IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


කොටින්ට ගහන ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැලසුමට ඇ​ෙමරිකාවේ සහාය

අඳුරු යුගයක   නොලියවුණු කතාව

කොළඹ අහසේ ඇ​ෙමරිකා මෙහෙයුම - 2

 

 

2002 දී ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කර, සටන් නවත්වා තිබූ සමයේ ඇ​මෙරිකානු ආසියා ශාන්තිකර නාවික හමුදා බළ ඇණිය වූ හවායිනි පැසිපක් කමාන්ඩ් බළ ඇණියේ ආරක්ෂක විශේෂඥයෝ පිරිසක් එම වසරේ සැප්තැම්බරයේ මෙරට සංචාරයක නිරත වූහ.   


කර්නල් ජෝන් ඒ කාර්ඩොස්ගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට 26 දෙනෙක් ඇතුළත් වූහ. ඔවුහු එවකට කොටින්ගේ ප්‍රබල බලපෑමක් එල්ලවී තිබූ ත්‍රිකුණාමලය වරාය පිළිබඳ නිරීක්ෂණයක නියැළුනහ. ඒ වන විට ත්‍රිකුණාමලයට උඩින් පිහිටි සාම්පූර් මුහුදු කොටි කඳවුරෙන් ත්‍රිකූණාමල වරායට බරපතළ තර්ජනයක් එල්ල වී තිබුණි.   


ඇ​මෙරිකානුවන්ගේ වාර්තාවේ මෙසේ සඳහන් විය.  
 
‘‘ත්‍රිකුණාමලය යනු ආසියාව පාලනය කරන මූලස්ථානය බවට අවිවාදිතය. ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇති අතිශය වැදගත්ම කඳවුර වන්නේ ත්‍රිකුණාමලයයි. මේ වන විට කොටි සංවිධානය සාම්පූර්හි ඉදිකළ කඳවුරේ සිට ත්‍රිකුණාමල වරායට බලපෑම් එල්ල කරයි. වහාම ත්‍රිමල වරාය අාරක්ෂා කරගත යුතුය. ත්‍රිමලය රැකගැනීමට නොහැකි වන්නේ නම් ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදින් සමග සටනේදී පරාජය වනු ඇත.’’   


සැබවින්ම අැ​ෙමරිකාව යනු ශ්‍රී ලංකාවේ සතුරකු නොවේ. ඇ​මෙරිකානු දේශපාලකයන් කුමක් කීවද ඇ​මෙරිකානු හමුදාව නිරතුරුවම සිටින්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග ඉතා සමීප සහයෝගයෙනි.   


මෙතෙක් වෙනස් වෙමින් තිබූ ලෝක ආරක්ෂක වුවමනා අනුව ඇ​මෙරිකාවට ශ්‍රී ලංකාවෙන් අත්‍යවශ්‍ය උපකාරයක් ලබාගැනීමේ මොහොත එළඹුණේ අල්කයිඩා සාමාජිකයන් ගුවන් යානා යොදා ගෙන කළ තිරශ්චීන ප්‍රහාරය නිසාය.   


ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර දීර්ඝකාලීන මිත්‍රතත්වයක් පවතී. 1956 දී රජය බ්‍රිතාන්‍ය සමග තිබූ සියලු මිත්‍ර ගිවිසුම් අහෝසි කර බ්‍රිතාන්‍යය යටතේ තිබූ හමුදා කඳවුරු ශ්‍රී ලංකා රජය යටතට පවරාගත් පසු ඇමෙරිකාව සමග ආරක්ෂක සහ​ෙයා්ගිතා ගිවිසුමක් 1965 දී අත්සන් කළේය. මෙම ගිවිසුම වසර ගණනාවකට වරක් අලුත් කරමින් දිගටම පවත්වාගෙන ආ අතර එමගින් ඕනෑම ඇ​මෙරිකානු යාත්‍රාවකට ශ්‍රී ලංකාවේ වරාය හා ගුවන් තොටුපළ පාවිච්චි කිරීමේ අවසරය හිමිවිය. ඇ​මෙරිකානු යානා 2003 වසරේ ලංකාවට ගොඩ බැස්සේ මෙකී ගිවිසුම අනුවය.   


