IMG-LOGO

දහසක් යෝග අතුරෙන් අන් අයට පිහිට ​ෙවන දාමිනි යෝගය

පරාශර සෘෂිවරයා විසින් පෙන්වා දෙන යෝග එක්දහස් එකසියයක් අතුරෙන් විශේෂ සුබපල දෙන යෝග ගණනාවකි. ඉන් කැපී පෙනෙන මහා පුරුෂ යෝග පහකි.  


එනම්, කුජ ග්‍රහයාගෙන් රුචක යෝගය ද, බුද ග්‍රහයාගෙන් භද්‍රා යෝගය ද, ගුරු ග්‍රහයාගෙන් හංස යෝගය ද, සිකුරු ග්‍රහයාගෙන් මාලවි යෝගය ද, සෙනසුරු ග්‍රහයාගෙන් සස යෝගය ද දක්නට ලැබෙන්නේ එකී ග්‍රහයන් බලවත්ව කේන්ද්‍රස්ථානයක පිහිටීමෙනි.  


ජන්ම කේන්දරයක ඉහත කී සුබපල දක්නට ලැබුණ ද ඒවා තම ජීවිත කාලය තුළදී ක්‍රියාත්මක නොවන අවස්ථා ද දක්නට ඇත. ඉහත කී සුබඵල දෙන යෝගයන් ක්‍රියාත්මක වීමට නම් සඳු ග්‍රහයාට හෝ ලග්නභාවයට සුබ ග්‍රහයකුගේ දැක්මක් තිබිය යුතු බව පරාශර සෘෂිවරයා තවදුරටත් පැහැදිලි කර තිබේ. එසේම අදාළ ග්‍රහයාගේ කාලවකවානු, තම ජීවිත කාලය තුළදී පැවතීමද විශේෂයෙන් වැදගත් වන බව අත්දැකීම් ලැබූ ජ්‍යොතිර්වේදීහු පවසති.  


මූලික ග්‍රහයන් (රාහු කේතු ග්‍රහයන් හැර) පිහිටි රාශි ප්‍රමාණය අනුව ද තවත් යෝග කිහිපයකි. ජ්‍යොතිෂ් ශාස්ත්‍රය පිළිබඳ අවබෝධයක් නොමැති කෙනෙකුට වුවද තම ජන්මපත පරීක්ෂා කිරීමෙන් මේ පිළිබඳව විස්තර දැනගත හැකිය.  


දාමිනි යෝගය - 


මූලික ග්‍රහයන් රාශි හයක තැන්පත්වීම දාමිනී යෝගය වන අතර ඇතැම් ජ්‍යොතිෂ පතපොතක මෙය හඳුන්වන්නේ වරදාම යෝගය ලෙසය. මෙම යෝගය පිහිටා තිබෙන ජන්මියා පැහැදිලි නිරවුල් බුද්ධියකින් යුක්ත වන අතර තම ශක්ති ප්‍රමාණයෙන් අන් අයට උදව් උපකාර කිරීම ද විශේෂ ලක්ෂණයකි. එසේම පිනට දහමට ද කැමැත්තක් දක්වන පුද්ගලයකු වේ.  


ගෝල යෝගය  


රාහු - කේතු හැර සියලුම ග්‍රහයන් කේන්දරයේ එක් රාශියක පිහිටීම ගෝල යෝගය ලෙස හැඳින්වේ. ලෞකික සැප සම්පත් විඳීමේ වාසනාව ජන්මියාට නොමැත. ඇතැම්විට ආයු බලය ද හීන වේ.  


යුග යෝගය   


මූලික ග්‍රහයන් රාශි දෙකක තැන්පත් වීම යුග යෝගය ලෙස හැඳින්වේ. ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම හා වැඩ කටයුතුවලදී වැරැදි අදහස්වල එල්බ ගන්නා පුද්ගලයකු වශයෙන් සමාජයේ දක්නට ලැබේ. දුර්වල ආර්ථික තත්ත්වය නිසා අන් අයගෙන් ඉල්ලා ගෙන කෑමට පවා ඉඩ ඇත. ඒ නිසා ජීවිත කාලය පුරා අසුබ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.  


ශුල යෝගය  


මූලික ග්‍රහයන් රාශි තුනක පිහිටීම ශුල යෝගය නමින් හැඳින්වේ. සුළු කරුණකදී වුවද කලහකාරී ලෙස හැසිරෙන අතර පළිගැනීමේ චේතනාව ද දක්නට ලැබේ. ඇතැම් අයගේ ශරීරය පුරා තුවාල කැළැල් ද ඇති වේ. ආර්ථික අපහසුකම් අැතත්, ධනය රැස්කර ගැනීමට ආශාවක් දක්වයි.  


