IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


උපන් ලපය හෙළිකළ පෙර භවයේ වෙඩි පහර

 

‘මමයි තාත්තයි ගෙදර ඉස්සරහ පුටුවෙ වාඩිවෙලා මඤ්ඤොක්කා කෑවා? හතට විතර ඇති. මිනිස්සු ඇවිත් එකපාරටම ජනේලෙන් වෙඩි තිබ්බා. මගේ පපුවට වෙඩි වැදුණා. තාත්තගෙ කකුලට වෙඩි වැදුණා. තාත්ත ඉස්පිරිතාලෙ අරන් ගියා. මම එතනම මැරුණා. තාත්තගෙ කකුල කපලා ගෙදර ආවා. මාව වළ දැම්මෙ ගෙදර ඉස්සරහ වත්තෙ. මම එතකොට රාණි අක්කලගෙ වහලය උඩ” යයි සිය පෙර භවය පිළිබඳව අතිශය පුදුම තොරතුරු රැසක් හෙළි කළ දරුවෙක් මීට වසර ගණනකට උඩදී පොල්ගහවෙල රෝහලේදී උපත ලැබීය. උපදින විටම එම දරුවාගේ පපුව මැද පැහැදිලි උපන් ලපයක් දක්නට තිබිණි. ඒ හා සමානවම පිට පැත්තේද තවත් උපන් ලපයක් විය. ඔහුට වසන්ත යනුවෙන් නම් තබා තිබිණි.  

 

 

තම දරුවාගේ මෙම උපන් ලප මගින් ඔහුගේ පෙරභවයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමක් සිදුවනු ඇතැයි මාපියෝ නොසිතූහ. කුඹුරු ඉඩම් හිමිව සිටි වසන්තගේ මාපියන්ගේ වී වගාවලින් ලද වී වේලීම ගෙමිදුලේ දී නිතර සිදු කෙරිණ. වී වේලීමත් ඒවා කෙටීමට ගෙන යාමත් බොහෝ විට සිදු කරනු ලැබුවේ මව විසිනි. ඒ වන විට වසන්තට වයස අවුරුදු දෙකහමාරක් පමණ වීය.  


දිනක් නිවෙසේ තිබූ වී ගෝනියකට දැමූ මව එය කෙටීම සඳහා වීමෝලට ගෙන යෑමට හිසමතට ගත්තාය. එය දුටු වසන්ත,  
‘‘අපේ අම්ම නම් වී කොටන්න ගෙනියන්නෙ කාර් එකේ’’ යයි කීවේය. මෙම වදනින් තිගැස්සුණු මව දරුවාගේ ප‍්‍රකාශයෙන් මවිතයට පත් වූවාය. තම පුත‍්‍රයා මෙසේ කියන්නේ ඇයි ද යන්න ප‍්‍රශ්නයක් වීය. ඒ බැව් සැමියා සමඟ ද පැවසූ ඇය කුඩා වසන්තගේ වදන පිළිබඳව සිතන්නට වූවාය. මේ අතර තවත් දිනක් මව ඇමතූ දරුවා,   
“මට එහෙ දී වෙඩි වැදුණා’’ යයි කීවේය. තම පුත‍්‍රයා කිසියම් යළි ඉපදීමක් අනාවරණ කිරීමට උත්සාහ ගන්නා බවක් මවට දැනුණි. එහෙත් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට මාපියෝ එතරම් උනන්දුවක් නොදැක්වූහ. එහෙත් පෙරභවයේ මතක සටහන් වරින්වර හෙළි කළ වසන්ත පෙරභවයේ තොරතුරු අනාවරණය කරන්නට විය.  


පපුවේ පිහිටා තිබූ උපන් ලපය පෙන්වූ වසන්ත සිය මව අමතා ‘‘මේ තියෙන්නෙ වෙඩි වැදුණ තැන’’ යයි තවත් දිනක් පැවසීය. අනතුරුව ඔහු වෙඩි වැදුණ අයුරුද පැහැදිලිව හෙළි කළේය.  


