IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඉන්දියාවේ විලක් පාට වෙනස් කරලා

 

ග්‍රහකයක් පතිත වීමෙන් හැදුණු ආවාටයකින් නිර්මාණය වූ බව සැලකෙන විලක් ඉන්දියාවේ තිබෙන බව දන්නවාද? එය හැඳින්වෙන්නේ ‘ලොනාර් විල‘ යනුවෙනි. විල පිහිටා ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි වෙළෙඳ නගරයේ සිට සැතපුම් 310 ක් දුරින් සහ ඕරන්ගාබාද් නුවරට නුදුරිනි. මෙම විල ඉන්දියාව සතු අබිරහසක් ලෙස ද සැලකෙයි.   


මේ විල ප්‍රකට සංචාරක ආකර්ශනයක් ද වෙයි. මුම්බායි පැමිණෙන දෙස් විදෙස් බොහෝ දෙනෙක් විල නැරඹීමට යන්නේ එහි ඇති ගුප්ත ස්වභාවය නිසාය. මේ විල නිර්මාණය වී ඇත්තේ අවුරුදු 50,000 කට පෙර පෘථිවියට පතිත වූ ග්‍රහයකයකින් යැයි පැවැසෙයි. බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දකින්න ලැබෙන ‘ලොනාර් විල‘, පසුගිය ජූනි 12 වැනිදා හිටිහැටියේ පැහැය වෙනස් කළේය. දැන් විලේ වතුර, රතු රෝස පැහැයට හැරී තිබේ. සාමාන්‍යයෙන් විලේ වතුර නිල් කොළ පැහැයක් ගන්නා බව පැවැසෙයි. විලේ පැහැය හිටිහැටියේ වෙනස් වෙද්දී, ලොව බොහෝ දෙනාගේ අවධානය ඊට යොමු වුණු අතර කවුරුත් ඒ ගැන මවිතය පළ කරන්න වූහ.   


අතීතයේ පෘථිවියට ග්‍රහක පතිත වී මහා විනාශ සිදු වී ඇත. ඩයිනසෝරයන්ගේ අභාවයට හේතුවක් වූයේ ද දැවැන්ත ග්‍රහයකයකි. මහාරාෂ්ට්‍රයේ ඇත්තේ පෘථිවියේ දකින්න ලැබෙන විශාලත්වයෙන් තෙවැනි ස්ථානයට පත් ග්‍රහක ආවාටය යැයි ද පැවැ‍සෙයි. අවාටය නිසා තැනුණු මෙම විල නැෂනල් ජියෝග්‍රැෆි රූපවාහිනී නාලිකාව මගින් ස්වභාවික උරුමයක් ලෙස නම් කර තිබේ. මෙම විලේ වට ප්‍රමාණය අඩි 6,000 කි. වි‍ලේ ගැඹුරුම ස්ථානය අඩි 490 කි.   


‘ඒක ඇත්තටම හරිම පුදුමයක්. ඉන්දියාවේ ලොනාර් විල පාට වෙනස් කරලා. එක රැයෙන්. කලින් දවසේ බලද්දී වතුර කොළ පාටයි. උදේ බලද්දී දීප්තිමත් රතු පාටයි‘ යැයි තාරකා විද්‍යාඥවරයකු මෙන්ම ග්‍රහක සම්බන්ධ වි‍ශේෂඥවරයකු ද වන මාකෝ ලැන්ග්බ්රෝක් ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ මවිතය පළ කළේය. මේ සම්බන්ධයෙන් භූ විද්‍යාඥයන්ගේත් ජීව විද්‍යාඥයන්ගේත් අවධානය යොමු විය. කොරෝනා ජරමර හේතුවෙන් මුහුණු ආවරණ පැළඳි විශේෂ කණ්ඩායමක් විල වෙත ගොස් සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලීම ආරම්භ කළේය. ලොනාර් විලේ ජලයේ ලවන ඇති අතර, රතු පැහැයට හැරීමත් සමඟ ජලයේ ලවන මට්ටම ඉහළ ගොස් තිබුණි. මෙම විලේ ඇසට පෙනෙන නොපෙනෙන කුඩා ඇල්ගී විශේෂයක් වාසය කරයි. ලවන මට්ටම වැඩිවෙද්දී ඇල්ගී ප්‍රමාණයට විශාල වශයෙන් වැඩි වී ඇත. ඒ අනුව, විල් ජලයේ සාමාන්‍ය කොළ නිල් පැහැය වෙනස් වී දීප්තිමත් රතු රෝස පැහැයට හැරුණේ මෙම ඇල්ගී නිසා යැයි විද්‍යඥයෝ අනුමාන කළහ.   

 

 


ඇල්ගී ක්‍රියාකාරීත්වය මෙසේ හිටිහැටියේ වැඩි වී ඇත්තේ කාලගුණය වෙනස් වී, උණුසුම වැඩි වූ නිසා යැයි විද්‍යාඥයෝ සැක පළ කරති. කෙසේ නමුත් මේ ගැන නිවැරදි පැහැදිලි කිරීමක් තවමත් ලැබී නැත. විලේ ජල සාම්පල වැඩිදුර පරීක්ෂා කෙරෙන අතර, තව දිනකින් හෝ දෙකකින් සිදුවී ඇත්තේ කුමක්දැයි අනාවරණය්‍ කර ගැනීමට හැකිවනු ඇත. විලේ ජලයේ පැහැය මීට පෙර එනම් 2000 වසරේ දී ද මෙසේ වෙනස් වී රතු පැහැයට හැරුණු බව බුල්දානා ටෙෂිල්දාර් පවසයි. මොහු එම ප්‍රදේශයේ ජීවත් වන වැඩිහිටියෙකි. ‘2000 වසරේ දී විලේ පැහැය වෙනස් වුණා. වතුර රතු පැහැයට හැරුණා. ඒත් මේ තරම් තද රතු පැහැයක් දකින්න ලැබුණේ නම් නැහැ. ඒ නිසා කාගේවත් අවධානය ඊට යොමු වුණේ නැහැ. යැයි බුල්දානා ටෙෂිල්දාර් වැඩිදුරටත් පවසා ඇත.

 

ලු‍සිත ජයමාන්න 
ද සන් වෙබ් අඩවිය ඇසුරිනි



අදහස් (0)

ඉන්දියාවේ විලක් පාට වෙනස් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1134 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site