ලෝකෙන් ටිකක්

ඇළ මාර්ගවලින් වෙන් වෙන කුඩා දූපත් 118කටත් වැඩි ප්‍රමාණයක් පාලම් මගින් සම්බන්ධ කරමින් ඉදිකර තිබෙන වැනිස් නගරය වැනිස් කළපුවේ පිහිටා තිබේ. සාම්ප්‍රදායික ගොන්ඩෝලා බෝට්ටු හා ඇළ මාර්ගවලින් යුත් වැනිස් නගරය සංචාරක ව්‍යාපාරය සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ද වේ.
පසුගිය බදාදා වැනිසියට බලපෑ ගංවතුර තත්ත්වය හා එදින මැදියම් රැයේ දී අඩි 6කටත් වැඩියෙන් නැගුණු වඩදිය හේතුවෙන් මෙහි තිබෙන සියවස් ගණනක් පැරණි ගොඩනැගිලි හා ඉපැරණි බැසිලිකා දේවස්ථානය ආදියට දැඩි හානි සිදුවිය.
1966න් පසු මෙවැනි දරුණු වඩදියක් වාර්තා වූයේ එදිනයි. වැනිස් නගරයේ පුරපති ලුයිගි බ්‍රග්නාරෝ මේ අනතුරෙහි වගකීම පටවන්නේ ගෝලීය දේශගුණ වෙනස්වීම කෙරෙහි ය.
අධික වැසි හා ප්‍රබල සුළං නිසා ඇතිවූ මෙම ගංවතුර තත්ත්වයෙන් වැනිස් නගරය ආශ්‍රිත කලාපයට ද හානි සිදුවිය. මෙම උපද්‍රවය හමුවේ දෙදෙනෙක් මියගිය අතර ඉන් එක් අයෙකුගේ මරණයට හේතු වූයේ යටවූ නිවසේ ජලය ඉවත් කිරීමට යාමේ දී විදුලි සැර වැදීමයි.
වැනිස් නගරයෙන් සියයට 80කටත් වැඩි ප්‍රමාණයක් වඩදිය අවස්ථාවේ යටවී තිබුණු අතර ජලයෙන් යටවුණු එහි තිබෙන බහුතරයක් ඉපැරණි හා ඓතිහාසික ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇතැයි වාර්තා වේ. පෙසාරෝ හි නූතන කලා ගැලරිය ඇතුළු ගොඩනැගිලි කිහිපයකම කුඩා පරිමාණ ගිනි ගැනීම් ද ඇතිව තිබිණි.
මෙවැනි දරුණු වඩදිය නැගීම්වලින් පුරාණ නගරය ආරක්ෂා කිරීම සඳහා ගංවතුර බාධකයක් නිර්මාණය කිරීම 1984දී ඇරඹුණ ද නොයෙක් වංචා, දූෂණ හා හිතාමතා ප්‍රමාද කිරීම් නිසා අද වෙන තුරු එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නොහැකි වී ඇත. දේශගුණ විපර්යාසයට දොස් නගමින් සිටියහොත් ලෝක උරුමයක් වෙන සුන්දර වැනිස් නගරය අනාගත පරම්පරාවලට හැබැහින් දැක ගැනීමට ඉතිරි නොවනු ඇත.
2025 දෙසැම්බර් මස 04
514
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංවතුරෙන් යටවෙන වැනීසිය