එද‌ා මම තාත්තගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා මඤ්ඤොක්කා කෑවා. එතකොට තමයි වෙඩි වැදුණේ යයි පැවසීය. සිය පුත‍්‍රයා හෙළි කරන තොරතුරු පිළිබඳව පුංචි විමසීමක් කිරීමට මවට සිතුණි.  


‘‘එතකොට පුතාගෙ නම මොකක්ද?” මව විමසුවාය.   


ක්ෂණයෙන් ඊට පිළිතුරු දුන් වසන්ත,  
‘‘ෂෙල්ටන්’ යයි කීවේය. මම එතකොට ඉස්කෝලෙ හතර පන්තියේ. මම ඉස්කෝලෙ ගියේ රාණි අක්කත් එක්ක. වී කොටන මෝල තිබුණෙත් අපේ ගේ ළඟ යයි ද වසන්ත හෙළි කළේය. මේ වන විට වසන්ත හෙළි කරන තොරතුරු ප‍්‍රදේශවාසීන්ට ද ශ‍්‍රවණය වීය. එහෙත් මාපියෝ එය යටපත් කරගෙන සිටියහ. තවත් මාස කීපයක් ගතවිය. වසන්ත හෙළි කරන තොරතුරුවලට සමානව දරුවෙකුට වෙඩි වැදී මරණය සිදු වූ පුවතක් වල්පොල ප‍්‍රදේශයෙන් ඔවුන්ට ආරංචි ලැබිණි. එය සිදු වී තිබුණේ 1971 අප්‍රේල් කැරලි සමයේදීය. වසන්තගේ එම පෙරභව තොරතුරු පිළිබඳව ෂෙල්ටන්ගේ නිවෙසට ද ආරංචි ලැබිණි. එය ශ්‍රවනය වූ පෙරභව සොහොයුරියට තම මල්ලීගේ තොරතුරු සායා බැලීමට දැඩි ආශාවක් ඇතිවිය. කිසිවෙකුටත් නොදන්වා ඇය වසන්තගේ නිවෙසට පැමිණියාය. නිවෙස වෙත පැමිණි විගස අැය දුටු වසන්ත  


‘‘අනේ රාණි අක්කේ” යයි හඬනගා කතා කළේය. අනතුරුව සොයුරිය ඇමතූ වසන්ත “ඔයා දැන් හරි ලොකුයිනේ’’ යනුවෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඇය පුංචි විමසීමක් කළාය.  


ඔයාට මොකද වුණේ? යයි ඇය වසන්තගෙන් විමසුවාය.  


‘‘වෙඩි වැදුණා’’  


‘‘කොහේටද?’’  


‘‘පපුවට’’ යයි සිය උපන් ලපය පෙන්වීය. මිය ගිය සිය සොහොයුරා යළි ඉපදීමක් සිදුවී ඇතිබැව් ඇයට වැටහුණි. එය සනාතකර ගැනීමට ඇයට අවශ්‍ය වීය.  


‘‘මල්ලි එතකොට හිටියෙ කොහොමද?’’ යයි ඇය එවර විමසුවාය. ඇයට පිළිතුරු දුන් වසන්ත පියාගේ උකුලේ වාඩි වී සිටි බවත් ඒ අවස්ථාවේ මඤ්​ෙඤාක්කා කෑ බවත් හෙළි කළේය. එම වදන ඇසුණු සොහොයුරියගේ දෙනෙතින් කඳුළු කඩාහැලෙන්නට විය. තම සොහොයුරාට වෙඩි වැදුණ වේලාවේ සිදු වූ සියල්ල නිවැරදිව ඔහු හෙළිකරන බැව් සොහොයුරියට අවබෝධ විය.  


එම සිදුවීමෙන් පසු වසන්තට සිය පෙරභවයේ නිවසට යෑමට අවස්ථාව උද‌ාවිය. වසන්තට සිය පෙර භවයේ මව හඳුනා ගැනීමට හැකිවීම ද අතිවිශේෂ සිදුවීමක් විය. එය සිදුවූයේ සොහොයුරිය වසන්ත හමුවීමෙන් පසු දෙවැනි වර මව සමග පැමිණි විටදීය. ඉන් අනතුරුව වසන්ත පෙර නිවසට ගොස් එහි තිබූ ඔහුුගේ පොත් බෑගය ද සොයා ගත්තේය. එහි වූ පොත් අතරින් ෂෙල්ටන් පාසලේ දී සටහන් ලියූ පොත් අතරින් අවසන් වරට ලියූ අකුරු නිවැරදිව පෙන්වා දීමට ද එදා එම දරුවාට හැකිවිය.  


