IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


පැතුම් ඉටුවීමට කළ යුතු ප්‍රාර්ථනා

ප්‍රාර්ථනා කිරීම සියල්ලන් විසින් සැමදා සිදුකරන දෙයකි. එය ලොකු පොඩි භේදයකින් තොරව සිදුකරයි. ප්‍රාර්ථනාවෝ යනු අප විසින් බලාපොරොත්තු වන්නා වූද, අපට පහසුවෙන් ඉටු කරගත නොහැකි අරමුණු කෙසේ හෝ ඉටුවේවා යන අභිමතාර්ථයන් සපළ කර ගැනීමට මානසික වශයෙන් කරනු ලබන්නාවූද අයාචනයකි.   


මෙම අයාචනා ආගම්, ජාති, කුල අනුව විවිධ වෙති. කෙසේ හෝ වේවා එම විවිධත්වය ප්‍රාර්ථනාව යන මාතෘකාවේදී මනුෂ්‍ය චිත්ත සන්තානයේ බලාපොරොත්තු ජීවත් කරවන එක් අංශයකි.   


ප්‍රාර්ථනා අප විවිධ අයුරින් සිද්ධ කරනු ලබයි. යමක් පූජා කිරීමෙන් හෝ යම් කිසි පුණ්‍යකර්මයක් සිදු කිරීමෙන් හෝ අනතුරුවද මෙම ප්‍රාර්ථනා කරනු ලබයි. දෙවියන් ඉදිරියේද අප ප්‍රාර්ථනා කරනු ලබයි. ඒ අපගේ සිත තුළ පවත්නා විවිධ ආශාවන්, අන් අයට කිව නොහැකි සිතුම් පැතුම් ආදිය අපි දෙවියන්ට කියන්නෙමු. ප්‍රාර්ථනා දෙයාකාර වෙති. එනම් යහපත් ප්‍රාර්ථනා හා අහපත් ප්‍රාර්ථනා ලෙසිනි. කෙසේ හෝ අප සැම විටම කළ යුත්තේ යහපත් ප්‍රාර්ථනා පමණි. මක්නිසාදයත් අයහපත් ප්‍රාර්ථනා අපගේ ද අනුන්ගේද සිත් දූෂ්‍ය කරවන බැවිනි. ඒවා තුළින් දුර්විපාක මෙන්ම සාංසාරිකව ද මනුෂ්‍යයා දුගතියට ඇද දමයි. අප මෛත්‍රීපූර්වකව යමක් ප්‍රාර්ථනා කරයිද එය සැමදා සැප විපාක ලබා දෙනු නොඅනුමානය.   


යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් වූ දෑ පිළිබඳ කතාපුවත් බොහෝමයක් අපගේ සාහිත්‍යකෘති අධ්‍යයනයේදී පෙනේ. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මලංකාරය, පූජාවලිය, ජාතක පොත ආදී ග්‍රන්ථයන්හි කතා පුවත් රාශියක් හමුවේ. මෙම ප්‍රාර්ථනා ක්‍රම පෙරදිග මෙන්ම බටහිර සමාජයේහිද අපට මුණගැසේ.   
ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්නේ කෙසේද යන්න විමසිය යුත්තකි. මෙහිදී අප දක්වන්නේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්නේ කෙසේද යන්නයි. ප්‍රාර්ථනා කිරීමට පුද්ගලයාගේ ප්‍රදාන ගුණයන් තිබිය යුතුය. එනම් අධිෂ්ඨානය, වීර්ය හා උත්සාහයයි. යමෙක් තමන්ගේ යම් කිසි බලාපොරොත්තු සිත්තුළ තබාගෙන ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන සිටීද හෙතෙම විසින් ශීලාදී ගුණධර්ම පිරිය යුතුය. අවංක විය යුතුය. රැවටීම් ආදී සොර සිතින් තොරව ජීවත්විය යුතුය. තමන්ගේ සිත තුළ සෑම විටම මෛත්‍රිය විහිදී තිබිය යුතුය. එවිට ප්‍රාර්ථනා කරන දෑ ඉෂ්ඨ වීමට කල්ගත නොවේ.   


