IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


ජයවර්ධනපුර කෝට්ටය තිබුණේ සතර කෝරළේ

 
 
මාවනැල්ලට නුදුරු දෙවනගල අලගක්කෝණාරවරුන්ගේ පාලන කාලයේ දී හඳුන්වන ලද්දේ ජයවර්ධනපුර කෝට්ටය යන නමිනි. නිශ්ශංක අලගක්කෝණාර (පස්වැනි පරාක්‍රමබාහු) සහ ඔහුගේ මලණුවන් වූ දේව මන්ත්‍රී (යුව රජු වීරබාහු) විසින් කොළඹ කෝට්ටය ගොඩනංවන ලද්දේ 14 වන ශතවර්ෂයේ අගභාගයේදීය. මෙසේ කොළඹ කෝට්ටය ඇති වීමත් සමග හතර කෝරළයේ ජයවර්ධනපුර කෝට්ටය පරණ ජයවර්ධනපුර කෝට්ටය බවට පත් විය.   
 
දෙවනගල යන නාමය මෙයට ලැබී ඇත්තේ මහා සේන යුගයේ සිටය. විජය සහ පිරිස ලංකාව ආක්‍රමණය කිරීම සඳහා එරටින් නැව් නැග්ගේ බුදුන් පිරිනිවී සත්වන දින බව රාජාවලිය සඳහන් කරයි. ලංකාවේ සිටි කපිලවස්තුපුර ඥාතීන් ඇතුළු ලක්වැසියාට ඇති විය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව බුදුරදුන් දැඩි අවධානයකින් සිටි බව පැහැදිලිය. උන්වහන්සේ පිරිනිවන් පෑමට පෙර ලක් වැසි ජනයා ආරක්ෂා කරදෙන ලෙස සක් දෙවිඳුගෙන් ඉල්ලා සිටි බව පැහැදිලිය. උන්වහන්සේ පිරිනිවන් පෑමට පෙර ලක්වැසි ජනයා ආරක්ෂා කර දෙන ලෙස සක් දෙවිඳුගෙන් ඉල්ලා සිටි බව බෞද්ධ පොත පතේ සඳහන් වෙයි. එම කාලයේ පෙර දිගට අධිපති චක්‍රවර්තී අධිරාජයා වූයේ මහා ​ෙඩ්රියස්ය. සබරගමුවට අධිපති මහා සුමන ඩේරියස් අධිරාජ්‍යයාගේ මෙරට වරම් රජු විය. කපිලවස්තු පුරයේ (නේපාලයේ) සිය ඥාතීන්ට විඩූඩභගේ ආක්‍රමණය නිසා ඇති විය හැකිව තිබූ මහා ලේ වැගිරීම වළක්වා ගැනීමට කපිල වස්තු පුර වැසියන් ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කරවන ලද්දේ බුදුරදුන් ජීවමානව සිටි කාලයේදීමය. ලංකාවේ සොළොස් මහා ජනපද ඇති වූයේ මෙසේය.   
 
එහි වැසියෝ ගණ වැසි ජනයා විය. බුදුරදුන් මෙරටට වැඩි කාලය වන විට මෙරට සිව් ග්‍රෝත්‍රික ජනතාවක් සිටි බව ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලි වෙයි. ඔවුන්ගේ ප්‍රාදේශීය රාජවරු යටතේ පාලන ප්‍රදේශ වෙන් වී තිබුණි. උත්තර භාරතයේ ආධිපත්‍යය සඳහා මොහෙන්දෝජාරික සංස්කෘතිය බිහි කළ අසුර හෙවත් රාවණාවාදී පිරිස් ද හරප්පා ශිෂ්ටාචාරය බිහි කළ ආර්ය පිරිස් අතර ද සිදු වූ දේවාසුර යුද්ධය ක්‍රි.පූ. 1800 ගණන්වල මුල් කාලයේ දී සිදු වූ බව විද්වත් මතයයි.   
 
ලංකාව තුළ ද අසුර හෙවත් රාක්ෂ්‍යයන් සහ ආර්ය කණ්ඩායම් අතර ද මෙම අරගලයන් නිරන්තරයෙන් පැවතුණි. බුදුරදුන් පිරිනිවන් පෑමට ආසන්න කාලය වන විට මෙම අරගල තත්ත්වය උග්‍ර අතට පත් වී තිබුණි. නේපාලනයේ කපිල වස්තු පුරයේ රජ පවුලේ පිරිස් ද විඩූඩභ සාහාර යුගයේදී දිවි බේරාගෙන අවුත් ගංගානම් ගඟින් මෙතෙර සිප්රාවා පෙ​ෙදසේ නව කපිලවස්තු පුරයක් පිහිටුවාගෙන තිබුණි. මෙහි නීග්‍රෝධාරාමය අසල මහවනයට ඩේරියස් අධිරාජ්‍යයාගේ පිරිස් ඒකරාශී වූයේ ලංකාවේ පැවති මෙම හදිසි තත්ත්වය සාකච්ඡා කිරීම සඳහාය. දීඝ නිකායේ මහා සමය සූත්‍රයේ සඳහන් පහත සඳහන් තොරතුරුවලින් එය පැහැදිලි වෙයි.   
 
