IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජ්‍යොතිර්වේදියකුගේ අත්දැකීම්වලින් බ්ඳක්...

ජ්‍යොතිෂයට අනුව කෙනකුගේ ජීවිතය සරුවන්නේත් නිසරු වන්නේත් හඳහනේ ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුවය. එය සිදුවන්නේ කලින් භවයන්හිදී කරන ලද පින් පව් අනුවය. එය බුදු දහම අනුව ද පරම සත්‍යයකි. කෙනෙක් පින් කළොත් හොඳ තැනක ඉපදී සැප විඳින අතර පව් කළොත් නරක තැනක ඉපදී දුක් විඳිති.   


වෙනත් විදියකින් කියතොත් කෙනකු පොහොසත් වන්නේත් දුප්පත් වන්නේත් පෙර කරන ලද පින් පව් අනුවය. ලස්සන වීම, අවලස්සන වීම, නිරෝගී වීම, ලෙඩ දුක් ඇතිවීම, සතුටින් ජීවත්වීම හා දුකෙන් ජීවත්වීම, ඉගෙනීමට දක්ෂවීම, හා අදක්ෂවීම විවාහය සාර්ථක වීම හා අසාර්ථක වීම ආදී දහසක් දේට තමා පෙර කරන ලද පින් පව් බලපායි. 

 
කෙනකු ගේ හඳහන හොඳ වන්නේත් නරක් වන්නේත් මේ අනුවය. ග්‍රහයින් හොඳට පිහිටා තිබීම යනුවෙන් අදහස් කරන්නේ එක් එක් ග්‍රහයාට යෝග්‍ය ස්ථානවල එම ග්‍රහයින් පිහිටා තිබීමත්, ග්‍රහයින් බලවත්ව පිහිටා තිබීමත්ය. ග්‍රහයකුට නොගැළපෙන තැනක සිටීමත් ග්‍රහයා දුර්වල වීමත් අශුභ ඵල උදාවීමට හේතුයි. ග්‍රහයකුගේ බලවත් කමේ අඩු මට්ටමේ සිට වැඩි මට්ටමට යන විට පිළිවෙළින් නීච හෙවත් බලයේ අඩුම අවස්ථාව සතුරු අවස්ථාව මිත්‍ර හා සම අවස්ථාව, ස්වක්ෂේත්‍ර හෙවත් විශාල බලයකින් යුක්ත වීම සහ උච්චවීම හෙවත් බලයේ උපරිමයට පත්වීම යනුවෙන් අවස්ථා කීපයක් ඇත.   


සිකුරු උච්චවීම ඉතා හොඳ තත්ත්වයකි. විවාහ ජීවිතයට ද ඉතා යහපත් වේ. ගතිගුණ ද යහපත් වේ. සිකුරු නීච වීම අශුභ ඵල උදා වීමට හේතුයි. පිට පෙනුම නිසා යහළු වී පසුව විවාහ ජීවිතයට පිවිසෙන දෙදෙනාගෙන් එක් අයකු ගේ සිකුරු නීච වී තිබුණොත් ටික කලකින් ප්‍රශ්න මතුවේ. මුල් කාලයේ ප්‍රශ්න පිටට නොපෙනුණත් කාලයාගේ ඇවෑමෙන් එහි ප්‍රතිඵල ලෝකයාට ද දැන ගන්නට ලැබේ.   


ඒ අඹු සැමි දෙදෙනා අතර ගැටුම් උග්‍රවීම නිසාය. ගැළපෙන අයකු හා විවාහ වීමට ලැබුණොත් ගැටුම් අවම වේ.   


එක්තරා ස්ත්‍රියකගේ සිකුරු නීච අවස්ථාවේ තිබුණි. සැමියාගේ හඳහනේ සිකුරු ස්වක්ෂේත්‍රව තිබුණි. දරුවන් පස් දෙනකු ලැබීමෙන් පසු සැමියා ඇයගෙන් දික්කසාද වුණි. එම පවුල විශාල ධනවතුන් ලෙස සමාජයේ කැපී පෙනුණි. සිකුරු නීච වීම විවාහයට හොඳ මදි වුවත් ධනවත් වීමට හේතුවකි. එක් අයකුට එක වාහනය බැගින් වාහන තුන හතරක් එම නිවසේ තිබුණි. විශාල ගෙවල් දොරවල් තිබුණි. එහෙත් අවසානයේ දික්කසාදය සිදුවුණි. 