මෙම ගිවිසුම තවත් වැඩිදියුණු කරමින් 2007 වසරේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇ​මෙරිකා රජය අතර ගිවිසුමක් අත්සන් කෙරුණි. මේ යටතේ ලංකාවේ ගුවන් ප්‍රදේශය පාවිච්චි කිරීමේ අවසරය, නියමුවන් රහිත යානා ගමන් කිරීමේ අවසරය ආදී නවීන යුදමය පහසුකම් ඇ​මෙරිකානුවන්ට ලැබිණි.   


මේ සඳහා ප්‍රතිඋපකාරද ඇ​මෙරිකාවෙන් ලංකාවට ලැබිණි. එල්.ටී.ටී.ඊය විනාශ කිරීම සඳහා රහස් ඔත්තු සේවා වාර්තා, කොටි අවි අායුධ නෞකා ගමන් මාර්ග ආදියත් නියමුවන් රහිත ග්ලෝබල් ​හෝක් යානා ලබාදෙන ඡායාරූප හුවමාරුවත් මෙමගින් සිදුවිය. අද රටම භුක්ති විඳින්නේ එම සහයෝගිතාවයේ ප්‍රතිලාභයන්ය.   


කවුරුන් කෙසේ කීවත් ත්‍රස්තවාදය තුරන් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇ​මෙරිකානුවන්ගේ සහය ලැබී තිබේ. ජාතියකින් සැදී ඇති ෆෙඩරේෂණයක් වන ඇ​මෙරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ඔවුන්ගේ රාජ්‍යයේ සහාය සුළු ජනවර්ගයන්ට ලැබෙන බව පෙනුණද ඇ​මෙරිකානු රාජ්‍යයේ සැබෑ බලවතා වන සන්නද්ධ හමුදාසහය ලැබුණේ අරගල තිබූ රටවල රාජ්‍ය තාන්ත්‍රය වෙතය.   
ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය යොදා ගැනීම හා වරාය ඕනෑම අවස්ථාවකට පාවිච්චි කිරීමේ අවසරය ලබාදීම වෙනුවෙන් ඇ​මෙරිකානු සන්නද්ධ හමුදා ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රය සමග සමීප සබඳතාවක නිරතව සිටියහ. 2002 - 2005 සටන් විරාම සමය තුළ බාහිරින් පෙනුණු නෝර්වීජියානු සටන් විරාම භූමිකාව තුළ සැබෑම ශක්තිය වූයේ ඇ​මෙරිකාවය.   


එවකට බිහිසුණු, ශක්ති සම්පන්න හා අනනුකම්පීය ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊය වන්නියේ ගුහා තුළින් එළියට ගෙන ජාත්‍යන්තරයට නිරාවරණය කිරීම සඳහා නෝර්වේජියානු භූමිකාව කරළියට ගෙන ආවේ ඇ​මෙරිකාව විසිනි.   


එය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සටන් විරාමය දුටු ඇසින් නොව ඔත්තු සේවා ඇසිනි. 2002 සිට 2005 දක්වා සාම සාකච්ඡා වාරය තුළ එල්.ටී.ටී.ඊයට ජාත්‍යන්තර සමාජය තුළ පිළිගැනීමක් ලැබුණු බව පෙනුණද සැබැවින්ම සිදු වූයේ එල්.ටී.ටී.ඊයේ අප්‍රකට නායකයන් හෙළිදරව් වීමයි. උතුරේ සැඟව පැවති කොටි කඳවුරු හමුදා සාමාජිකයන්ගේ රහසිගත නිරීක්ෂණයට ඉඩ ලබාදීමයි.   


කොටින්ගේ ප්‍රධාන අණ දෙන්නාවූ හින්දි නළුවෙකුටත් වඩා කඩවසම් පොට්ටු අම්මාන්ගේ වසර 20ක් පැරණි ඡායාරූප වෙනුවට අලුත්ම වර්ණ ඡායාරූප හා වීඩියෝ පට ලැබීමයි. එය ඇ​මෙරිකානු පැසිපික් බළකායේ උපදෙස් මත ක්‍රියාවට නැගුණු සියුම් ඔත්තු සේවා දැලක් විය.   


ශ්‍රී ලංකා හමුදා ප්‍රධානීන් විසින් හඳුනාගන්නා ලද ත්‍රස්ත ඉලක්ක පිටතට ගෙන විනාශ කිරීම සඳහා සැලසුම් කර තිබූ තුන් අවුරුදු සැලැස්මක් වූ එය නම් කර තිබුණේ ‘ප්‍රොජෙක්ට් බීකන්’ යන සංඥා නාමයෙනි.   


