ස්වභාව ධර්මය වෙනස්වෙයි. තාක්ෂණය වෙනස් වෙයි. කලින් කලට මිනිසාද වෙනස් වෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත්, නක්ෂත්ර විද්‍යාවත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්රාදී ගුප්ත විද්‍යාවත් වෙනස් නොවේ. යන්ත්‍ර මන්ත්‍ර සූත්‍ර ඇසට නොපෙනෙන ජීවමය තරංග බලවේගයකි. අතීතයේ ඉසිවරුන් විසින් බිහි කරන ලද මෙම ප්‍රාණ බල අක්ෂර සංයෝග කළ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව වර්තමානය වනවිට විනාශ මුඛය කරා ගමන් කරමින් පවතී.
එදා අපේ පැරණි මුතුන් මිත්තන් පරම්පරාගතව පවත්වාගෙන එනු ලැබූ මෙම වටිනා ශාස්ත්‍රය බුද්ධි හීනයන් අතට පත්වීම නිසා විනාශය කරා ගොස් ඇත. දැන් හැම ශාස්ත්රයක්ම ව්‍යාපාර බවට පත්වී ඇති කාලයකි. ගුප්ත විද්‍යාවටද එයින් ගැලවීමක් නැත.
ගුප්ත විද්‍යාව යන්ත්‍ර, මන්ත්‍ර තන්ත්ර වශයෙන් කොටස් තුනකට අයත් වෙයි. එය වශී මෝහන විවේෂණ උච්ඡාටන ආක්ෂණ ස්තම්භක වාරණ යනුවෙන් තවත් කොටස්වලට බෙදේ.
මන්ත්‍ර ශාස්ත්‍රය නොපෙනෙන මහා බලවේගයක් වුවද මෙය හරිහැටි ක්රියාවේ යෙදවීමෙන් මෙයින් ලබාගත හැකි පලප්‍රයෝජන විශාලය. වර්තමානයේදී තාක්ෂණයේ දියුණුව නිසා යන්ත්‍ර මන්ත්‍රාදී ගුප්ත විද්‍යාව පහතට ඇද දමා ඇති සැටියක් පෙනේ. නමුත් ගුප්ත විද්‍යා කටයුතුවල අවශ්‍යතාවයේ අඩුවක් නොපෙනේ. ආධුනිකයින් මෙයට යොමුවීමේ කිසියම් අඩුවක් පෙනෙන්නට තිබේ.
එබැවින් ගුප්ත විද්‍යා කටයුතුවලට යොමුවීමට අපේක්ෂා කරන ආධුනිකයින් සඳහා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ ඇති බැරෑරුම් බවත් වගකීමත් වටහාදීම ඉතාම වැදගත් වෙයි. ඒ සඳහා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳ පළපුරුදු ප්‍රවීණ ඇදුරෙකුගේ උපදෙස් හා මග පෙන්වීම ප්‍රථමයෙන්ම ලබාගත යුතුය.
ගුප්ත විද්‍යාව පුහුණුවීමේදී ආධුනිකයින් ප්‍රථමයෙන්ම මන්ත්‍ර පාඩම් කරගත යුතුවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ස්වල්පයක් පෙන්වාදීම මෙම ලිපියේ අරමුණ වෙයි.
ප්‍රථමයෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනීමට පටන් ගන්නා අය රාත්‍රී 11 න් පසු මන්ත්‍ර පාඩම් නොකළ යුතු වෙයි. හඬනගමින් හෝ ඉතා හෙමින් පාඩම් නොකළ යුතුය. නිවස අසල කවර හෝ තොවිල්පොළවල් තිබෙන විට පාඩම් කිරීම නැවැත්විය යුතුය. අසල කුමන හෝ බෙර හඬක් ඇසෙන විටද හොඳ හෝ නරක හෝ වේවා මන්ත්‍ර පාඩම් කිරීමෙන් වැළකී සිටිය යුතුවෙයි.
විශේෂයෙන්ම මළ ගෙදරකට ගමකට හෝ මළ මිනියක් තිබෙන වෙනත් තැනකට හෝ ගොස් ආපසු පැමිණිවිට මන්ත්‍ර ශාස්ත්‍රයට අයත් සියලුම පොත් හා මන්ත්‍ර පරිහරණයෙන් වැළකීම වැදගත් වෙයි. එසේ නොකිරීමෙන් වටිනා මන්ත්‍ර ශාස්ත්රයේ බලය පිරිහෙනු ඇත.
බැදුම් පිළිස්සුම් වැනි ආහාර වර්ග අනුභව කිරීමෙන් පසුවද මන්ත්‍ර පාඩම් කිරීම නතර කිරීමට වගබලා ගත යුතුයි. යම්කිසි ගමනක් යනවිට හෝ යාන වාහනයකදී හෝ මන්ත්‍ර පාඩම් නොකළ යුතුය. කිළිකුණු කොටහලු ගෙවල්වලට ගොස් ආපසු පැමිණි විටද ශාස්ත්‍රීය කටයුතුවලට අත නොතැබිය යුතුයි.
විශේෂයෙන් මෙම මන්ත්‍රී ශාස්ත්‍රය මැතිරීම් වැනි කටයුතු කරන විට තනියම කාමරයකට වී ආරක්ෂා මන්ත්‍ර බල සහිතව, නිශ්ශබ්දව, එය පරිහරණය කළ යුතුය. මන්ත්‍ර පාඩම් කිරීමට යෙදෙන අය අපිරිසිදු අවස්ථාවල පාඩම් කිරීම නතර කළ යුතුවෙයි. වයස අවුරුදු 18 න් පහළ අය මන්ත්‍ර ශාස්ත්‍ර කටයුතු කරනවිට හැකි තරම් දුරට කල්පනාවෙන් හා ප්‍රවේශමෙන් කළ යුතු වේ.
