IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


‘ඕම්’ කාරයේ විද්‍යාව

ලෝකයේ අබ්රහස්

‘ඕම්’ යනු හින්දු දහමේ සාම්ප්‍රදායික ලෙස ගැයෙන මන්ත්‍රයකි.  හින්දු පාඨ ග්‍රන්ථ මගින් හඳුන්වා දෙන ලද මෙම මන්ත්‍රය ආධ්‍යාත්මික වශයෙන්  ප්‍රබල හා නිර්මාණාත්මක ගුණයෙන් මනාව පෝෂණය වූවකි. මෙම මන්ත්‍රය ඕනෑම  කෙනකුට සජ්ඣායනය කළ හැකිය. ඕම් ලෙස ව්‍යවහාර වුවද එහි නිවැරැදි උච්චාරණය  ‘අවුම්’ ය. එය ඕම්කාරය, අවුම්කාරය හෝ ප්‍රාණව යනුවෙන්ද ව්‍යවහාර වේ. කිසිදු  දහමක් හෝ දෙවියකු නියෝජනය නොකරන ඔම්කාරය විශ්ව අක්ෂරයකි. පුරාණ  ඉන්දියානුවෝ මෙම මන්ත්‍රය සජ්ඣායනය කරමින් භාවනාවේ යෙදුණු අතර එමගින් තමන්  විශ්වය හා සම්බන්ධ වන බවට විශ්වාස කළහ. 


ඕම්කාරයේ ශබ්දයට සමාන වදන් වෙනත්  ආගම්වල ද භාවිත කරනු පෙනේ. ආමේන්, ෂැලෝම් වැනි වදන් එලෙස භාවිතයට පැමිණි  වදන්ය. ඕම් යනු විශ්වයේ උපතය. ගුරු ග්‍රන්ත් සහිබ්ගේ පද්‍යයක මෙලෙස දැක්වේ.  “ඒක් ඕම්කාර් ෂත් නාම්, කර්ත පුරාක්” (ඕම්කාරයෙන් සියල්ල ළඟා වේ. ඕම්කාරය  තුළ සියල්ල වැජඹේ. සියලු පදාර්ථ සහ විඥානය ඕම්කාරය තුළ ද්‍රාවණය වේ.)ඕම්කාරයේ  විද්‍යාත්මක සහ ප්‍රායෝගික පැහැදිලිකිරීමක් ඇත. ඕම්කාරයේ සංඛ්‍යාතය පෘථිවිය  තම අක්ෂය වටා භ්‍රමණය වීමේ සංඛ්‍යාතයට සමානය. වෙනත් ලෙසකින් සඳහන් කළහොත්  පෘථිවියද භ්‍රමණය වනුයේ ඕම්කාරයෙනි. ඒ අනුව ‘ඕම්’ යනු විශ්වයේ ධ්වනියයි. එය  ලොව සියලු දේ සමඟ සම්බන්ධ ශක්තියේ සංඛ්‍යාතය වන අතර ඕම් මන්ත්‍රය සජ්ඣායනය  කරන අවස්ථාවන්හි අප විශ්වයේ විවිධ මූලධාතූන් හා ආත්මීයව හා ශාරීරිකව  සම්බන්ධ වේ. ඕම් යනු සර්වකාලීන ධ්වනියයි. මන්ත්‍රය සජ්ඣායනය කරන්නකුට  විශ්වයේ ධනාත්මක ප්‍රතිලාභ අවශෝෂණය කරගත හැකිය. 


උදාහරණයක් ලෙස ‘ආ ආ ආ ආ ආ’  යනුවෙන් සජ්ඣායනය කරන විට එම පුද්ගලයාගේ උදර හා ළය ප්‍රදේශයේ ස්නායු  පද්ධතිය උද්දීපනය වන්නට පටන් ගනී. ‘ඕ ඕ ඕ ඕ’ යන්න සජ්ඣායනය කරන විට උගුර හා  ළය ප්‍රදේශය සංවේදී වී අනුනාද වන්නට පටන් ගනී. ‘ම් ම් ම් ම්’ සජ්ඣායනය කරන  විට නාස් කුහරය, හිස්කබල හා මොළය සංවේදී වන්නට පටන් ගනී. සමස්ත මන්ත්‍රය  සජ්ඣායනය කරන විට උදරය, සුෂුම්නාව, උගුර, නාසය හා මොළයේ ක්‍රියාකාරිත්වය  ක්‍රමයෙන් උද්දීපනය වෙයි. එමෙන්ම එමගින් ශරීරයේ ස්නායු පද්ධතිය සන්සුන් බවට  පත් කොට මනසේ ඒකාග්‍රතාව වර්ධනය කරයි. 


