කැලණි මිටියාවතේ සටන්කාරයන් සොයා...
සීතාවක රාජධානියේ ඇති ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ අප පසුගිය සති කිහිපය තුළ කතා කළෙමු. දැනට ඓතිහාසික වශයෙන් සීතාවක රාජධානියේ ඉතිරිව ඇත්තේ නටබුන් වශයෙන් දැකිය හැකි සාධක කිහිපයක් පමණි. බොහෝ සාධක කාලයත් සමග මැකී ගොස් ඇත. පුරාවිද්‍යාත්මක වශයෙන් බොෙහා් තොරතුරු යටපත් වී ඇති නිසා නිෂ්චිත ස්ථාන සොයා ගැනීමේ ගැටලුවක් මතුවී තිෙබ්. කෙසේ වෙතත් දැනට අැති සාධකවලදී සොයාගත් දෑ පෞරාණික වශයෙන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
තුන්වැනි යුගය වශයෙන් සැලකිය හැකි සීතාවක රාජධානිය ක්‍රි.ව. 1521 දී කෝට්ෙට් රාජධානිය බෙදීයාමත් සමඟ බිහිවිය. කෝට්ටේ රාජධානිය බෙදීයාමට පෙර කෝට්ටේ රාජධානිය පාලනය කළේ බුවනෙකබාහු රජතුමායි. රයිගම බණ්ඩාර යටතේ රයිගම් රාජධානයත්, මායාදුන්න යටතේ සීතාවක රාජධානියත් පැවතිණ.
මායාදුන්න රජුගේ පුතකු වූ ටිකිරි කුමාරයා පසුව පිය රජු මරා පෘතුගීසින් සමඟ සටන් කිරීමෙන් පසුව පෘතුගීසින් පළවා හැරීමත් සමඟ ඔහු සීතාවක රාජසිංහ නමින් ප්‍රචලිත විය. ඒ පියා මැරු පාපයෙන් මිදෙන්න මහා සංඝරත්නයේ උපදෙස් පැතුවද ඊට සහනයක් නොලැබුණු නිසා ඔහු සිටියේ මහා සංඝරත්නය සමඟ දැඩි කෝපයෙනි. ඒ නිසා සීතාවක රජු ප්‍රදේශයේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේලා සමඟ ගැටගසා 120 නමක් සීතාවක ගඟේ ගිල්ලවා මරා දැමිණි. ඒ ස්ථානය අදටත් දැකිය හැකිය. අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ සීතාවක රාජසිංහ මාලිගාව අසලින් ගමන් කළ විට උන්වහන්සේලා ගිල්ලවා මරා දැමූ තැන හමුවෙයි. එම ස්ථානය අද හඳුන්වන්නේ ‘කනාමැදිරිවල’ ලෙසිනි. අඩි 30ක් පමණ ගැඹුරු ස්ථානය අසල නාන තොටුපොළක් වුවත් එම ස්ථානයට අදටත් කිසිවෙක් දිය නෑමට හෝ ඒ අසලට වත් යාමට බියක් දක්වති.
පසුව සිය පියා මැරූ පාපයෙන් මිදීමට ඔහු ඉන්දියාවේ සාමිවරයෙකුගේ සහය පැතීය. එ් අනුව එම සාමිවරයාෙග් උපදෙස් අනුව ඉදිකළ කෝවිල බැරණ්ඩි කෝවිල ලෙස හැඳින්වෙයි. එහි නටඹුන් අදටත් දැකිය හැක.
ආර්ථික හා සමාජීය අතින් වැදගත් ප්‍රදේශයක් ලෙස සැලකූ සීතාවක ගඟ, කැලණි ගඟ හා ගැටගැති ඔයෙන් ආරක්ෂිත වූ ප්‍රදේශයක් නිසා මායාදුන්නේ හා සීතාවක රාජසිංහ යන පිය පුතු දෙදෙනා සීතාවක කේන්ද්‍ර කර ගනිමින් පාලනය කර තිබේ. මෙහිදී එම දෙපලට පරංගින්ගෙන් දැඩි සතුරු ප්‍රහාරවලට ලක්වීමට සිදුවිය. මායාදුන්න රජුගේ මාලිගාව එකල ඉදිකර ඇත්තේ ගැටහැති ඔය, සීතාවක ගඟ, රිටිගහ ඔය හා බැලුම්ගල කඳු වැටියෙන් ස්වාභාවිකව ආරක්ෂාවක් ඇති ස්ථානයකයි.
