IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කේන්ද්‍රයෙන් කියැවෙන ධනය සහ සැපත

කෙනකුගේ ධන තත්ත්වය ගැන සැලකීමේදී ධන භාවය වන දෙවැන්න සහ අයභාවය වන එකොළොස් වැන්න පිළිබඳව ප්‍රධාන ලෙසම සැලකීම අපගේ සම්ප්‍රදායික සිරිතය. ඒ අනුව කිසියම් කේන්ද්‍රයක ධනය පිළිබඳ තත්ත්වය යහපත් වන්නේ ද යන්න පරීක්ෂා කළ හැකි ක්‍රමය මෙසේය.   

 

1. දෙවැන්න සහ එකොළොස්වැන්න අධිපතියන් සංයෝගවීම   
2. දෙවැන්න සහ එකොළොස්වැන්න අධිපතියන් කේන්ද්‍රයේ කොතැනක හෝ බලවත්වීම   
3. දෙවැන්නෙහි සහ එකොළොස්වැන්නෙහි සුභ ග්‍රහයින් සිටීම.   
4. දෙවැන්න සහ එකොළෙස්වැන්න ශුභ ග්‍රහයින්ට පෙනීම   
5. දෙවැන්න සහ එකළොස්වැන්න අධිපතියන් ස්ථාන මාරු කර ගනිමින් පරිවර්තන ​ෙයා්ගයක් උදාකිරීම යන කරුණු සුභ ඵල උදා කරන කරුණු හැටියට දක්වා ඇත.

 
මීට අමතරව විශේෂ ධනස්ථාන සහ විශේෂ සුඛස්ථාන පිළිබඳව පරාශර සඳහන් කොට ඇති ශ්ලෝකයක් මෙසේය.   


‘පංචමං නවමං චෛව   
විශේෂං ධන මුත්තවේ   
චතුර්ථං දසමං චෛව   
විශේෂං සුඛ මුක්තවේ’   


මේ අනුව පස්වැන්න සහ නවවැන්න විශේෂ ධනස්ථාන ලෙස ද හතරවැන්න සහ දහ වැන්න විශේෂ සැප ස්ථාන ලෙසද සඳහන් වේ. ධනය සම්බන්ධ විශේෂ බලයක් පස්වැන්න සහ නවවැන්නට තිබෙන බව මෙමගින් අදහස් කෙරේ.  


එබැවින් කිසියම් කේන්ද්‍රයක දෙවැන්න, එකොළොස් වැන්න දුර්වල වුවද දෙක සහ එකොළහ අධිපතියන් දුර්වල වුවද අසුභ බලපෑම් ලැබුවද පස්වැන්න සහ නම වැන්න යන ස්ථානවල සුභ ග්‍රහයින් සිටීමෙන් ද ධනය පිළිබඳ විශේෂ බලයක් ඇති කරන බවද තේරුම් ගොස් ඇත.   


සැපත පිළිබඳව නිවේදනය වනුයේ කේන්ද්‍රයේ හතර වැන්නෙන් බව අපි දනිමු. මෙහි සැපත යනු බව භෝග සම්පත් ගේ දොර ඉඩකඩම් යානවාහන ආදියයි. එම හතර වැන්න ඉදිරියෙන් තිබෙන දහවැන්න ද සැපතට බලපාන්නේය. දහවැන්න රැකියා භාවය හෙවත් කර්මස්ථානයයි. එම කර්මස්ථානයේ බලය අනුව උසස් රැකියාවක් සුභ රැකියාවක් හිමිවීමට ඉඩ තිබේ.   


උසස් රැකියාවක් හිමිවීමෙන් එම රැකියාවෙන් ලබන ආදායම සහ වරප්‍රසාද අනුව සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩකඩ තිබේ. සුළු රැකියාවක් හිමිවීමෙන් ලබන ආදායම සහ වරප්‍රසාද අඩුවීම නිසා ඒ තුළින් සැපවත් බව අඩුවේ. ඒ නිසා හතරවැන්න සහ දහ වැන්න විශේෂ සුඛ ස්ථාන ලෙස නම් කොට ඇත.   