 
සිකුරු නීච වූ තවත් ස්ත්‍රියක් මට මුණගැසුණි. ඇය තරමක් දුරට ජ්‍යොතිෂය හදාරා තිබුණි. ඇය මා සමග කීවේ සිකුරු නීචවීමෙන් ඇති වන අශුභ නැති කර ජ්‍යොතිෂයේ එම මතය බොරු කිරීමට උත්සාහ ගන්නා බවය. බොහොම හොඳයි කියා මම ඇය දිරිමත් කළෙමි. එහෙත් එයින් මාස දෙකකට පමණ පසු ඇය මවගේ නිවසට ගොස් තිබුණි. විවාහය එතැනින් කෙළවර විය.   


වෛද්‍ය ශිෂ්‍යයකු හා ශිෂ්‍යාවක ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබුණි. මේ දෙදෙනා විවාහයට කලින් හඳහන් බලවා ගැනීමට මා වෙත පැමිණියහ. පුදුමයට මෙන් දෙදෙනාගේම හඳහන්වල හත් වැන්නේ කුජ සිකුරු යෝගයක් තිබුණි. වෛද්‍ය ශිෂ්‍යාවගේ සිකුරු උච්චය. ශිෂ්‍යයාගේ හඳහනේ සිකුරු නීචය. මේ දෙදෙනා විවාහයට කිසි ලෙසකින්වත් නොගැළපෙන තත්ත්වයකි. ප්‍රේම සම්බන්ධය නතර කිරීමට දෙදෙනාම කැමැති නැත. මම මෙහි තත්ත්වය දෙදෙනාට කරුණාවෙන් අවබෝධ කර දුනිමි. වෛද්‍ය විද්‍යාලයෙන් පිට වී ටික කලකින් දෙදෙනා විවාහ වූහ. එහෙත් විවාහයේ ආයුෂ අවුරුදු දෙක තුනකට වඩා නොවීය.   


මේ කතාව ද වෛද්‍ය යුවළකට සම්බන්ධ එකකි. මේ දෙදෙනා අතර නිතර ගැටුම් ඇති විය. දෙදෙනාම දෙදෙනාට පරිභව කර ගනිති. මෙයින් ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා බොහෝ පීඩාවට පත්ව සිටියහ. වෛද්‍යවරයාගේ මව දිනක් මේ ගැන කියා ඔවුන් දෙදෙනාගේ හඳහන් දෙක මට දුන්නාය. මෙම හඳහන් පරීක්ෂා කිරීමේදී දෙදෙනාගේ අරගලයට මුල් වූ කරුණ සොයා ගතිමි. ඒ දෙදෙනාගේම හඳහන්වල රවි උච්චව සිටීමයි.   


රවි උච්ච වීම ඉගෙනීමට හා දියුණුවට ඉතා හොඳ වුවත් දෙදෙනාගේම රවි උච්චවීම හොඳ නැත. රවි උච්ච වූ අයකු තවත් කෙනකුට හිස පහත් කිරීමට කැමැති නැත. මේ වෛද්‍යවරිය සැමියාට යටත් වීමට කැමැති නොවූවාය. සැමියා ද තම තේජස පෙන්වීමට ගියා මිස මඳක්වත් දෙවැනිවීමට කැමැති නොවූයේය. මෙහි තත්ත්වය දෙදෙනාට තේරුම් කරදී ඉවසීමෙන් කටයුතු කිරීමට උපදෙස් දුනිමි. දැන් දෙදෙනාගේ තත්ත්වය තරමක් සතුටුදායක බව මට දැනගන්නට ලැබුණි.   


