IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නව වසරේ නැකත්වලට බුදුගුණ

ශ්‍රී බුද්ධ වර්‍ෂ 2560ක් වූ, ශක වර්‍ෂ 1938ක් වූ, ක්‍රි.වර්‍ෂ 2017 අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා අපරභාග 07.40 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 08.28 දක්වා සිංහල අලුත් අවුරුදු පුණ්‍ය කාලයයි. 


පුණ්‍ය කාලය
පුණ්‍ය කාලය තුළ කළ යුත්තේ පින් දහම්ය. 
එසේම පුණ්‍ය කාලය තුළ කරන කුසල් අකුසල්වල ඵල විපාක නොවරදවා සසරදී ලැබෙන බව ඉසිවරු කියති.


ආහාර පිසීම: අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.41ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පහත සඳහන් ගාථාව කියමින්


ලිප් බැඳ, ගිනි මොලවා, ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද පිළියෙලකර ගැනීමෙන් සෞභාග්‍ය උදාවේ.


ගාථාව - 
නමෝ තස්ස...
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජ යෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං
භවතු සබ්බ මංගලම්...

 


බුද්ධ පූජාව
2017 අප්‍රේල් මස 14 වන සිකුරාදා පෙ.ව. 06.15ට උතුරු දිසාව බලා තෙරුවන්ට පහනක් දල්වා අලුත් කිරිබතින් බුද්ධ පූජාවක් පවත්වා නව වසරේ හිමිදිරියේ දෙවියන්ට පිං අනුමෝදන් කරවා දෙවියන් සතුටු කරවන්න. 

 


සූර්ය නමස්කාරය
ඉන්පසු අලුත් ගොක්අතු මල් පැලක එලගිතෙල් පහනක් දල්වා අලුත් කිරිබත්, කෙසෙල් ගෙඩි, කැවිලි පලතුරු හා රත්මල් තබා, පහත සඳහන් ස්ත්‍රෝත්‍රය කියා සූර්යයාට නමස්කාරය කරන්න. 


ග්‍රහ අපල  අඩුවේ.
ස්තෝත්‍රය


සූර්ය දේවතාවා නමඃ (21 වරයි)


වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය:
අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 07.05ට සුදු සහ නිල් මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී පහත සඳහන් ගාථාව කියමින් තෙරුවනට පහනක් දල්වා උතුරු දිසාව බලා සියලුම වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීමෙන් සැප ලැබේ.


ගාථාව
නමෝ තස්ස...
ජයෝ මුණින්දස්ස සුභෝධි...


හිසතෙල් ගෑම:
අප්‍රේල් මස 15 වෙනි සෙනසුරාදා දින පූර්ව භාග 11.04ට පහත සඳහන් ගාථාව කියමින් උතුරු දිශාව බලා හිසට නුගපත්ද, පයට කරදද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම ශුභයි.


ගාථාව 
ජයෝ මුණින්දස්ස...


රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම: 
අප්‍රේල් මස 17 වන සඳුදා පූර්ව භාග 06.28ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක් හා කැවිලි අනුභවකර උතුරු දිශාව බලා පහත සඳහන් ගාථාව සිහිකර පිටත්ව යෑම ශුභ සිද්ධියට හේතුවේ.


ගාථාව 
නමෝ තස්ස...
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජ යෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං


03 වරක්, 07 වරක් හෝ 21 වරක් කියන්න. ජයයි. 

 


බෝධි පූජා
නව වසරේ බෝධි පූජා තැබීමට සුදුසු ‘ගෝධූල මුහුර්ථ’ නැකත් පහත සඳහන් වේ.


2017 අප්‍රේල් මස 14 වන සිකුරාදා
1) සවස 06.10ට නැගෙනහිර බලා චෛත්‍යරාජයාට පහන් 04ක් දල්වා මල් සහ සුවඳ දුම් පූජා කරන්න.
ඒ බෝධි පූජාවේ පළමු කොටස.


ඉන්පසු
2) සවස 06.30ට නැගෙනහිර බලා බෝධිරාජයාට පහන් 04 දල්වා මල් පහන් පූජාකර, නව ග්‍රහයන්ට පහන් 09යක් දල්වා බෝධි පූජාව පවත්වන්න.


බෝධි පූජාව සඳහා පහන්වලට ‘තෙයියෝරු තෙල්’ යොදන්න.


මෙම තෙල් වර්ගය බෙහෙත් බඩු වෙළඳසැල්වල ඇත.


මෙම තෙලට දෙවියන්ගේ ආකර්ෂණය ඇතිවේ.


බෝධි පූජාවට නවග්‍රහයන්ගේ ආකර්ෂණය ලැබීම සඳහා නවග්‍රහයන්ගේ පහන්වලට අබතෙල් සහ තලතෙල් යොදන්න.


මහඟු පිංකමක්


විහාර මළු, චෛත්‍ය මළු, බෝමළු, ඇමදීම මහඟු පිංකමකි.


ඒ සඳහා සුදුසු වේලාවන් මෙසේය.


2017 අප්‍රේල් මස 14 වන සිකුරාදා.


1) පෙ.ව. 07.20ට 2)පෙ.ව. 08.30ට 3) ප.ව. 12.05ට 4) ප.ව. 01.20ට
5) ප.ව. 03.05ට උතුර බලා ඉතා ශුභයි.


ජ්‍යොතීර් විද්‍යාවේදී, වාස්තු විද්‍යාවේදී, 
වසන්ත කුරුප්පු, 
රම්මුතුගල, කඩවත.

 



අදහස් (0)

නව වසරේ නැකත්වලට බුදුගුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1487 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1327 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site