භාරත දේව සභාව

 

දිව්‍ය ලෝකයෙන් බැහැර වූ විෂ්ණු, බ්‍රහ්ම ලෝකයට පා තබන විටම දිය බඳුණක් රැගෙන ආ බ්‍රහ්ම විෂ්ණුගේ දෙපා දෙව්වේය. ඒ පිරිසිදු වතුරෙන් විෂ්ණුගේ දෙපා සේදෙන මොහොතේ උපන්නේ සුරූපී යුවතියකි.  
 
‘‘ඔබේ නම ගංගා’’   
බ්‍රහ්ම කීවේ මේ යුවතියගේ හැඩකාර සිරුරට ගැළපෙන නම ගංගා යැයි කල්පනා වූ බැවිනි.   
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දඟමල්ලක් වූ ගංගා දකින හමුවන හැම දෙනාටම විහිළු කරන්නටත් ඔවුන්ගේ පුංචි හෝ අඩුපාඩුවකට සිනාසෙන්නටත් පුරුදුව සිටියාය. කෙසේ වෙතත් මනරම් ලෙස නර්තනයේ යෙදීමත් මියුරු ලෙස ගී ගැයීමත් ගංගාගේ කුසලතා අතර විය. ඇරත් ඇය නැටුමටත් ගැයුමටත් බොහෝ සේ ඇලුම් කළාය.   
ගංගා නටන්නට පටන් ගත් විට දිව්‍ය ලෝකයෙන් භාගයක්ම පැමිණ ගංගා වට කර ගන්නේය. ඒ තරමටම ඇගේ නැටුම් බලන්නට දෙවිවරුද දිව්‍යාංගනාවන් ද ප්‍රිය කළ බැවිනි. වෙනකක් තබා ඍෂිවරුද ගංගා නටන බව දැන ගත්විට නර්තන මණ්ඩපය වෙත පැමි​ෙණන්නට පුරුදු වූහ.   
ගංගා ගේ මනරම් නැටුම් ගැන කටින් කට පැතිර ගිය බැවින් ඉසිවර දුර්වාසද දිනක් ඇගේ නැටුම් බලන්නට නර්තන මණ්ඩපය කරා ආවේය.   
ඉසිවර දුර්වාස ඇඳසිටියේ ගෙළේ සිට දෙපතුල දක්වා විහිදුණු තනි සළුවකි. එම සළුව දුටුවිට දකින කොයි කාටත් මුවගට සිනා එනතරමට ඒ ඇඳුම විකාර රූපී විය.   
එහෙත් ඉසිවරයා සතු අසීමිත බලය ගැන ඔහුගේ කුකුල් කේන්තිය ගැන දන්නා කිසිවෙක් ඉසිවර දුර්වාසට විහිළු කරන්නට ගියේ නැත. එහෙත් ගංගාට එවැනි අවබෝධයක් නොතිබිණි. එනිසා ඉසිවර දුර්වාස දුටු පමණකින් ගංගා උපහාස සිනාවකින් දෙතොල සරසා ගත්තාය.   
“මේ අහංකාර කෙල්ල සරදම් කරන්නේ මටයි.”   
ඉසිවර දුර්වාස තමන්ටම කියාගත්තේය. ඔහුගේ සිත එක්වරම කෝපයෙන් පිරී ගිය අතර දෙනෙත කෝපයෙන් රත් පැහැ ගැන්විණි... ඉසිවර දුර්වාස, ගංගා වෙත හෙළුවේ රෞද්‍ර බැල්මකි.   
“ආඩම්බර කෙල්ල උඹ මටයි එහෙනම් හිනාවුණේ. හිටපං මං උඹට ශාප කරන්න.”   
ඉසිවරයා දත්මිටි කෑවේය.   
“උඹට තව දුරටත් නටන්න හම්බවෙන්නේ නෑ. අදින් පස්සේ උඹට සිද්ධ වෙන්නේ ගංගාවක් වගේ ගලාගෙන යන්න.”   
ඉසිවර වදන් කන වැකුණු වහාම ගංගාගේ උගුරකට වේළින. පපුව බියෙන් ගැහෙන්නටද පටන්ගත්තේය. කට ඇරගෙන ඉසිවරයා දෙස බලා සිටි ඇය ඊළඟ මොහොතේ ඉසිවරයා වෙත දිවගොස් දෙපාමුල දණ ගැසුවාය.   
‘‘උතුමාණෙනි, මට සමාවෙන්න, මා නැඟූ හිනාව හිතාමතා කළ එකක් වත් ඔබතුමාට සරදම් ලෙසින් නැඟූවක් වත් නෙවෙයි. ඒ සිනාව ඉබේම පහළ වූවක්. ඒ නිසා ඔබේ ශාපය ඉවත්කර ගෙන මට තවදුරටත් ජීවත්වන්නට ඉඩ දෙන්න. දෙවිවරුන් වෙනුවෙනුත් ඉසිවරුන් වෙනුවෙනුත් ගයන්නට සහ රඟන්නට ඉඩ දෙන්න’’   
ඉසිවර දුර්වාස ගංගා දෙස බලා සිටියේය. ඒ මොහොතේ ඇගෙන් පළවූයේ අසරණ අහිංසක ස්වභාවයකි.   
‘මා ඔබේ දියණියක බව සිතන්න 
උතුමාණෙනි.’   
ගංගා යළිත් කන්නලව් කළාය.   
යුවතියගේ ඇස්වල කඳුළු පිරී තිබිණි. ඒ කඳුළු ඇගේ සුදු කම්මුල් දිගේ හෙමිහිට ගලා ගියේය. ඉසිවර දුර්වාසට මේ අහිංසක කෙල්ල ගැන කරුණාවක් පහළ විය.   