අවිස්සාවේල්ලට නුදුරුව රුවන්වැල්ල නගරයේ ‘පෙතන්ගොඩ උයන’ නමින් හැඳින්වෙන රජමඟුල් උයනේ නටබුන් දක්නට ඇත.
ෙම් වන විට එහි ඉතිරිව ඇත්තේ උණ පඳුර පමණි. රාජසිංහ රජුට මරු කැඳවූ උණ කටුව පතුලේ ඇනී ඇත්තේ මේ පෙතන්ගොඩ උයනේ දී බව ඉතිහාසයේ සඳහන් වෙයි. රජතුමාගේ මරණය පිළිබඳව කියැවෙන ජන කවියක් ඇත. එය අදටත් ජනතාව අතර ප්‍රචලිතයි.
රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ කටුව පතුලේ ඇනුණාය
එක්ව සිටි සැවෝම වට කොට මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය
මෙම උණ පඳුරු විශේෂය වෙනත් කිසිදු ස්ථානයක දැකිය නොහැකිය. මෙය ඉන්දියාවේ සිට පැමිණි අරිට්ඨ කී වෙණ්ඩු විසින් ගෙනැවිත් බෝ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. පෙතන්ගොඩ උයනේදී උණ කටුව ඇනී මියගිය රාජසිංහ රජුගේ දේහය තැන්පත් කළ ස්ථානය පිළිබඳ විවිධ මත පළ කෙරේ. එක් මතයක් වී ඇත්තේ රජතුමා ගමන් කළ අඟුල කැලණි ගඟෙන් සීතාවක ඔයට හරවා උඩුගම් බලා එන අතර කිකිළි බිත්තරවැල්ල නම් ස්ථානයේ රජු මියගිය බවයි. තවත් මතයක් වී ඇත්තේ රජුගේ දේහයේ අවසන් කටයුතු සීතාවක දී සිදු කළ බවයි. එහෙත් මේ පිළිබඳව නිශ්චිත වශයෙන් සනාථ කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක නොමැත. මේ ස්ථානයේ අදට දැකිය හැක්කේ වඩා උස් නොවූ අවිධිමත් ලෙස පිහිටුවා ඇත් ගල් පතුරු කිහිපයක් පමණි.
රාජසිංහ රජුට පෙතන්ගොඩ උයනේදී ප්‍රතිකාර කර අඟුලේ දමා පහළට පැමිණි අතර රජු කටින් පෙන දමා මියගිය බව තවත් මතයකි. රාජ දේහයට කළ යුතු බුහුමන් නොදන්නා සිටි රාජ සේවක පිරිස දිය ඇළ දිගේ අඟුල ගෙනැවිත් දෝනාවක් වැනි තැනක තබා වැසූ බව තවත් ප්‍රසිද්ධ මතයකි. වැලිපිටිය නමින් ඒ ප්‍රදේශය හඳුන්වන අතර වැලිපිටියේ සොහොන අසලට එන්න ඇති දෝනාව වගේම කැලණි ගඟේද ඇළක් ඇත.
සත්කෝරළයේ දී කන්ද උඩරට සීතාවක රාජ්‍යයේ ගමන්මඟ හඳුන්වාදී ඇත්තේ ‘රට මැද පාර’ හා ‘සිංහල පාර’ වශයෙනි. සීතාවක මායාදුන්න රජතුමාගේ නියෝගය මත ‘ආර්ය’ නම් ඇමති රජ මාලිගාව, රාජ සභාව, පරිවාර මාලිගාවන්, මං මාවත්, මල් උයන් ආදියෙන් සුන්දර නගරයක් ලෙස සීතාවක නුවර පත්කළේය. මායාදුන්නේ හා ඔහුගේ පුත් සීතාවක රාජසිංහ රජවරුන් විනාශ කිරීමට පැමිණි පෘතුගීසින් හා ඔවුනට පක්ෂපාතින් පලවා හැරීම සඳහා 1592 දී කොළඹ කොටුව හා යාපනයේ සුළු ප්‍රමාණයක් හැර සෙසු පළාත් සීතාවක රාජධානියට අයත් කර ගත්තේය.