කපිල වස්තු සමීපයෙහි වූ වනයෙහි පැවැත්වුණු මහා දේව සභාවට බුදුන්ට ගෞරව දැක්වීම පිණිස පැමිණි දේව රාජ පැමිණියේ අවට පරිසරය ගිඟුරුම් දෙමිනි.   
 
මෙසේ රැස් වූ පිරිසෙන් 7000 ක් වූ පිරිස සමග ලංකාවට පැමිණියේ මෙම දේව රාජයන්ය. එම පිරිස පැමිණියේ දෙවුන්දර තොටුපොළෙනි. දෙවුන්දර හෙවත් දේව නගරයට ඔවුන් පැමිණියේ සක් රජුගේ (ඩේරියස්ගේ) අණ පරිදි බව මයුර සංදේශකරු සඳහන් කර ඇත්තේ මෙසේය.   
 
ලෙව් රකිනුව ලක සක කළ නියෝ මෙනේ   
දෙව් රජ හිමි දෙව් නුවරට වඩින දිනේ   
දෙව් පුරයෙන් පහ බෑ යොත් තිබූ මෙනේ   
සව් මිනි කොත් කැත් දිලි ගුවන ගට දිනේ   
 
ලක්වැසි ජනයා ආරක්ෂා කරනු පිණිස සක්දෙව් විසින් කරන ලද නියෝගය පරිදි දේවරාජ ස්වාමීන් දේව නගරයට (දෙවිනුවරට) පැමිණෙන දිනයෙහි දෙව් පුරයෙන් ප්‍රාසාද බඳවා වූ රැහැන් ​ෙනානැසී තිබූ පරිදි දේව රාජ ස්වාමීන් දේව නගරයට (දෙවිනුවරට) පැමිණෙන දිනයෙහි දෙව් පුරයෙන් ප්‍රාසාද බඳවා වූ රැහැන් නොනැසී තිබූ පරිදි සියලු මැණික් කොත් කාන්ති අහස් තලය හා එක් වෙමින් දිළිසුණි.   
 
මෙම කාල වකවානුව වන විට නේපාලයේ කපිලවස්තු පුරය විඩූඩභ සංහාරය නිසා වැනසී ගොස් තිබුණි. රජ පවුලේ ඥාතීන් ඉන්දියාවේ පිප්රාවා නුවර කපිලවස්තු පුරයක් ඉදිකරගෙන තිබුණි. මෙම දේව රාජ ලංකාවට පැමිණියේ මහා සේනා සමග බැවින් මෙරට ජනයා ඔහු හඳුන්වන ලද්දේ මහා සේන යන නමිනි. ලංකාවේ අසුර බලය සම්පූර්ණයෙන්ම තුරන් කර කතරගමට පැමිණි මහා සේන එහි නුවරක් කරවා පදිංචි වූ පෙදෙස වැඩහිටිකන්ද ලෙස හැඳින්වේ. එහි මහසෙන් වෙහෙර ඉදිකරන ලද්දේ එම පරපුරෙන්ම පැවත ආ වසභ රජතුමා විසිනි. මහා සේන මරණින් පසු කතරගම දෙවි ලෙස සිංහලයින් විසින් වැඳුම් පිදුම් කරයි. මුහුණු සයකින් යුත් මුරුගන් දෙවි කතරගම දෙවියන් බවට පත් වූයේ මහනුවර වඩුග රජවරුන්ගේ යුගයේදීය.   
 
දේවරාජ හෙවත් මහා සේන දකුණට ගොඩබසිද්දී පණ්ඩුවාස ​දේව සහ පිරිස එකල ලංකාවේ අගනුවර වූ උපතිස්ස ගාමයට පැමිණි ආකාරය මහා වංසයේ සඳහන් කර ඇත්තේ මෙසේය.   
 
‘පණ්ඩුවාසදේව කුමරු සහ ඇමැති දාරකයින් තිස් දෙදෙනා පරිබ්‍රාජක වෙස් ගෙන මාකඳුරු ඔය කම්මල් තොටට ගොඩබැස්සාහ’   
 
(මහා වංසය ​ෙ​ෙගගර් සංස්ක. 8-18-25)   
 
 
මෙහි මාකඳුරු ඔය කම්මල්තොට යනු මහඔය මුහුදට වැටෙන ස්ථානය විය. මහ කඳුවුරක් එහි පැවැති නිසා මහ කඳවුර මාකඳුර බවට පත්විය.   
 