සැහැල්ලු මනස හෘදයේ  ක්‍රියාකාරිත්වයට බලපාන හෙයින් රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් කරයි.  නිරතුරු ඕම් මන්ත්‍රය සජ්ඣායනය කරන යෝගීන්ගේ මතය වනුයේ ඕම් මන්ත්‍රය  සජ්ඣායනය කිරීමෙන් මිනිසාගේ මනසේ ඒකාග්‍රතාව, සැහැල්ලු බව සහ ස්ථාවරභාවය  වර්ධනය කොට මානසික පීඩනය හා විවිධ ගැටලු අවම කරන බවය. ඕම් මන්ත්‍රයේ ඇති  විද්‍යාත්මක පදනම පිළිබඳ විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණයක නිරත වූ අතර ඔවුන් ඒ  සඳහා කිසි දිනෙක ඕම් මන්ත්‍රය සජ්ඣායනය නොකළ පිරිසක් සම්බන්ධ කර ගත්හ.  මිනිත්තු කිහිපයක් එම මන්ත්‍රය ඔවුන් ලවා සජ්ඣායනය කෙරුණු අතර එකිනෙකාගේ හඬ  වෙන් වෙන් වශයෙන් පටිගත කෙරිණි. 
එම අවස්ථාවේ ඔවුන්ගේ තරංග සංඛ්‍යාතය  පිළිබඳ විශ්ලේෂණය කෙරිණි. එම තරංග මගින් එම පුද්ගලයන්ගේ මනසේ ඒකාග්‍රතාව  බිඳී ඇති ආකාරයක් පෙන්නුම් කළේය. දින කිහිපයක් නොකඩවා එම මන්ත්‍රය සජ්ඣායනය  කොට නැවත පැමිණෙන ලෙසට ඔවුනට උපදෙස් ලැබිණි. දින කිහිපයකට පසු ඉහත කී  පරීක්ෂණය යළි සිදු කෙරිණි. එහිදී පෙරට වඩා බොහෝ වෙනස් ප්‍රතිඵල දැකිය හැකි  විය. එහිදී ලබාගත් තරංග සංඛ්‍යාතය අනුව මනසේ ඒකාග්‍රතාව වර්ධනය වී ඇති  ආකාරය පැහැදිළිවම දැකිය හැකි විය. තම මනසේ සැහැල්ලුවක් ඇති වී ඇතැයි  පර් යේෂණයට සහභාගී වූ පිරිස සඳහන් කළහ.


එම පර් යේෂණය පිළිබඳ තොරතුරු පරිගණක  විද්‍යා හා ජාල ආරක්ෂාව පිළිබඳ සඟරාවක පළ කෙරිණි. “ඇතැම් අවස්ථාවක සංඛ්‍යාත  චක්‍රය වේගවත් විය. ඇතැම් විට මන්දගාමී විය. ඕම් මන්ත්‍රයේ ඇතැම් කොටස්  සජ්ඣායනය කෙරෙන විට එය විශාල වශයෙන් මන්දගාමී විය. ම්ම්ම්ම්ම්ම්මම් ශබ්දය  බොහෝ වේලා මනසේ රැඳී තිබූ අතර නාඩි වැටීම ඉතා අවම මට්ටමක පැවතියේය. එය සිදු  වූයේ ඕම්ම්මම්ම්ම්ම්ම්, ඕම්මම්ම්ම්ම්ම්ම්ම්, ඕම්මම්ම්ම්ම් යන්නෙහි කම්පනය  සිදුවන අවස්ථාවේදීය” යනුවෙන් එම පර්යේෂකයෝ එම වාර්තාවේ සඳහන් කර තිබිණි.  ඕම්කාරය යොදා ගනිමින් භාවනාවේ නිරත වන්නකුට එමඟින් අත්වන සන්සුන්භාවය හා  ආත්මීය සහනය පිළිබඳ වැටහී යනු ඇත. ඔබට විශ්වයේ හෝ ශක්තියේ, සංඛ්‍යාතයේ හා  කම්පනයේ රහස් හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඕම්කාරය සජ්ඣායනයකරන්නැයි ඔවුහු  සඳහන් කර තිබේ.  

 

 


අන්තර්ජාලය ඇසුරිනි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  



අදහස් (0)

‘ඕම්’ කාරයේ විද්‍යාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site