IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා නියමුවන්ට අහසේදී හමුවූ පිටසක්වල යානා

පිටසක්වල ජීවීන් ගැන ඇමෙරිකාවෙන් ඉහළ පෙළේ අනාවරණයක් 

  • “හඳුනාගත හැකි පියාපත් නැහැ. පසුපස කොටසක් නැහැ. දුමක් නිකුත් කරන්නේ නැහැ. මේ වීඩියෝවේ දැක්වෙනවා වගේ. අප එහි සිටින බව එම වස්තූන් දැන සිටි බවක් හැඟී ගියා. ඒවා අප වටේ වරින් වර ගැවසුණා“පියාසර ලුතිතන් ඩැනී අකොයින් පවසා සිටී.

 

 

හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුගයේ ඉතිහාසය ලිවීමට කාලය පැමිණෙන විට, ඔහුගේ පාලන කාලය තුළ එරටින් වාර්තා වූ  මතභේදාත්මක සිද්ධීන් රැසක් කැපී පෙනේ. ඒ අතරින් ඔහුගේ ධූර කාලය තුළදී  පිටසක්වල ජීවින් සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය හේතුවෙන් පසුගිය වසරේ ඇමරිකානු රජය එවැනි සිද්ධින් සම්බන්ධයෙන්  බැරෑරුම් ලෙස සැලකුවේය.


බලයේ සිටියදී  හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දෙසැම්බරයේදී නීතියට අනුකූලව අත්සන් කරන ලද කෝවිඩ් -19 සහන පනත් කෙටුම්පතකට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් , ඔහුගේ අවසන් ධුර කාලය තුළ ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝග කර සිටියේ දින 180 ක් ඇතුළත “හඳුනා නොගත් ගුවන් සංසිද්ධීන්” පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.. අදටත් පිටසක්වල ජීවීන් හෝ අසාමාන්‍ය ගුවන් යානා  සිද්ධීන්ගේ තොරතුරු හෙළිදරව් වී නොමැත.නමුත් මෙය අසත්‍ය පුවතක් නොවන බවද ට්‍රම්ප් පරිපාලනය තුළ ජාතික බුද්ධි අධ්‍යක්ෂකවරයාව සිටි සෙනට් සභික ජෝන් රැටික්ලිෆ් ඉකුත්දා ෆොක්ස් නාලකාව සමග ප්‍රකාශ කළේය.


යූඑෆ්ඕ දර්ශන සහ සිසුන් සමඟ පිටසක්වල පැහැරගැනීම් පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ ගවේෂණය කිරීම සම්බන්ධයෙන් ට්විටර් ගිණුම් වැනි සමාජ මාධ්‍ය තුළ සටහන් කළ ට්‍රම්ප් දැන් බලයේ නැතත්  ෆෙඩරල් රජය විසින් “හඳුනා නොගත් ගුවන් සංසිද්ධි” පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතුව ඇත්තේ එබැවිනි.
2021 හැඩගස්වා ඇත්තේ ඇදහිය නොහැකි දේ කළ හැකි යැයි විශ්වාස කරන වසරක් ලෙස ය.කොවිඩ්ගේ සම්භවය පිළිබඳ අභිරහස් ඇතැත් එය කිසි විටෙකත් විසඳී නැත. දැන් හඳුනා නොගත් පියාසර වස්තූන් ඇති බවට තවත් ලොකුම අභිරහසකි.කොවිඩ් ස්වභාවිකව සිදු වූවක් ද නැතිනම් රසායනාගාර අනතුරක ප්‍රතිඵලයක්ද යන්න ඇමරිකා සමාජය තුළ කුකුසක් පවතී.