සීතාවක රාජ මාලිගය තිබූ ස්ථානය අසල බිසෝවරුන්ගේ මාලිගාව හෙවත් පල්ලේ වාහල යන ස්ථානය ඇත. එහි සාධක වශයෙන් ඔප දැමූ ගල් පුවරු කිහිපයක් පමණක් තිබී ඇති අතර එහෙත් ඒවා මේ වන විට විනාශ වී ගොස් තිබේ. මාලිගයේ බිසෝවරුන්ට මෙන්ම රාජ කුමාරියන්ට ආභරණ තැනූ රාජකීය පට්ටලය තිබූ ස්ථානය ‘පට්ටල්වත්ත’ලෙස ව්‍යවහාරයේ පවතී. මාලිගය පිටුපස කඳු මුඳුනේ කුඩා බළකොටුවක් පෘතුගීසින් විසින් පසු කාලයේ ඉදිකර තිබේ. මායාදුන්නේ රජු දවස පණිවිඩ යැවීමට ඊතල විදින ස්ථානයක් ලෙසද ආරක්ෂිත මුර පොළක් ද ඉදිකර තිබේ.
මහනුවර විෂ්ණු දේවාලයට තල් දුන් නිසා ‘තෙල් දූව’ අද ‘තල්දූව’ වශයෙන් හඳුන්වයි. අවිස්සාවේල්ල පසුකර කැලණි මිටියාවත ඔස්සේ ඉහළට එන විට තල්දූව තුරග තරග පිටිය හමුවෙයි. මෙය ස්වභාවික පිටියකි. විශාල පිටියක් වූ මෙය සීතාවක රාජ සමයේ අංගම්පොර සහ සටන් පුහුණු පිටියක් ලෙස භාවිත කර ඇත.
සීතාවක රාජසිංහ රජු නිරන්තරයෙන් ගමන් කර ඇත්තේ කැලණි ගඟ දිගේ අඟුලක ආධාරයෙනි. ඒ අඟුලෙන් යාමට ඔහුට තිබූ දැඩි ආශාව නිසාවෙනි. සීතාවක රජු ගඟ දිගේ පහළට ගොස් ‘මැදගොඩ’ නම් ස්ථානයේදී කැලණි ගඟ හමුවන ස්ථානයේදී කැලණි ගඟ දිගේ නැවත ඉහළට ගමන් කිරීමේදී අරංගල හරියේදී ගොඩබිම් මාර්ගයට පිවිස ඇත. එහිදී අඟුල මැදගොඩ හරියේදී ඉබේම නතර වී තිබේ. රජුගේ අණ කිරීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමේදී ඒ අසළ දේවාලයක් තිබී ඇත. රජු පසුව පහනක් පත්තු කිරීමෙන් පසු අඟුල ඉෙබ්ට නික්ම ගොස් තිබේ. මෙම ප්‍රාතිහාර්යය නිසා රාජසිංහ රජතුමා 1588 දී මියගිය ‘මල්වතී’ දේවිය අගබිසව සිහිවීමට දේවාලය කරවූ බව සඳහන් වෙයි.
ඉද්දමල්ගොඩ මාලිගය, රයිගම් මාලිගය, ඉරහඳ පානගල, පැලෑඳනුවර, වෙහෙරකඩගල, කණාමැදිරිවල හා ගල් පාලම ආදී බොහෝ ස්ථානවල සීතාවක රාජසිංහ සමයේ පුරා විද්‍යාත්මක සාධක දැකිය හැකි නමුත් මේ වන විට ඒවා විනාශ වී තිබේ.
සීතාවක යුගය තුළ ජනජීවිතයේ ජීවන රටා හා ජීවනෝපාය මාර්ග පිළිබඳ අවශ්‍ය සාධක දැකිය හැක. ඒ අතරින් සීතාවක මාලිගය ආසන්නයේ පිහිටි වලව්වත්ත ප්‍රදේශය හමුවෙයි. එම ප්‍රදේශයේ වළං කම්හලක් හා ලෝකුරු කම්හලක් පැවැති බවට සාධක හමු වී ඇත. එසේම රජු සමයේ යුද්ධයට අවශ්‍ය අවි ආයුධ සාදන කම්හල් ගොඩැල්ල පිහිටි ප්‍රදේශ හා කම්හල පවත්වාගෙන ගිය පරපුර, බෙර වාදනය කළ පරපුර, ඇත් ගොවි පරපුර හා වෙද පරපුර ෙමහි ජීවත් වී තිබේ.
මෙතෙක් කථා කළ සීතාවක රාජසිංහ හෙවත් ටිකිරි කුමාරයා ඉපදී ඇත්තේ 1532 වසරේ ඇසළ මාසයකදීයි. වයස අවුරුදු අටේදී පියාගේ නියෝජිතයා ලෙස කොළඹ යුද කඳවුරකට ගොස් ඇති අතර වයස අවුරුදු එකොළහේදී සිය පියාගේ යුද හමුදාවට එකතු වී ඇත. ටිකිරි කුමරයා පසුව අසුන් මෙහෙයවීම, යුද සටන් ක්‍රම මෙන්ම දක්ෂ වෙඩික්කරුවෙකුද වෙයි. දෑත් දෙකෙන් කඩු දෙකක් ගෙන එය කරකවමින් දිවයින අසුගේ පිට සිට තවත් අයකුගේ පිටට පැනීමට තරම් දක්ෂෙයකි. සෙබළුන් පනස් දහසක්, යුද ඇතුන් දෙදාස් දෙසීයක්, කාලතුවක්කු එකසිය පනහක්, පාරු හාරසීයක්, යුද රථ, යුද නැව්වලින් සමන්විත ප්‍රබල යුද සේනාවක් ඔහු සතු වී ඇත.
