IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඔක්තෝබර් 26 වැනි දින සෙනසුරු ධනු රාශියට පැමිණීම ඔබට කොහොමද?

මේ වසරේ බලවත්ම අවසාන ග්‍රහ මාරුව වශයෙන් සැලකිය හැකි දීර්ඝ කාලයක් එක් රාශියක මන්දගාමීව ග්‍රහ ගමනක යෙදෙන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා තමාට සම රාශියක් වන ගුරුට හිමි ධනු රාශියට මේ වසරේ ඔක්තෝබර් 26 වැනි දින පිවිසෙනු ඇත. එහිදී මෙම ග්‍රහයා වසර 2 1/2ට අධික කාලයක් ඉදිරියට තමාට සුපුරුදු ගෝචර ගමනේ ධනු රාශියේ ගමන් කරනු ඇත.
   
මෙහිදී ධනු ලග්න හිමියන්ට ලග්න ගත සෙනසුරු ඒරාෂ්ඨකය හා වෘෂභ ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාෂ්ඨකය මෙම කාලවකවානුව තුළ බල පවතිනු ඇත. එයට අමතරව මකර, මිථුන, කටක, වෘශ්චික යන රාශි හිමියන්ටද සෙනසුරුගේ වැඩි අහිතකර බලපෑම් ගෙන දිය හැකිය. විශේෂයෙන් මුල නැකත, පුවපල නැකත සහ උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ජන්මලාභී හිමියන්ට හා අනෙකුත් ලග්න හිමි අය ඉහත සඳහන් නැකත් තුළින් ජන්මලාභී අයකු නම් එම අයට සෙනසුරු හා සඳුගෙන් ලබන ජන්ම ඒරාෂ්ඨක අපලය හා යම් ධනු ලග්න හිමියෙක් ඉහත නැකත්වලින් ඉපදි ඇත්නම් එම අයට ලග්න හා ජන්ම ඒරාෂ්ඨක දෙකම එක්වර ලැබීමට නියමිතය.   


මෙහිදී විශේෂයෙන් සඳු සෙනසුරු කුජ රාහු කේතු යන පාප ග්‍රහයන්ගේ මහදශා අතුරු දශාවන් බල පවතින අයට එම කාල සීමාව ඉතා තදබල කායික හා මානසික වශයෙන්ද විවිධ අන්දමේ පීඩාකාරී අපහසුතාවන් උත්සන්නවීමේ ප්‍රවණතාව වැඩි බවත් මෙහිදී පෙන්නුම් කෙරෙනු ඇත.   


අඹු සැමියන් අතර භේදබින්නවීම්, ප්‍රේම ආදර සම්බන්ධතා බිඳ වැටීම්, අධ්‍යාපනය ලබන දූ දරුවන්ට හා ආර්ථික වශයෙන් ද දැඩි මන්දගාමී තත්ත්වයකට පත්වීම්, රැකියා ස්ථාන මාරු, එහි ප්‍රශ්න ගැටලු මතුවීම හා රහසිගත සතුරු විපත්, නිවාස දේපළ ප්‍රශ්න ආදී විවිධ අමිහිරි ගැටලුවලට මුහුණදීමට මෙම කාලය තුළදී සිදුවනු ඇත. ඔබට සුභ ග්‍රහයින්ගේ මහ දශා අතුරු දශාවන් ලබා ඇති නම් යම්කිසි දුරකට සැනසුම් සහගත අත්වැසිල්ලක් වනු ඇත.   


විශේෂයෙන් අප රටටත් ලෝකයාටත් සෙනසුරු ග්‍රහ මාරුව විවිධ අයුරින් අයහපත් ලෙස බලපානු ඇත. එහිදී කාලගුණික විපර්යාස බෝවන වසංගත රෝග හා රිය අනතුරු හදිසි ජීවිත හානි සිදුවීමේ ප්‍රවණතාව වැඩිය.   


තම තමන්ගේ කේන්ද්‍ර අනුව සෙනසුරු ග්‍රහ අපල දුරු කර ගැනීම පිණිස ශාන්තිකර්ම වශයෙන් ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා සෙනසුරාදා දිනට එළඟි තෙල් පහන් 09ක් සහිත පූජාවන් පැවැත්වීම, සෙත් කවි කියවීම. බෝධි පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීම, මව්පිය වැඩිහිටියන් හා අසරණ අයට ඇප උපස්ථාන කිරීම හා මහ මෘර්තුංජය, විෂ්ණු ආඝෝරය යන යන්ත්‍ර දහස්වර ජීවම් කර පැළඳීම සහ කාකනිල් මැණික් ඇල්ලූ මුදුවක් හෝ වෙනත් ආභරණ පැළඳීම ඉතා ශුභදායක වනු ඇත.   

 

 

 

 

 

 

 

 


ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විශාරද   
ජේ.එම්. ජයන්ත ඒකනායක   
සියපත කාර්යාල  
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල.

 



අදහස් (0)

ඔක්තෝබර් 26 වැනි දින සෙනසුරු ධනු රාශියට පැමිණීම ඔබට කොහොමද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site