IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඔබාමාගේ දියණිය මහ පාරේදී කොල්ලෙක් සිපගෙන

බැරැක් ඔබමා දැන් ගෙදරය. එහෙත් අවුරුදු අටක් තිස්සේ ධවල මන්දිරයේ පදිංචිව හිඳින්නට වාසනාව ලද බැවින් ඔහුගේ දියණියන්ට ද ලැබුණේ අසීමිත ආකර්ෂණයකි. තාත්තා ගෙදර ගියත් ඔහුගේ බිරිඳටත් දියණියන්ටත් ලැබුණු ආකර්ෂණය ජනප්‍රියත්වය සහ ‘‘ගොසිප් මැවීමේ හැකියාවේ’’ නම් අඩුවක් වී නැත.   

බැරැක් ඔබාමා දියණියන් දෙදෙනකුගේ තාත්තා කෙනෙකි.   


ඒ මාලියා සහ සාෂාය. සාෂා මාලියාට වඩා අවුරුදු දෙකක් වයසින් බාලය. මේ වන විට ඔවුන්ගේ වයස පිළිවෙලින් අවුරුදු දහනවයක් සහ දහ හතකි.   


බැරැක් ඔබාමා මීට කලින් ප්‍රකාශ කළේ, ඔහුගේ දියණියන් දෙදෙනාම පෙම්වතියන්ව සිටින බවත් ඒ නිසා ඔහුට සැහැල්ලුවක් දැනෙන බවත්ය. ඒ අතින් ඔහු අපේ රටේ තාත්තලාට වඩා වාසනාවන්තය. මන්දයත්, අපේ රටේ තාත්තලාට සැහැල්ලුවක් දැනෙන්නේ යෞවන වයසේ පසුවන තමන්ගේ දියණියන් පෙම්වතියන් නොවී සිටිනතාක් නිසාය. 

 
බැරැක්ගේ ලොකු දුව මාලියා මේ වන විට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය. එම විශ්වවිද්‍යාලයේම ඉගෙන ගන්නා තරුණ ඉලන්දාරියකු සමඟ ප්‍රේමයෙන් බැඳී සිටින මාලියා, මේ ඊයේ පෙරේදා දවසක මහ පාරේදී එකිනෙකා සිප වැලඳ ගත්තාය. කවුරුන් හෝ කෙනකුගේ උකුසු ඇසකට ලක් වූ මේ හාදු පුදන දර්ශනය කැමරා ඇසකට ද අසුවීමෙන් මේ වනවිට අන්තර්ජාලයේ උණු කැවුම් මෙන් සංසරණය වන්නේය.   


හාවර්ඩ් සරසවියට මෙවැනි සිපගැනීම් අමුතු කතන්දර නොවේ... එහෙත් මේ ඔබාමා දියණිය බැවින් ඇගේ හාද්දේ, අනෙක් කෙල්ලන්ගේ හාදුවලට වඩා වටිනාකමක් තිබේ.   


මාලියාගේ හදවතේ මාලිගා ඉදිකළ ඉලන්දාරියා රෝරි ෆර්කුහර්සන් නමැත්තෙකි. පාසල් වියේ පටන් ගොල්ෆ් හා රග්බි ක්‍රීඩාවලට දක්ෂයකු වූ ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ද හරි ලස්සනට රග්බි සෙල්ලම් කරන්නේය. අඩි හයකුත් අඟලක් උස මේ ඉලන්දාරියා ඇත්තටම කඩවසම්ය. නමුත් ඔහු අඩි පහකුත් අඟල් දහයක් උස මාලියාට වඩා උසින් වැඩි වීම නිසා, හාදු පිදීමේදී හා ලැබීමේදී අඟල් තුනක් පමණ පාත්වන්නට සිදුවෙයි.   