මෙසේ අප ර​ටේ සිව් දෙස කඳවුරු බැඳගත් සිංහලයෝ දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයේ සිට මෙරටට පැමිණි විජය හා පිරිස සමග සටන්කොට ඔවුන් යමලොව අභිෂේක කළ බව උත්තරට්ඨ වංස කතාව වූ අභයගිරිකයන්ගේ මහා වංසයෙහි සඳහන් කර ඇත්තේ මෙසේය.   
 
සිරස වත්ථු පුරයේදී විජය සමග ඇති වූ සටනින් දුම්රක්ගල (දිඹුලාගල) වැසි යකුන්ට අධිපති ජුතින්ධර මිය ගියද ඔහුගේ බිරිඳ චේතියා සෙසු පිරිස සමග එකතුව විජය පරපුර ලංකාවෙන් වෙන්කොට යමපුරයෙහි අභිෂේක කරවූහ. 
 
විජය සහ පිරිස සමූල ඝාතනය වෙද්දී කුවේණිය සහ දරු දෙදෙනා පලා ගිය අතර අනුරාධපුරයේ නෑගම්පහ මුස්නාව නම් ගමේ පදිංචි වූහ. ඔවුන් තිදෙනාගේ ශෛලමය පිළිරූ තුනක් මුස්නාව වැව කෙළවරක පිහිටුවා ඇත. එම ගල් පිළිරූ තුන දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර ගල් ඔරු​ෙව් පාදම පමණක් දැනට එම වැව අසල දක්නට ලැබේ. විජය රජු මධුරාවෙන් බිසවක් ගෙන්වා ගෙන විවාහ වූ බවට කරන සඳහන ප්‍රබන්ධයකි. දකුණු ඉන්දියාවේ වින්ද්‍යා කඳු වැටියේ පොඩි යූර් කන්දෙහි විසූ තාපසයෙකු වූ අන්දනර් නම් තාපසයාගේ පුතා පුලස්ති විය. ඔහුගේ ආගමික මධ්‍යස්ථානය අගස්ති කූඨම් විය. එම නිසා පුලස්ති ඍෂිවරයා අගස්ති මුණි වශයෙන්ද හැඳින්වේ. පුලස්තිගේ පුතා විජයන් හෙවත් විජවාන් විය. ඔහුගේ පුතුන් තිදෙනා රාවණ, කුම්භ කර්ණ සහ විභීෂණ විය. එහෙත් දෙමළ රාමායනයෙහි ඔවුන් තිදෙනාගේ නම් කරන්, තුෂණන් හා කීරිෂ්ර ලෙස සඳහන් වේ. ලංකාවේදී විජය බවට වංස කතාකරුවෝ සඳහන් කරන්නේ මෙම විජයන්ය. ඔවුන් තෙළිඟු බස කතා කරන ද්‍රවිඩ පිරිස් විය. පුලස්ති ඍෂිවරයා දෙමළ භාෂාවේ නිර්මාතෘවරයා විය.   
 
විජයන් සමග හෝ ඉන් පසුව හෝ මෙම දරු පිරිස් ද්‍රවිඩ සේනා සමග මෙරටට පැමිණි බව පැහැදිලිය. විජය සිංහලයෙකු නොවන බවත් රාම රාවණා යුද්ධයක් මෙරට ඇති වූ බවත් දහ අට වැනි ශත වර්ෂයේදී ලියැවුණු හන්දුරු පුරාණ නම් වූ පුස්කොළ පොතක සඳහන් වෙයි. එහි එක් සඳහනක් මෙසේය.   
 
රාමරාවණ යුද්ධය හෙළ දිව තිබූ බව සැබෑය   
විජය කියන හොර දෙටුවා සිංහල නොවේය   
මේක අපේ හෙළයන් හට තව තේරෙන්නේ නැතේය  
පැදගෙන ආ ගෙරිපදු හැම දැන් හෙළයේ රජ කෙරේය  
 
රීස් ඩේවිස් පඩිතුමා බෞද්ධ ඉන්දියාව නම් වූ සිය ග්‍රන්ථයේ සඳහන් කරන්නේ ක්‍රි.පූ. හත් වන ශත වර්ෂය මැදභාගයේ මහා කෝසළ රජුට අයත් බලගතු කොසොල් අධිරාජ්‍යයේ බටහිර මායිම රාම ගඟ දක්වා විහිදී තිබූ බවය. පණ්ඩුකාභය දේව රජු​​ෙග් ඇමැතියෙකු වූ රාම කුමරු මෙරට පැමිණියේ එම නගරයේ සිටය. වර්තමානයේදී හින්දුන් විසින් අයෝධ්‍යාව ලෙස හඳුන්වනු ලබන්නේ මෙම පෙදෙසය. අනුරාධපුර යුගය නම් වූ පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයට අනුව රාම කුමරු ​ෙමරට පදිංචි වූ පෙදෙස රාමගෝණක විය.   
 