රාහු දුර්වලව හතේ සිටීම විවාහ සහකරුට​ හෝ සහකාරියට මහත් වූ කරදර ඇති කරන පිහිටීමකි. මෙය පැහැදිලි වන්නේ නොගැළපෙන විවාහවලදීය. හතේ රාහු විකෘති කාමාශා ඇති කරයි. කාමාශාව සාමාන්‍ය විදියට පැවැතීම නරක නැත. විකෘති කාමාශාවන් පවුල් ජීවිත දෙදරවන සුළුය. එවැනි එක්තරා සැමියකු තම භාර්යාවට කරන ලද අකටයුතු අපමණය. මේ භාර්යාව සුවච කීකරු අයකුවීම පනින රිළවුන්ට ඉනිමං තැබීමක් බඳුවිය. ඔහු වරින් වර පිරිමි ළමයින් තම නිවසේ රඳවා තබා ගත්තේ ඔහුගේ ආශා වෙනත් අතකට ගොස් තිබුණු බැවිනි. මේ ස්ත්‍රිය අඬමින් තවත් කෙනකු සමග මේ කතාව කියා තිබුණි. හතේ රාහුට නොගැළපෙන විවාහවලට අසුවූ ස්ත්‍රීන් නොයෙක් දුක්කරදරවලට ලක්වී ජීවිත ගත කරන බව පෙනේ.   


රාහු නීච වීම හඳහනේ තමා සිටින තැනට අයිති දේ විනාශ වීමට හේතුයි. එහෙත් රාහුට බලවත් වූ 3, 6, 11 යන තැන්වලදී විශාල හානි ඇති නොකරයි. එක්තරා රූමත් ගුරුවරියකගේ හඳහනේ හතේ නීච රාහු සිටියේය. හත යනු විවාහය ගැන කියවෙන ස්ථානයයි. ඇගේ දෙමවුපියන් ඇයට දහසක් විවාහ යෝජනා ගෙන එන්නට ඇත. එම යෝජිත සහකරුවන්ගේ කුමක් හෝ අඩුපාඩුවක් කියමින් ඇය මේ යෝජනා සියල්ලන්ගෙන්ම මගහැර සිටියාය. ඇය දැන් හතළිස් අවුරුදුවල ජීවිතය ගෙවන අවිවාහක කාන්තාවකි.   


ලංකාවේ ප්‍රධාන රෝහලක සේවය කරන එක්තරා රසායනාගාර සේවිකාවකගේ හඳහන පරීක්ෂා කිරීමේදී බොහෝ ශුභඵල දක්නට ලැබුණි. විශේෂයෙන් ඇගේ විවාහ ජීවිතය යහපත් එකක් විය හැකි බව මම සඳහන් කළෙමි. ටික කලකට පසුව ඇය දුරකතනයෙන් මා ඇමතුවාය. පලාපල විස්තරයේ බොහෝ කරුණු සත්‍ය වුවත් විවාහය ගැන සඳහන් කර ඇති කරුණු සත්‍ය නොවන බව ඇය කීවාය.   


දුරකතනයෙන් කතා කරන අතරදී ටික වේලාවකින් ඇය අඬන්නට වූවාය. ඇය ජීවත් වන්නේ නරකාදියක බව ඇය කීවාය. ඇගේ විවාහ ජීවිතය යහපත් එකක් යයි හඳහනේ තිබුණත් ඇගේ සැමියා ඇයට නොගැළපෙන අයකු විය. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අඳුරු වී ඇති බව තේරුණි. තවදුරටත් කරුණු විමසීමේදී සැමියාගේ හඳහනේ හතේ කුජ සහ රාහු තිබුණි. ඇගේ හඳහනේ හතේ ගුරු තිබුණි. මේ දෙක කෙසේවත් ගැළපීමක් නැත. දෙදෙනාගේ ලිංගික ශක්තිය අන්ත දෙකක තිබුණි. මේ සිද්ධියෙන් පසු පලාපල ලිවීමේදී මම ප්‍රවේසම් වීමි. කෙනකුගේ හඳහනේ විවාහ ජීවිතය යහපත් වන ග්‍රහ පිහිටීම් තිබුණද ලැබෙන සහකරු හෝ සහකාරිය අනුව එය වෙනස් විය හැකි බව පලාපලවල සඳහන් කිරීමට මම ඉටා ගතිමි.   