මේ අනුව දෙවැන්නේ සහ එකොළොස්වැන්නේ බලයන් බලයත් සමගම පස්වැන්න සහ නමවැන්න බලවත්වීද පහ නමය අධිපතියන් බලවත් වී සිටී ද හතර වැන්න සහ දහ වැන්න අධිපතියන් සුබ ආකාරයෙන් සිටී ද එම ස්ථානවල සුබ ග්‍රහයන් සිටීද ධනය සහ ගේ දොර ඉඩකඩම් යාන වාහන උප​ෙභා්ග පරිභෝග සම්පත් ලැබීමට ප්‍රධාන ලෙසම බලපාන්නේය.   


සමහර විට දෙවැන්න සහ එකොළොස්වැන්න අධිපතියන්, දෙවැන්න සහ එකොළොස්වැන්න ආදී ස්ථාන දුර්වල වුවද පහ නමය සහ හතර දහය යන ස්ථාන බලවත් නම් ඔවුන් මහා ධනවතුන් නොයෙක් ඉසුරුමත් ජීවිත ගත කරන බව අපට පෙනී යයි.   


ඒ අනුව පස්වැන්න සහ නම වැන්න විශේෂ ධනස්ථාන ලෙසත් හතරවැන්න සහ දහවැන්න විශේෂ සුඛ ස්ථාන ලෙසත් පරාශර දක්වා ඇති මතය සෑම අතින්ම පිළිගත යුතුව ඇත.   


පස්වැන්න සහ නම වැන්න ආශ්‍රිතව කේන්ද්‍රයක් තුළින් එම කේන්ද්‍ර හිමියාගේ ධන තත්ත්වය පිළිබඳ කරුණු විමසන අයුරු මෙසේය.   


1. පහ සහ නමය අධිපතියන් 1,4,7,10 යන කේන්ද්‍රස්ථානවල හෝ දෙක එකොළහ අය ධන අයභාවවල සිටීම.   
2. මෙම ස්ථාන අධිපතියන් තම රාශි මාරු කරගෙන පරිවර්තනය වී සිටීම.  
3. පහ සහ නමය අධිපතියන් සුභ ස්ථානවල සිටිමින් ඔවුනොවුන් දැකීම.  
4. පහ සහ නමය අධිපතියන් නවාංශකයෙහි සුභරාශි ගතව සිටීම   
5. ඒවාගේම පහ සහ නමය තැන්පත්ව සිටින රාශි අධිපතියන් සහ නවාංශක රාශි අධිපතියන් ලග්න කේන්ද්‍රය තුළ බලවත්වීම.  
6. මෙම පස්වැන්නට සහ නම වැන්නට අධිපති ග්‍රහයන් ගුරු සිකුරු ආදී සුභ ග්‍රහයන් සමග සංයෝග වී හෝ ඔවුනට පස්වැන්න හෝ නම වැන්න වෙමින් ඔවුනොවුන් දෘෂ්ටියට ලක්වීම.   
7. පහ සහ නමය අධිපතියන් 1,4,7,10 යන කේන්ද්‍රස්ථාන අධිපතියන් සමග ස​ංයෝගවී කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති යෝගයක් උදාකිරීම. 5. සහ නමය අධිපතියන් විසින් ලග්නය දැකීම.   
8. පහ නමය වැනි ශුභ භාවවල 1,4,7,10,2,11 වැනි භාවාධිපතියන් තැන්පත්ව සිටීම.   
9. ගුරු සිකුරු, බුධ සහ පුර චන්ද්‍රයා පහ නමය ස්ථානවල සිටීම.   
10. චන්ද්‍ර ලග්නය පරිදි පහ නමය අධිපතියන් බලවත්ව සිටීම   
11. චන්ද්‍ර ලග්නය පරිදි පහ සහ නමය භාවයන්වල චන්ද්‍ර ලග්නයට අදාල සුභ ග්‍රහයන් සිටීම ඉතාම යහපත්ය.   

 

 


ඉහත සඳහන් කරුණු හතර සහ දහවැන්න අධිපතියන්ටද සුදුසු ආකාරයට යොදාගත හැකිය.   

 

 

 

 

 

 

 

 

 

ජ්‍යෙතිෂ්‍යවේදීනී සෙත්කවි රචක   
එම්.ඒ.ඩී. සුනීතා මුණසිංහ.  

 



අදහස් (0)

කේන්ද්‍රයෙන් කියැවෙන ධනය සහ සැපත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 791 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site