එය පිහිටියේ ත්‍රිකුණාමලයට නුදුරුවය. දෙවැනි භාතිය තිස්ස රජුගේ සොයුරු කනිෂ්ඨ තිස්ස කුමරු විසින් මෙම ගමේ ඉදි කරන ලද විහාරය රාම ගෝණක විහාරය ලෙස හැඳින්වේ. මේ අනුව විජයන්ගේ (විජය) පුත් රාවණා යුද්ධ කළේ මෙම රාම කුමුරු සමග බැව් පැහැදිලි වෙයි. විභීෂණ කැලණි පෙ​ෙදසේ සටන් කළ අතර යුද බිමේදී මරණයට පත් විය. කැලණියේ තිබූ නාථ දේවාලය පසු කාලයේදී විභීෂණ දේවාලය බවට පත් විය.   
 
ලංකාවේ දකුණු දෙසට ගොඩබට මහා සේන සහ ඔහුගේ පිරිස් ක්‍රමයෙන් අසුරයන් සමග සටන් වඳිමින් අවුත් මලය දේශයට පැමිණියහ. අවසන් සටන සඳහා කඳවුරු බැඳි ස්ථානය දෙවනගල විය. දේව රාජ වැඩි ගල දේවගල වී එය පසුව දෙවනගල ලෙස ව්‍යවහාරයට පත් විය. අසුර හෙවත් රාක්ෂයන් බහුල ලෙස සිටි පෙදෙස මලය දේශය විය. රඹුක්කනට නුදුරු පදවිගම්පොළ ගල්පියස්ස ආදිය අසුරයින්ගේ නිර්මාණයන්ය. මොවුන් සමග දරුණු සටන් කළ සිංහලයෝ ඔවුන් පරාජයට පත් කළහ. ඉතිරි වූ පිරිස් පලා ගිය පෙදෙස රාක්ෂාව වේ. එය ඔවුන් අවි ආයුධ නිපදවීම හා කඳවුරු බැඳ සිටි පෙදෙසක් වේ. මහඔය හෙවත් ශ්‍රීමාල ගංගාව ආරම්භ වන්නේ රාක්ෂාව කන්දෙනි.   
 
රාවණා පැරද වූයේ මලය දේශයේදී බව ජේ.ඊ. සේදරමන් මහතා සිය ‘ලංකාවේ යක්ෂ යුගය සහ කොහොඹායක් කංකාරියේ උපත’ නම් වූ ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේය.   
‘එවකට විජය රජුට සතුරු කම් කළේ මෙම කඳුකර බලවත්තු බවත් ඔවුන් ඉතා බලසම්පන්නව සිටි බවත් පෙනේ. මෙම කඳු මධ්‍යම, වයඹ, සබරගමුව, ඌව, මාතලේ යන පළාත්වලට අයත්ය. මහා සේන රජු රාවණා පැරද වූයේ මලය ප්‍රදේශයේදීය....’   
 
අනුරාධපුර යුගයේදී අනුරාධපුර රජ වාසළ දකුණු දිග වාහල් කඩ සිට දක්්ෂිණ මලය දේශය දක්වා විහිදුණ දියුණු වෙළෙඳ මාර්ගයක් වැටී තිබුණි. අනුරාධපුර රජවරුන් සතුරු ආක්‍රමණවලදී පළා අවුත්  සැඟව සිටීම සඳහා ආරක්ෂිත ස්ථානයක් වූයේද දක්ෂිණ මලය දේශය හෙවත් සතර කෝරළයයි. එම නිසා මෙම පෙදෙස සෑම විටම ආර්ය කුමාරයෙකුගේ නායකත්වය යටතේ පාලනය විය. පළමු සේන (ක්‍රි.ව. 833 - 853) අනුරාධපුරයේ රාජ්‍යයත්වයට පත් වීමට ​ෙපර සතර කෝරළයේ යුව රජු විය. ඔහු විසින් සැල්හෝබඩ ගමෙහි (සැළව) පිහුටු වන ලද සෙල්ලිපියෙන් කියැවෙන්නේ සැලවට නුදුරු අරම ගමෙහි වූ විනිශ්චය සභාවක නඩත්තුව සඳහා වසරකට පුවක් අමුණු 22 ක් ගම්මුන් විසින් දිය යුතු බවය. පුවක් අමුණක් ගෙඩි 22,000ත්  24,000 ත් අතර ප්‍රමාණයකි.   
 
මෙම පළමු සේන අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් වූ කාලයේදී පඬි රටේ රජතුමා සහ සේළ නමැති බමුණකුගේ කිරිහරකුන් ඇතුළුව සාමාන්‍ය ජනයාගේ ද ගවයින් මරා කෑම නිසා රාජ උදහසට ලක් වූ විශාල පිරිසක් එරටින් පිටුවහල් කරන ලදී.   
 