 
මේ යුවළ මීට දවස් ගණනකට කලින් පාපන්දු තරගයක් නරඹන්නට ද ගොස් සිටියෝය. ඒ යාලේ ප්‍රදේශයටය. මේ අවස්ථාවේදී මාලියා සීත කබායක් පැළඳ කන්​ දෙක වැහෙන තරමට ලොකු තොප්පියක් ද පැළඳ සිටියාය. ඇගේ පෙම්වතා රෝරි ද සීත කබායක් පැළඳ සිටි නමුත් ඔවුන් දෙදෙනාගේ මුහුණුවල වූයේ උණුසුම් සිනා රැළිය. බොහෝ සතුටින් පසුවූ ඔවුන්ගේ ප්‍රේමය උණුසුම්ව තිබුණාට කිසිදු සැකයක් නැත.   


හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් මෙන්ම ඩේලිමේල් පත්තරය ද පවසන්නේ මේ ජෝඩුව ‘තකට තක’ ගැළපෙන බවය.   


මේ දෙන්නා තවත් දවසක හමුවී සිටින මොහොතක මාලියාගේ කටේ දුම්වැටියක් හිරවී තිබිණි. සිනා පිරුණු මුවින් තම පෙම්වතා සමඟ දොඩමළු වී සිටිය ද එදා ද පරිසරයේ තිබු​ෙණ් අධික සීතලකි. ඒ සීතලෙන් බේරෙන්නට නම් දුම්වැටියක උණුසුම නැතුව බැරිවන්නට ඇත. කෙල්ලක් දුම්බීම, ලංකාවේ අපට මැජික් වුණාට යුරෝපයට හා ඇමෙරිකාවට නම් මැජික් නොවේ.

කෙසේ වුවත් මාලියා දුම් බොන ඡායාරූපය ද ඩේලිමේල් පත්තරයට කොහෙන් හෝ ලැබී තිබිණි.   

රෝරී සුද්දෙකි. බැලූ බැල්මට විලියම්ලා ඇන්ඩෘලා මෙන් කඩවසම් රුවක් ඔහු සතුය. කළු පැහැති අව් කණ්ණාඩිය පැළඳ කටින් එකක් සිනා පුරවාගෙන බලා සිටින විට හිතේ මැවෙන්නේ නළුවෙකි. මේ තරම් කඩවසම් ලස්සන කොල්ලෙක්, මාලියා වැනි කළු පාට සමක් ඇති අප්‍රිකානු මුහුණුවරක් ඇති කෙල්ලකට පෙම් කරන්නේ ඇයි කියා සිතෙයි.

යාළුවන්ට තකට තක මෙන් පෙනුණත් රූපකාය දෙස බලන විට අපට නම් පෙනෙන්නේ වෙනසකි. හාවර්ඩ් සරසවියේ ඕනෑ තරම් සුද්දියන් සිටිද්දී රෝරි, මාලියා තෝරාගත්තේ ඇයි කියාය. එකත් එකටම ඇය ජනපති දියණියක වීම ද විය යුතුය.   

 

මාලියාගේ උපන් දිනය යෙදෙන්නේ ජුලි මාසයේදීය. ජුලි හතර වැනිදා උපන් ඇගේ පසුගිය උපන්දිනය ඇය සැමරුවේ හැම්ප්ටනි හි ‘සර්ප් ලොජ්’ එකකදීය. මේ උපන්දින සැමරුමට ඇගේ සමීපතම මිතුරු මිතුරියෝ හත් දෙනෙක් සහභාගී වූහ. ඉටිපන්දම් දහනවයක් සවි කළ කේක් ගෙඩියක් කපා හැපී බර්ත් ඩේ සිංදුව ගායනා කිරීමෙන් පසුව පිරිස තවත් ගී ගයා නටන්නට පටන්ගත්හ. හැබැයි එදා නම් මේ කවුරුවත් මත්පැන් බොන්නට ගියේ නැත. හේතුව ‘උපන් අලුතම’ වීම විය යුතුය.   