කේදාර යෝගය  


සියලුම ග්‍රහයන් රාශි සතරක පිහිටීම කේදාර යෝගය වේ. ඇසුරු කරන හැමටම බෙහෙවින් උපකාරී වන ගතිපැවතුම් පිහිටන අතර අන් අයට බරක් නොවී ජීවත් වේ. එසේම තමන්ට මෙන්ම අන් අයටද ප්‍රයෝජනවත් වන අන්දමේ වැඩ කටයුතු කරන අතර, යහපත් සමාජ ඇසුරක් පවත්වා ගෙන යාමට උත්සාහ ගන්නා කෙනෙකු වේ.  


පාශ යෝගය  


සියලුම ග්‍රහයන් රාශි පහක පිහිටීම පාශ යෝගය නමින් හැඳින්වේ. මළ පුඩු යෝගයක් ලෙස අරුතක් දක්වන මෙම යෝගය පිහිටි ඇතැම් අයකු සමාජ කටයුතුවලදී රැවටීමට ලක් වේ. කෙසේ නමුදු බොහෝ කේන්දරවල මෙම යෝගය දක්නට ලැබෙන බැවින්, ග්‍රහයන්ගේ තත්ත්වය දෘෂ්ටි හා අනෙකුත් යෝග පිළිබඳව අවධානය යොමු කිරීමෙන් නිවැරැදි පලාපල දැක්විය යුතු වේ.  


සර්ප යෝගය  


ගුරු, බුද, සිකුරු සුබ ග්‍රහයන් කේන්ද්‍රස්ථාවල නොපිහිටීම ද රවි, කුජ, ශනි පාප ග්‍රහයන් කේන්ද්‍රස්ථානවල පිහිටා තිබේ නම් එය සර්ප යෝගය ලෙස සැලකේ.  


මෙවැනි යෝග පිහිටි පුද්ගලයන් තම ජීවිත කාලය පුරා දුක් විඳීමට සිදුවේ. (බැලූ බැල්මට රාශි හයක ග්‍රහයන් පිහිටීමෙන් යෙදෙන දාමිනි යෝගය අහෝසි වී සර්ප යෝගය ක්‍රියාත්මක වේ. (බෙනාසීර් භූම්ටෝ මැතිනියගේ කේන්දරය මීට කදිම උදාහරණයක් ලෙස සැලකේ)  


වීණා යෝගය  


මූලික ග්‍රහයන් රාශි හතක පිහිටීමෙන් යෙදෙන වීණා යෝගය සහිත කේන්දර හිමියෝ සංගීතයට වැනි ලලිත කලා අංශවල දක්ෂයෝ වෙති. කතාවෙහි දක්ෂ මොවුන් නොමැකෙන නමක් ඉතිරි කර මියයන කෙනෙකු ලෙස සැලකේ. (මෙහිදී විශේෂත්වයක් වන්නේ කිසිදු ග්‍රහයන් දෙදෙනෙකු එක් රාශියක නොපිහිටිය යුතුය.)  


මාලිකා යෝගය  


කේන්දරයේ ඕනෑම භාවයකින් ආරම්භව පිළිවෙළින් භාව හතක ග්‍රහයන් පිහිටීම මාලිකා යෝගය ලෙස හැඳින්වේ. 


ඒවා නම් කෙරෙන්නේ ද ආරම්භ වන භාවය මූලික කරගෙනය. ලග්න භාවයෙන් ආරම්භවන්නේ නම් ලග්න මාලිකා යෝගය ලෙස නම් කෙරේ. එසේ වූ විට ප්‍රබල ආත්ම ශක්තියෙන් ඇති පාලකයකු සේනාපති වැනි කැපී පෙනෙන විශේෂ පුද්ගලයකු වේ.  


දෙවැනි භාවයෙන් ආරම්භ වී පිළිවෙළින් භාව හතක ග්‍රහයන් පිහිටා තිබීම ධන මාලිකා යෝගය වේ. බොහෝවිට ධනවත් මෙන්ම ස්ථිර ගති පැවතුම් තිබෙන පුද්ගලයකු ලෙස ජ්‍යොතිෂ පතපොතෙහි හැඳින්වේ. (අනෙකුත් මාලිකා යෝගයන්ද අදාළ භාවයන්ගේ නමින් හැඳින්වෙන අතර ග්‍රහ පිහිටීම් අනුව ගතිපැවතුම් වලද වෙනස්කම් දක්නට ලැබේ.)  

 


ජ්‍යොතිර්වේදී  
මිල්ටන් හේවාපතිරණ   

 



අදහස් (0)

දහසක් යෝග අතුරෙන් අන් අයට පිහිට ​ෙවන දාමිනි යෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 786 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site