මොවුන් අප රටට පැමිණ සේන රජුගේ අනුකම්පාව ලබාගෙන මෙරට පදිංචි වූහ. නිෂ්පාදන කටයුතුවල යෙදීම තහනම් වූ මෙම පිරිසට සිඟමනින් ජීවත් වීමටත් වනගතව ගස් ගල් යට දිවිගෙවීමටත් අවසර ලැබුණි. මෙම කාලය වන විට දකුණු ඉන්දියාවේ පල්ලව බලය පිරිහී කාවේරි ගඟින් දකුණේ සියලු ප්‍රදේශ පාණ්ඩ්‍යයන්ට යටත් වී තිබුණි. බලවත් පාණ්ඩ්‍යයන් ලංකාව ආක්‍රමණය කොට උතුරු පෙදෙස් යටත් කරගෙන අනුරාධපුරයට පැමිණ රාජ්‍ය භාණ්ඩගාරය සිතු සේ කොල්ලකෑමටත් වෙහෙර විහාර වනසා වස්තුව පැහැර ගැනීමත් සිදු කරන ලදී. මෙහිදී ලංකාවට පැමිණ සිටි ගව හොරු හෙවත් හංදුරුවන් ද සිය රටේ ආක්‍රමණිකයා සමග එකතු වූහ. සටනින් පරාජයට පත් පළමු සේන මලය දේශයට පලා ගිය අතර මහින්ද කුමරු සතුරාට හසු නොවී සියදිවි හානි කර ගති. කස්සප නම් වූ සොයුරා සතුරා අතින් ජීවිතක්ෂයට පත් විය. පළමු සේන යුගයේදී ඔහුගේ සොයුරු සතුරා අතින් මියගිය හතර වැනි කාශ්‍යප මලය දේශයේ පාලකයා විය. දෙවනගල වාසය කළ ඔහුගේ ආරාධනයෙන් සියබස්ලකර ග්‍රන්ථය ලියන ලද බව එහි කතුවරයා සඳහන් කරයි. අමර ගිරි කසුබු ලෙස සඳහන් වන්නේ මෙම හතර වැනි කාශ්‍යපයන්ය. ඒ අනුව පෙනී යන්නේ එම කාලයේදී දෙවනගල හඳුන්වන ලද්දේ අමර ගිරිය ලෙසටය.   
 
මෙම හතර වැනි කාශ්‍යපට පසු හතර කෝරළයේ යුව රජු බවට පත් වූයේ ඔහුගේ පුත් දෙවැනි සේනයන්ය. ඔහුගේ නිවස්නය ද දෙවනගල විය.   
 
පළමු සේනට පසුව අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් වූයේ මෙම දෙවැනි සේනයන්ය. (ක්‍රී.ව. 853 - 887) ඔහු විසින් කුට්ඨක නම් සෙනවියා සමග විශාල නැව් හමුදාවක් පාණ්ඩ්‍යය දේශයට යැවීය. පඬි රටට ගොඩබැස බිහිසුණු සංග්‍රමායක්කොට පාණ්ඩ්‍යය හමුදා අන්ත පරාජයකට පත් කළහ. මධුරා පුරය කොල්ල කා මෙරටින් ගෙන ගිය වස්තුවද ආපසු ගෙන ආහ. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් පඬි රජු සටන් බිමේදී මියගිය අතර ඔහුගේ පුත් වර්ගුණ වර්මන් ලංකාවට යටත් රජෙකු බවට පත් කරන ලදී. ඉන් පසු දෙවැනි සේන හැදීවැඩුණු එමෙන්ම යුව රජු ලෙස සේවය කළ හතර කෝරළය එතැන් පටන් මධුරා දිනූ යන අර්ථ අැති මයුරා දිනු කෝරළය බවට පත් විය. මේ බව මාතලේ ගැරඩිගල සෙල් ලිපියෙහි සඳහන් කර ඇත. වර්තමානයේදී මයුරා දිනු යන්න මායා දුනු කෝරළය යන්න සතර කෝරළය සඳහා භාවිත වේ. මෙම සටනේදී පාණ්ඩ්‍ය රජුගේ කකුධ භාණ්ඩ අතුරින් පැහැරගෙන ආ පිත්තල පහිලිය (නයි පෙනය සහිත පිත්තල නාග සංකේතය) ඇතෙකු පිට තබා අනුරාධපුර නගරයේ වීදි සංචාරය කළ අතර පසුව එය දළදා පෙරහරේ අංගයක් බවට පත් විය.   
පස් වැනි මිහිඳු යුගයේදි (ක්‍රි.ව. 983 - 1018) මෙරට ආක්‍රමණය කළ සොළී හමුදාවක් රජුගේ රාජ්‍යත්වයෙන් 36 වැනි වසරේදී රජු සහ බිසවද කකුධ භාණ්ඩ ද සොළී රට ගෙන ගියහ.   
එහෙත් රජුගේ කස්සප නම් කුඩා කුමරු රෝහණ වාසීන් විසින් ආරක්ෂා කරන ලදි. කින්ති සහ බුද්ධ රාජ ​ෙසනෙවියන් දෙදෙනා විසින් පළුට්ඨ ගිරියේ ශක්තිමත් බළ කොටුවක් ඉදි කර සොළීන්ට විරුද්ධව සටන් කළහ. කස්සප කුමරු රාජ්‍යත්වයට පත් වුව ද වසර දොළහකට පසුව ඔහු මිය ගියේය. මෙම අරාජික කාලයේදී රෝහණ වාසීන් සහ දක්ඛිණ දේශවාසීන් එනම් හතර කෝරළ වැසියන් එක්ව සොළීන්ට විරුද්ධව සටන් කළහ. බුද්ධ රාජ සෙනෙවියාගේ පුත් දේව මල්ල ද ඉතා බල සම්පන්න සෙනවියෙකු ලෙස කටයුතු කළහ.   
එක්සත් සේනාව වලස්මුල්ලේ රන්මල කන්දෙහි (රෙමුණ පර්වතයෙහි) බල සම්පන්න කඳවුරක් ඉදි කළ අතර කිර්ති කුමරු හතර කෝළයේ දෙවනගල පර්වතයෙහි එවැනිම බලගතු කඳවුරක් පිහිටු වන ලදි. එම කාලයේ දී දෙවනගල හඳුන්වන ලද්දේ කිත්සෙන් පව්ව වශයෙනි.   
 