 
එසේ වුවත් මාලියා මත්පැනෙන් ඈත් වූ කෙල්ලක නොවේ. වරක් ඇය හොඳටම මත්වී ‘මෙලෝ රහක්’ නැතිව සිටින පින්තූරයක් ද අන්තර්ජාලයේ සැරිසරයි. ඒ නිව්යොක් නුවර අවන්හලකදීය. එදා ඇය පානය කර තිබුණේ ‘රෙඩ් බුල්’ බවත් පාන්දර දෙකටත් ඇය ඒ අවන්හලේ හොඳටම මත් වී සිටි බවත් වාර්තා වී තිබේ.   


වතාවක් ඇය ගෙදර කට්ටියක් සමග බාලි දූපත නරඹන්නට ගියහ. ඒ තාත්තා ජනාධිපති ධුරයෙන් ඉවත් වූ මුල් අවධියේය. නිවාඩුවක් ගත කරන්නට බාලි ගිය මේ ගමන මාලියාටත් යාළුවන්ටත් අපුරු අත්දැකීමක් වූයේය. ඉන්දුනීසියාවට අයත් බාලි දූපත තවමත් ගෝත්‍රික ජනතාවක් වෙසෙන සුන්දර දූපතකි. දින නවයක් පුරා විනෝද වූ මේ චාරිකාවේදී ඔබාමා පවුල ‘වයිට් රාෆ්ටිං’ චාරිකාවක් ද ගියෝය. ආයුං ගඟේ කෙරෙන මේ ත්‍රාසජනක බෝට්ටු පැදීම මාලියාට සහ සාෂාට අපූරු ත්‍රාසයක් ලබා දුන් අවස්ථාවක් වූයේය.   

 

ඊළඟට ඔවුන් ගියේ බ්‍රැන්ඩෝ දූපත නරඹන්නටය. මුහුදු කැස්බෑවුන් දහස් ගණනක් ගැවසෙන මේ දූපතට දහස් ගණන් මුහුදු පක්ෂීන් ද එක් රැස් වේ.   


සොබාදහමේ විසිතුරු මැද ගත වුණු දූපතේ නිවාඩුවේදී මාලියා, සහ සාෂා සුදු වැලි පිරුණු වෙරළේත් මුහුදේත් ප්‍රීතියෙන් නැටූහ. ඔවුන්ගේ කාලයෙන් වැඩිම කොටස ගෙවුණේ‍ මුහුදේ නටන්නට සහ රැල්ල පාගන්නටය. දවස් දෙකක් තිස්සේම ද බ්‍රැන්ඩෝ හෝටලයේ රස පිරි කෑම බීම අතර ඔවුන්ගේ නිවාඩුව ගත විය.   


කෙසේ වුවත් දැන් දැන් මාලියා, පමණක් නොව ලෝකයාත් බලා සිටින්නේ මාලියාගේ සහ රෝරිගේ පෙම් පුවත දෙසය. එය තවත් සුරංගනා කතාවක් වී, විවාහයෙන් වඩාත් අලංකෘත වනවා දකින්නටය. එහෙත් මාලියාගේ කලින් පෙම් පුවත මෙන් අසුන්දර මතකයක් ඉතිරි කර මෙය ද අවසන් වන්නට ද බැරි නැත. වසර ගණන් තිස්​ෙස් ගොඩ නැගුණු ආදර මන්දිර බිඳී වැනසී යන්නට ගත වන්නේ මිනිත්තුවක් දෙකක් පමණක් නිසාය. එහෙත් එසේ නොවී, සුරංගනා කතා ගොතන්නට මාලියා රෝරි කතාවත් එකතු වුණොත්, එය තවත් ජගත් පෙම් කතාවක් වන්නේය.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන 

 

 

 



අදහස් (0)

ඔබාමාගේ දියණිය මහ පාරේදී කොල්ලෙක් සිපගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site