IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෞද්ගලික දියුණුවට හිතකර ජය අංකය

උපන් වර්ෂය + මාසය + දිනය තනි ඉලක්කමකට එකතු කිරීමෙන් දෛව අංකය සොයාගත හැකිවේ. එම ග්‍රහයාට සම්බන්ධ රැකියාවක් තෝරා ගැනීමට එය බොහෝදුරට උපකාරී වේ.  


සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන රවි ග්‍රහයාට අදාළ වන්නේ අංක 1 හා 4 වැන්නයි. මෙවැනි අංකයක් තිබෙන බොහෝදෙනෙකු තම වෘත්තියෙහි ප්‍රධානත්වය ගන්නා බව සමාජ තොරතුරුවලින් හෙළිවේ.  


සඳු ග්‍රහයාට අංක 2 හා 7 වැන්න ද ගුරු ග්‍රහයාට අංක 3 ද බුද ග්‍රහයාට අංක 5 ද සිකුරු ග්‍රහයාට අංක 6 ද, සෙනසුරු ග්‍රහයාට අංක 8 ද, කුජ හෙවත් අඟහරු ග්‍රහයාට අංක 9 ද අයත් වේ.  


ඉහත ග්‍රහයා කේන්දරයේ බලවත්කම අනුව ජන්මියාගේ ගතිපැවතුම් ද එලෙස දක්නට ලැබේ. ග්‍රහයාට අයත් අංකය අදාළ දෛව අංකය ලෙස සලකන නමුදු ඇතැම් ගුරු කුල ආචාර්යවරුන් ඊට අතිරේක කරුණු රාශියක් ගැන අවධානය යොමු කෙරේ. උදා වශයෙන් දැක්වුවහොත් චන්ද්‍ර මාස අනුව අදාළ අංකය ද මීට එකතු කරනු ලැබේ. උපන් මාසය නවම් මාසයේ නම් 11 වැනි අංකය ද ඊට සම්බන්ධ කරගනු ලැබේ.  


සිංහල ක්‍රමයට චන්ද්‍ර මාස මෙසේය. පංචාංග ලිතක් හෝ හිතවත් ජ්‍යොතිර්වේදියකුගේ සහාය ලබාගැනීමෙන් අදාළ සියුම් විස්තර (සූර්යය මාස හා තිථිය) දැනගත හැකිය.  


චන්ද්‍ර මාසය   


01 බක්   
02 වෙසක්   
03 පොසොන්  
04 ඇසළ  
05 නිකිණි  
06 බිනර  
07 වප්  
08 ඉල්  
09 උඳුවප්  
10 දුරුතු  
11 නවම් (පෙබ 13 සිට මාර්තු 02 දක්වා)  
12 මැදින්  


ඉහත කී කරුණු තවදුරටත් පැහැදිලි කර ගැනීමට පහත සඳහන් දත්තයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.  


01 චන්ද්‍ර මාසය (වෙසක්) - 02  
02. තිථිය පෑලවිය - 01  
03. ලග්නය තුලා (මේෂයේ සිට) - 07  
04. දිනය (ගුරුදා) ඉරිදා සිට - 05  
05. නැකත (බෙරණ) අස්විද සිට - 02  


ඉහත ඉලක්කමට ගත් අංකයට + දෛව අංකය එකතු කරන්න. එය ජය අංකය ලෙස සැලකේ.  


උපතේදී රාහු ග්‍රහයා කේන්දරයේ අයස්ථානයේ (11 වැන්නේ) පිහිටීම ලොතරැයි වැනි හදිසි ධන ලාභ ලැබීමට හේතුවේ. අටවැන්නාධිපති ග්‍රහයා 11 වැන්නේ පිහිටීම ඥාතියකුගෙන් හෝ සමීප හිතවතෙකුගෙන් රහස් ධනයක් හිමිවීමට වාසනාව ඇත. කෙසේ නමුදු ඒරාෂ්ටක අපල හෝ 11 වැන්නාධිපති 22 වැනි දෙර්කානාධිපති ග්‍රහයා වීම හෝ එම ග්‍රහයාගේ අසුබ දෘෂ්ටියක් අයස්ථානයට වැටී තිබේ නම් ඉහත කී කරුණුවලට බාධා ගෙන දෙනු ඇත.  

 


ජ්‍යොතිර්වේදී   
මිල්ටන් හේවාපතිරණ  
330/C1/3 සර්පන්ටයින් ප්ලැට්ස්  
බොරැල්ල, කොළඹ 08   



අදහස් (0)

පෞද්ගලික දියුණුවට හිතකර ජය අංකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site