IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උතුවන් කන්දේ සරදියෙල් එල්ලා මරා දැමූ හැටි

අවුරුදු 156 කට කලින් මැයි 7 වැනිදා  

1864 මැයි 7 වැනිදා උදේ වරුවේ මහනුවර සිටි බොහෝ අයගේ නෙත් සිත් යොමුව තිබුණේ එල්ලා මරන්නාගේ කඳු ගැටය වෙතටය. එදා එල්ලා මරන්නාගේ කඳු ගැටයේ පිහිටුවා තිබූ එල්ලුම් ගහේ එල්ලා මරා දැම්මේ සරදියෙල් හා මම්මලේ මරික්කාර්ය.  


ඉංග්‍රීසීන් එල්ලුම් ගහේ දෙදෙනා එල්ලා මරා දැම්මේ දහස් ගණනක පිරිසක් බලා සිටියදීය. ඉංග්‍රීසි ජාතිකයින්ට ඕනෑ වී තිබුණේ මිය යන ආකාරයන් විශාල පිරිස් බලා සිටිත් දී කරන්නටය. තමන්ගේ පාලනයට කුමන ආකාරයකින් හෝ එරෙහි වන්නන්ට දෙන දඬුවම් ක්‍රම කාටත් දැන ගන්නට සැලස්වීම ඔවුන්ගේ යටි අරමුණක් විය.  


මෙයට වසර 156 කට පෙර සරදියෙල් හා මම්මලේ එල්ලා මරා දැමූ එල්ලා මරන්නාගේ කඳු ගැටය (Hangman's Hill) පිහිටා තිබූ තැන ඇත්තේ කොහේද?  


ආර්.එල්. බ්‍රෝහියර් 1910 සිට 1949 දක්වා වසර 40ක පමණ කාලයක් ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුවෙකු ලෙස සේවය කළ අයෙකි. ඔහු භූ​ගෝල විද්‍යාඥයෙකු මෙන්ම ඉතිහාසඥයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසිලූවෙකි. සරදියෙල් එල්ලා මරා දැමූ තැන ගැන සටහනක් තබන්නටද ඔහු අමතක කර නැත.  


සරදියෙල් හා මම්මලේ එල්ලා මරා ඇත්තේ එල්ලා මරන්නාගේ කඳු ගැටයේ පිහිටුවා තිබූ එල්ලුම් ගහේදී බව බ්‍රෝහියර් පවසයි. එම ස්ථානය පිහිටා තිබූ තැන ගැන ද ඔහු විස්තර කියයි.  

 

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ (මාර්කට්) තිබෙන බිමේත් එහි ඉදිරියේ උද්‍යානය පිහිටි බිමේත් 1872 වන විට තිබී ඇත්තේ ජලයෙන් පිරි මඩ වගුරකි. එම මඩ වගුර පිහිටි බිමට එකල පවසා ඇත්තේ බෝගම්බර යන්නය. 1872 දී සිරකරුවන්ගේ ශ්‍රමය ලබා ගනිමින් එල්ලා මරන්නාගේ කඳුගැටය කපා එම පස් ගල්වලින් මඩ වගුර වසා දමා ඇත.  


මඩ වගුර එකල තිබූ බෝගම්බර වැවේ කොටසකි. පස් පිරවූ බිමේ අද පොලිසිය, මධ්‍යම වෙළෙඳ පොළ හා උද්‍යානය පිහිටා තිබේ.  


එල්ලා මරන්නාගේ කඳු ගැටයේ තිබූ එල්ලුම් ගහේ අවසන් වතාවට එල්ලා මරා දැම්මේ සරදියෙල් හා මම්මලේ බව බ්‍රෝහියර් පවසයි. ඔවුන් එල්ලා මරා ටික කලක් යන විට එල්ලුම් ගහ එතනින් ඉවත් කර තිබේ.  

 


එල්ලුම් ගහ පිහිටුවා තිබූ එල්ලා මරන්නා​ගේ කඳු ගැටය පිහිටා තිබෙන්නට ඇත්තේ වර්තමාන මහනුවර පුෂ්පාදාන බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි පිහිටා තිබෙන බිමේයයි විශ්වාස කළ හැකිය. කැපූ කඳු ගැටයක එම ගොඩනැගිලි පිහිටා ඇති බව අද ද දක්නට ලැබෙන දසුනකි.

 

සටහන හා ඡායාරූප 
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ

 



අදහස් (0)

උතුවන් කන්දේ සරදියෙල් එල්ලා මරා දැමූ හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site