IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ග්‍රහ ලොව මව සඳු

ලොව ඇති සියලු දේ නිර්මාණය වන්නේ හිරුගේ ​ආලෝකයෙන් හා මවගේ කිරි වලින් බව කියනු ලැබේ. සඳුගේ ආලෝකයෙන් රාත්‍රිය චමත්කාරජනක වේ. සෞරග්‍රහ මණ්ඩලයේ රවි ළඟට දීප්තිමත්ව පෙනෙන ග්‍රහ ලෝකය සඳුය. 
ග්‍රහ ලොවේ රජු රවිය. සඳු බිසව වේ. චන්ද්‍රයා තරුපති සිසිර සසදර යන නම් වලින් හැඳින්වෙන සඳු ග්‍රහයා මව වේ. සිතුවිලිවලට අධිපති වන සඳු සෞම්‍ය ගුණයෙන් අග තැන්පත් ස්ත්‍රී ග්‍රහයෙකි. පසළොස්වක දිනය සඳුගේ බලවත්ම දිනය වන අතර රාත්‍රී කාලයේදී සඳු බලවත්, දිවා කාලයේ දී සඳු දුබල වන අතර අමාවක පොහොය දිනයේදී වඩාත් දුබල වේ. 


 පුර සඳහු අව සඳු ලෙස සඳුගේ පාර්ශ්ව දෙකකි. පුර පක්ෂයේ සඳු බලවත් වන අතර අව පක්ෂයේ සඳු දුර්වල වේ. සඳුට රාශියක් පසු කිරීමට ගත වන කාලය දින 2 1/2 කි. සඳු ආපෝ ධාතුවට හෙවත් ජලයට අධිපති වේ. ඉක්මන් ගමන් නිසා වංචල ගතිය වැඩි වේ. කටක රාශියේදී ස්වකේෂ්ත්‍ර වන සඳු වෘෂභ රාශියේදී උච්ච බලය ලබයි. වෘශ්චිකයේදී නීච වෙයි. සඳුගේ දශා කාලය වර්ෂ 10 කි. රෙහෙණ, හත, සුවණ යන නැකැත් අයත් වේ. සඳු අධිපති වන මහරහත් මෙහෙණින් වහන්සේලාද සිල්වත් දස සිල් මාතාවන් ද තමන්ගේ මෑණියන් ද ගුරුතුමිය සිල්වත් කාන්තාවන් හා පත්තිනි දේව මෑණියන් මේ ගණයට අයත් වේ. 


සඳු බලවත්ව සිටින අවස්ථාවක උපත ලද අය කාගෙත් ගෞරවයට පත් වන සමාජයේ කාගෙත් සිත් දිනාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති ඕනෑම දෙයක් වහා අව​ෙබා්ධ වන ඥාණයෙන් යුක්ත අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරයි. සඳු බලවත් වීමෙන් නව නිර්මාණ බිහිවීමට​ ජ්‍යොතිෂ විද්‍යාව හැදෑරීමෙන් විපුල ඵල ලබා ගැනීමට ද හැකියාව ලැබේ. ඊට අමතරව ගව පාලනයේ යෙදෙන්නන්ට යුෂ ආශ්‍රිත පළතුරු වගාකරුවන් වතුර ආශ්‍රිත රැකියාවල යෙදෙන්නනට මෙන්ම තීන්ත නිෂ්පාදකයන්ට ද වාසි අත් වේ. යම් කේන්ද්‍රයක හය අට ​ෙදාළහ සඳුට සුබ ස්ථාන නොවේ. මෙම ස්ථානවල සඳු දුර්වල වු විට පුද්ගලයාගේ ගති පැවතුම් පහත් තත්ත්වයක පවතී. නමුත් ලෞකික දියුණුවට බාධා ඇති නොවේ. සඳු බලවත් වී​ෙමන් ප්‍රසන්න පෙනුම නිරෝගී භාවය ආරක්ෂා කර දෙන අතර දුර්වල වී​ෙමන් දැඩි මානසික පීඩාවන්ට ගොදුරු වන අතර උමතු රෝග සෙම් පීඩා ජලයෙන් උපද්‍රව, පාචනය, උදරාබාධ හොරි දද වණ කුෂ්ඨ රෝග ඇස්වල ආබාධ වැනි අසනීප ඇති වේ. 


සඳු නිසා බලවත් යෝග ගණනාවක් නිර්මාණය වී ඇත. එනම් සඳු කටක රාශි ගත වීමෙන් ‘කුලීර’ යෝගය උදා වන නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකිය. වාසනාවන්ත දරුවන් සිටී. ගුණ යහපත් කමින් යුක්තයි. සඳු වෘෂභ රාශියේ උච්ච වීමෙන් ‘සස’ යෝගය උදා වෙයි. රූපය ලස්සනයි. පෙනුම ප්‍රසන්නයි. මවගෙන් ධනය ලැබේ. දේපළ ගේ දොර ඉඩකඩම් වාහන ලැබීමේ භාග්‍ය ඇත. ස්ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍රයා උච්ච වීම උසස්ම ගුණයකි. 


පෙර ආත්මවල තම මව ඇතුළු උසස් කාන්තාවන්ට කරන ලද අකටයුතුකම් හා නොසලකා හැරීම් හේතුවෙන් සඳුගේ අපල ඇති වේ. මෙම සඳුගේ අපලය මඟ හරවා ගෙන ශූභ ඵල උදා කර ගත හැකි ක්‍රම වන්නේ මවට ගරු සත්කාර කිරීම, මෙහෙණින් වහන්සේලාට දස සිල් මාතාවන් ඇතුළු සිල්වත් කාන්තාවන්ට ඇප උපස්ථාන කිරීමයි. එසේම බුද්ධ පූජා බෝධි පූජා තබා පත්තිනි මෑණියන්ට පිං පැමිණ වීමෙන් සඳු අපලය දුර කර ගැනීමට පුළුවන. වතුරින් ප්‍රවේශම් වීමට මතක තබා ගැනීම ඉතා වැදගත්ය. චන්ද පිරිත භාවිතය සුදුසුයි. මෛත්‍රී භාවනාව සුබ වේ. නව ගුණ රතන අභිසම්භිදාන යන්ත්‍රයක් පැළඳවීම සුබ වේ. 

 

 


ජ්‍යොතිෂවේදිනී 
අජන්තා ඒකනායක, 
121, වෑතලාව පාර, මාංගොඩ, මැදමහනුවර.



අදහස් (0)

ග්‍රහ ලොව මව සඳු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 74 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site