IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


උපන් යෝගය අනුව ස්ත්‍රින්ගේ සැඟවුණු රහස්

උපන් යෝගය අනුව ස්ත්‍රියක සමග විවාහ ජීවිතයට ඇතුළත් වන්නේ ආදරය, කරුණාව, රාගය, ආශාව, ලිංගිකත්වය, සතුට, සැනසුම ආදී කරුණු මුදුන් පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.   
එහෙත් මෙම සැඟවුණ ගති ගුණ ශුභ අශුභ ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ පිහිටා ඇත.   දිනය තිථිය නැකත යෝගය කරණය යන පංචාංගවලින් දැන ගත හැකි බව ජ්‍යොතිෂය අනුව හෙළි කර ගැනීමට පුළුවන. මේ නිසා පුරුෂයකු වන ඔබ විවාහයට පෙර ස්ත්‍රීන් උපත ලබා ඇති යෝගයන් ගැන විමසිලිමත් විය යුතුය.   එම යෝගවල ශුභ අශුභ බලා විවාහ වුවහොත් යුග දිවිය අතිසාර්ථක වනු ඇත. 
 
ජ්‍යොතිෂ්‍ය අනුව යෝග 27 ඇත. ඒවා එකිනෙක විග්‍රහ කර බලමු.   

 


විශ්කම්භ යෝගය   


මෙයින් උපන් කාන්තාව සියලු කාර්යයවල දක්ෂ වේ. අන් අය ගැන නොසිතයි. නීති ගරුකය. විනයගරුකය. වල් පල් දෙඩීමට අකමැතිය.   


ප්‍රීති යෝගය   


 මෙයින් උපන් ස්ත්‍රීය උසස් අධ්‍යාපනයක් ලබන්නීය. ධන ධාන්‍ය බව භෝග සැප සම්පත් ලබමින් සැපවත් ජීවිතයක් ගත කරයි. ලක්ෂණ හැඩ රුවක් ඇති යහපත් කෙනෙකි. 

 
ආයුෂ්මන් යෝගය 

 
මැය ආගමට දහමට ළැදි වැඩිහිටියන්ට ගරු කරන දූරදර්ශී නුවණික් ඇති රූපයෙන් අග තැන්පත් කුල සිරිත් රකිනා සැමියාට ගරු කරන දීර්ඝායු ලබන වාසනාවන්තියකි.   


සෞභාග්‍යය යෝගය   


මෙයින් උපන්නී රූමත් අඟපසඟ ඇති අහංකාර උඩඟු සිනාවෙන් මුව පුරවා ගත් තැනැත්තියකි.   


ශෝබණ යෝගය 


මෙම යෝගයෙන් උපන් කාන්තාව රැකියාවන්හි සහජ දක්ෂතාවක් ඇති දූරදර්ශී නුවණක් ඇත වංචා ප්‍රයෝගවලින් තොර භාග්‍යවත් තැනැත්තියකි.   


අති ගණ්ඩ යෝගය   


මැයට ලොකු මුහුණක් ඇත. යන යන තැන වෛරකාරයන් තරහකාරයන් සතුරන් ඇති කර ගනී.   


සුකර්ම යෝගය   


අන් අයට ආධාර උපකාර කරන ශීලාචාර ගති ගුණ ඇති හොඳ අධ්‍යාපනයක් ලැබූ බුද්ධිමත් අවංක පරිත්‍යාගශීලි කෙනෙකි.   


ඩ්‍රැති යෝගය   


මැය ගෙදර දොර කටයුතු ඉතා ක්‍රියාශීලීව උද්යෝගයෙන් කරන කෙනෙකි.   


 

ශුල යෝගය   


​ෙහාඳ දේහ ලක්ෂණයක් ඇති රූමත්, ගුණගරුක බුද්ධිමත්භාවයෙන් අඩු තැනැත්තියකි. අඟපසඟ වශීකරවන සුලු ය.   


ගණ්ධ යෝගය   


පුරුෂයකුගේ ආකාර මුහුණක් වේ. කාමයෙන් මත් වූ රතියට ලොල් වූ වයස ගැන නොසිතන කම් සැප කෙරෙහි සිත යොමු කරන විකෘති මාර්ගවලින් කම් සැප ලබන ස්ත්‍රී ස්ත්‍රී ලිංගික ඇසුරට ලොල් වූ කාමාධික ස්ත්‍රියකි. 

 
වෘද්ධි යෝගය   


මැය අනුන්ට උපකාර කරන ආගම දහමට ගරු කරන සමිති සමාගම්වලට මුලසුන කොට කටයුතු කරන ගෙවල් දොරවල් ඉඩ කඩම් වාහන ආදියෙන් පරිපූර්ණ පින්වත් කාන්තාවකි. 