“ගංගා මගේ මුවින් පිටවුණු වචනයක් මට ආපසු ඇඳගන්නට පුළුවන් කමක් නෑ.’’   
ඉසිවර දුර්වාස කීවේ සිහින් හඬිනි.   
 ‘‘එතකොට?’’   
‘‘එතකොට ඔබට මගේ ශාපය පළදෙනවා.’’   
‘‘උතුමාණෙනි!’’   
ගංගා එවර නැගුවේ විලාප හඬකි.   
ඉසිවර දුර්වාස යුවතියගේ හිස පිරිමැද්දේය.   
‘‘ඔබ ගඟක් වෙලා ගලාගෙන ගලාගෙන යන්න ගංගා.’’   
යුවතියගේ මුවින් නැඟුණේ අව්‍යක්ත රාවයකි   
‘ගලාගෙන යන්න’   
‘‘ඔව්, ඔබ නිදහසේ ගලා යන්න. එවිට විවිධ මිනිසුන්ද ගැහැනුන්ද ඔබ සොයා පැමිණ දිය බොන්නට පටන් ගනීවි. එය ඔබට සතුටක් නොවෙයිද ගංගා?’’   
ඉසිවර දුර්වාස ඊළඟ මොහොතේ යන්නට ගියේය. අසතුටින් වැලපුණු ගංගා එ් මොහොතෙහිම ගඟක් බවට පත්වී ගලා යන්නට පටන් ගත්තාය.
෴෴෴෴෴෴ 
මේ කාලයේ අයෝධ්‍යා රාජ්‍යයේ රජකම් කළේ සාගර රජුය. මහා සටන් ගණනාවකින් අසුරයන් පරාජය කළ ඔහු තම රාජ්‍යය ආරක්ෂා කර ගත්තේය. එහෙත් උන් හිටි ගමන් අසුරයන් මතු වූ අතර ඔවුන්ට පහර දෙමින් තම රාජ්‍ය රැකගන්නට සාගර රජුට සිදුවිය.   
කෙසේ වෙතත් අයෝධ්‍යාවේ සෙනග ජීවත් වූයේ සතුටෙනි. ඔවුනට බියක් නොදැනුණු අතර ආහාර පානවලද අඩුවක් නොවීය.   
මේ අතරතුර සාගර රජුට සිතුණේ ලොව කොයි කලෙකත් ජීවත් වන අනෙකුත් රජවරුන්ට මෙන්ම තම බලය වැඩි කර ගන්නටය. මේ ගැන තම පුරෝහිතයන්ට පැවසූ විට ඔවුන් කීවේ අශ්වමේධ යාගය කළ යුතු බවය.   
අශ්වමේධ යාගය කෙළවර අශ්වයා රැහැනින් නිදහස් කර ඌට ලෝකය පුරා රිසිසේ ගමන් කරන්නට ඉඩ සැලසේ. එවිට අශ්වයා වෙනත් රාජ්‍යයකට ගියහොත් එම රාජ්‍යයේ රජකම් කරන රජුගේ බලය සහ ශක්තිය අඩුවෙයි.   
ඒ සමගම සාගර රජුගේ බලය උපරිම වී ඔහුට සුපිරි බලයක් හිමි වන්නේය.   
ඉතින් සාගර රජු තම රාජ්‍යයේ වෙසෙන බමුණන් කැඳවාගෙන අශ්වමේධ යාගය කරන්නට පටන් ගත්තේය.   
දෙව්ලොව මහ දෙවියා වූ ඉන්ද්‍ර, සාගර රජුගේ මේ යාග කර්මය දුටුවේය.   
‘‘මෙයා හදන්නේ එයාගෙ බලය වැඩි කරගන්න. එය සාර්ථක ව්‍යායාමක් වුණොත් මගේ බලයටයි බලපෑම් එල්ල වෙන්නෙ. දැනට මමයි බලවන්තයා.”   
ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය.   
ඔහුගේ සිත ඊර්ෂ්‍යාවෙන් පිරිණි. නොපෙනෙන වේෂයක් මවාගත් ඉන්ද්‍ර අශ්වයා වෙත ගියේය. කොයිකාටත් හොරෙන් අශ්වයා හොරකම් කරගත් ඔහු දිව්‍යලෝකය බලා ගියේය.   
එහෙත් ඔහුට අශ්වයා තම මැදුර වෙත රැගෙන යාමට නොහැකිය.   
‘‘බැරිවෙලා හරි මම අශ්වයා මගේ මැදුරෙ තියාගත්තොත් කොයිවෙලාවක හරි සාගර ඌව හොයාගන්නවා. එහෙම වුණොත් අනිවාර්​ෙ‌යන්ම මට සාගර එක්ක සටන් කරන්න වෙනවා. ඒ හින්දා මේ අශ්වයා වෙන කොහේ හරි හංගල මම මගේ අත්දෙක පිසගන්නවා එතකොට මම සුදනා’’   
එසේ සිතූ ඉන්ද්‍ර දෙවියා අශ්වයා රැගෙන ගියේ ඉසිවර කපිලගේ අාශ්‍රමය වෙතය. එහි පසෙක අශ්වයා හැරදැමූ ඉන්ද්‍ර තම මැදුරට ගොස් කිසිවක් නොදන්නා ලෙස සිටියේය.   
යාගය වෙනුවෙන් සූදානම් කර සිටි අශ්වයා අතුරුදන්වීම සාගර රජුට විමතියක් විය.   
“මමයි මේ රටේ රජ්ජුරුවෝ. මගේ අශ්වයා හොරකම් කරන්න තරම් ශක්තියක් තියෙන එකා මොකාද? මම ඌව හොයා ගන්නවාමයි’’   

