IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ක්‍රිස්තු චරිතය හා ජ්‍යොතිෂ්‍යය

සෑම වසරකම දෙසැම්බර් 25 වෙනි දින නත්තල් උත්සවය සමරණු ලබයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ නත්තල් දිනය යෙදෙන දෙසැම්බර් 25 වෙනි දිනක රාත්‍රියේ බව ප්‍රකාශ වේ.   
ක්‍රිස්තු වර්ෂයෙන් 747 ක් වූ දෙසැම්බර් 25 වන දිනයේ මැදියම් රැයට ආසන්නයේ ඊශ්‍රායාලයේ බෙත්ලෙහෙම් පුරයේ උපත ලද ක්‍රිස්තුස් වහන්සේ උපදින මොහොතේ වල්ගා තරුවක් දිස් වූ බව සඳහන් වේ.   

ඉහත උපන් දිනයට අනුව පිළිගත හැකි කේන්ද්‍ර සටහනක් ඉන්දියා​ෙව් පී.බී. රාමන් නමැති ජ්‍යොතිෂ්‍ය පඬිවරයා ඉදිරිපත් කර තිබේ. එයින් උපුටා ගන්නා ලද සටහන පහතින් දැක්වේ.   
ශනි හිමි උත්‍රපුටුප නැකතේ දෙවන පාදයෙන් උපත ලබා ඇති අතර ශනිට ඉදිරියට වසර 14 ක් ශේෂව තිබී ඇත.   


මෙම කේන්ද්‍ර සටහනේ වැදගත් දේ පිළිබඳව අවධානය යොමු කරණ විට ප්‍රධාන වශයෙන් කාලසර්ප යෝගයට හසුව ඇති බව පෙනේ. සියලු ග්‍රහයන් නීච රාහු - කේතුට මැදිව ඇත. ගුරු හංස යෝගය කේන්ද්‍ර ස්ථානයක ඇත.   


අට අධිපති කුජ සතුරු ස්ථානයේ සිටිමින් ලග්නය දකී. කුජ ශනි රාශි දෙකක සිටියත් අංශක 10 ට වඩා අඩුවෙන් සිට යෝගවී ඇත. ශනි මංගල දෝෂයයි. 

 
ලෝකෝත්තරයට සම්බන්ධ ග්‍රහයෙකු වන ශනි ග්‍රහයා ගුරු සමඟ යෝගවී සිට චිත්ත ශක්තියට අධිපති සඳු සමග සිටීමෙන් ප්‍රබල චිත්ත ශක්තියෙන් දේශනා පැවැත්වීමට හැකියාව ලැබී ඇත.   
තවද මෙම කේන්ද්‍ර සටහනට අනුව 22 දෙර්කානාධිපති හා 64 වන නවාංශකාධිපති රවි විසින් කුජ දකින අතර ලග්නයද දකී. රාජ්‍ය කාරක රවි මරණයට සම්බන්ධ වී ඇත. ඒ රජයට විරුද්ධව දේශනා පැවැත් වූ නිසා බව ක්‍රිස්තු චරිතයේ සඳහන් වේ.   


පළමු වසර 14 ට පසුව ලැබූ බුධගේ දශාව වයස 31 ක් දක්වා පැවැතී ඇති අතර බුධහුගේ දශාවේ අගභාගයේදී දේශනාවලට යොමුවී ඇත.   


නීච රාහු - කේතුට මැදිව යෙදුණ කාලසර්ප යෝගයේ බලපෑම මත හරි හැටි ඉන්නට සිටින්නට තැනැක් නොමැතිව හරි හැටි කෑමක් බීමක් නොමැතිව කල්ගෙවූ බව ප්‍රකාශිතය. එසේම සැප කාරක සිකුරු විසින් සෙනසුරු හා නීච ​ෙක්තු දකී. ​ෙම් නිසා සැපසම්පත් අහිමිව දුක් සහිත ජීවිතයක් ගත කළ බව පෙ​ෙන්.   


ක්‍රිස්තුස් වහන්සේ මිය යන විට වයස 33 කට ආසන්නව තිබී ඇත. ඒ කුරුසියේ තබා ඇණගැසීමෙන් හා කස පහරවල් නිසා ඇති වූ තුවාලවලින් අධික රුධිරය වහනය නිසා ඇති වූ තුවාලවලින් අධික රුධිය වහනය නිසා විය යුතුය. එවකට කේතු දශාවේ රවි අන්තයේ ගත කළ බව පෙනේ. එයින්ද රවි මරණයට සම්බන්ධ වී ඇත.   


මෙම ​ක්ෂේත්‍රයේ ලග්නාධිපති බුධ ග්‍රහයා රවි සමග යෝග වී ඇත. අට අධිපති කුජ සතුරු කරදර ස්ථානයේ සෙනසුරුගේ රාශියක වර්ගෝන්තමව ඇත. 22 දෙර්කානාධිපති රවි - විසින් කුජ දකී. මේ නිසා රුධිරය සහිත මරණයක් බව ජ්‍යොතිෂය සනාථ කරයි.   


කෙසේ වෙතත් ලග්නාධිපති බුධහු විසින් ගුරු දැකීමකින් ආත්මය බලවත් වී ඇත.   


මෙම කේන්ද්‍ර සටහනෙන් ඉගෙනගත හැකි බොහෝ කරුණු අැත.   


ඔබ සැමට ශුභ නත්තලක් වේවායි පතමි.   

 

 

 

 

 

 

 

 


ඒ.ඩබ්. සරත් ආනන්ද   
පැලෑණ උතුර   
වැලිගම   



අදහස් (0)

ක්‍රිස්තු චරිතය හා ජ්‍යොතිෂ්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site