මෙවැනි මන්ත්‍ර ශාස්ත්‍රීය ගුරුකම් පාන්දර හතරහමාරෙන් පසු ආරම්භ කිරීම වැදගත් වෙයි. පාඩම් කරන පොතට සාම්බ්‍රානි දුම් අල්ලා ගුරුවරුන් දෙමාපියන් නැමද දෙවියන්ට පින් දී පාඩම් කිරීම ආරම්භ කරන්න.
දිනපතා උදේ 5 සිට දහවල් 11 දක්වාත් දහවල් 1 සිට සවස 5 දක්වාත් රාත්‍රී 7 සිට රාත්‍රී 11 දක්වාත් මන්ත්‍ර පාඩම් කිරීමට සුදුසු වේලාවන් වෙයි. මේ බලවත් නීති ඇත්තේ මුලින්ම මන්ත්‍ර ශාස්ත්‍රය පටන්ගන්නා අයටය. පුරුදුවූ අයට මේ මන්ත්‍ර ශාස්ත්‍රයට වේලාවක් නැත. තමන්ට ඕනෑම අන්දමකට ඕනෑම වේලාවකට මින් වැඩ ගත හැක.
මිල මුදලට තන්හාවෙන් මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන නොගත යුතුය. හිතෙන හිතෙන අන්දමට විනෝදයට මන්ත්‍ර ශාස්ත්‍රීය දේ නොකළ යුතුය. රාගනිශ්රිත අදහස් වලින් වශී ගුරුකම් වැනිදේ කිරීමේදී ප්‍රවේසම් විය යුතුය.
ගුප්ත විද්‍යාව හැදෑරීමේදී මන්ත්‍ර පාඩම් කිරීමේදී යම් යම් නොපෙනෙන බලවේගයන්ගෙන් ඇතිවන දෝෂ උවදුරු ආදියෙන් ආරක්ෂා වීමට පහත සඳහන් ජීවිතාරක්ෂක මන්ත්‍ර කට පාඩම් කරගන්න. මෙම මන්ත්‍ර එකක් හෝ කට පාඩම් තිබේ නම් අනවින භූත දෝෂ ආදී බලවේගයන් තමා කරා නොපැමිණේ.
ඕං මුනි නමෝ මුනි ජය අංගුලිමාල මුනි වෙසමුනි ආඥාවෙන් සර්ව ආරක්ෂා බන්ද බන්ද ඒස්වාහඃ
ඕං ඊශ්වර සෙවණේය, ඊශ්වර සළු සෙවණේය මංග්ර සෙවණේය. මංග්ර සළු සෙවණේය. දිවගුරු බුදුන්නේ සඟල සෙවණේය. රන් ඇඳ අට කොන සෙවණේය. අට කොණ මරු බින්දෙන් සර්ව ආරක්ෂා බන්ද බන්ද ඒස්වාහඃ
ඕං ඊශ්වර මංඩලේදී රාම වෙස්ගත් රාම වාලියා නම් මම තමාය සිද්ධි බන්ද බන්ද ඒස්වාහඃ
ඇදුරා මෙන්ම ආතුරයාද පස් පවින් වැළකීම කිළිනොවැදීම කිළි සහිත ආහාර නොගැනීම ඉතාමත් අවශ්‍යය. එවිට එම කටයුත්තෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක.
ඇදුරාටත් ආතුරයාටත් දෝෂ උපද්‍රව ඇති නොවන අයුරින් ක්‍රියා කිරීමට වගබලාගත යුතුය. ඒ සඳහා පුරාණාචාරීන් පවත්වාගෙන ආ ක්‍රමවේදයන් ඇත.
අතීතයේ ඇදුරන් සතුව තිබූ අතිභයානක, ක්ෂණික ප්‍රතිඵල ගෙනදෙන යන්ත්‍ර මන්ත්‍ර ඔවුන් සමගම වැළලීයාමට ඉඩහැර ඇත්තේ සමාජයට අහිතකර මෙන්ම විනාශකාරී තත්ත්වයන් උදාවිය හැකි බව විශ්වාස කිරීම නිසා විය හැක.
සටහන
ගම්පහ - අබේසේන හේරත්
හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන
නිරූපණ ක්ෂේත්රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට
පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත
සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.
ඔහු රංගනයට වඩාත් දක්ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම
“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ගුප්ත විද්‍යා කටයුතු ඉගෙනීමට පිළිපැදිය යුතු කරුණු
බන්දුල ධර්මවර්ධන Saturday, 17 November 2018 11:57 PM
මෙම සටහන තැබීම ගන ස්තුතිය ප්‍රකාශ කරමි. ආධුනිකයන්ට වටිනා උපදෙස්
තිලින සුරේෂ් Tuesday, 13 August 2019 10:29 AM
හොදයි ආසයි ඉගෙනගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද
හශිනි ඩිල්ෂානි Wednesday, 13 November 2019 04:20 AM
මේ පිළිබඳව මනා අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය යි. ඒ සදාහා නිර්දේශිත පාර්ශ්වයක් පිලිබඳ දැනුවත් කරන්න.
කනිශ්ක Sunday, 01 March 2020 12:16 PM
ඉගෙනගන්න පොත් තියෙනවානම් නම් දෙන්න. ලිපිය ගොඩක් හොදයි.
නානායක්කාර Sunday, 22 March 2020 05:54 PM
වැදගත්, මා යම්තාක් ප්රගුනකර ඇත නවකයින්ට අරාධනා
thilina anjana Thursday, 23 April 2020 01:39 PM
ඉගෙන ගන්න ආසයි...කොහොමද
Mangala Sunday, 31 July 2022 08:22 PM
මේ පිළිබඳව මනා අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය යි.