මෙම පුනර්භව පරීක්ෂණය සඳහා අප වසන්ත හමුවන විට ද ඔහුට සිය පෙරභවයේ ජීවිත තොරතුරු ඉතා හොඳින් මතකයේ තිබිණි.  
‘‘ඔයා ඉස්සර හිටියෙ කොහේද?’’ යයි අපි ඔහු සමඟ කතා කළෙමු.  


‘‘ඉස්සර අම්මලාගෙ දිහාවේ’’ යයි පැවසූ වසන්ත ‘‘එහෙදි මට අයියලා හිටියා. රතු අයියා, ලොකු අයියා’’ යනුවෙන් පැවසීය. ගෙදර වත්තේ වෙරළු සහ පේර ඇති බවත් පැවසූ ඔහුගෙන් මියගිය අන්දම පිළිබඳව ද අපි විමසීමක් කළෙමු.

 
ඔයාට එහෙදි මොකද වුණේ?  
මම මැරුණා.  


මක් වෙලාද?  
වෙඩි වැදිලා.  


කොහේටද වෙඩි වැදුණේ?  
පපුවට  


ඔයාට විතරද වෙඩි වැදුණෙ?  
නෑ තාත්තටයි මටයි.  


තාත්තට වෙඩි වැදුණෙ කොහේටද?  
කකුලට  


බෙහෙත් දැම්මෙ නැද්ද?  
තාත්ත ඉස්පිරිතාලෙ අරන් ගියා.  


ඔයාට බෙහෙත් කළාද?  
නෑ මම එතනම මැරුණා.  


ඊට පස්සෙ මොකද වුණේ?  
වළ දැම්මා.  


කොහේද වළ දැම්මෙ?  
මහවත්තෙ  


එතකොට ඔයා කොහේද?  
‘‘රාණි අක්කලගෙ වහලය උඩ’’ යයි වසන්ත කිසිදු පැකිළීමකින් තොරව පවසන්නට විය.  


වසන්ත හෙළිකළ මෙම පුනර්භව පරීක්ෂණය සඳහා ද වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් සියුම් පර්යේෂණයක් පවත්වනු ලැබීය. එම පරීක්ෂණ මෙහෙයවනු ලැබුවේද මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසිනි. මෙම දරුවාගේ මතක සටහන් අතර තිබූ අතිශය වැදගත් කරුණු රැසක් එම පරීක්ෂණයේදී හෙළිවිය.  


ෂෙල්ටන්ට වෙඩි පහර එල්ල වී තිබුණේ ඔහුගේ පපුවටය. පපුවට වැදුණු වෙඩි උණ්ඩය පිට පැත්තෙන් මතු වී තිබිණි. වෙඩි පහර වැදී දරුවා මරණයට පත් වී ඇත්තේ ක්ෂණිකවය. එහෙත් පියාට වෙඩි පහර වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කළ බවත් කකුලක් කපා නැවත නිවසට පැමිණි බවකුත් ඔහු හෙළි කළේය. එම සිදුවීම වනවිට එම දරුවා මෙලොව හැර ගොස්ය. එහෙත් ඒ බැව් ඔහු නිවැරදිව පැවසීය.  
වසන්තගේ කතා පුවතේ තිබූ තවත් අතිශය පුදුම උපදවන කරුණක් වූයේ ඔහුගේ සිරුර වළ දැමූ ස්ථානය නිවැරදිව හෙළි කිරීමය. පෙර භවයේ මරණය සිදුවීමෙන් පසු සිරුර භූමිදානය කළ ස්ථානය නිවැරදිව පෙන්වා දීමට ද ඔහුට එදා හැකිවිය.  