 
ධ්‍රැම යෝගය   


මෙයින් උපන්නී වෙළෙඳ ව්‍යාපාර ගනුදෙනු කටයුතු ආදියට දක්ෂ වේ. ස්ථිර හැඟීම් ඇති කෙළින් සත්‍ය කථා කරන්නියකි. පටන් ගත් වැඩ අතර මඟ නොනවත්වා කරගෙන යයි. වාසනාවන්තය.

   
ව්‍යාඝාත යෝගය 

 
ඇය සැකයෙන් බියෙන් කාලය ගත කරයි. කථාවට දක්ෂය. 

 
හර්ෂණ යෝගය 

 
රූපයෙන් අගතැන්පත් රතුවන් ඇඳුම්වලට ප්‍රිය කරන පණ මෙන් පතිදම් රකින කතකි.   


වජ්‍ර යෝගය   


​ෙමයින් උපන්නී අවංක කාරුණික ඇසුරු කරන්නන් අතර ජනප්‍රිය මනුෂ්‍ය ගුණ ධර්ම ඇති වාසනාවන්තියකි.   


සිද්ධි යෝගය   


ශිල්ප ශාස්ත්‍ර ඉගනීමට දක්ෂ සැමියාට ගරු කරන කිසි දිනක කෝප සිත් නැති ළඳකි.   


ව්‍යාතිපාත යෝගය   


මෙයින් උපන්නිය අසල්වැසියන් සහ නෑදෑයන් සමග අඩදබර ඇති කර ගන්නා නිතර රෝගවලින් පෙළෙන කාමයට ආශාව දක්වන රාගාධී, වයස තරාතිරම නොබලා රති කෙළියේ යෙදෙන වැරදි මඟ යන කාම මදනයෙන් මත් වූ ළඳකි.   


වාරියහ් යෝගය  


 විනය ගරුක පරිත්‍යාගශීලී පින්වන්තියකි.   


පරිඝයෝගය   


මැය ඉක්මනින් කෝප වන කපටි කයිරාටික සිතින් සහ ක්‍රියාවෙන් කටයුතු කරන්නියකි.   


ශිව යෝගය   


මිහිරි වචන කතා කරන සීලවන්ත ඊර්ෂ්‍යාව ක්‍රෝධය නැති ශීලාචාර වාසනාවන්තියකි.   


සිද්ධ යෝගය   


 මෙම යෝගයෙන් උපන්නී තම අභිමතාර්ථයන් කෙසේ හෝ ඉටුකරගන්නා සැපවත් ජීවිතයක් ගතකරන පරිත්‍යාගශීලී වාසනාවන්තියකි.  


සාධ්‍ය යෝගය   


ඇය හොඳ රූපශ්‍රීයකින් යුතු ඉගෙනීමට දක්ෂ ඉතා කීකරු දක්ෂ අහිංසක ලලනාවකි. 


ශුභ යෝගය 


මෙයින් උපන්නී සුදු වස්ත්‍රාභරණවලට කැමති ළාමක සිතක් ඇති නිතර පිරිසිදුකමින් සිටින කුලඟනකි. 


ශුභ්‍ර යෝගය 


ඇය යහපත් වචන කතා කරන කාටත් හොඳ හිත පෙන්වන යහපත් අවංක තැනැත්තියකි. 


බ්‍රහ්ම යෝගය 


ඉතා හොඳ බුද්ධියක් ඇති ඉගෙනීමේ දක්ෂ ගෘහණියකි. සියලු කරුණු ගැන මනා අවබෝධයක් ඇත්නා වූ ස්ත්‍රියකි.

 
මහේන්ද්‍ර යෝගය


 ඇය රාජ කුමාරිකාවක් මෙන් කොයි කාටත් දීමේ කැමැත්ත ඇති වාසනාවන්තියකි. 


වෛධෘති යෝගය 


උඩඟු, අහංකාර මාන්නයෙන් යුත් කපටි කුරිරු නපුරු සිත් ඇති කාන්තාවකි. 

 

 

 

 

 

 

 

 

 

 


ජ්‍යොතිෂවේදී, වාස්තු උපදේශක, යාන්ත්‍රික ඉන්ජිනේරු
නිශාන්ත විජේසේන
174/22, තුත්තිරිහේන වත්ත
මීරිගම පාර,
වේවැල්දෙණිය.
0770472649.

 

 
 



අදහස් (0)

උපන් යෝගය අනුව ස්ත්‍රින්ගේ සැඟවුණු රහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site