සෙනසුරු ඒරාෂ්ටක අපලය බොහෝ දෙනා බිය කරවනසුලුය. එසේ බිය වීමට අදහස් දී ඇත්තේ සමහර ජ්‍යොතීර්වේදීන්මය. අවුරුදු තිහක් ජීවත් වන ඕනෑම කෙනකුට ඒරාෂ්ටක අපලය යෙදෙන්නේ මය. මෙය බොහෝ අපල සහිත එකක් නම් අවුරුදු තිහ පසුකරන සියලු දෙනාම අවාසනාවන්තයින් විය යුතුය. සියලු දෙනාටම එම අපල බලපාන්නේ නැත.   


ලෙඩ දුක් ඇතිවීම, රැකියා ව්‍යාපාර, තනතුරු අහිමි වීම, බොහෝ දෙනාට එපා වූ ස්වභාවයක් ඇතිවීම හා තුවාල සිදුවීම ආදී බොහෝ අශුභ ඵල ඇතිවීම ඒරාෂ්ටක අපලයේ ලක්ෂණයන්ය. එහෙත් මේ සියලු අශුභ ඵල හැමදෙනාටම ඇති නොවේ.   


ඒරාෂ්ටක අපල ගැන කතා කරන විට මට සිහි වූයේ තිස්ස අත්තනායක මන්ත්‍රීතුමාය. ඒ ඔහුට සෙනසුරු ඒරාෂ්ටක අපලයක් ඇතිවූ නිසා නොවේ. පසුගිය දිනවල ඔහු ලැබූ පරාජයන් ඒරාෂ්ටක අපලයක් වැනි යයි මට සිතේ. පක්ෂයේ මහ ලේකම් විදියට, ඇමැති තනතුරු ලබමින් සිට මහත් ප්‍රසිද්ධියට පත්වී පසුව පක්ෂය හැර යාමට ඔහුට සිතුණි. පක්ෂයේම සිටියා නම් ඔහු අද ප්‍රධාන ඇමැතිවරයෙකි.   


පක්ෂය හැරදා ගිය පසු නොයෙකුත් චෝදනාවලට ලක් වෙමින් සිරගතවීමට පවා සිදුවුණි. තිබුණු තනතුරු අහිමි විය. පිළිගැනීම නැති විය. තත්ත්වයෙන් පහළට වැටුණි. මේ සිදුවීම ඒරාෂ්ටක අපල කාලයකට සමානය.   
එකම ගෙදරක මවට, පියාට සහ පුතාට ඒරාෂ්ටක අපල ඇති බවත් ඔවුන් තිදෙනාම එකම නිවසක වාසය කිරීම මාරක අපල ඇති වීමට හේතු වන බවත් එක් ජ්‍යොතීර්වේදියකු කියා තිබුණි. ඒ අතර පුතාගේ හඳහන බැලීමට අවස්ථාවක් මට උදා වුණි. ඔහු කියා ඇති පරිදි පුතාට ඒරාෂ්ටක අපලයක් ඒ කාලයේ නොවීය.   


කෙසේ වෙතත් ඒ කාලයේම පුතා වෛද්‍ය විද්‍යාලයට තේරී තිබුණි. සෙනසුරු ඒරාෂ්ටක අපලයක් ඇති අයකුට වෛද්‍ය විද්‍යාලයට තේරීමට හැකි කමක් ඇතැයි මම නොසිතමි. ඉගෙනීමත් කඩාකප්පල් වන ඒරාෂ්ටක අපලයකින් ඉගෙනීමේ උසස්ම තත්ත්වයකට පත්විය හැකිද?   

 

 


විශ්‍රාමලත් විදුහල්පති,   
එඩී කරුණාතිලක   
32, ගල්වැටිමෝදර පාර, නල්ලූරුව, පානදුර 



අදහස් (0)

ජ්‍යොතිර්වේදියකුගේ අත්දැකීම්වලින් බ්ඳක්...

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 2 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 2 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 2 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 22 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 26 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 12 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 974 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1431 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site