IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ආයු පොරොන්දම බලන හැටි

විවාහ අපේක්ෂිත දෙදෙනාගේ වැඩිපුර ආයුෂ ඇත්තේ කාටදැයි මෙම පොරොන්දමෙන් සොයා බැලේ, හෙවත් කවරකු වැඩි කල් ජීවත් වෙනවා ද යන්නයි. තවදුරටත් විස්තර කරතොත් ඉක්මනින් මිය යන්නේ ස්ත්‍රිය ද නැතහොත් පුරුෂයා ද යන්න සොයා බැලේ. ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර වැඩි පරතරයක් නොමැතිව මිය යාම වඩාත් සුදුසු ලෙස සලකා මෙම පොරොන්දම ගළපා සොයනු ලැබේ. ස්ත්‍රියට පෙර වැඩි වයස පරතරයක් ඇතිව පුරුෂයා මිය යතොත් එයින් සිදුවන්නේ ස්ත්‍රියට දීර්ඝ කාලීනව තනිකඩව ජීවත් වීමට සිදු වීමයි. එය සැලකිල්ලට ගෙන ආයු පොරොන්දම ගොඩනැගී ඇති බැව් පෙනේ.   


ආයු පොරොන්දම පරීක්ෂා කිරීමේදී අභිජිත් නැකැත ද සමඟ නැකැත් 28ක් විශේෂයෙන් ගණන් ගත යුතුව ඇත. උත්‍රපල නැකැතට පසුව අභිජිත් නැකැත යොදා ගනු ලබන්නේ ආයු පොරොන්දම පරීක්ෂා කිරීමට පමණක් බව ද මතක තබා ගැනීම මැනවි. 


ආයු පොරොන්දම පරීක්ෂා කිරීමේදී විශේෂ ගණිත ක්‍රමයක් අනුගමනය කළ යුතුව තිබේ. ඒ මෙසේය. පළමුව ස්ත්‍රිය උපන් නැකැතේ සිට පුරුෂයා උපන් නැකැත තෙක් ගැන ගන්න. දෙවනුව පුරුෂයා උපන් නැකැතේ සිට ස්ත්‍රිය උපන් නැකැත තෙක් ගැන ගන්න. (මෙහිදී අභිජිත් නැකැත එකතු කරගත යුතු බව ඉහතින් සඳහන් විය.) 


ඉන් පසු ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැකතට ඇති නැකත් ගණනත්, පුරුෂ නැකතේ සිට ස්ත්‍රී නැකතට ඇති නැකත් ගණනත් වෙන වෙනම 27න් ගුණකර, 28න් බෙදා ගන්න. මෙහිදී අපට වැදගත් වනුයේ ලැබෙන ශේෂයයි. යුවපතීන් දෙදෙනාගේම ශේෂ සොයාගත් පසු එම ශේෂ දෙකෙහි අන්තරය හෙවත් ඇති පරතරය සොයා ගන්න. ඒ සඳහා වැඩි ශේෂයෙන් අඩු ශේෂය අඩු කරගන්න. ශේෂ දෙකෙහි අන්තරය 01 සිට 09 දක්වා නම් සුබ ප්‍රතිඵල ගෙන දේ. ශේෂ දෙකෙහි අන්තරය 10 සිට 18 දක්වා නම් මධ්‍යම ප්‍රතිඵලය. ශේෂ දෙකෙහි අන්තරය 19 සිට 28 දක්වා නම් අසුබ ලෙස සැලකේ. මින් අඩු ශේෂය ලබන අය අඩු කාලයක් ජීවත් වන බවත් ප්‍රකාශ වේ. 


අපි මෙය නිදසුනක් ගෙන පැහැදිලි කරගනිමු. ඒ සඳහා ස්ත්‍රිය උපන් නැකත අස්ලිස නැකත ලෙස ද පුරුෂයා උපන් නැකත රෙහෙණ නැකත ලෙස ද ගනිමු. ඉහත සඳහන් පරිදි ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකතට ගණින්න. (අස්ලිස, මා, පුවපල්, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, අභිජිත්, සුවණ, දෙනට, සියාවාස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී, අස්විද, බෙරණ, කැති, රෙහෙණ) එවිට ලැබෙන නැකත් ගණන 24යි. ඉන් පසු පුරුෂයා උපන් නැකතේ සිට ස්ත්‍රිය උපන් නැකතට ගණින්න. (රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, පුෂ, අස්ලිස) එවිට ලැබෙන නැකත් ගණන 6යි. අප පළමුව ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැකතට ලැබුණු ගණන 27න් වැඩි කර 28න් බෙදමු. (24x27=648) (648/28=23) ශේෂය 4යි. දෙවනුව පුරුෂ නැකතේ සිට ස්ත්‍රී නැකතට ලැබුණු නැකත් ගණන 27න් වැඩි කර 28න් බෙදමු. (6x27=162) (162/28=5) ශේෂය 22යි. මෙහිදී අපට වැදගත් වනුයේ ශේෂය යැයි ඉහතින් ඔබට කීවා මතක ඇත. 


ඒ අනුව ස්ත්‍රී ශේෂය 4කි. පුරුෂ ශේෂය 22කි. ස්ත්‍රී පුරුෂ ශේෂ දෙක සොයාගත් පසු මීළඟට කළ යුත්තේ එම ශේෂ දෙකෙහි අන්තරය සොයා ගැනීමයි. ඒ සඳහා වැඩි ශේෂය වූ 22න් අඩු ශේෂය හෙවත් 6 අඩු කරන්න (22-6=16). එවිට ශේෂ දෙකෙහි අන්තරය වශයෙන් 16ක් ලැබේ. ශේෂ දෙකෙහි අන්තරය අනුව ප්‍රතිඵල නිගමනය කරන අයුරු පෙර සඳහන් විය. එහි ශේෂ දෙකෙහි අන්තරය 10 සිට 18 දක්වා නම් මධ්‍යම ප්‍රතිඵල වශයෙන් සඳහන් වේ. ඒ අනුව අප නිදර්ශනයට ගත් නැකත් දෙකේ ආයු පොරොන්දමෙහි ගැළපුම මධ්‍යම යැයි තීරණය කරමු. 

 

මංජුල තරුකෙම 
- වැල්ලවාය



අදහස් (0)

ආයු පොරොන්දම බලන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site