මෙම ප්‍රාර්ථනාවන් එක් එක් පුද්ගලයාගේ අරමුණු අනුව මේ අත්භවයේ හෝ වෙන අත්භවයකදී වීම සඳහා ඔවුන්නොවුන් ප්‍රාර්ථනා සිදු කරනු ඇත. බුද්ධත්වය ලැබීම වැනි ප්‍රාර්ථනා ආදිය සාංසාරිකව ඉෂ්ඨ කරගැනීමට එවන් ඇත්තෝ විවිධ කැපකිරීම් සිදු කරනු ලබති. ගෞතම සම්මා සම්බුද්ධ ශාසන තුළ මහරතුන් වහන්සේ විවිධ තනතුරු ආදිය සඳහා විවිධ ප්‍රාර්ථනාවන් සිදුකර ඇති බව එම චරිතයන්ගේ පෙර ආත්මභාවයන්ගේ කථා වස්තු තුළින් ගම්‍යය වේ.   
සීවලී මහ රහතුන් වහනසේ ආත්මයක දී පුන්‍යලාභීත්වය සඳහා පදුමුත්තර බුද්ධ ශාසනයෙහි එම තනතුරු පිරිනමනවා දුටු අතර හංසවතී නුවර ක්ෂ්ත්‍රීය කුලගෙයක උපත ලබා සිටි එම කුමරු බුදුපාමොක් මහ සඟනට පුරා දින සතක් දන්දී එම තනතුර ප්‍රාර්ථනා කළේය. එය ගෞතම බුද්ධ ශාසනයේදී සපල විය. එබැවින් ඔබ විසින් කරන ලද ප්‍රාර්ථනා ශීල, ගුණ බලවත්නම් එය අනිවාර්යෙන්ම ඉටුවේ.   


‘‘ඉජ්ඣති භික්ඛවේ ශීලවතො චෙතොපණිධි විසුද්ධත්තා පෙ තඤ්ච චො සීලවතො වදාමි නො දුෂ්ශීලස්ස’’   
මහණෙනි සිල්වතාගේ ප්‍රාර්ථනා විසුද්ධි නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නොකියමි.’’ එබැවින් ඔබගේ සිල්ගුණය ඔබගේ ප්‍රාර්ථනාවේ ඉෂ්ඨාර්ථය සඳහා ඍජුවම උපකාර වේ. එබැවින් ඔබ යමක් සඳහා කරන ලද ප්‍රාර්ථනාවක් ඉෂ්ට කර ගැනීමට නම් දන්දීම්, ශිල් රැකීම්, ප්‍රතිපත්ති ගරුකව සිටීමෙන් දෙවියන්ද උදව් කරනු ඇත.   


ප්‍රාර්ථනා ආදිය ඉෂ්ඨවීම සඳහා විවිධ ගාථා ආදිය ඇත. ඒවායේ අර්ථයන් විවරණය කර බැලීමේදී පෙනෙනුයේ තමන් විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තීන්ගේ බලයෙන් එය ඉෂ්ඨවේවා යන්නයි. එබැවින් හැකි හැම විටම පුණ්‍යකර්මයක් සිදු කිරීම මැනවි. දුර්ලභව වූ මනුෂ්‍ය ආත්ම ලබාගත් ඔබ සෑම විටම ප්‍රඥා සම්පන්නව මෙම ප්‍රාර්ථනා කළ යුතුය. ප්‍රාර්ථනා කරන බොහෝ දේ මතු ආත්මයන්ට කල්නොයවා සිදුකරගැනීට හැකි නම් බොහෝ අගනේය.   
නමුත් යම් යම් ප්‍රාර්ථනාවන්ගේ අරමුණ අනුව එය වෙනස් වේ. එබැවින් ඔබ සියලු දෙනා කළ යුතු ප්‍රබලම ප්‍රාර්ථනාව අන් කිසිවක් නොව එනම් නිරෝගි සුවය ලැබීම අරභයා කරන ප්‍රාර්ථනාවන්ය. එබැවින් සියලු සත්වයන්ට මෛත්‍රී කිරීමත් කිසි කෙනෙකු වෙත හිංසා පීඩා නොකිරීමත් කළ යුතුය. සෑම විටම ප්‍රාඥා සම්පන්න පුද්ගලයෙකු වීමටද ප්‍රාර්ථනා කිරීමට පමණක් කොටු නොවී උත්සාහය, විර්ය, කැපවීම යන ගුණාංග වඩාත් පුද්ගලයාට ප්‍රාර්ථනා එලොව මෙලොව සාර්ථක කර ගැනීමට කිසි කලෙකත් අපහසු නොවේ. කුසීත වූ පුද්ගලයාගේ සියලු ප්‍රාර්ථනාව ප්‍රතිඵල අවිනිශ්චතය.

 

 

ආර්. රධික ජීවන්ත  



අදහස් (0)

පැතුම් ඉටුවීමට කළ යුතු ප්‍රාර්ථනා

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න
2025 පෙබරවාරි මස 13 49 0

හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන


මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි
2025 පෙබරවාරි මස 13 66 0

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට


ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා
2025 පෙබරවාරි මස 13 40 0

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත


සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං
2025 පෙබරවාරි මස 13 71 0

සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.


සංජය සහ අපූර්වා
2025 පෙබරවාරි මස 13 97 0

ඔහු රංගනයට වඩාත් දක්‍ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්‍ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම


තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 158 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 316 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 147 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 994 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site