 

මේ කාලයේ අයෝධ්‍යා රාජ්‍යයේ රජකම් කළේ සාගර රජුය. මහා සටන් ගණනාවකින් අසුරයන් පරාජය කළ ඔහු තම රාජ්‍යය ආරක්ෂා කර ගත්තේය. එහෙත් උන් හිටි ගමන් අසුරයන් මතු වූ අතර ඔවුන්ට පහර දෙමින් තම රාජ්‍ය රැකගන්නට සාගර රජුට සිදුවිය.   


කෙසේ වෙතත් අයෝධ්‍යාවේ සෙනග ජීවත් වූයේ සතුටෙනි. ඔවුනට බියක් නොදැනුණු අතර ආහාර පානවලද අඩුවක් නොවීය.   


මේ අතරතුර සාගර රජුට සිතුණේ ලොව කොයි කලෙකත් ජීවත් වන අනෙකුත් රජවරුන්ට මෙන්ම තම බලය වැඩි කර ගන්නටය. මේ ගැන තම පුරෝහිතයන්ට පැවසූ විට ඔවුන් කීවේ අශ්වමේධ යාගය කළ යුතු බවය.  අශ්වමේධ යාගය කෙළවර අශ්වයා රැහැනින් නිදහස් කර ඌට ලෝකය පුරා රිසිසේ ගමන් කරන්නට ඉඩ සැලසේ. එවිට අශ්වයා වෙනත් රාජ්‍යයකට ගියහොත් එම රාජ්‍යයේ රජකම් කරන රජුගේ බලය සහ ශක්තිය අඩුවෙයි. 

 