පිටසක්වල ජීවීන් හා අත්භූත ජනක පියාඹන යානා වැනි මාතෘකා පිළිබඳව මේ දිනවල ලෝක ජනමාධ්‍යයේ කතා බහක් ඇතිවී තිබේ.විශේෂයෙන්ම ඇමෙරිකාව තුළ යළි යළිත් මේ ගැන සාකච්ඡා වෙමින් පවතී. නාසා ආයතනය මෙවැනි පිටසක්වල යානා හෝ ජීවීන් ගැන නව මානයකින් බැලුවද ඒම කාරාණා ප්‍රතික්ෂේප කරන්නේද නැත.මෙවැනි සිද්ධීන් 120කට වැඩි ගණනක නාවික නියමුවන් විසින් වාර්තා කරන ලද වස්තූන් එක්සත් ජනපදයේ රහසිගත වැඩසටහනක කොටසක් නොවන බව මෙයින් අගවනු ලැබේ.
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය සොරකම් කිරීමට දැවැන්ත කුමන්ත්‍රණයක් කළ බවට සාක්ෂි නොමැති වුවද , ඔහුගේ පරාජයෙන් මාස ගණනාවකට පසුවත් , ඔහුගෙන් මැතවරණ ජය සොරකම් කර ඇති බවට ට්‍රම්ප් හිතවාදීන් චෝදනා කර සිටිති.

 


ඇමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 අධි ආරක්‍ෂක කලාපයට කඩා වැඳීමට ෆේස් බුක් ක්‍රියාකාරීන් පිරිසක් සංවිධාන වීමේ සිද්ධියක් මීට වසර කිහිපයකට පෙර ඇමෙරිකාවෙන් වාර්තා විණි. එහෙත්, මේ මාතෘකාව අමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය තුළත් දැඩි අවධානයට ලක්ව ඇති බව, එතරම් ප්‍රසිද්ධ වූ කාරණයක් නොවේ. යූ.එෆ්.ඕ එසේත් නැත්නම්, හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ මෑත කාලීන මුල් වාර්තා පළ වන්නේ,
1947 තරම් ඈත වකවානුවකදී. අමෙරිකානු ගුවන් හමුදා නියමුවෙකු වූ කෙනිත් ආනෝල්ඩ් නමැත්තා ප්‍රකාශ කළේ, වොෂිංටන් ප්‍රාන්තයේ රේනියර් කඳු ප්‍රදේශයට ඉහළ අහසේදී තමා පීරිසි හැඩයේ පියාඹන වස්තූන් කිහිපයක් දුටු බවයි. එදා අමෙරිකානු ගුවන් හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළත්, පියාඹන පීරිසි යන වචනය ජන වහරට එක්වූයේ ආනෝල්ඩ්ගේ ප්‍රකාශයත් සමඟයි. 1947 දී පමණක් නොවෙයි අදටත් අමෙරිකානු ගුවන් නියමුවන් තමන් දුටු අත්භූත ජනක පියාසර වස්තූන් ගැන කරුණු හෙළි කරනවා.
ඔවුන් පවසන්නේ, 2004,2012,2014 හා 2015 වසරවලදී අමෙරිකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිත පුහුණු හා මුර සංචාර මෙහෙයුම්වලදී මෙවැනි සිද්ධීන්ට මුහුණ දුන් බවයි. එෆ්-18 ප්‍රහාරක නියමුවන් එම අත්භූත වස්තූන් නිරීක්‍ෂණ කැමරාවලට හසුකර ගත්තා. එක් අවස්ථාවක ඔවුන් ඒවා අවි ප්‍රහාරක ඉලක්කයට හසුකර ගත්තත්, පහරදීමෙන් වැළකී සිට තිබේ. අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ඊට අදාළ වීඩියෝ දෙකක් පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත් කළේය.


“හඳුනාගත හැකි පියාපත් නැහැ. පසුපස කොටසක් නැහැ. දුමක් නිකුත් කරන්නේ නැහැ. මේ වීඩියෝවේ දැක්වෙනවා වගේ. අප එහි සිටින බව එම වස්තූන් දැන සිටි බවක් හැඟී ගියා. ඒවා අප වටේ වරින් වර ගැවසුණා“පියාසර ලුතිතන් ඩැනී අකොයින් පවසා සිටී.


ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කළ බව, මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඩොලර් මිලියන 22ක් වැය කරමින් මෑත කාලීනව විමර්ශනයක් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබේ. එහෙත්, මේ වනවිට එම විමර්ශනය නවතා ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටියදී කියා සිටියේ “මම ඒ ගැන දුටුවා. වාර්තා කියෙව්වා. කෙටි රැස්වීම් කිහිපයක් ද පැවැත්වුවා. ඇතැම් අය කතාවනවා අත්භූත ජනක පියාඹන වස්තූන් ගැන. ඒත් මම ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ පුද්ගලිකව. ඒත් එය දන්නේ අපේ ගුවන් නියමුවන්. ඇතැම් වාර්තා අතීතයට වඩා වෙනස්. ඒ ගැන අවධානය යොමුකර තිබෙනවා යැයිද පැවසිය.


අත්භූත ජනක පියාසර වස්තූන් හුදෙක් පිටසක්වල යානා යැයි බහුතරයක් දෙනා නොසලකති. එය බොහෝ දුරට මිනිස් ක්‍රියාකාරකමක් විය හැකි බවයි බොහෝ විද්වතුන්ගේ මතය. උදාහරණයක් ලෙස අමෙරිකාව 1950 දශකයේ දී සෝවියට් රුසියාවේ ඔත්තු බැලීම සඳහා රහසිගතව අධි තාක්‍ෂණික යූ-2 යානා නිෂ්පාදනය කර නෙවාඩා හි කුප්‍රකට ඒරියා-51 ගුවන් කඳවුර ආශ්‍රිතව ඒවා අත්හදා බැලීය.
සාමාන්‍ය ගුවන් යානාවලට උඩින් අඩි 60,000ක් ඉහළ අහසේ පියාසර කළ යූ-2 යානා එදා ජනතාව හා සාමාන්‍ය ගුවන් නියමුවන් දුටුවේ අත්භූත ජනක යානා ලෙසින්. අමෙරිකානු රජය එදා නිහඬව සිට සැබෑ තොරතුරු හෙළි කළේ දශක කිහිපයකට පසුවයි. එපමණක් ද නොව අමෙරිකානු ගුවන් හමුදාව සතු අත්භූත හඩැති අධිතාක්‍ෂණික යානාවල තිඹිරිගෙය වූයේද රහසිගත නෙවාඩා කඳවුරයි. බ්ලැක් බර්ඩ් එෆ්-117, නයිට් හෝක් හා බී-2 ප්‍රහාරක යානා ඒ අතරින් කිහිපයක්.

 


පිටසක්වල ජීවීන් බොරුවක් නොවන බවට ඇමෙරිකා හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් පැවසිමත් සමග මුළු ලෝකයම අවධානය ඊට යොමු කරන්නට විය.මේ සමගම පසුගිය දිනවල පියාඹන පීරිසි දුටු බවට විවිධ ප්‍රදේශ වලින් වාර්තා විණි.මීට පෙරද ඒවැනි ප්‍රකාශයන් සිදු වුවද මෙවර ලබා ගත් වීඩියෝ පටයක් ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සත්‍ය බව තහවුරු කළේය.


ඒ සමගම මෙම පිටසක්වල ජීවීන් ඇමෙරිකාවට මෙන්ම මුළු ලෝකයේම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් වහාම මේ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක බලධාරීන් ඒරට රජයෙන් ඉල්ලා තිබේ.ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකා වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විසින් තමන් ඒ පිළබදව සොයා බලමින් සිටින බව දැනුම් දී සිටියේය.කෙසේ නමුත් ජෝ බයිඩන් ගෙන් ඇමෙරිකා මාධ්‍ය මේ පිළිබදව විමසද්දී ඔහු මාධ්‍ය හමුව අවසන් කර පිටව ගියේය.


