IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඇමෙරිකන් සොල්දාදුවන්ට අපූරු විදියේ තුවක්කුවක්

 

 

  • කොකා ගැස්සෙන්නේ ඉලක්කය නිවැරැදි නම් පමණයි   

 

 

ඇමෙරිකන් සොල්දාදුවන් අතට පත්වන අලුත් ස්නයිපර් තුවක්කුවක් ගැනයි මේ. මේක නවීන තාක්ෂණයෙන් නිර්මාණය වූවකි. හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දකින්න ලැබෙන විදියේ එකකි. ඒත් මේ තුවක්කුව සැබෑවකි. තුවක්කුවේ ඇති විශේෂත්වය වන්නේ එහි කොකා ගැස්සෙන්නේ ඉලක්කය සියයට සියයක් නිවැරැදි නම් පමණි.   


තුවක්කුව අතැති සොල්දාදුවාගේ අභිමතය පරිදි කොකා ගැස්සෙන්නේ නැත. තුවක්කුවේ ඉලක්කය අල්ලන කොටසට පරිගණක චිපයක් ඇතුළත්ය. එහි දත්ත ගබඩාවේ ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ඇතුළත් වෙයි. සොල්දාදුවා ඉලක්කය හසුකර ගනිද්දී සතුරා නිවැරැදිව හඳුනාගැනීම කරන්නේ තුවක්කුවය. ඉලක්ක කර මරා දැමීමට අවශ්‍ය පුද්ගලයාගේ අනන්‍යතාව නිවැරැදි නම් කොකා ගැස්සීමට තුවක්කුව සොල්දාදුවාට අවසර ලබාදෙයි.   


තවමත් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ පැවැතියත් සිරියාවේ ටන්ෆ් හමුදා කඳවුරේ ඇමෙරිකන් ස්නයිපර් සොල්දාදුවන් මෙම තුවක්කු භාවිත කරන බව පැවැසෙයි. තුවක්කුව නම් කර ඇත්තේ ස්මෑෂ් යනුවෙනි. ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසා ඇත්තේ 2023 දී ඇමෙරිකන් හමුදාවේ ස්නයිපර් කණ්ඩායමට ස්මෑෂ් තුවක්කු ලබාදීමට පියවර ගන්නා බවය. ඇමෙරිකන් සොල්දාදුවන් භාවිත කළත් මෙම තුවක්කුව නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාව නොවෙයි. ඊශ්‍රායලයේ අති නවීන තාක්ෂණයෙන් යුත් ආයුධ නිර්මාණ සමාගමකි.   


ඇමෙරිකන් හමුදා සිරියාවේ රඳවා ඇත්තේ දයේෂ් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීමටය. දයේෂ් යනු අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් හඳුන්වන තවත් නමකි. ඇමෙරිකන් හමුදා අයි. එස්. නායක අබුබකර් අල් බැග්ඩෑඩ් මරා දැම්මේ පසුගිය වසරේදීය. ඉන්පසු අයි. එස්. සංවිධානය පසුබෑමකට ලක්වුණු බව පැවැසෙයි. අයි. එස්. සංවිධානයේ සෙසු නායකයන් තවමත් සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන්ට තර්ජනයක් බව පැවැසෙයි.   


ලුසිත ජයමාන්න   
ටයිම් සඟරාවේ පළවුණු   
වාර්තාවක් ඇසුරිනි   



අදහස් (0)

ඇමෙරිකන් සොල්දාදුවන්ට අපූරු විදියේ තුවක්කුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site