දිගු දුර මෙහෙයුම්, ගුවන් ප්‍රහාර හා බර අවි ප්‍රහාර අයත් වූ එය එක්සත් ජනපද පැසිපික් කමාන්ඩ් බළ ඇණියේ දී අනුමැතියට යටත්වූ අතර ඒ වනවිට 2002 සටන් විරාම සමය ගෙවෙමින් පැවතුණේය. ශ්‍රී ලංකාවේ අාණ්ඩුවද වෙනස් වෙමින් පැවැති අතර අලුත් බලවේග කොළඹ පාලනයේ ඉහළ පුටු අරක් ගනිමින් පැවතුණේය. ඒ වනවිට නෝර්වේජියානුවන් සටන් විරාම සාකච්ඡා නිසා හෙම්බවත්ව සිටි අතර කොටි සංවිධානය නාහෙට නාහන ප්‍රතිපත්තියක සිටීම එයට හේතුවිය.  


2003 ජුනිය වන විට.   


ප්‍රිඩේටර් සහ ග්ලෝබල්හෝක් යානාවල දත්ත ගබඩා ලොව පුරා අල්කයිඩා ක්‍රියාකාරිකයන් රැසකගේ නම් ලැයිස්තුවක් මුද්‍රණයට යවා තිබිණ. ඉතා ක්‍රමානුකූලව සැකසූ පළිගැනීමේ ධවල මෙ​ෙහයුමේ නිශ්චිත ස්ථාන ලැබූ කිහිප දෙනකුගේ නම් එහි විය. මොහොමඩ් ෆාරික් බින් අමින් නොහොත් සුබෙයාර්, ජමිල් ක්වයිම් සයිඩ් මොහොමඩ්, රිදුවාන් ඉස්මුදින් හෙවත් හබ්බාලි සහ නසීර් බින් ලෙප් හෙවත් ලිලී එම ලැයිස්තුවේ නිශ්චිත අංක ලබා සිටියහ.   


මලයාසියාවේ සාමාන්‍ය දිළිඳු පවුලක 1975 පෙබරවාරි 16 වැනිදා උපන් මොහොමඩ් ෆාරික් බින් අමින් නොහොත් සුබයීර් සම්ප්‍රදායික මුස්ලිම් වත්පිලිවෙත් මැද හැදී වැඩුණේ, ඒ වන විට නැග එමින් තිබූ මුස්ලිම් මූලධර්මවාදයට ඇදී ගියේය. ඔසාමා බින් ලාඩන් ඔහුගේ ප්‍රියතම නායකයා වූයෙන් ඔහු කාලිඩ් ෂේක් මොහොමඩ් වෙත ඇදී ගියේය.   


කාලිඩ් ෂේක් ජමාහ් ඉස්ලාමියා සංවිධානය මලයාසියාවේ ඇරඹුවේ මහතිර් මොහොමඩ්ගේ පාලක පක්ෂයේ බලවත් ආරක්ෂක දැලෙන් කෙසේ හෝ ගැලවීමෙනි. ඔහු ඔසාමාගේ දහම පිළිගෙන සිටියේය. ෆාරික් බින් අමින් භක්තිවන්ත ගෝලයකු විය. මලයාසියාවේ ප්‍රහාර කීපයක් සැලසුම් කළද හමුදාව නිරන්තර අවදියෙන් සිටි නිසා එය ඔහුට කළනොහැකි විය. ඔසාමාගේ අල් කයිඩාව ඒ වනවිට දේශසීමා පවුරු පැන මැලේසියාවටද පැමිණ තිබූයෙන් ඒ වන විට ෆාරික් බින් අමින් දෙවියන්​ෙග් ජාත්‍යන්තර දූතයකු බවට පත් විය. දෙවියන් කියන දේ කිරීම දෙවියන්ගේ දූතයාගේ වගකීමය.   