ඉකුත් වස‌රේ ඇමෙරිකාවේ කොවිඩ් වසංගතය උත්සන්න සිටියදී ඇමෙරිකා පෙන්ටගනය විසින් 2004 සහ 2015 අතර කාලවකුවානුවේදී නාවික හමුදා පියාසැරි පුහුණුවීම් අතර තුරදී හදුනා නොගත් පියාසර වස්තූන් රූපගත වී ඇති අයුරු මහජනායට නිරාවරණය කිරීම ගැන ප්‍රශ්නාර්ථ පවතී.පෙන්ටගනය  මෙම වීඩියෝපට ත්‍රිත්වය නිල වශයෙන් රහස්‍යභාවය බවත් කළ් ඉකුත් වසර් මැයි 27 වැනිදා වුවද 2017 වසරේ සිට ඒවා නිල නොවන මට්ටමින් සමාජයේ සංසරණය වෙමින් පැවතිණි.


හදුනා නොගත් පියාසර වස්තුවක් ඉතා අධික වේගයෙන් පියාසර කරන ආකාරය මෙසේ සිය ගුවන්යානා වල අයෝරකත් කැමරා කාචයට හසුකර ගැනීමට ඒම නාවික භටයන් සමත්විණි.''මම ඒයට ළංවූ සැණින්ම වේගය වැඩකර ගත් ඒය අධික වේගයෙන් දකුණු දෙසට ඇදී ගොස් තත්පර 2ක් වැනි ස්වල්ප හොතකින්  නොපනී ගියා යැයි 2004 වසරේදි තමා මුහුණ දුන් ඒම අසමාන්‍ය දර්ශනය අත්දැකීම ගැන විශ්‍රාමික ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා කපිතාන් ඩේවිඩ් ෆ්‍රේවර් වරෙක සී.එන්.එන් මාධ්‍ය ජාලය අමතමින් ආවර්ජනය කළේය.''ඒය හරියට පිංපොං බෝලයක් බිත්තියකට ගැහුවාම ක්ෂණිකව ගමන් මාර්ගය වෙනස් කරන ආකාරයෙන්ම සිදු වූවා යැයිද හතෙම වැඩිදුරටත් සදහන් කර තිබනි.


2007 /2012 කාල වකවානුවේදී සෙනෙට් සභික හැරී රෙයිඩ් ගේ අදහසකට අනුව පෙන්ටගනය තුළ මෙවැනි සිද්ධීන් පිළිබද අධ්‍යයනය කිරීම පිණිස රහසිගත ව්‍යාපෘතියක් දියත් විය.කෙසේ නමුත් පෙන්ටගනය පවසන ආකාරයට වැය ශීර්ෂ කපා හැරීමට සිදුවූ නිසා ඒම ව්‍යාපෘති අතරමැද නතර කෙරිණි.


අදාළ ඡායාරූප පිට වීමත් සමග සෙනට් සභික හැරී ඉකුත් වසරේ සුවිශේෂ පණිවිඩයක් ට්විටර් ගිණුමේ සදහන් කරමින් කියා සිටියේ මෙම වීඩියෝ පට ජනතාවට විවර කිරීම සම්බන්ධයෙන් පෙන්ටගනයට කෘතඥ වන බවත් , නමුත් මෙලෙස ලෝකයාට නිරාවරණ වූයේ රහසිගත ව්‍යාපෘති ගොන්නක මතුපිට ස්ථරයක් පමණක් වන බවය.නමුත් මීටත් වඩා ත්‍රාසජනක පිට සක්වල ජීවීන් ගැන සම්බන්ධ අද්භූත සිදුවීම් බොහොමයක් තවමත් ඇත්තේ පෙන්ටගනයේ අධි ආරක්ෂිත ගොනු ගබඩා අතර බව නොරහසකි.
බ්‍රිතාන්‍යයේ පළවන  සන්ඩේ ටයිම්ස් පුවපතේ පළ වූ වාර්තාවක් ඇසුරෙනි....

 

 

 

සටහන 
තිළිණි ද සිල්වා

 



අදහස් (0)

ඇමෙරිකා නියමුවන්ට අහසේදී හමුවූ පිටසක්වල යානා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31171 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13324 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10960 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 61 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site