අවසානයේ සොළීන් පරදවා මෙම කීර්ති විජේබාහු කුමරු මහා විජේබාහු නමින් රාජ්‍යත්වයට පත් විය. (ක්‍රි.ව. 1057 - 1110) රාජ්‍යත්වයෙන් පසු දේව මල්ල සෙනවියාට ගම්බිම් ප්‍රදානය කරන ලද ආකාරය පනාකඩුව තඹ සන්නසින් පැහැදිලි වෙයි. එහෙත් මෙම අවස්ථාව වන විට බලගතු බුද්ධ රාජා සෙනෙවියා මිය ගොසින්ය. දේව මල්ල ඔහුගේ පුත්‍රයාය. විජේබාහු කුමරු රුහුණේ සිට හතර කෝරළය දක්වා පසු බැසීමේදී ඔහු පසු පස හඹා ආ සොළී සේනාව වට කොට පහර දී විනාශ කර දමා ඔවුන් සතු අවි ආයුධ රිය අස් මෙන්ම හස්තසාර වස්තුවද අල්ලා ගන්නා ලද්දේ මෙම දෙවනගල යුද කඳවුරේ සිටි හතර කෝරළ වැසියන්ය. එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ දෙවනගල පර්වතයට යාබද තඹවිට ග්‍රාමයේ  දීය.
 
තඹවිට ග්‍රාමය පිහිටා තිබුණේ රුහුණේ සිට හතර කෝරළය දක්වා විහිදී තිබු පැරණි මාර්ගයේය. තඹවිට යන නාමය එම ගමට ලැබී ඇත්තේ සේරුවාවිල තඹ නිධියෙන් ගෙනා තඹ යොදාගනිමින් අනුරාධපුරයේ ලෝවාමහා ප්‍රාසාදයට අවශ්‍ය තඹ උළු නිෂ්පාදනය කළ නිසාය. මෙම ග්‍රාමය එවැනි ශිල්පීන් බහුල ගම්මානයකි.   
 
මහා විජේබාහු රජුගේ තවත් යුද කඳවුරක් දෙවනගල පර්වතයට නුදුරින් දනගිරිගල පිහිටා තිබුණි. එහි පැරණි නාමය වඩුන්නාගල විය. වැඩිනාගල වඩුන්නාගල විය. බුදු රදුන් දෙවන වරට ලංකාවට වැඩියේ නා රජුන් අතර සිදු වූ අරගලයක් බේරුම් කිරීම සඳහා ඔවුන්ගේ යුද භූමියටය. ඒ මෙම පර්වතයයි. නාගදීපයේ මහෝදර සහ කැලනියේ මණිඅක්ඛිත යන දෙදෙනාගේ හමුදා එක් පසෙකට ද චුලෝදරගේ හමුදාව අනෙක් පසට ද වශයෙන් යුද වැදුණි.   
 
