IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කහවත්ත කැලඹවූ කාන්තා ඝාතනය

දඩබ්ම

 

 

උඩගමුවේ දළුග්ගලවත්ත පනාවැන්නේගෙදර ගම්මානය පිහිටා ඇත්තේ කහවත්ත පොලිස් වසමේය.   


මේ ගම්මානයේ පදිංචිව සිටි යක්දෙහිගේ සුමනාවතී (67) නමැති කාන්තාවක් ඝාතනය කෙරිණ.   
ඇගේ සිරුර කහවත්ත පොලිසිය විසින් සොයාගනු ලැබුවේ ඉකුත් 9 වැනිදා රාත්‍රී කාලයේය. 
 


ඇයගේ හිසේ ලේ ගලන තුවාලයක්ද තිබෙන අයුරු සිරුර පරික්ෂාකර බැලූ පොලිස් නිලධාරීන් නිරීක්ෂණය වී තිබේ.   
මෙම කාන්තාවගේ සැමියා 2012 වසරේ සිට සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතකරය.   


ඒ බාලවයස්කාර ඥාති දියණියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.   


සුමනාවතී නමැත්තියගේ සිරුර වැටී තිබුණ ස්ථානයට නුදුරින් කිලෝ 7 1/2 ක් පමණ බර කළු ගලක්ද වැටී තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.   
රත්නපුර කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂා කිරීමේ (සොකෝ) ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නන්දන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ අාරම්භ කළ අවස්ථාවේ මෙම මෙම කළු ගලද සියුම් පරික්ෂාවකට ලක්කර ඇත.   


ලේ පැල්ලම් කිහිපයක් කළුගලේ තැවරී තිබෙන අන්දමත් කෙස්ගස් කිහිපයක්ද කළුගලේ ඇලී ඇති අයුරුද එය පරික්ෂාකර බැලූ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ පොලිස් කණ්ඩායමට දැක ගැනීමට ලැබී තිබේ.   


කළු ගලෙන් හිසට ගසා මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කළේය.   


කහවත්ත යැයි කියූ සැණින් එක්තරා කාලවකවානුවක ප්‍රසිද්ධියට ලක්ව තිබුණේ කාන්තාවන් ගණනාවක් වරින්වර අභිරහස් ලෙස ඝාතනය වීම නිසාය.   
රත්නපුර කොට්ඨාස නිල සුනඛ අංශයේ පොලිස් නිල සුනඛ ලෝලා අපරාධය සිදුවූ ස්ථානයට කැඳවාගෙන එනු ලැබුවේ ඝාතකයා ගැන කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමටය.   
පොලිස් කොස්තාපල් ඩී.ජී.පී.ජේ. දිසානායක මහතා පොලිස් නිල සුනඛ ලෝලාට කළුගල ඉවකිරීමට සලස්වා ඇත.   
කළුගල ඉව කළ පොලිස් නිල සුනඛයා කිලෝමීටර් 1 1/2 ක් පමණ දුර ගෙවා ගොස් ඒ ගම්මානයේම පිහිටි වතු නිවාස පේළියක ඇති වසා දමා තිබූ නිවසක් අසලට ගොස් නතරවී තිබේ.   


දොර වසා තිබූ නිවසට කිහිප වතාවක්ම කතාකර ඇතත් කිසිම ප්‍රතිචාරයක් නොවූ නිසා කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ​පොලිස් පරීක්ෂක අතුල පෙරේරා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම දොර කඩා නිවසට ඇතුළුවී ඇත්තේ කරන්න දෙයක් නොතිබූ නිසාය.   
නිවස ඇතුළේ පුද්ගලයන් දෙදෙනෙකු සිටින අයුරු පොලිස් කණ්ඩායමට දැන ගැනීමට ලැබිණ.   


පොලිස් කණ්ඩායම ඇතුළුවීමත් සමගම එතෙක් වේලා දොර ළඟට වී සිටි පොලිස් නිල සුනඛයා ද ඒ දොරෙන්ම ඇතුළුවී නිවස තුළ සිටි එක් පුද්ගලයකු ළඟට ගොස් එම පුද්ගලයා ඉවකර ඔහුගේ දෙපා මුල වාඩිවිය.   


පොලිස් නිල සුනඛ ලෝලා ලබාදුන් ඒ හෝඩුවාව අනුව ශෂි කුමාර් (30) නමැත්තෙක් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ වයෝවෘද්ධ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙනි.   


