
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරී, වයිරසය සමඟ ජීවත් වීමට අපට සිදුවී ඇත. වයිරසයෙන් බේරීමට නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳිය යුතුමය. ආසාදිතයකුගෙන් වයිරස විෂබීජ අප සිරුරුට ඇතුළු වෙන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලිනි. ඒ නිසා අපිරිසුදු අත්වලින් මුහුණ ඇල්ලීමෙන් වැළැකිය යුතුය. අප සැමවිටම දෑත් සෝදා පිරිසිදුව තබා ගත යුත්තේ එහෙයිනි. මෙය ඉතා වැදගත්ය. ඊට අමතරව මුහුණු ආවරණ පැලැඳීම ද යෝග්‍ය වෙයි. ‘කොවිඞ් 19’ වයිරසයේ බිහිසුණු ස්වභාවය වන්නේ, ආසාදිතයන් රෝග ලක්ෂණ නොපෙන්නීම සහ එම ආසාදිතයන්ගෙන් අන් අයට රෝගය බෝ වීමය.
චීනයෙන් ඇරැඹි ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාව ය. මුහුණු ආවරණ පලඳින ලෙසත්, අපිරිසුදු අත්වලින් මුහුණ ඇල්ලීමෙන් වළකින ලෙසත් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ඇමෙරිකන් ජනතාවට උපදෙස් දී තිබේ. මුහුණ ඇල්ලීම පුරුද්දක් කරගත් බොහෝ දෙනකුට මෙය ගැටළුවකි. ‘මා මට හරිම ආදරෙයි. මා මාගේ මුහුණට හරි ආදරෙයි. මා දිනපතා මගේ මුහුණ අල්ලනවා. කොහොමද එහෙම නොකර ඉන්නේ ?’ යැයි මුහුණ ඇල්ලීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දුන් අවස්ථාවේදී ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙසේ කීවේ වෙන කවුරුවත් නොවෙයි, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය.
‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වූ විට ස්වසන පද්ධතිය අඩපණ වෙයි. පෙණහලුවලට වයිරස විෂබීජ ගමන් කිරීමෙන් නියුමෝනියා තත්ත්වයක් ඇතිවෙයි. ‘කොවිඞ් 19’ මාරක වන්නේ ඒ අනුවය. ඔබ නිරෝගී නම්, වයිරසය නිසා හටගන්නා සංකූලතා අඩුය. ඇමෙරිකාවේ රෝහල් ආසාදිතයන්ගෙන් පිරී යද්දී, අසාධ්‍ය රෝගීන්ට ස්වසන උපකරණ එසේත් නැතිනම් වෙන්ටිලේටර් අවශ්‍ය විය. ඇමෙරිකාවේ ප‍්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම්, මෝටර් රථ නිෂ්පාදනය පැත්තකට දමා වෙන්ටිලේටර් නිපදවන්න විය. අභ්‍යවකාශයේ රහස් සොයන්න වෙහෙසෙන, 2024 දී සඳට කාන්තාවක් යැවීමට ද සූදානම් වන ඇමෙරිකාවේ නාසා ආයතනය ඒ වැඩ සියල්ල පැත්තකට දමා වෙන්ටිලේටර් නිපදවීම ඇරැඹුවේය.
වෙන්ටිලේටර් නිපදවන අතරතුරේ නාසා ආයතනය තවත් අපූරු උපාංගයක් ද නිපදවා ඇත. මෙය කුඩා මාලයකි. මාලයක් සේ පිටතට පෙනුනත්, මෙම සංවේදක උපකරණයකි. කෙනකුගේ අත්වල චලනය පිළිබඳ විමසිල්ලෙන් පසුවන සංවේදක ඊට අන්තර්ගතය. මාලයෙන් සිදුවන්නේ මුහුණ ස්පර්ශ කිරීම වැළැක්වීමය. ඔබට අමතක වී අත් මුහුණට ළං වෙද්දී, මාලයෙන් අනතුරු ඇඟවීමේ හඬ නිකුත් කෙරේ. නැතිනම් එය ‘වයිබ්‍රේට්’ වීමට පටන් ගනී. ඒ අනුව, මාලය පැලඳ සිටින තැනැත්තාට හෝ තැනැත්තියට ‘මුහුණ ස්පර්ශ කරන්න එපා’ යන පණිවුඩය ලැබෙයි.
මාලය නිපදවා ඇත්තේ නාසා ආයතනයේ රොකට්ට හදන ජෙට් ප‍්‍රචාලන පර් යේෂණාගාරයේ විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන් එක්වෙමිනි. මාලය නම් කර ඇත්තේ ‘පල්ස්’ යන නමිනි. මාලයට ගැහැනු පිරිමි භේදයක් නැත. මාලය ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් නිර්මාණය වෙයි. මෙය එදිනෙකා භාවිතයට සුදුසු සරල උපාංගයකි. කුඩා මෝටරයකින් සමන්විතය. ප්ලාස්ටික් ආවරණයක් තුළට සංවේදක ඇතුළත් කර තිබේ. 3 වී වර්ගයේ බැටරියකින් පණ ගැන්වෙයි. නිකටට අඟල් 6 ක් හෝ 12 ක් පහළට වන අයුරින් මාලය පැලැඳිය යුතුයි. නාසා ආයතනය එළිදක්වන මාලයට අකමැති නම්, සන්වේදක අඩංගු කොටස පමණක් මිලදී ගැනීමට ද හැකියාව ඇත. ඉන්පසු එම කොටස ඔබට කැමැති විදියේ මාලයකට සවි කිරීම කළ හැකිවෙයි.
ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනාගෙන් බේරී මුහුණ ඇල්ලීම වළක්වන්න නාසා ආයතනය මාලයක් හදලා