වසන්ත හමුවීමට ගිය විට දී පෙරභවයේ මව හඳුනාගත් අන්දම පිළිබඳව ද විමසීමට ඇය හමුවීමට අපට ද අවස්ථාව ලැබිණි. ඒ පිළිබඳව අප සමග ඇය කළ සාකච්ඡාව මෙසේය.  


ඔබේ දරුවට වෙඩි වැදුණෙ කොහේටද?  
පපුවට වැදුණ වෙඩිල්ල පිට පැත්තෙන් පසාවෙලා තිබුණා’’  


‘‘ඉපදිලා සිටින වසන්තගෙ පපුව ඔබ දැක්කද?  
‘‘ඔව්, ඒ උපන් ලප තිබුණේ වෙඩි වැදුණ තැන.  


පුතා එතනම මැරුණද?  
ඔව්  


පියා මැරුණේ කොයි කාලෙ ද?  
‘‘ඊට පස්සෙ’’  


‘‘මුලින්ම අම්මට වසන්ත දුටු දවසෙ මොකද වුණේ?  
‘‘වසන්ත ඇවිත් මා දිහා බලාගෙන හිටියා.  


‘‘වසන්තගෙ අම්මා ඇහැව්ව අඳුනනව ද කියලා.   
‘‘මේ මගේ අම්මා’’ කියල අඳුන ගත්තා යයි පැවසූ ඇගේ දෙනෙතින් කඳුළු කඩාවැටුණි.  


පුනර්භව පර්යේෂණවල දී මරණින් පසු සිදු වූ තොරතුරු අනාවරණය වීම දුර්ලභය. එවැනි දුර්ලභ කරුණු හෙළි කළ දරුවෙක් ලෙස වසන්තගේ කතා පුවත පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. වෙඩි වැදී තම මරණය සිදු වූ ආකාරය ඉතා හොඳ මතකයකින් හෙළිකිරීමටත් වෙඩි වැදුණු ස්ථානයේ නිවැරදිව උපන් ලප පිහිටා තිබීමත් වසන්තගේ යළි ඉපදීම සනාථ කළ ප‍්‍රබල සාක්කි බවට පත්විය.  


උපන් ලප පෙරභවය හා සම්බන්ධ වූ පුනර්භව පර්යේෂණ ඇතුළත්ව වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් ප‍්‍රකාශයට පත්කළ පර්​ෙ‌ය්ෂණ ග‍්‍රන්ථයකට ද වසන්තගේ කතා පුවත ඇතුළත් කර තිබේ. එය සඳහන් වී ඇත්තේ (Discrepancies Between Birthmarks and The Evidence of Reportedly Corresponding Wounds) යටතේය.  


පෙරභවය හඳුනා ගැනීම් සිදුවීම පිළිබඳවද වසන්තගේ පුනර්භව සාධකය ඉතා වැදගත් පර්​ෙ‌ය්ෂණ බවට පත්විය. එම කරුණු අතර ප‍්‍රධාන තැනක් ගත් තවත් ප‍්‍රබල සාක්කි වූයේ පෙරභවයේ පොත් බෑගය සහ ඔහුගේ පාසල් පොත් හඳුනා ගැනීමය. වසන්ත විසින් හඳුනා ගැණුනු පාසල් පොත් අතර ඔහු අවසන් වරට පාසලේ දී ලියූ රචනයක අත්අකුරු ද විය. එහි දිනය සඳහන්ව ඇත්තේ එක්දස් නවසිය හැත්තෑ එකේ මාර්තු තිස්වෙනිද‌ා ලෙසය. ෂෙල්ටන්ගේ මරණය සිදුවී ඇත්තේ ඊට දින දහයකට පසුවය. වසන්ත ඉපදී ඇත්තේ පෙරභවයේ මරණය සිදු වී හරියටම මාස පහළොවකට පසුව බැව් දක්නට ලැබේ.  


තිස්ස ජයවර්ධන



අදහස් (0)

උපන් ලපය හෙළිකළ පෙර භවයේ වෙඩි පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 14 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 11 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 19 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 28 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 38 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 15 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1245 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1521 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site