ඒ සමගම ඔහුත් සමග සිටි රවි නමැත්තාද සැකපිට ප්‍රශ්න කිරීමට පොලිස් බාරයට ගනු ලැබීය.   
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනවිරත්න මහතාගේ විශේෂ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් ඩී.ජී.පී.ජේ. දිසානායක (75015) මහතා විසිනි.   
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රත්නපුර ඒකකය බාර පොලිස් සැරයන් එම්.ඩී.ටී. මාලියද්ද (4967) මහතාගේද සහාය මෙම පරීක්ෂණ සඳහා ලැබී ඇත.   
පොලිස් නිල සුනඛයා ලබාදුන් ඉව අනුව සැකපිට අත්අඩංගුවට ගත් ශෂි කුමාර් නමැත්තා පහරදීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට මීට කාලයකට ඉහතදී අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි අයෙකි.   


ශෂි කුමාර් එක්ක පොලිස් බාරයට ගත් රවි නමැත්තා ද පහරදීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට අධිකරණයේ ඇප ලබා පැමිණ තිබුණේ මෙම ඝාතනය සිදුවීමට දින දෙකකට පමණ කලින්ය.   


රවි සහ සුමනාවතීගේ සැමියාද සිට ඇත්තේ එකම රිමාන්ඩ් බන්ධනාගාරයේය.   
2012 වසරේ සිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සුමනාවතීගේ සැමියා රවි අධිකරණයෙන් ඇප ලබා බන්ධනාගාරයෙන් ඒමට කලින් හමුවී ඇත.   
මීළඟ නඩු වාරයේදී ඇප ලබාගැනීමට බිරිය සුමනාවතීට රුපියල් 15,000 ක මුදලක් සූදානම් කර තබාගන්නා ලෙස දැනුම්දෙන ලෙස ඔහු (සුමනාවතීගේ සැමියා) රවි සමග කියා තිබේ.   


ඇප ලබා පැමිණි රවි ඒ බව කීමට සුමනාවතීගේ නිවසට ගොස් ඇතත් ඒ වනවිට ඇය නිවසේ සිට නොමැත.   
සුමනාවතී ඒ වනවිට මළගෙදරක ගොස් සිටියාය.   


රවි නමැත්තා පැමිණ ගිය බව සුමනාවතී නමැත්තියගේ ලේලිය ඇයට දන්වා ඇත.   
මේ බව දැනුම්දුන් පසු සුමනාවතී රවි සොයා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ශෂි කුමාර් නමැත්තා ද එහි පැමිණ ඇත.   
රවි සහ ශෂි කුමාර් නමැත්තන් මේ අවස්ථාවේ සිට ඇතැයි කියන්නේ කසිප්පු පානය කරමිනි.   


රවි නමැත්තා සුමනාවතී නමැත්තියගේ සැමියා රිමාන්ඩ් බාරයේදී තමා සමග මුදල් අවශ්‍යතාවය ගැන ඇය සමග කියා ඇත.   
තමා ළඟ රුපියල් 10,000 ක මුදලක් තිබෙන බවත් තවත් රුපියල් 5000 ක් සොයාගත යුතු බවටත් මෙහිදී සුමනාවතී රවි නමැත්තා සමග පවසා ඇතැයි කියති.   
රෑබෝවී තිබූ නිසා රවි නමැත්තා සුමනාවතී නමැත්තිය නිවසට කැඳවාගෙන යන්නම් යැයි කියා පවසා ඇත.   
ඒ අවස්ථාවේ ශෂි කුමාර් නමැත්තා තමා සුමනාවතී නැන්දාට නිවසට ගෙන ගොස් ඇරලවන බව කියා ඇයත් කැටිව ගොස් තිබේ.   
සුමනාවතීව ඝාතනය කර ඇත්තේ එසේ ඇය කැඳවාගෙන යන අතරවාරයේය.   


මේ තොරතුරු සියල්ල පොලිසිය දැනගත්තේ රවි නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදීය.   
සුමනාවතී ළඟ ඒ අවස්ථාවේ රුපියල් 10,000 ක පමණ මුදලක් ඇතැයි සිතා ඇය ඝාතනය කරන්නට ඇති බව පොලිස් පරීක්ෂණ අනුව පෙනීගොස් ඇත.   
සුමනාවතී නමැත්තියගේ හැට්ටය අස්සේ රුපියල් 250 ක පමණ මුදලක් තිබී ඇති අතර එම මුදල පොලිසිය සොයාගෙන තිබිණි.   
ඝාතකයා පහසුවෙන්ම කොටුකර ගැනීමට මගපෑදුනේ පොලිස් නිල සුනඛයා ලබාදුන් හෝඩුවාව නිසාය.   


පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් එම්. ජයසිරි මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදී මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇත.   
සබරගමුව හා දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ උපදෙස් මත කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල පෙරේරා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඒ.එම්. ගාමිණි යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා තිබේ.   

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   



අදහස් (0)

කහවත්ත කැලඹවූ කාන්තා ඝාතනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 46 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 342 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site