වේලාවේ මුණ ගැසී යෙදෙන හදවත් බැම්ම බලවත් වේ. විවාහය දක්වාම පෙම්වතුන් ලෙස වෙන් නොවී කල් ගත වෙනු ඇත.   

 

සඳුදා උදේ 11ත් 12ත් අතර සිකුරු හෝරාව පවතින අතර මෙම සිකුරු හෝරාවේදී හමුවීමෙන් ඇතිවන ප්‍රේම සම්බන්ධය ඔවුනොවුන් අතර දැඩි ලෙස බලපායි. එය ස්ථිර ප්‍රේමයක් වී සරණ බන්ධනය දක්වාම නොකැඩී පවතිනවා මෙන්ම දෙමාපිය වැඩහිටියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත. මිථුන, කන්‍යා, තුලා, මකර ලග්න හිමින්ට වඩාත් ශුභඵල ළඟාකර දෙනු ඇත.   


සඳුදා දවල් 1ත් 2ත් අතර චන්ද්‍ර හෝරාව බලපායි. මෙම සඳු හෝරාවේ දී ඇතිවන පෙම් සබඳතා මුළු හදවතින්ම ආදරයට නතු කරවයි. සඳුදා 3ත් 4ත් අතර යෙදෙන බ්‍රහස්පති හෝරාවේ දී මේෂ, වෘශ්චික, මීන වැනි ලග්න හිමියන්ට ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.   


බදාදා දිනවල මිථුන කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නවලින් උපත ලබා ඇති අයට ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමෙන් විවාහය දක්වාම පවත්වා ගැනීමට හැකි වනු ඇත. බදාදා උදේ 9ත් 10ත් අතර යෙදෙන බ්‍රහස්පති හෝරාව ද සියලු ශුභ කටයුතු සඳහා යොදා ගත හැකි අතර පෙම් සබඳතා ඇතිවීමෙන් විවාහය දක්වාම ස්ථිර තත්ත්වයක් ගොඩනැගෙනු ඇත. මේෂ, වෘශ්චික, මීන ලග්න හිමියන්ට ශුභඵල විශේෂ වන අතර හමුවන පෙම්වතා හෝ පෙම්වතිය අවංක හා ඉතා හිතවත් බවකින් යුක්ත වෙයි.   


බදාදා සවස 4ත් 5ත් අතර එළැඹෙන බ්‍රහස්පති හෝරාවේදී ඇතිවන පෙම් සබඳතා ස්ථිර වේ.   


බ්‍රහස්පතින්දා උදේ 6ත් 7ත් අර යෙදෙන බ්‍රහස්පති හෝරාවේ දී මුණ ගැසෙන පෙම්වතුන් අන්‍යොන්‍ය ප්‍රේමයෙන් සෞභාග්‍ය හා සතුටින් සමාදානයෙන් යුක්තව විවාහය දක්වාම කල් ගත කරයි. බ්‍රහස්පතින්දා උදේ 9ත් 10ත් අතර යෙදෙන සිකුරු හෝරාවේදී මුණගැසෙන පෙම්වත්හු වැඩිහිටියන්ගේ ආශිර්වාද ලබා විවාහවීමට භාග්‍යවන්ත වෙති. මෙදින උදේ 10ත් 11ත් අතර යෙදෙන බුධ හෝරාවද 11ත් 12ත් අතර යෙදෙන සඳු හෝරාව තුළ ද මුණගැසෙන පෙම්වතුන්ටද විවාහය දක්වාම එය ස්ථිරව පවත්වා ගත හැකි​​වේ.   


සිකුරාදා උදේ 6ත් 7ත් අතර යෙදෙන සිකුරු හෝරාව පෙම්වතුන් මුණගැසීමට ඉතා ශුභ වන අතර දෙමාපිය වැඩිහිටියන්ගේ අනුමැතිය හා ආශිර්වාදය ලබා ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යද්දී උත්සවාකාරයෙන් සිදුවන විවාහයකට බල වැඩිය. මෙදින උදේ 7ත් 8ත් අතර යෙදෙන බුධ හෝරාවද 8ත් 9ත් අතර යෙදෙන සඳු හෝරාවද පෙම් සබඳතාවලට ඉතා සුදුසුය.   


ඉහත සඳහන් සියලුම හෝරාවන් සූර්ය උදාව අනුව සකස් කර ගත යුතුය.   

 

 

 


ජ්‍යෙතිෂ ශාස්ත්‍රසූරී ඩී.බී. වීරතුංග   


ශ්‍රී සම්පත් ජ්‍යොතිෂ කාර්යාලය, 304 දේවාල පාර, බටකැත්තට, පිළියන්දල.  



අදහස් (0)

​පෙම්වතා හෝ පෙම්වතිය හමුවූ දිනය අනුව ලැබෙන ශුභ ප්‍රතිඵල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 318 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site