IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෘථිවි කක්ෂයේ යෝධ හත්තක්

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ‘අයි.එස්.එස්.’ යනු ඇමෙරිකාව, රුසියාව ඇතුළු රටවල් රැසක එකමුතුවෙන් පෘථිවි කක්ෂයේ ඉදි කළ නැවැතුම්පොළකි. මෙම නැවැතුම්පොළ රඳවා ඇත්තේ පෘථිවි කක්ෂයේ පහළ කොටසේය. 1998 වසරේ නොවැම්බර් 20 වැනිදා මෙම නැවැතුම්පොළ නිර්මාණය කර අවසන් කෙරුණි. නිර්මාණ කටයුතු ආරම්භ කළේ ඇමෙරිකාවය. ඒ සඳහා ඇමෙරිකාව ඔවුන්ගේ ෂටල වැඩසටහන යොදා ගත්තේය. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ නිර්මාණය කර අවසන් කිරීමෙන් පසු එම ෂටල ද විශ‍්‍රාම යැවුණි. දැන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙනුවට තවත් අලුත් නැවැතුම්පොළක් නාසා ආයතනයට නිර්මාණය කර දීමට ඇමෙරිකන් සමාගමක් සූදානම් වෙයි.  

 

අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙනුවට හත්තක හැඩය ගත් මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළක් නිර්මාණය කිරීමට සැරසෙන්නේ ‘යුනයිටඩ් ස්පේස් ස්ට‍්‍රක්චර්ස්’ නමැති සමාගමයි. හත්තක හැඩයෙන් මෙම නැවැතුම්පොළ සැලැසුම් කර ඇත්තේ බිල් කෙම්ප් සහ ටෙඩ් මැජෙයිකා ය. මෙහි විෂ්කම්බය මීටර් 100 කි. දිග මීටර් 400 කි.  


අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙන් නොව, මෙම හත්තේ හැඩයේ නැවැතුම්පොළ නිර්මාණය වනු ඇත්තේ එය පෘථිවිය වටා භ‍්‍රමණය වෙද්දී, පරිභ‍්‍රමණය වන ආකාරයටය. එහෙයින් මෙම නව නැවැතුම්පොළේ කෘති‍්‍රම ගුරුත්වාකර්ෂණ බලයක් ද නිර්මාණය වනු ඇති බවත්, ගගනගාමීන්ට එහි නැවැතී සිටීම වඩාත් පහසු වනු ඇති බවත් පැවැසෙයි.  


අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇත්තේ සීමිත ඉඩ ප‍්‍රමාණයකි. වරකට රැඳී සිටීමට පහසුකම් ඇත්තේ ගගනාගමීන් 6 දෙනකුට පමණි. එහෙත් මෙම නව නැවැතුම්පොළේ ඇති තරම් ඉඩකඩ සහ පහසුකම් තිබෙනු ඇති බව පැවැසෙයි. එය මහල් කිහිපයකින් ඉදිවන බවත්, උද්‍යානයක් ද ඇතුළේ නිර්මාණය කෙරෙනු ඇති බවත් නිර්මාණකරුවෝ පවසති.

 

 

 
මෙම නව අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට අවුරුදු 30ක් ගත වනු ඇති බව පැවැසෙයි. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමට වසර 10ක් ගත විණි. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් වැය විණි. හත්තේ හැඩයේ නැවැතුම්පොළ නිර්මාණය කිරීමට එම මුදල මෙන් මිලියන 2.89ක් වැය වනු ඇතැයි කෙම්ප් මහතා කියා සිටී.

  
මෙම නව නැවැතුම්පොළට නාසා ආයතනයේ අනුමැතිය ලැබී නැති නමුත් අනුමැතිය ලැබෙනු ඇතැයි ‘යුනයිටඩ් ස්පේස් ස්ට‍්‍රක්චර්ස්’ සමාගම විශ්වාස කරයි. අනාගතයේ අඟහරු ඇතුළු විශ්වය ගවේෂණයේ දී නැවැතුම්පොළක් පමණක් නොව, මිනිසාගේ නව නිවහනක් ලෙසත් මෙම අලුත් නැවැතුම්පොළ භාවිතයට ගැනීමට හැකි වනු ඇතැයි ද පැවැසෙයි.  

ලුසිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරිනි   

 



අදහස් (0)

පෘථිවි කක්ෂයේ යෝධ හත්තක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site