සීතාවක රජු මුදුන්මල් කඩ ලෙස සලකා ඇත්තේ මානියම්ගම රජමහා විහාරයයි. ඔහු කුඩා කල සිට එම විහාරය ආසන්නයේ ‘යකහටුවාව’ කන්ද ආශ්‍රිතව ක්‍රියාකාරකම් අභ්‍යාස ලබා ඇත. අවිස්සාවේල්ල නගරයේ සිට පනාවල මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය තැන යකහටුවාව’ ප්‍රදේශය හමුවෙයි. යක්+හකුව, හකහටුව වශයෙන් ව්‍යවහාරයේ පසුකාලයේ යෙදී ඇත.
මෙම කඳුවැටියේම ‘කොබෝතුරා’ ගලේ සිටි ලිහිණි පැටවෙකු රජවාසලට ගෙනගොස් ඇති කළ අතර ලිහිණියා අැති දැඩි වී රාජසිංහ රජු සමඟ හිතවත් වී රජ සමඟ නිරන්තරයෙන් ගමන්බිමන්වල නිරතව ඇත. රජ සමඟ ලිහිණියා යන සංචාරයේදී දිවයන මුවකු දැක ඉගිල ගොස් මුවා අල්ලා පාදයකින් අල්ලාගෙන මෙල්ල කිරීමට යාමේදී මුවාගේ ශක්තිය වැඩිකමට පැනීමේදී ලිහිණියා දෙපළු වී ගොස් තිබේ. රජුට හිතවත් එම සත්වයා සිහිවීම පිණිස රජු විසින් ලිහිණි රූපය තුන් කෝරළයේ කොඩියට එක් කර තිබේ.
දෙනිගම්පල්, අටුළුගම්, පනාවල් යන තුන් කෝරළයට අයත් භේරුණ්ඩ පක්ෂි කොඩිය එයි. මුළු සීතාවක රාජධානියටම භේරුණ්ඩ පක්ෂියාගේ කොඩියක් වර්තමානයේ සොයා ගැනීමට අපහසු වී තිබේ. දැන් තිබෙන තුන් කෝරළයේ කොඩිය නවීකරණය කරන ලද එයට තවත් කොටස් එක් කරන ලද කොඩියයි.
සීතාවක රාජධානියට අයත් ප්‍රදේශ තුළ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෑත කාලය දක්වා පුරාවිද්‍යා උරුමයන් ඇති බවට පැහැදිලි වෙයි. එහෙත් අවාසනාවකට මෙම අප්‍රකට පුරාවස්තූන් කෙරෙහි නිසි අවධානයක් යොමු නොවීම නිසා විනාශ වීමේ තර්ජනයකට ලක්වී ඇත. එම නිසා බලධාරින්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කර නිසි ගවේශන, කැණීම් සහ සංරක්ෂණ සිදුකර සීතාවක උරුමය රැක ගැනීමට කටයුතු කළ යුතුව ඇත.
සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය සමඟ අන්තර්ජාලයෙනි.
ඇයගේ තරුණකම බිලිගත් පසුත් තම දිවිය කඳුළකට සීමා නොකර දිරියෙන් ජීවිතය ජයගත් අනෝරා වැස්සටත් ඉහළින් පියා සැලූ රාජාලි රැජිනක් බඳු කඳුළු මායිම් නොකළ ගැහැන
’’එකගෙයි කෑම -දෙන්නම මගේ’’ කිව්ව ගමන් මේ දවස්වල ගොඩක් අයට මතක් වෙන්නෙ දසුන් පතිරණ කියන රංගන ශිල්පියාව. ඒ ඔහු රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ නිර්මාණ
“මුඩුක්කුවක ගෑනියෙකුගෙ චරිතය රඟ පාන්න සනෝජා බිබිලෙට පුළුවන් ද..?
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කැලණි ගඟ දිගේ අඟුලකින් ගෙන ආ රාජසිංහ රජුගේ මළ සිරුර