2001 සැප්තැම්බරයේ නිව්යෝර්ක් අහස කළු දුමාරයෙන් වසාලු මහා ප්‍රහාරයෙන් පසු සුබයිර් මීළඟ මෙහෙයුමට සූදානම් වුවද මෙහෙයුම කිසිදා ඵල නොදැරුවේ සීමා මායිම් නැති අහස සිසාරා ග්ලෝබල් හෝක්යානා සහ ඉන්ටර් සැට් චන්ද්‍රිකාව අරක් ගෙන සිටි බැවිනි. මලයාසියාවේ උපන් ෆාරික් බින් අමින් තායිලන්තයේ බැංකොක් පුරයට පැන ගත්තේය. ඔහු ඒ වන විට සුබයිර් යන නමද භාවිත කළේය. ක්වාලාලම්පුරයට වඩා බැංකොක් බටහිරකරණය වී තිබුණෙන් කළු සල්ලි ද පොපිමල් සහ ආයුධ ද අතර ඔහුගේ දිවිය ගත වී ගියේය.   


ඇෆ්ගනිස්ථාන කඳුකරය ඇ​මෙරිකානු බී 2 ප්‍රහාරක යානාවල නිරන්තර ප්‍රහාරයට ලක්වෙද්දී පාවාදීම ඇරඹී තිබූ බව ෆාරික් බින් අමින් සුබයිර් දැන සිටියේ නැත.   


ඔත්තු සේවා නිලධාරීහු ඒ වන විට අල්කයිඩාවේ ඉහළ මට්ටමේ සිටි නායකයන් එක එකා කුදලා ගනිමින් සිටියහ. ඇ​මෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදාවේ දැවැන්ත මරණීය ප්‍රහාර හමුවේ අල්කයිඩාව යාන්තමින් දිවිගලවා ගෙන සිටියද ඔවුන්ගේ ඉහළ අනුගාමිකයන් එක එකා අතුරුදන් වන්නේ කෙසේ දැයි කීමට කිසිවකුට හැකිව තිබුණේ නැත.   


ලොව පුරා ඉස්ලාම් මූළධර්මවාදී මතිමතාන්තර පැතිර යන විට ඇ​මෙරිකානු ඔත්තු සේවාවන්ට සෞදියේ සිට ක්‍රියාත්මක වන බැංකු කීපයක් මූල්‍යාධාර බෙදාහරිමින් සිටින බව සොයා ගත හැකිවිය. ඉන් එක් බැංකුවක් වූයේ අල් රාසි බැංකුවයි. ඔසමා බින් ලාඩන් සමග ඉතා සමීප සබඳකම් තිබූ මෙකී බැංකුකරුවෝ තම ආගම ලොව පුරා ප්‍රචාරය කිරීම සඳහා අරමුදල් සපයමින් සිටියහ. ඉස්ලාම් මූලධර්මවාදී නායකයන් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණේ ආගමික මතිමතාන්තර ප්‍රචාරය කිරීමට නොව තම සාමාජිකයන් හුවමාරු කෙරෙන තොටුපොළක් ලෙසය. ඇෆ්ගනිස්ථානයෙන් පාකිස්ථානයටත් එතැනින් ශ්‍රී ලංකාවටත් එන මූලධර්මවාදීහු ශ්‍රී ලංකාවේ ටික කලක් නැවතී සිට තම ඉලක්කය වූ යුරෝපය බලා ඇදී යති. යුරෝපයේ සිට ආපසු එන ගමනේ සංධිස්ථානය වන්නේ ද ශ්‍රී ලංකාවයි.   


අල්රාසි බැංකුව අරගලය සඳහා ධනය සැපයුවේය. මැද පෙරදිග යන ඇතැම් තරුණයන්ට මෙම බැංකුවේ සමීප රැකවරණය ලැබුණි. එය බොහෝ දෙනාට නොව කිහිප දෙනකුට සරණ විය. ඒ කිහිප දෙනා ධනය තම යහපත පිණිස නොව අන්‍යයන්ගේ යහපත පිණිස යෙදවීමට දිවුරුම් දී සිටි අයවූහ.   


ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලනඥයකු අතට මේ මුදල් නිතර ගලා ආ බව 2003 වසරේදී දේශපාලන අංශ අතර කියැවෙමින් තිබුණේය.   


එදා කුඩා දේශපාලනඥයකු වූ ඔහු අද තම රැකියාවේ ඉහළටම නැග සිටියි.   


ඇ​මෙරිකානු රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ සංවිධානයේ රහස්‍ය ලිපිගොනු පරිශීලනය කළ ඇ​මෙරිකාවනුවන් හෙළිකර ගත් තොරතුරු අනුව ලොව පුරා රටවල් ගණනාවකින් අල්කයිඩා සැකකරුවන් කුදලාගෙන රහසිගත ගුවන් යානා මගින් ඇ​මෙරිකානු සිර කඳවුරුවලට ගෙන ගොස් තිබේ. ආසියාවේ සිට කුදලාගෙන ගිය සැකකරුවන්ගෙන් තිදෙනකු ගෙනයාමට ආ යානා තුනක් අවස්ථා ගණනාවක්ම ගමන අතරතුර කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා දිගු වේලාවක් නතරකර තිබී ඇත.   