දෙවනගලට නුදුරු වර්තමාන උස්සාපිටිය නගරයේ සිට පාට්ටගම ගම මැදින් ගිය විට මෙම පර්වතය හමුවේ. පොළොවේ සිට උඩට නෙරා ගිය මෙම පර්වතය පා මුල සම්පූර්ණයෙන්ම ජලයෙන් වට වී තිබුණි. වර්තමා​නයේදී එය වෙල් යායකි. පර්වත මුදුණේ දී හකුළන ඉණි මඟක් මගින් එහි මුදුනට යා යුතු විය. චූලෝදර රාජධානිය එය විය. ගල මුදුනේදී මීටර 200 ක් තරම් දුරට වූ උමං මාර්ගයකි. එය සම්බන්ධ වූයේ මහා වනයටය. මහා වංසයෙහි කන්න වාධ්ඪාමාන ලෙස සඳහන් කර ඇත්තේ මෙම පර්වතයයි. වරකාපොළට නුදුරු දොරවක සිට මෙම ප්‍රදේශය දක්වා විහිදි තිබුණේ නාග ගෝත්‍රිකයින් සතු වෙ​ෙළඳ  කලාපයකි. බුදු රදුන් මෙම යුද පෙරමුණට වැඩි බවට ඇති ප්‍රබල සාක්ෂි මතුව ඇත්තේ දොරවක ලෙන් චිත්‍ර වලිනි. එම ලෙන ඇතුළත චිත්‍ර අතර නාවික කප්පිත්තන් පස් දෙනෙකු සඳහන් කර ඇති අතර ඔවුන්ගේ සංකේත ලාංඡනයන් ද ගලෙහි කොටා ඇත.   
 
 
දොරවක ලෙන් චිත්‍ර
01. නැව් කපිත්තන් පස්දෙනා, 02. ඔවුන්ගේ ලාංඡන, 03. මත්ස්‍ය ලාංඡන, 04. ඇතා සහ පැටියා, 05. නැවක ලකුණ
 
 
 
 
ලෙන් චිත්‍ර අතර ඉර හඳ ලාංඡනය ද ඇතා සහ පැටියා ලකුණ ද මත්ස්‍ය ලාංඡනය ද සඳහන් කර ඇත. ඇතා ලාංඡනය නාග ගෝත්‍රික ලාංඡනය වේ. මත්ස්‍ය ලාංඡනය කපිලවස්තු පුරයේ ශුද්ධෝදන රජුගේ ලාංඡනය බව පුරා විද්‍යා සහකාර කොමසාරිස් ඇම්.එච්. සිරිසෝම මහතා ප්‍රකාශ කරයි. මෙම ලෙනේ මතු පිට සිට අඩි 14 1/2 ක් යටට වන්නට නැවක රූපයක් ඉතා පැහැදිලිව ගලේ කොටා ඇත. ගල් ලෙනේ උඩ කොටසෙහි ලිග්ගල් තුනක් මත තබන ලද ගුරුගල්වලින් කැටයම් කරන ලද අලංකාර මුට්ටි හා හට්ටි දක්නට ලැබුණි. ඒවා දැනට කොළඹ කෞතුකාගාරයට ගෙන ගොස් ඇත. ලෙනේ රූප සටහන් කීපයක් මෙම ලිපියට අමුණා ඇත. (රූ සටහන 1) මෙම ලෙනේ තිබී හීන් මෙනේරි ධාන්‍ය වර්ගය හමු වී ඇත. බුදු රදුන් සිය දෙවැනි ගමනේදී නාගදීපයට ද වැඩි බව බෞද්ධ සාහිත්‍යයෙන් සඳහන් වෙයි. අනතුරුව නා රජ වරුන් හට කැලණියේදී දින තුනක් දහම් දෙසූ බව ද ඒ අනුව ඔවුන් සමගි කළ බවද සඳහන් වෙයි. එසේ නොවන්නට සිංහලයින් හෝ ඔවුනට සිංහල රටක් හෝ ඉතිරි නොවන්නට ඉඩ තිබුණි. මෙම ගමනේදී බුදුන් සමග දේව සමිද්ධි සුමන නම් වු ඩේරියස්ගේ (සක් දෙවිඳුගේ) තානාධිපතිවරයෙකු ද මිත්‍රත්වයේ සංකේතයක් ලෙස නා පැළයක් ද ඩේරියස් අධිරාජ්‍යා විසින් එවන ලදුව එය මණි අක්ඛිත නා රජු විසින් කැලණියේ රෝපණය කරනු ලදහ.   
 
