IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කුජ මාරුව ඔබට කොහොමද බලන්න

 

ග්‍රහ ලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන කුජ ග්‍රහයා 2019 නොවැම්බර් මස 10 වන දින මෙතෙක් ගමන් කළ කන්‍යා රාශියෙන් ඉවත්වී සිකුරු හිමි තුලා රාශියට පැමිණෙයි. 2019 දෙසැම්බර් මස 25 දින දක්වා කුජ ග්‍රහයා තුලා රාශියේ ගමන් කරමින් සිටී. කුජ ග්‍රහලොව සෙන්පතිතුමා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහමාරුව ඔබේ ලග්නවලට බලපාන්නේ කෙසේද කියා බලමු.   


කුජ මාරුව ලග්නවලට බලපාන අයුරු   


මේෂ- ඔබේ ලග්නාධිපති කුජ කේන්ද්‍රයේ හත්වැන්නට පැමිණේ. විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. මුත්‍රා හා වකුගඩු ආබාධ බොහෝදුරට වැළඳීමට ඉඩ ඇත.   


වෘෂභ- ඔබේ කේන්ද්‍රයේ හයවැන්නට කුජ පැමිණේ. සතුරු කරදර මර්දනය වේ. අසනීපවලින් බොහෝදුරට සුවය ලැබේ. සුරතල් සතුන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. 

 
මිථුන- පස්වැන්නට කුජ පැමිණේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවීමට මුදල් ආයෝජනය කිරීමේදී දුරදිග බලා කටයුතු කරන්න.   


කටක- කුජ හතරවැන්නට පැමිණේ. ගෘහජීවිත ගත කිරීමේදී ක්ෂණික කෝපය පාලනය කර ගන්න. නිවසේ වැඩිහිටියන් ගැන සැලකිලිමත් වන්න. හෘදයාබාධ ඇති අය ප්‍රවේශම් වන්න.   


සිංහ- ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නට කුජ පැමිණේ. ඔබේ උත්සාහය ඉහළ යයි සතුරු කරදරවලින් ජය ලැබේ. අසල්වාසීන් සමග සුහදව කටයුතු කරන්න. කෙටි ගමන් යෙදේ.   


කන්‍යා-ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නට කුජ පැමිණේ. තැන්පත් ධනය පරිහරණයේදී ඉතාමත් සැලකිලිමත් වන්න. දුරදිග බලා කතා කරන්න. පවුලේ කටයුතු සඳහා තැන්පත් ධනය වියදම් වීමට ඉඩ තිබේ. 

 
තුලා - ඔබේ කේන්ද්‍රයේ ලග්නයට කුජ පැමිණෙයි. අවිවාහක අයගේ විවාහ ප්‍රමාද විය හැකිය. කාර්ය බහුල වේ. හිසේ රෝග ඇතිවීමට ද ඉඩ ඇත. මේ අතර හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.   


වෘශ්චික - ඔබේ ලග්නාධිපති කුජ දොළොස්වැන්නට පැමිණීම සුබදායක නොවේ. සාර්ථකව කරගෙන ආ වැඩ කටයුතුවලට තරමක බාධා ඇති වේ. සතුරු කරදර ඇතිවීමට ද ඉඩ ඇත. සතුන්ගෙන්ද පීඩා ඇතිවීමට පුළුවන. 

 
ධනු- ඔබේ කේන්ද්‍රයේ කුජ එකළොස්වැන්නට පැමිණෙයි. දරුවෙකුගේ රැකියා ප්‍රශ්නයකට බොහෝදුරට විසඳුම් ලැබේ. ඔබේ රැකියා හා ව්‍යාපාර කටයුතු බොහෝ දුරට සාර්ථක වේ ආදායම් තත්ත්වය යහපත් වේ.   


මකර- කුජ දසවැන්නන්ට පැමිණ දිග් බලය ලබයි. ගෘහ ජීවිතය යහපත් වේ. රැකියා නැති අයට නව රැකියා ලාභ හිමිවේ. රැකියාවල නිරතවන අයට උසස්වීම් ලැබේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට සුබයි.   


කුම්භ - ඔබේ කේන්ද්‍රයේ නමවැන්නට කුජ පැමිණේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට මිශ්‍ර ඵලදායක වේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න. ආගමික කටයුතුවලට සිත යොමුවේ.   


මීන- අටවැන්නට කුජ පැමිණේ එතරම් යහපත් නොවේ. විවාහ සහකරු සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති නිසා ගමන් බිමන්වලින් ප්‍රවේශම් වන්න.   


කුජ- අපලය ඇති අය අඟහරුවාදා දිනවල බුද්ධ පූජා, බෝධි පූජා තැබීම සුබය. කරණීයමෙත්ත සූත්‍රය භාවිතය සුදුසු වේ. ලේ දන්දීම සහ තුවාල වූ අයට පිහිට වීම, අභය දානය දීම හා මෛත්‍රී භාවනාව වැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කර ගත හැක.   

 


ජ්‍යෝතිර්වේදිනී   
අජන්තා ඒකනායක   
මාංගොඩ මැදමහනුවර   

 



අදහස් (0)

කුජ මාරුව ඔබට කොහොමද බලන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site