​ෙමම මෙහෙයුම එදා ඒ ඒ රටවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් අතළොස්සක් හැර රාජ්‍යයේ අන් කිසිවකු නොදැන සිටි රහසක් විය.   


මොහොමඩ් ෆාරික් බින් අමින් හෙවත් සුබෙයාර් නමැති සැකකරු ගෙනයාම සඳහා ආ යානය 2003 ජුනි 19 වැනිදා කටුනායක ගුවන්තොටුපොළේ බොහෝ වෙලාවක් නවත්වා තිබී ඇති අතර වෙනත් යානයකින් ඔහු මෙරටට රැගෙනවිත් මෙම යානයට පටවා ගන්නට ඇති බව සැක කෙරේ.   


මොහොමඩ් නසීර් බින් ලෙප් හෙවත් ලිලි සහ රිදුවාන් ඉසමුදින් හෙවත් හම්බාලි යන සැකකරුවන් ගෙන යන්නට ආ යානය 2003 අගෝස්තු 13 වැනිදා කටුනායකට පැමිණ ඇත. මේ සියලු දෙනාම දරුණු ගණයේ ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස සැලකේ.   


මොහොමඩ් ෆාරික් බින් අමින් හෙවත් සුබෙයාර් මලයාසියානු ජාතිකයෙකි. ඔහු තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා විට අල්කයිඩා නායකත්ව ලැයිස්තුවේ මුල්තැනක සිටියේය. ඔහු නියෝජනය කළ ත්‍රස්තවාදී සංවිධානය වූයේ ​ෙජමාන් ඉස්ලාමියා සංවිධානයයි.   


තායිලන්ත සහ සී.අයි.ඒ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ බැංකොක් නුවර පොත්හලක සිටියදීය. අත්අඩංගුවට ගැනීමෙන් පසු දින එකොළහක් අැෆ්ගනිස්ථානයේ බග්‍රාම් ගුවන් හමුදා කඳවුරේ රඳවනු ලැබ සිටි සුබෙයාර් එන්. 614 ආර්.ඩී. නමැති සංකේතයෙන් හඳුන්වනු ලැබූ යානයකට පටවාගෙන කියුබාවේ ගුවාතනාමෝ බොක්කේ පිහිටි ඇ​මෙරිකානු රැඳවුම් කඳවුරට ගෙනයන ලදී. එම යානය තෙල් ලබා ගැනීම සහ වෙනත් කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළේ එක් දිනකට වඩා නවත්වා තිබූ බව හෙළිදරව් වී ඇත.   මලයාසියානු ජාතිකයකු වූ මොහොමඩ් නසිර් බින් ලෙප් හෙවත් ලිලි සහ රිදුවාන් ඉස්මුදීන් හෙවත් හම්බාලි යන දෙදෙනා 2003 අගෝස්තු 11 වැනිදා එන් 85 වී.එම්. දරණ ගුවන් යානයෙන් මෙපරිදිම ගෙන යන ලදී. එම ගමන තුළද අදාළ යානය කටුනායක ගුවන් තොටුපොළේ එක් දිනකට වඩා නවත්වා තිබී ඇත.   


මොවුන් තිදෙනාම දරුණු ත්‍රස්තවාදීන් යැයි නම් කෙරුණු පුද්ගලයෝ වූහ. මොවුන් සියලු දෙනාම ගුවාතනාමෝ බොක්කේ හමුදා රැඳවුම් කඳවුරේදී විවිධ ප්‍රශ්න කිරීම්වලට බඳුන්වූ බවද සමහරුන්ට පුහුණු කළ බල්ලන් ලබා හිරිහැර කරවූ බවද ලෝක ජනමාධ්‍ය පසුකාලීනව හෙළිදරව් කළේය.   

 

 

 

 

 

 


ප්‍රේමකීර්ති රණතුංග 



අදහස් (0)

කොටින්ට ගහන ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැලසුමට ඇ​ෙමරිකාවේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 64 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 75 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 94 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 52 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 136 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 106 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 328 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site