බුදු රදුන් සහ පිරිස ආපසු ගිය ද දේව සමිද්ධි සුමන මෙරට පදිංචි විය. පසුව ඔහු සොයා ඔහුගේ මව ඇතුළු පන්සියයක් ලංකාවට පැමිණි අතර ඔවුන් සියලු දෙනා සේරුවිල ප්‍රදේශයේ පදිංචි වූහ. සේරුවිල ප්‍රදේශය ද නාග ගෝත්‍රික ජනාවාසයක් විය. මහා විජේබාහු රජුගේ තවද යුද කඳවුරක් බතලේගල පර්වතයෙහි පිහිටුවන ලදි. එය ද දෙවනගල හා වඩුන්නාගලට නුදුරුව පිහිටියකි. වඩුන්නාගල කන්ද මහා විජේබාහු විසින් යුද කඳවුරක් ලෙසට යොදා ගත් පසු ඔහුගේ ධනය එහි තැන්පත් කරන ලද නිසා පසු කාල​යේදී එය දනගිරිගල බවට ව්‍යවහාර විය. දෙවනගලට නුදුරුව තවත් යුද කඳවුරක් මහා විජේබාහු විසින් පිහිටුවා ඇත. වාතගිරිය නමින් හැඳින් වු එය වර්තමානයේදී වාකිරිගල ලෙස එය ව්‍යවහාරයට පත්ව ඇත. මහා විජේබාහුගේ අස් හමුදාව රඳවා සිටි ග්‍රාමය අස්මඩල ලෙස හැඳින් වේ. බෝසත් විජේබාහු විසින් පසු කාලයේදී මෙම වාතගිරියෙහි රජ මාළිගාවක් ඉදි කරන ලදි. මහා විජේබාහු විසින් සොළීන් පරදවා නොහැරියේ නම් ලංකාව තුළ ද එක ද සිංහලයෙකු හෝ ඉතිරි නොවන්නට ඉඩ තිබුණි.   
 
දඹදෙණි රාජධානියේ රජ පරම්පරාවේ කුරුණෑගල රාජ්‍යත්වයට පත් වූ හතර වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1302 - 1324) සිය රාජධානිය දැදිගමට ගෙන ආ පසු දෙවනගල බල ගතු කඳවුරක් හෙවත් කෝට්ටයක් බවට පත් කරන ලදි. දළදාව සඳහා අම්බුළුගල දන්තපාය ඉදි කොට නගරගිරියක් බවට පත් කරන ලදි. ඉන් පසු මෙම රාජධානිය ජයවර්ධනපුර කෝට්ටය බවට පත් විය. ඉන් පසු මෙම පුරවරය ශිඛර ක්‍රොෂ්ඨාධිකාරීන් හෙවත් අලගක්කෝණාරවරුන්ගේ ජය භූමියක් බවට පත් විය.   
 
හතර වැනි පැරකුම්බාවන්ගේ පුත් තුන් වැනි වන්නි බුවනෙකබාහු (ක්‍රි.ව. 1324 - 1332) ඔහුගේ පුත් පස් වැනි සවුළු විජයබාහු (ක්‍රි.ව. 1332 - 1341) හෙවත් දස වැනි අලගක්කෝණාර ඉන් පසු ඔහුගේ පුත් එකොළොස් වැනි නිශ්ශංක අලගක්කෝණාර හෙවත් පස් වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1344 - 1356 වැන්නන් එහි ප්‍රභවය ලද්දන් විය. පස් වැනි පරාක්‍රමබාහුට පසුව දෙවනගල රාජ්‍යත්වයට පත් වන්නේ ගම්පොළ ප්‍රභවය ලත් හතර වැනි වික්‍රමබාහුය. ඔහු මෙම නුවර රාජ්‍යත්වයට පැමිණියේ ගම්පොළ අම්බුළුවාවගල (අම්බුළුවා කන්ද) සිටය. එම නිසා දෙවනගල හෙවත් ජයවර්ධනපුර කෝට්ටය එතැන් පටන් අම්බුළුගල රාජධානිය බවට පත් විය. එයට දෙවනගල අට්ටාපිටිය, උස්සාපිටිය මෙන්ම රුකුළ ආදී පෙදෙස් ද අයත් විය. ඉදි කරන ලද මාළිගා සංකීර්ණය මාළිගාතැන්න විය. විගුලවත්ත සෙල්ලිපිය මගින් කිරල්ල මොටා කුඹුරු යාය දන්ත ධාතූන් වහන්සේට මෙම රජතුමා විසින් පූජා කරන ලදි. දළදාව සහ දළදා මැඳුර තිබුණේ ද මෙම අම්බුළුගලය.   
 
අම්බුළුවාව ගලෙහි සිට දෙවනගල අම්බුළුගල රාජධානියට පැමිණි නිසා මෙම රජු හඳුන්වන ලද්දේ අම්බුළුගල කුමරු ලෙසටය. අම්බුළුගල කුඩා කුමාරයා ලෙස හඳුන්වන ලද්දේ මෙම රජුගේ පුත් සේනාසම්මත වික්‍රමබාහුය. ඔහු විවාහ වූයේ හය වැනි පැරකුම්බාවන්ගේ දියණිය වූ ලෝකනාථා ​ෙහවත් උලකුඩය දේවිය සමගිනි. 
 
 
 
මතු සම්බන්ධයි....
 
 
එම්.කේ. ජයසේන   
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය.   



අදහස් (0)

ජයවර්ධනපුර කෝට්ටය තිබුණේ සතර කෝරළේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10749 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6150 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5781 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 4978 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3123 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1654 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 378 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site