IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුංචි පරිසර ක්‍රියාකාරිනියගේ නමින් පුංචි කුරුමිණියෙක්

ලෝකෙන් ටිකක්  

 

 

පරිසර ක්‍රියාකාරිනී ස්වීඩන ජාතික ග්‍රෙටා තොන්බර්ග් දියණියට ගරු කිරීමක් ලෙස, කුරුමිණියකු නම් කර ඇත. කුරුමිණියාගේ නම ‘නෙලොප්ටෝඩස් ග්‍රෙටේ’ ය. ආත්‍රපෝඩාවකු වන මෙම පුංචි සත්වයා ප්‍රමාණයෙන් මිලිමීටරයකට වඩා කුඩා යැයි පැවැසෙයි. කුරුමිණියාට ඇස් නැත. පියාපත් නැත. ඇස් නැතත්, පියාපත් නැතත්, කුරුමිණියාට දිග ඇන්ටනා දෙකක් ඇත. ඒවා හරියට ග්‍රෙටා දියණියගේ ගොතන ලද කෙස් කැරැලි වැනි යැයි ලන්ඩන් ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ ආචාර්ය මයිකල් ඩාර්බි පවසයි. 
‘මේ ඇන්ටනා යුගලය දැක්කාම මට එකපාරට මතක් වුණේ ග්‍රෙටා දියණියගේ කෙස් කැරැලි. පරිසර ක්‍රියාකාරිනියක ලෙස ග්‍රෙටා අවංකවම ලොකු උත්සාහයක් ගන්නවා ගෝලීය උණුසුම පිටුදකින්න. පරිසර දූෂණය නවත්වන්න. ඒ වෙනුවෙන් ලෝක නායකයන්ගේ ඇස් ඇරැවීමට ඇය උත්සාහ ගන්නවා. පුංචි දැරියක ලෙස ඇය කරන මෙහෙවර ගැන මට හරිම සතුටුයි. ඒ නිසයි මේ කුරුමිණියා ඇයගේ නමින් නම් කෙරෙන්නේ’ යැයි කුරුමිණියා ‘නෙලොප්ටෝඩස් ග්‍රෙටේ’ ලෙස නම් කරමින් මහාචාර්යවරයා පැහැදිලි කර තිබේ. 
‘නෙලොප්ටෝඩස් ග්‍රෙටේ’ කුරුමිණියා අයත් වෙන්නේ ‘ටිලිඬඩේ’ පවුලට ය. ලොව කුඩාම කුරුමිණියෝ විශේෂ රැසක් මෙම ‘ටිලිඩේ’ පවුලේ සාමාජිකයෝ වෙති. අද ‘නෙලොප්ටෝඩස් ග්‍රෙටේ’ නම් කළ මෙම පුංචි කුරුමිණියා සොයා ගනු ලැබුවේ 1965 වසරේදීය. ඒ, බ්‍රිතාන්‍ය ජාතික සොබාවිද්‍යාඥ ආචාර්ය විලියම් සී. බ්ලොක් විසිනි. කුරුමිණියා සොයා ගැනීම සිදුවූයේ කෙන්යාවේ නයිරෝබි නුවරට නුදුරිනි. 


නමක් නොයෙදූ කුරුමිණියාගේ සාම්පල, ලන්ඩන් නුවර ස්වභාව විද්‍යා කෞතුකාගාරයට ලබා දීමට ආචාර්ය විලියම් සී. බ්ලොක් කටයුතු කර තිබුණි. එම සාම්පල අහම්බෙන් තෙන ගැටුණු අවස්ථාවේ දී ආචාර්ය මයිකල් ඩාර්බි ඒ ගැන උනන්දු විය. ග්‍රෙටා දියණියගේ නමින් කුරුමිණියා නම් කිරීම සිදුවූයේ ඒ අනුවය. 

 


ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

පුංචි පරිසර ක්‍රියාකාරිනියගේ නමින් පුංචි කුරුමිණියෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site