IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවිගෙන් යෙදෙන යෝග සහ ද්වි ග්‍රහ යෝග

රවි ග්‍රහයා මේෂ රාශිගතව සිටීමෙන් මයුරපාල යෝගය යෙදෙයි. වර්ෂයේ අප්‍රේල් 14 ත් මැයි 14 ත් අතර උපන් අයට මෙම යෝගය යෙදීමෙන් තේජවන්ත පෙනුමක් ගෙනදෙයි. රජයේ හෝ පෞද්ගලික අංශයේ උසස් තනතුරු ලැබීමට වාසනාව ඇත. දේපළ ඉඩම් වාහන ලාබ සහ නිවාස ලාබ ලබයි. ඉදිරි අප්‍රේල් මාසයේ 14 න් මැයි 14 ත් උපදින දරුවන්ට මයුරපාල යෝගය යෙදෙයි. රවි මේෂ රාශිය උච්චයි.   


රවි සිංහ රාශිගත වීමෙන් උපේන්ද්‍ර යෝගය යෙදෙයි. මෙම යෝගය යෙදෙන්නේ වර්ෂයේ අගෝස්තු මැද සිට සැප්තැම්බර් මැද දක්වා උපන් අයටයි. මෙම යෝගයෙන් උපන් අය ප්‍රධානත්වයට පත් වෙයි. ආත්ම ගෞරවය රැකගනී. අන්‍යයන්ට උදව් උපකාර කරයි. කිසිවෙකුට හිංසාවක් නොකරයි. උසස් තනතුරු ලැබීමට වාසනාව ඇත.   


එක් රාශියක ග්‍රහයින් දෙදෙනකු සිටීමෙන් ද්වි ග්‍රහ යෝගය ඇතිවෙයි. රවිගෙන් යෙදෙන ද්වි ග්‍රහ යෝගය මෙසේය.   


රවි - චන්ද්‍ර - අමාවක දිනක නොහොත් කළුවර දිනක උපත සිදුවීමෙන් ප්‍රසිද්ධිය අඩු කරයි. දියුණුවීමට බාධක ඇතිකරයි. 

 
රවි - කුජ - මෙම දෙදෙනාගේ සංයෝගයෙන් ශරීරයේ උෂ්ණගතිය වැඩිවෙයි. උෂ්ණ රෝග වැලඳිය හැකිය. ඥානවන්තයි, උත්සාහය සහ උනන්දුව පවතී. ප්‍රතිපත්තිගරුකය. තම වාසියට කටයුතු කරයි.   


රවි - බුධ - ඉගනීම් කටයුතුවලට ගණිත මිනිත විෂයයන්ට දක්ෂයි. මෙම දෙදෙනාගෙන් එක් අයකු කුම්භ හෝ කන්‍ය රාශිගතව සිටීමෙන් ප්‍රසිද්ධියට ගෞරවයට පත් වෙයි.   
රවි - ගුරු - උගත් උසස් අය ආශ්‍රයට ලැබේ. නිරෝගී වෙයි. කථාවට දක්ෂයි. ධනයෙන් බලයෙන් දියුණුව උදා වෙයි. තැන්පත් බවින් යුක්තය.   


රවි - සිකුරු - රූපය ලස්සනය. සංගීත නෘත්‍ය කලා කටයුතු අගය කරයි. විනෝදකාමී වෙයි. විවාහ ජීවිතය වාසනාවන්තය. ධනය ලබයි. උභය පාර්ශ්වයෙන් ගරු සරු ලබයි. මෙම සංයෝගය බලරහිතවී නම් මෙම ශුභ නොලැබේ.   


රවි - සෙනසුරු - වැඩ කටයුතු කල්වේලා ඇතිව සූදානම් කරගනී. ගනුදෙනුවලදී අපක්ෂපාතී වෙයි. අඹුදරුවන්ගෙන් පසුකාලීනව වෙන්ව කටයුතු කරයි.   

 


මීරිගම - විද්‍යාල මාවතේ   
ජ්‍යොතිර්වේදී ආර්.ඇම්.ටී.බී. රත්නායක   



අදහස් (1)

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවිගෙන් යෙදෙන යෝග සහ ද්වි ග්‍රහ යෝග

සුනිල් Thursday, 02 December 2021 10:44 AM

ස්තුතියි , රවිගෙන් උදාවෙන සියලුු යෝග සදහන් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 514 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site