සාගර රජු කෝපයෙන් වෙව්ලමින් පැවසුවේය. ඔහු ඔහුගේ පුතුන් හැට දහසම අශ්වයා සෙවීම සඳහා පිටත් කළේය. දින ගණනක් තිස්සේ අශ්වයා සෙවූ ඔවුහු අවසානයේ ඉසිවර කපිලගේ ආශ්‍රමයේ සිටි අශ්වයා සොයා ගත්හ.   
සාගර රජුගේ පුතුන් ආශ්‍රමයට ඇතුළු වනවිට ඉසිවර කපිල සිටියේ භාවනාවේ නිමග්න වෙමිනි.   
එහෙත් ඒ බවක් නොතැකූ රාජකුමාරවරු ඉසිවර කපිල වෙත ගොස් අශ්වයා හොරකම් කිරීමේ චෝදනාව ඉසිවරයාට යොමු කළහ.   
 ‘‘අශ්වගන්ධ යාගයට සූදානම් කළ අශ්වයා ඔබ සොරකම් කළේ ඇයි?’’   
රජකුමාරවරු ඇසුවේ කෝපයෙන් වෙව්ලමිනි.   
 මේ නොසන්සුන් හඬ ඇසුණු ඉසිවරයා තම දැහැන බිඳී දෙනෙත් ඇරියේය. තම භාවනාවට බාධා කිරීම ගැන සියුම් කෝපයක් ඔහුගේ හිතේ ඉපදිනි.   
‘‘මේ ඉන්නේ හොරා’’   
රාජකුමාරවරු කීවේ ඉසිවර කපිල දෙස බලමිනි.   
භාවනාවේ බලයෙන් සියල්ල අවබෝධ වුණු ඉසිවරයා, රාජකුමාරවරු හැට දහස දෙසම බැලුවේය. එසැනින් එකී කුමාරවරු හැට දහසම දැවී අළුගොඩක් පමණක් ඉතිරි විය. කෙසේ වෙතත් මේ කුමාරවරුන්ගේ අාත්ම සියල්ල භූතයන් වී අවට සැරිසැරුවේය.   
සිදුවූ සියල්ල අයෝධ්‍යාවට ආරංචිවීමට වැඩි කාලයක් ගියේ නැත. සිද්ධියෙන් බලවත් ලෙස කම්පා වුණු සාගර රජුගේ මුණුබුරු අන්සුමන්, ඉසිවර කපිලගේ ආශ්‍රමය කරා දිවගියේය. ඉසිවර කපිලගේ දෙපා මුල දණ ගැසූ ඔහු ඉසිවරයා දෙස බැලුවේය.   
‘‘උතුමාණෙනි’’, අපට අනුකම්පා කරලා මගේ මාමාලා ටික බේරා දෙන්න.’’   
අන්සුමන් කීවේය.
“ඔවුන් සියලු දෙනාම අතුරුදන්. ඔවුන් දිව්‍යලෝකයෙන් ඇවිල්ලත් නැහැ. පොළොවෙත් නැහැ.”   
අන්සුමන් ඉසිවර කපිල ගේ දෙනෙත් දෙසම බලා සිටියේය.   
මාගේ මාමාලා ගැන තොරතුරක් නැහැ උතුමාණෙනි. අනේ ඔවුන්ට අනුකම්පා කරන්න.   
 ​අන්සුමන් යළිත් කීවේය.   
“ඔව් පුතා ඔවුන් යළි කිසි දවසක දකින්නට ලැබෙන්නේ නැහැ.”   
ඉසිවර කපිල කී විට අන්සුමන්ගේ දෙනෙතේ කඳුළු පිරිණි.  
අඬන පොඩි එකා දුටුවිට ඉසිවර කපිලගේද හිත උණුවිය.   
“පුතා ඉසිවර” කපිල කීවේ අන්සුමන්ගේ හිස මෘදු ලෙස පිරිමදිමිනි.   
ඔහු වටපිට බලන විට නෙතගැටුණේ අර හැට දහසක් දෙනාගේ අළුගොඩය.   
‘‘පුතා ඔබේ මාමලා සියලු දෙනාම දිව්‍ය ලෝකයට යවන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න නම් දිව්‍ය ලෝකයේ ගලායන ගංගා නම් ගංගාව මේ අළු උඩින් ගලාගෙන යන්න ඕනෑ.”   
‘‘දිව්‍ය ලෝකයේ ගලන ගඟ කොහොමද මෙතනැට ගේන්නෙ.’’ අන්සුමන් විමතියට පත්ව ඇසුවේය.   
“පුළුවන් ගංගා හදාවඩා ගත්තේ බ්‍රහ්ම. ඒ බ්‍රහ්මගේ දරුවෙක්. ඒ නිසා ගංගා මෙතනට එවන්න කියලා අපි ඉල්ලන්න ඕනෑ. බ්‍රහ්මගෙන්. ඒනිසා ඔබ බ්‍රහ්මට භක්තිමත් වෙලා බ්‍රහ්මගෙන් ඒ ඉල්ලීම කරන්න. බ්‍රහ්ම ඔබට කන් දෙයි පුතා’’   
අන්සුමාන් සතුටට පත්විය   
ඔහු බ්‍රහ්ම වෙනුවෙන් පූජා පැවැත්වීමට පටන් ගත්තේය.   

 

 


ලබන සතියට   

 


ශාන්ත කුමාර විතාන